"comic script" පිටුව තුලින් මම ඔයාලට "සුපිරි වීරයන්ගේ සුපිරි එදිරිවාදීන්" ගැන අරගෙන එන ලිපි පෙළෙහි 04 වන එදිරිවාදියා ,ඇත්තටම කියනවනම් පළමු එදිරිවාදිනිය විදිහට මම තොර ගත්තේ Harley Quinn (#01) ව..
#V0005 - Harley Quinn |
ඒකට හේතුව උනේ DC-Marvel කොමික් චරිත වලින් මම කැමතිම කාන්තා චරිතය harley වීම..
harley quinn එහෙම නැත්තම් නැත්තම් හාර්ලි කියන චරිතය අපිට මුලින්ම දැකගන්න ලැබෙන්නේ නම් කොමික් කතාවකින් නෙමෙයි.."The Adventures of Batman & Robin" එහෙම නැත්තම් අපි Batman:The Animated Series(#02) කියන කාටූන් කථා මාලාවේදී තමයි අපිට මුලින්ම හාර්ලි ව හම්බ වෙන්නේ..ඒ 1992 සැප්තැම්බර් 11 විකාශය උන " joker's Favor(#03) " කියන කොටසේදී.. එතැනදී " Paul Dini " හා " BruceTimm" කියන දෙන්න තමයි ප්‍රථම වරට හාර්ලි ව නිර්මාණය කරන්නේ..
සිරස TV වලින් හරි වෙන විදිහකට හරි ඒ කතා මාළාව බලපු කෙනෙක්ට මතක ඇති චාර්ලි කොලීන්ස් කියන අහිංසක මනුස්සයෙක් වැරදිලා එහා පැත්තේ වාහනයේ ඉන්න joker ට බනිනවා,පස්සේ joker ඒ මිනිහව බය කරලා " මම කියන දවසක-මම කියන පොඩි උදව්ව කරලා දෙනවා " කියල පොරොන්දු කරගෙන අවුරුදු දෙකකට පස්සේ චාර්ලි ගේ උදව්වෙන් පොලිසියට බෝම්බයක් තියන්න හදන episode එක.. ආන්න එකේදී තමයි හාර්ලි මුලින්ම ඉන්නේ(#04)..
එතනත් රසවත් කතාවක් තියෙනවා.. හාර්ලි ඒ කොටසේදී පොලිස් සාදයට කේක් එක අරන් එන දර්ශනය(#05) කරන්න ඉදල තියෙන්නේ joker මයි.. එත් නිෂ්පාදකවරු හිතලා තියෙනවා එතැනදී කේක් එක ඇතුලෙන් joker පනින විදිහට කලොත්(#06) එකේ තියෙන නාට්‍යමය ගතිය වැඩි වෙයි කියලා. ඒ වගේ දර්ශනයකට කේක් එක ගෙන්න කෙනෙකුත් ඕනේ වෙනවනේ..කාන්තා චරිතයක් ඒ දේ කලාම තවත් ලස්සන වෙන නිසා එතැනදී එයාලා කල්පනා කරලා තියෙනවා joker ට උදව් දෙන කාන්තා චරිතයක් නිර්මාණය කරන්න..
හාර්ලි ගේ මුල්ම කොමික් ආගමනය වෙන්නේ නම් 1993 සැප්තැම්බර් " The Batman Adventures #12 " දී..1993 අප්‍රේල් වල එන්න තිබුණ කොමික් කතාවක මුලින්ම හාර්ලි එන්න තිබුනත් පසුව එය වෙනස් වෙලා තියෙනවා..
harley quinn ගැන විස්තර කියනවනම් මෙයාගේ ඇත්ත නම වෙන්නේ " Dr.Harleen Frances Quinzel "
මෙයා ඇත්තටම " Psychiatrist " කෙනෙක්,එහෙම නැත්තම් " මානසික ව්‍යාධි වේදිනියක් ".. ඔයාලා බලනවා ඇති මානසික දොස්තර කෙනෙක් කෙනෙක් කොහොමද පිස්සු(?) joker එකක් එකතු වෙන්නේ කියලා..
ඔයාලා දන්නවා නේද Arkham Asylum කියන තැන.. ගෝතම නගරේ ඉන්න දරුණු අපරාධ කරන මානසික රෝගීන් ට ප්‍රතිකාර කරන තැන.. joker ව උනත් පොලිසිය (Batman තමයි ඉතින් ඇත්තටම) අල්ලලා භාර කරන්නේ මෙතනට තමයි.. අන්න එතන වැඩ කරන්න මෙයා එනවා. ඉතිරු හරිය කියන්න ඕනේ නෑනේ ඉතින්,joker ගේ චාටු වදන් වලට රැවටිලා මෙයා joker ගේ පෙම්වතිය විතරක් නෙමෙයි අපරාධ සහායකයා (Partner in Crime) බවට පත්වෙනවා..
මෙයා Poison Ivy ගෙත් හොඳ යාලුවෙක් වෙනවා පස්සේ.. මෙයයි,Ivyයි Catwomen තුන්දෙනා එකතුවෙලා "Gotham City Sirens"(#07) කියලා කණ්ඩායමකුත් හදා ගන්නවා..(ඒ ගැන විස්තර අයිවි හා කැට්වුමන් ගැනත්
ගෙනාවයින් පස්සේ කියන්න බලාපොරොත්තු වෙනවා.) තව මෙයා special task force-x,එහෙම නැත්තම් Suicide Squad කියන කණ්ඩායමේත් ඉන්නවා..
මෙයාගේ හැකියාවන් ගැන කියනවනම්(මානසික විද්‍යා දැනුම හැරුනහම) මෙයා gymnast වලට ගොඩක් දක්ෂයි.. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ක්‍රියාශීලී කෙනෙක්,වැඩි දියුණුකරගත්ත ශක්තියක් තියෙනවා වගේම හොඳ බුද්ධියක්
තියෙනවා.. පොයිසන් අයිවි දෙන එන්නතකින් මෙයාට ගොඩක් විෂ වර්ග හා රසායන වර්ග වලින් හානි නොවෙන තත්වයක් ලැබෙනවා.. ඒ වගේම තමයි නිරායුද සටන් වලට ගොඩක් දක්ෂ කෙනෙක්..
joker වගේම තමයි මෙයාගෙත් වැඩවල ටිකක් පිස්සු ගතියක් තියෙනවා.. Batman:The Animated Series 1න් විතරක් මෙයා නවතින්නේ නෑ.. Batman:Arkham(#08) පරිගණක ක්‍රීඩා මාලාව,batman කාටූන්,Batman
animated චිත්‍රපට, වල විතරක් නෙමෙයි අපි හැමෝම බලල තියෙන/බලන Arrow රූපවාහිනී කතා මාලාවේ කුඩා කොටසකටත්(#09) මෙයා ඉන්නවා..(ඒ ගැන අපේ පිටුව තුලින් සපයන arrow reviwe එකකදී තවත් දැනගන්න පුළුවන් වෙයි)
IGN 2009 Top comic book villains ලයිස්තුවේදී හාර්ලිට 45 වන ස්ථානය ලැබුන.ඒ විතරක් නෙමෙයි comic Buyer's Guide's වලින් ඉදිරිපත් කරපු " සරාගීම කාන්තා කොමික් චරිත 100 " දර්ශකයේ 16 වන තැන ඉන්නෙත්
harley quinn.. :*)
අද වන විට harley quinn උන්මාදයක් පවා ඇතිවෙලා තියෙනවා.. harley කියන්නේ වැඩිම cosplay නිර්මාණ ගණනකට පාදක උන චරිතයක්(#10),ඒ විතරක් නෙමෙයි හාර්ලි ගේ කොන්ඩයෙ වර්ණය,ඇදුම් විලාසිතාව ඉතාම ජනප්‍රියයි.. ඒ නිසාම හාර්ලි ආශ්‍රිතව විවිද ව්‍යාපාර පවා අද වන විට නිර්මාණය වී තියෙනවා(#11)..
2016 දී එන Suicide Squad චිත්රපටදී Margot Robbie(#12) හරහා හාර්ලිගේ පළමු සිනෙමා ආගමනය අපිට දැකගන්න පුළුවන් වේවි..
හැමදාම කියනවා වගේ ඔයාලගේ feedbacks,comments මේ page 1 ඉස්සරහට අරන් යන්න ගොඩක්
වැදගත් වෙනවා.. අපේ තියෙන අඩුපාඩු හදාගන්න ඔයාලගේ සහයෝගය ඉතාම වැදගත්.. එක නිසා ඔයාලගේ යෝජනා වගේම චෝදනා අපි සතුටින් භාර ගන්නවා.. එක නිසා බනිනවා නම් බය නැතිව බනින්න.. tag කරන්න අතපසු උනත් නොවරදවාම අපේ page එක පැත්තට එන්න..අපි හැමදාම update වෙනවා..හැමදාම අලුත් දෙයක් ඔයාලට එකතු කරන්න අපේ ඇඩ්මින් මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා..
#ClownPrinceOfCrime
යාලුවනේ lucifer කියන tv series එක ගැනත් පෝස්ට් ටිකක් දාන්නකෝ.episode එක ගානේ ඕනි නෑ.episode කීපයකට හරියන්න සාරාංශය කරල වගේ
ReplyDelete