Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Aquaman

Aquaman
එදා යාලුවෙක් ඇක්වාමෑන් ගැන ලියන්න කියල ඉල්ලුව නිසා මන් ඇක්වාමෑන් ගැන ලියන්න තීරණය කලා.. හැමෝම දන්නව වගේ ඇක්වමෑන් කියන්නෙ DC ලගෙ ප්‍රධාන් තුරුම්පුවක්.. සමහර තැන්වල ඇක්වාමෑන් වැඩක් නෑ කියල ෆෑන්ස්ල කිව්වත් මගේ පෞද්ගලික අදහස මූ නම් සිරා වැදගත් පිස්සු හැදෙන චරිතයක් කියල.. ඇයි බන් මුහුද යට ඉන්න ඕනෙම සතෙක්ව පාලනය කරන්න පුලුවන්, පට්ට ආමි එකක් තියෙන, ඕනෙම වෙලාවක පෘතුවිය විනාශ කරන්න පුලුවන් ඩයල් එහෙකින් වැඩක් නැද්ද?? මුලින්ම අපි AMගෙ ප්‍රකාශන ඉතිහාසය ගැන අවදානය යොමු කරමු..
#H0006 - Aquaman

Paul Norris සහ Mort Weisinger එකතු වෙලා තමයි මේ අපූරු චරිතය 1941 දී More Fun Comics #73 එකේ ප්‍රකාශ වෙන විදිහට නිර්මාණය කරන්නෙ.. 1950 අවසාන් භාගයෙත් 1960 මුල් භාගයෙත් ආපු කොමික්ස් වලදි AM ජස්ටිස් ලීග් ටීම් එකේ Founding Member කෙනෙක් විදිහට සදහන් වෙනව 1990 ගනන් වල ආපු කොමික්ස් වලදි AM ව King of Atlantis විදිහට නිරූපනය කරල AM චරිතය හුගක් නග්ගල ගන්නව.. Smallville tv series එකේදිත් ඇක්වාමෑන්ව දැක ගන්න පුලුවන්.. අපිට ඇක්වාමෑන්ව 2016 Batman vs Superman: Dawn of Justice මූවී එකේදිත් දැක ගන්න පුලුවන් වෙයි.. ඒ වගේම 2018 දී ඇක්වමෑන්ගෙ සෝලෝ තනිපුද්ගල මූවී එහෙකුත් එනවා.. චරිතය රග පන්නෙ ජේසන් මැමෝආ.. DC ල මේ පාර හොදට මූවීස් ටික කරගනී කියල ප්‍රාර්ථනා කරමු.. ඒ එක්කම Throne of Atlantis animated movie එකත් මේ මාසෙ අග එන්න තියෙනව..මේක තමයි ඇක්වාමෑන්ගෙ පලවෙනි solo ඇනිමටෙඩ් මූවී එක.. හැමදාම ඇනිමේටඩ් මූවීස් නම් හොදට කරන ඩීසීල මේක හොදටර ගනී කියල තමයි මන් හිතන්නේ.. ට්‍රේලර් එක නම් පට්ට ගති නිනිවා බලන්න

ඇක්ව මෑන් කියන චරිතය එක එක කතෘවරුන් යටතේ කිහිප වතාවක්ම ලියවිලා තියෙනව.. ඒත් මන් වර්තමානයට අදාල වන නිව්52 ඇක්වාමෑන් ගැන පොඩ්ඩක් කියන්නම්.. නිව්52 රීලෝන්ච් එකේ විදිහට ඇක්වාමෑන්ගෙ තාත්තා තමයි ටොම් කරී.. අම්ම වෙන්නෙ ක්වීන් ඔෆ් ඇට්ලාන්ටිස් ඇට්ලන්නා.. ඇට්ලාන්ටිස්වල (මුහුද යට තියෙන මනඃකල්පිත සුන්දර නගරයක්) රජතුමා වෙන්නෙත් AM. කියන්න ඕනෙ නිව්52 ලෝන්ච් එකේ AM චරිතය කලින් AM චරිත වලට වඩා නම් දුර්වලයි.. AM ගෙ වයිෆ් වෙන්නෙ මේරා.. මේකෙදි AM සිද්ධ වෙන සිදුවීම් දාමයක් හින්ද AM රජකමෙන් ඉල්ලා අස්වෙලා සුපිරි වීරයෙක් විදිහට පමනක් කටයුතු කරන්න පටන් ගන්නවා.. නිව්52 එකේදී ඇක්වාමෑන් කියන්නේ ජස්ටිස් ලීග් ටීම් එකේ ප්‍රධාන සහ ආරම්භක සාමජිකයෙක්

AM ගෙ පවර්ස් ගැන කතා කරනවනම් කලිනුත් කිව්ව වගේ පොරට පිස්සු පවර්ස් තියෙන්නෙ.. AM ගෙ ප්‍රධානම පවර් එක තමා සාගර ජීවීන් සමග සන්නිවේදනය කිරිමට ඇති හැකියාව.. මේ දේ ඇක්වාමෑන්ට හුගක් දුර ඉදන් උනත් කරන්න පුලුවන් සාගර ජීවීන් විතරක් නෙමේ සාගරයට උඩින් ජීවත් වෙන ජීවින්(මුහුදු ලිහිණියෝ) එක්ක සහ සාගරයට සම්භන්ධ ජීවීන්ට (මිනිස් ජීවිත) බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනව කියල AM පෙන්නල දීල තියෙනව.. හැබැයි නිව්52 එකේදී සමහර මුහුදු ජීවීන්ට බලපෑමක් කිරිමේ හැකියාවක් AM ට නෑ.. මොකද ඔවුන් බුද්ධියෙන් අඩු නිසා.. මුහුද යට ඕනෑම ගැඹුරක,පීඩනයක,සීතලක ජීවත් වීමට ඇති හැකියාවක් AM ට තියෙනව.. ඒ කියන්නෙ ඉතින් මැෂින් ගන් එහෙකින් වෙඩි තිබ්බත් AMට තුවාල කරන්න අමාරුයි.. කියන්න ඕනේ නෑ ඩයල් එකට මුහුද යට හුස්ම ගන්න පුලුවන් අධිමානුෂික ශරීර ශක්තියක් තියෙන AMට හුගක් වේගෙන් පීනන්න පුලුවන්... තත්පරයට මීටර් 3000ක් විතර .. ඒ වගේම දිය ඇල්ලකින් උඩට පීනන්න පුලුවන් කියල කියනව.. අදුරෙත් දකින්න පුලුවන් AMගෙ ඇස් වලට අමතරව ඕනෙම කුඩා ශබ්ධයක් ඇහෙන සෝනාර් එකක් වැනි කන් දෙහෙකුත් ඩයල් එකට තියෙනව.. හැබැයි මෑන් හුගක් වෙලා වතුර ස්පර්ෂ කරන් නැතුව හිටියොත් මෑන් දුර්වල වෙනව.. හැබැයි බැට්මෑන් 'water suit' එක හදල දුන්නට පස්සෙනම් ගොඩක් වෙලා ගොඩබිම ඉන්න හැකියාව පොරට ලැබෙනව..හැබැයි මේ දුර්වලතාවය නිව්52 AMට නෑ මොකද පොර පොඩි කාලේ ජීවත් උනේ ගොඩබිම නිසා.. සමහර කතා වල වතුර පාලනය කරල එක එක ටූල්ස් හදා ගැනිමේ හැකියාවකුත් වාතාශ්‍රයේ තියෙන ජල වාෂ්ප පවා පාලනය කිරිමේ හැකියාවකුත් AMට තියෙනව
එක කතාවක මෑන්ගෙ අත නැති වෙනව.. ඊට පස්සෙ පොර එක එක ගැජට් කෑලි තියෙන යකඩ අතකුත් ඊටත් පස්සෙ Lady of the Lake ගෙන් ලැබෙන මැජිකල් අතකුත් පාවිච්චි කරනව.. මේ මැජික් අත එකතු උනාම ඇක්වාමෑන් හුගක් පවර්ෆුල් වෙනව.. එයා අල්ලන කැමති ඕනෙම කෙනෙක්ව විජලනය කිරීම තුලින් එම මොහොතේම මැරීමේ හැකියාවකුත් අත තුලීන් ඕනෑම තරම් ජල පහරවල් විදීමේ හැකියාවකුත්, උණු කිරීමේ හා ශීත කිරීමේ හැකියාවකුත්, වෙනත් ඩිමෙන්ශන් වලට ඇතුල් වීමට දොරටු විවෘත කිරීමේ හැකියාවකුත් ඕනෑම අවස්තාවක Lady of the Lake සමග සන්නිවේදනය කිරීමේ හැකියාවකුත් ලැබෙනව.. පිස්සු හැදෙනව

Aquaman ගැන කතා කරද්දි Flashpoint එක ගැන කතා කරන්න ඕනෙ කියල හිතුනත් අපේ ඇඩ්මින් සහෝදරයෙක් ඒක ගැන ලියනව කිව්ව නිසා මන් ඒ වැඩේ එයාටම භාර කරනව මගේ ආසම superhero list එකේ ඉස්සරහින්ම ඉන්න Aquaman ගැන ලිව්ව ලිපිය මෙහෙම ඉවර වෙද්දි මන් ඉල්ලා සිටිනව ඔයගොල්ලන්ගෙ අදහස්; හොද හෝ නරක අපිට කියන විදිහට.. ඒ වගේම ඊලගට ලියල ඕනෙ JLA මෙම්බර්ගෙ නමත් යටින් කොටල යන්නකො

<Percy_Jackson>
H0006

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න