මාවල් කොමික්ස්වල මම පෞද්ගලිකව වැඩියෙන්ම කැමති ටීම් එක එක්ස් මෙන්..
එක්ස් මෙන් ටීම් එකේ ඉන්නේ මියුටන්ට්ස්ලා.. මියුටන්ට්ස්ලා කියන්නේ අනෙක් හෝමෝ සේපියන්ලාට කරන්න බැරි ඇතැම් දේවල් කිරීමට හැකියාවක් ලැබෙන විදියට උපතින්ම ජානමය වශයෙන් විකෘති වෙච්ච පිරිසක්.. විද්‍යාත්මකව කිව්වොත් නියැන්ඩර්තාල් මානවයාගෙන් පස්සේ හෝමෝ සේපියන් මානවයා බිහි උණාට පස්සේ වංශකතාවේ ඊළග අවධිය වන හෝමෝ සුපිරීයර් මානවයාගේ බිහිවීම තමයි මියුටන්ට්ස්ලා කියන්නේ.. (ෆ්ලෑෂ් ටී වී සීරීස් එකේ අරන් තියෙන මෙටා හියුමන් කන්සෙප්ට් එක මාවල් එකේ මියුටේශන් කන්සෙප්ට් එක ආශ්‍රයෙන් නිර්මාණය වුණු එකක්) මේ පරිණාමවාද කන්සෙප්ට් එකත් එක්ක ජෙනටික් මියුටේශන් කන්සෙප්ට් එක සම්බන්ධ කරපු නිසා වඩා යථාර්තවාදී ස්වරූපයක් එක්ස් මෙන්ලාට ලැබිලා තියෙනවා..
CX0001 - X Men |
එක්ස් මෙන්ලාගේ බේස් එක තියෙන්නේ නිව්යෝක්වල උතුරු නැගෙනහිර වෙස්ට්චෙස්ටර්වල සාලෙම්වලට ආසන්න තැනක තියෙන එක්සේවියර් ඉන්ස්ටිටියුට් එකේ.. මේක 2000 වෙනකන් උසස් අධ්‍යාපන ආයතනයක් විදියට පිටස්තර ලෝකය දැනගෙන හිටියේ.. චාල්ස් එක්සේවියර් මියුටන්ට්ස්ලා ඉන්නවා කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලාට පස්සේ මියුටන්ට්ස්ලාගේ බෝඩින් පාසලක් විදියට ප්‍රසිද්ධ උනා.. මේ එක්ස් මැන්ශන් එකේ තට්ටු තුනකුයි, පොළව යට තට්ටු දෙකක් තියෙනවා.. තමන්ගේ ක්‍රෝමසෝන්වලට අලුතෙන් එකතු වෙච්ච ජාන නිසා ලැබුණු බලයන් නිසා මිනිස්සුන්ගේ ඊර්ශ්‍යාවට ලක්වලා සමාජයෙන් කොන් උන, බලයන් පාලනය කරගන්න බැරිවීම නිසා කරදරයේ වැටිච්ච, බලයන් නිසා බය උන ලොකු කුඩා මියුටන්ට්ස්ලාට තමන්ගේ බලයන් පාලනය කරගන්න, ඒ බලයන් ලෝකයේ යහපතට යොදාගන්න පුහුණු කරවලා ඔවුන් අනාගත එක්ස් මෙන්ලා කිරීම මේ පාසේලේ පරමාර්ථය.. මියුටන්ට්ස්ලාව පුහුණු කරන්නේ ඩේන්ජර් රූම් කියන නොයෙක් ආයුධ හා උගුල් තියෙන හෝලෝග්‍රැෆික් සිමියුලේෂන්ස් ඇති කරන කාමරයක.. එක්ස් මෙන්ලා මිශන්වලට යන්නේ බ්ලැක්බර්ඩ් ජෙට් එකෙන්.. මේ මියුටන්ට්ස්ලා හොයාගන්නේ එක්ස් මැන්ශන් එකේම තියෙන සෙරීබ්‍රෝ කියන උපකරණයෙන්..
මේ එක්ස් මෙන් කියාන නම ලැබෙන්නේ ක්‍රෝමසෝන්වලට අලුතෙන් එකතු වෙන ජාන චාල්ස් එක්සේවියර් එක්ස් ජාන කියලා හදුනවන නිසා..
මේ එක්ස් මෙන්ලාගේ ප්‍රධාන හතුරු කල්ලිය තමා මැග්නීටෝ ප්‍රමුඛ බ්‍රදර්හුඩ් ඔෆ් ඊවල් මියුටන්ට්ස්.. මේ කණ්ඩායම බිහි වෙන්නේ ඔවුන්ගේ බලයන් නිසා සමාජයෙන් කොන් වෙච්ච, පීඩාවලට ලක් වෙච්ච මියුටන්ට්ස්ලා කට්ටියක් එකතු වෙලා.. බ්‍රදර්හුඩ් එක හැර හෙල්ෆයර් ක්ලබ්, ඇපොක්ලිප්ස්, මිස්ටර් සිනිස්ටර් වගේ හතුරොත් ගොඩාක් ඉන්නවා..
එක්ස් මෙන් ආශ්‍රිතව ෆිල්ම් සීරීස් එකක් ආවා.. අන්තිමට ආපු එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් දැනට මාවල් එකෙන් ආපු හොදම ස්ටෝරි එක තියෙන ෆිල්ම් එක.. ඊළගට එන්න තියෙන එක්ස් මෙන් ඒජ් ඔෆ් ඇපොක්ලිප්ස් කියන්නේත් නියම ස්ටෝරි එකක්..
මේක අමතර තියරියක්..
අපි හැමොගෙම ඩී එන් ඒවල මොලිකියුල්ස් ස්පොන්ටෑනුවස්ලි රීකෝඩ් වෙවී, රී ජෙනරේට්වෙන වෙලාවල් තියෙනවා.. ඒක සබ්ඇටොමික් ජෙනටික් ට්රාන්ෆෝමේෂන් එකක්.. ඒ වෙලාවට අපිට එන ආවේග, අපි ඉන්න තත්ව, පරිසරයට අපේ ශරීර ඇඩැප්ට් වෙන්න දෙන චාන්ස් එකක් ඒක.. ඒක මියුටේෂන් එකක් ඇතිවෙන එක අවස්ථාවක් විතරයි..
ඇපොක්ලිප්ස්
CX0001
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න