Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow - Season 02 Plot 2

Arrow - Season 02 Plot 2
*** ------ Arrow ------ ***

Season 2 _ Plot 2

පහුගිය දවස් ටිකේ ඇරෝ කතා මාලාව ගැන විග්‍රහය ගේන්න බැරි වුණු එකට මුලින්ම සමාව ඉල්ලනවා. අපි ටිකක් ඉක්මන් කරලා කතා කරන්න හිතාගෙන ඉන්නේ මොකද මේ වෙද්දී සීසන් 3 භාගයක් විතර ගිහිල්ලා ඉවර හින්දා. මේ ලිපියෙන් සීසන් 2 එපිසෝඩ් 6,7 කියන කොටස් වලට අදාළ ඊස්ටර් එග් පිළිබඳව වැඩි අවධානයක් දෙන්න හිතාගෙන ඉන්නේ. ඒ අතරම වැදගත් සිදුවීම් ගැනත් පොඩි සඳහනක් කරන්න හිතාගෙන ඉන්නේ.
                        

1. A.R.G.U.S සංවිධානය සහ Amanda Waller වලට එකතු වෙනවා. මෙතන දී අපිට හම්බෙන්නේ නිව් 52 රී-බූට් එකේ ඉන්න කෙට්ටු, Amanda මිසක් මුල් කාලේ හිටපු මහත ගෑණු කෙනා නෙවේ. Advanced Research Group Uniting Super-Humans හෙවත් A.R.G.U.S සංවිදානයේ ප්‍රධානියා මෙයා.

2. Lyla Michaels - මෙයා ගැන ඇරෝ එකේ දී කතා වෙන්නේ ඩිගල්ස් ගේ කලින් පෙම්වතිය විතරක් උනාට කොමික් වල නම් මෙයා Harbinger කියලා තමයි හදුන්වන්නේ.

3. ලයිලා බේරා ගන්න ගූලෑග් සිරකඳවුරට ගියාම මේ අය Deadshot වත් බේරා ගන්නවා. A.R.G.U.S සහ Deadshot එකට හම්බුනා කියන්නේ Suicide Squad එක ගැන ඉඟියක් අපිට දෙනවා

4. ලයිලා බේරාගන්න ඔලිවර් උදව් ඉල්ලා ගන්නේ Anatoli Knyazev කියලා කෙනෙක් ගෙන්. මෙයා කොමික් වල ඉන්නේ KGBeast කියන නමින්. මෙයා බැට් මෑන් ගේ විලන් කෙනෙක්. අපිට මෙයා වර්තමාන කතාවේ වගේම ඔලිවර් ගේ අතීත මතකයන් වල දී ත් හම්බෙනවා.

5. ඩිගල්ස් ගේ සහෝදරයා මැරුවේ H.I.V.E. කියන සංවිධානයේ නියෝගයක් පිට කියලයි Deadshot කියන්නේ. H.I.V.E. නැතිනම් The Hierarchy of International Vengeance and Eliminations කියන්නේ DC වල ඉන්න රහසිගත කල්ලියක්. මෙයාලා Deathstroke සම්බන්දයක් තියනවා.

6. කවුන්ට් වර්ටිගෝ ආපහු අපිට හම්බෙනවා. ඒ Earth Quake හින්දා සිර කඳවුරින් එයා නිදහස් වෙන හින්දා. ඒ නිකම්ම නෙවේ, ඩෝල් මේකර් නිදහස් කරගෙන මයි.

7. මොයිරා ක්වීන් ට එරෙහිව නඩුවෙන් අසාමාන්‍ය විදිහට මොයිරා නිදහස් වෙනවා. හැබයි ඒ සිද්ද වෙන්නේ මර්ලින් හින්දා. හැමෝම මැරිලා කියලා හිතාගෙන හිටියට ඒක එහෙම නෙවෙයි.

8. මොයිරා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරිය ගේ නම තමයි Jean Loring. මෙයා කොමික් වල අපිට හම්බෙනවා ඇටෝම් ගේ බිරිඳ විදිහට. පස්සේ මෙයා සැලකිය යුතු චරිතයක් වෙනවා.

9. සෙබස්තියන් බ්ලඩ් එයාගේ වැඩ පිළිවෙලකට වැඩ කරගෙන යනවා. එයාගේ පරීක්ෂණ අතරේ අපිට එක පුද්ගලයෙක් වැදගත් වෙනවා. ඒ තමයි Brother Cyrus කියලා හදුන්වපු කෙනා. මේ බැට් මෑන් ගේ තවත් විලන් කෙනෙක් වෙන Cyrus Gold Solomon Grundy වෙන්න ඉඩ තියනවා.

10. ඔලිවර් ගේ අතීත සිද්දි වල දී අපිට හම්බෙන නැවේ නායකයා ගේ නම Amazo. හැබයි පැත්තක ඉදලා සේරම පාලනය කරන්නේ Dr. Ivo කියන කෙනා. අපිට කොමික් වල දී මේ දෙන්නා හම්බෙනවා. හැබයි ඒ Professor Ivo විදිහට. මෙයා DC යුනිවර්ස් එකේ ඉන්න බුද්ධිමත්ම කෙනෙක්. එයා හදපු මිනිස් රොබෝ කෙනෙක් තමයි Amazo කියන්නේ. විනාශ වුණු ජපන් සබ්මැරීන් එක හොයන්න ගොඩක් මහන්සි වෙනවා

11. ස්ලෙඩ් ගේ මුහුණ බෝම්බ ප්‍රහාරයෙන් පිච්චුනා ට පස්සේ අපිට ලස්සන දෙයක් දකින්න පුළුවන් උනා. කොමික් වල ස්වරුපයට දැන්නම් ගොඩක් සමීපයි.

#attila_THE_hun


Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න