Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Robin - Dick Grayson

Robin - Dick Grayson

Robin - Dick Grayson


මම අද කතා කරන්න හිතුවේ දැනට කොමික් වල මම දැකපු හොදම ස්යිඩ් කික් එක ගැන.. ඒතමා රොබින් කියන චරිතය.. අපි මුලින්ම ඩික් ග්‍රේසන් දිහාවට අවදානය යොමු කරමු..දැන් නම් මෙයා සයිඩ් කික් එකක් නෙමේ.. ඒත් රොබින් කියන චරිතය මුලින්ම ඔපවත් කරල බැට්මෑන්වත් ඔපවත් කරලා ගන්නෙ ඩික්.. ඒ වගේම මම හිතන විදිහට අපි දන්න කියන පරනම සයිඩ් කික් එක..
                       

අපි පොඩ්ඩක් ඩික් ග්‍රේසන්ගෙ ඉතිහාසය ගැන හොයලා බලමු.. Bob Kane සහ Bill Finger විසින් තමයි අපි හුගක් ආස කරන මේ චරිතය නිර්මාණය කරන්නෙ.. ඇත්තම කිව්වොත් ඩික් කියන්නෙ අපි කාටවත් වෛර කරන්න බැරි චරිතයක්..(කොටින්ම කිව්වොත් අපේ මාවල් ඇඩ්මින්ස්ලත් නයිට්වින්ග්ට මාර ආදරෙයි)මුලින්ම මේ චරිතය අපි හමුවට එන්නෙ 1940 අප්‍රේල් වල නිකුත් වෙන Detective Comics #38 ඉෂූ එකෙන්.. ෆ්ලයින් ග්‍රේසන්ස් කියන ඇක්‍රොබැට් එහෙමත් නැත්තම් ජිම්නාස්ටික් වැඩ දාන සර්කස් පවුලකින් තමා ඩික් පැවත එන්නෙ.. ඩික් පුංචි කාලෙදි (අවුරුදු 8දී) සිදුවන අනතුරකින් එයාගෙ අම්මයි තාත්තයි මැරෙනව frown emoticon මේ සිද්ධිය දිහා පැත්තක ඉදන් බලන් ඉන්න අපේ වීරයා බෲස් වේන්ට තමන්වම ඩික් තුලින් පේනවා.. ඩික්ගෙ භාරකාර පියා වෙන බෲස් වේන් ඩික්ව තමන්ගේ සයිඩ් කික් එහෙමත් නැත්තම් සහායකයා විදිහට තෝර ගන්නව.. බෲස්ට බැට්මෑන් වගේ ඩික්ට තමන්ගේ රහස් නම වෙන්නේ රොබින්.. ඩික් සර්කස් එකේ ඉද්දි නම රොබින් නිසා තමා තමන්ගේ නම විදිහට හුරුපුරුදු රොබින් කියන නම යොදා ගන්නෙ.. මෙන්න මේ විදිහටයි පුරා චරිත 5ක් දිවෙන රොබින් චරිතයේ ආරම්භකයා බිහි වෙන්නෙ.. ඒ වගේම අපිට කොමික් වලදි දැක ගන්න පුලුවන් දෙයක් තමයි ඩික්, බැට්මෑන් වැඩියෙන්ම ප්‍රිය කරන රොබින් කියන එක.. ඔව් තමන්ගේ පුතාටත් වඩා.. මොනා උනත් වයසින් වැඩෙන ඩික් ටීන් ටයිටන්ස් ටීම් එකේ නායකයා ලෙසත් ක්‍රියා කරනවා.. තරුණ වියට එළබෙන ඩික් රොබින් චරිතයෙන් විශ්‍රාම අරගෙන නයිට්වින්ග් කියන සුපිරි වීරයා බවට පත් වෙනවා.. Batman: Knightfall කතා මාලාවෙදි මැට්මෑන් බරපතල ලෙස අසාධ්‍යට
පත් වෙන නිසා බැට්මෑන් ඩික්ගෙන් ඉල්ලා සිටිනව ඩික්ට බැට්මෑන් වන ලෙස.. ඒත් තමන් නයිට්වින්ග් බව ප්‍රකාශ කරන ඩික් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා..ඒත් පස්සෙ කාලෙකදි බැට්මෑන් මිය ගොස් ඇතැයි යන විශ්වාසය මත(Infinite Crisis) ඩික් බැට්මෑන් වීමට තීරණය කරනවා.. බැට්මෑන් ජීවතුන් අතර බව දැන ගන්නා ඩික් බෲස්ට බැට්මෑන් වන්නට දී නැවතත් නයිට්වින්ග් බවට පත් වෙනවා.. ඉන්පසු තමන්ගේ මූලස්තානය නිව්යෝක් නගරය බවට පත් කර ගන්නවා..

ඩික්ගේ ප්‍රාධානතම ෆීස්ට් එකක් ලෙස බැට්මෑන්ගේ ප්‍රධානතම හතුරෙක් වන ඩෙත්ස්ට්‍රෝක්ව පරාජය කිරීම දක්වන්න පුලුවන්(nightwing).. බැට්මෑන්ට උදව් කරමින් හතුරන් කී දෙනෙක් පරාජය කලාද කියල කියන්න ගියොත් මට හෙට වෙනකම් කොටන්න වෙයි.. අපි දැන් ඩික්ගේ හැකියාවන් පිලිබදව පොඩ්ඩක් හොයලා බලමු..

Master Detective: ඩික් කියන්නේ බැට්මෑන් ගාව වැඩිම කාලයක් පුරුදු වුනු සයිඩ් කික්.. අනිවාරයෙන්ම බැට්මෑන්ගෙ ස්කිල්ස් හුගක් ඩික්ට තියෙනවා.. අපරාද පරීක්ෂණ විද්‍යාව,වෙස් වලා ගැනීම් වගේ හුගක් දක්ෂතාවයන් ඩික්ට තියෙනව..ඩික් කියන්නෙ ටිම්ට පමනක් දෙවෙනි වෙන ඩිටෙක්ටිව් ස්කිල්ස් තියෙන රොබින්.. ඩීසී යුනිවර්ස් එකේම දක්ෂතම ඩිටෙක්ටිව්ස් ලා අතර ඩික් ඉන්නවා..

Master Acrobat: උපතින්ම ඩික්ට ඇක්රොබැට් ස්කිල්ස් පිහිටල තියෙනවා.. උපන් දා ඉදන් සර්කස් එහෙක ජීවත් උනු ඩික්ට ජිම්නාස්ටික් සහ ඒ ආශ්‍රිත වැඩ සුලු දේවල්.. DC යුනිවර්ස් එකේ සිටින හොදම ඇක්‍රොබැට් ලෙස සලකන්නෙත් ඩික්.. දෙවෙනියට හොදම ඒ ආශ්‍රිත ස්කිල්ස් තියෙන බෲස් පවා ඩික් තමන්ට වඩා ඒ අංශයෙන් හොද බව පිලි ගන්නවා..

Master Martial Artist: Aikido, Jeet Kune Do, Escrima, Tae Kwon Do, Judo, Wing Chun, Hapkido, Jiu-jitsu, Shotokan Karate, Savate, Kendo, Ninjitsu, Boxing and Tang Soo Do ඇතුලු මාශල් ආට්ස් හුගක ප්‍රවීණයෙක් වෙන ඩික් DC යුනිවර්ස් වල දක්ෂතම මාශල් ආටිස්ට් ලගෙන් කෙනෙක්..

ඒ වගේම භාෂා ගණනාවක් කතා කල හැකි ප්‍රවීණයෙක් ඔහු.

Skilled Leader: බැට්මෑන්ව පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබෙන ඩික්ගේ තවත් දක්ෂතාවයක් තමා දක්ෂ නායකත්වය.. ටීන් ටයිටන්ස්, ද අවුට්සයිඩර්ස් සහ ඇතැම් වරක ජස්ටිස් ලීග් ටීම් එක පව මෙහෙයවපු දක්ෂ නායකයෙක් තමා ඩික් ග්‍රේසන්..

මන් මෙතන සදහන් කලේ ඩික් ගැන ස්වල්පයක් විතරයි.. අපි ඊලග රොබින් ජේසන් ගැන කියන ආටිකල් එහෙකින් නැවත් මුන ගැසෙමු.. අපේ පේජ් එක යාලුවෝ අතරට අරගෙන යාමට පේජ් එකත් ආටිකල්සුත් ශෙයාර් කරන්න අමතක කරන්න එපා.. අපේ ඇඩ්මින් වරුන් මේ කරන ව්‍යායාමයෙන් බලපොරොත්තු වෙන එකම දේ තමයි අපි හැමෝම ආස කරන කොමික්ස් ලංකාවේ ප්‍රචලිත කිරීම.. ඒකට ඔයගොල්ලොත් හුගක් උදවු කරයි කියල අපි පෞද්ගලිකව විශ්වාස කරනවා.. සැමට ජය!!!

<<Percy Jackson>>


Comic Script ලිපිය

3 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න