Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash Season 1 Episode 14

The Flash Season 1 Episode 14
The Flash episode 14- Fallout

#Spioler_warning

 



මේ episode එක කලින් සතියෙ The nuclear man episode එකේ දෙවැනි කොටස. කලින් සතියෙ episode එක බැලුවෙ නැත්තන් මුලින්ම ඒක බලලා මේ ලිපිය කියවන්න කියලා ඉල්ලා සිටිනවා. මේ සතියෙ හිතුවෙ නැති ගොඩක් දේවල් සිද්ද උනා.

#1-

barry
ගෙ අම්ම නැති වුන දවසේ සිද්දිය joe barryට පැහැදිලි කරනව. දැන් barry අනිවාර්යයෙන්ම එයාගෙ අම්මව බේරගන්න උත්සහ කරනවා. මට හිතෙන විදිහට දැන් barry එයාගෙ powers හරි විදිහට පාවිච්චි කරන්න හදන්නෙ. ඒකිව්වෙ oliver episode 8දි කිව්වා වගේ barryට වෙලාව තියෙනව සටනකට යන්න කලින් එතැන තියෙන හැම වාසියක්ම ප්‍රයෝජනයට ගන්න. ඒත් barry හැම තිස්සෙම එන්නෙ අන්තිම තප්පරේ නිසා මේ වාසිය ප්‍රයෝජනයට ගන්න බැහැ. ඒත් මෙතනදි barry දන්නව මොකද්ද වෙන්නෙ කියලා ඒක නිසා එයාගෙ අම්මව බේරගන්න පොඩි chance එකක් තියෙනව. හැබැයි එයා අම්මව බේරගත්තොත් ....

#2-

එයා මුලු time line එකම වෙනස් කරනවා. මෙතනිදි තමයි Flashpoint එන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ තමයි show එක flashpoint පැත්තට ගියොත් අපිට Batman(Thomas wayne),wonder woman,aquaman වගේ අයව show එකේ බලාගන්න හම්බෙයිද කියන එක. මෙයාලා tv universe එකේ ඉන්නවා අපිට තාම මෙයාලව බලාගන්න අවස්තාවක් හම්බුනේ නෑ. මට හිතන විදිහට Dc ආයතනය flash show එක පාවිච්චි කරන්න පුලුවන් අනිත් universes එක්ක එකතු වෙන්න. Flash විතරයි තමන්ගෙ කැමත්තෙන් වෙනත් සමාන්තර ලෝක වලට යන්න පුලුවන්. කොහොමද Flash නිසා tv universe එකයි movie universe එකයි එකට එකතු උනොත්. එහෙම උනොත් අනිවාර්යයෙන්ම flash එකේ අපිට wonder woman,aquaman,cyborg වගේ අයව බලාගන්න පුලුවන් වෙයි මොකද මේ 3දෙනාගෙම films ඉස්සරහට එන්න තියෙනවා.

#3-

Firestorm
හාහ්. Firestorm කියන්නෙ Dc වල ගොඩක් powerful චරිතයක්. Ronnie සහ stein එයාලගෙ powers පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක පලමු පියවර විතරයි. ඒවගේම flash උනත් තාම එයාගෙ powers සම්පූර්ණයෙන්ම තේරුම් අරන් නෑ. ඒවගේ තමයි firestormටත් තව ටික කාලයක් යයි සම්පූර්ණයෙන්ම එයාගෙ එහෙමත් නැත්තන් එයාලගෙ powers තේරුම්ගන්න.

#4-

Ronnie
ගෙ අත කපාගන්න scene එකනන් මට හිතෙන විදිහට ඕන උනේ නෑ. මොකද මට තේරෙන විදිහට ඒ දෙන්නට පුලුවන් දෙන්නගෙම වේදනාව දැනෙන්න. ඒත් තුවාල ගැනනන් මට පොඩි සැකයක් තියෙනව. කොහොමහරි ronnie තිබුනා martin වගේ තට්ටු කරන්න. Comic වල martin තමා මොළකාරයා. Ronnie තමා වැඩකාරයා. ඒත් show එකේ martin විතරක් නෙවේ ronnie උනත් ගොඩක් බුද්ධිමත්. මට හිතෙන විදිහට මෙතනදි ronnie පොඩ්ඩක් විතර comic වල ඉන්න ronnieට සමාන කරන්න පුලුවන්.

#5-

Caitlin
කියනවා ronnie ආවෙ Coast City වල ඉදන් කියලා. Coast City කියන්නෙ green lantern hal jordanගෙ නගරේ. 1 වෙනි episode එකේ පෙන්නුවා මතක ඇති ferris aircraft.

#6-

මන් දන්නව මන් ඇතුලුව ගොඩක් අයට ඕනා කියලා green lanternshow එකේ. කලින් කිව්වා වගේ flash movie universe එකයි tv universe එකයි එකට එකතු කරොත් අනිවාර්යයෙන්ම අපිට green lantern බලාගන්න. Comic වල green lantern සහ flash කියන්නෙ හොද යහලුවො. ඒක නිසා green lantern hal නැති උනත් hal jordan( green lantern වෙන්න කලින් ) show එකට එන්න පුලුවන් සමහර විට. ඊට අමතරව arrow එකේ ඉන්න John Diggle ඇත්තටම John stewart green lantern වෙන්න පුලුවන් කියලා ගොඩක් අය කියනව. Diggleට රගපාන David Ramsey හිටන් කියලා තියෙනව Diggle green lantern වෙන්න පුලුවන් කියලා සමහර විට. (ඒත් ගොඩක් වෙලාවට මේක කටකතාවකට විතරක් සීමා වෙයි වගේ). Green lanternCW එකට ගේනවනම් john stewartව තමා හරියන්නෙ කියලා මටනන් හිතෙන්නෙ. මොකද green lantern movie එකක් ඉස්සරහට එන්න තියෙන නිසා Dc ආයතනය Halව ඉතුරු කරගනියි film එකට. හැබැයි කලින් කිව්වා වගේ movie සහ tv universe එක එකත් උනොත් අනිවාර්යයෙන්ම halව බලන්න හම්බෙයි.

#7-

Oh yeah harrison wells
තමයි reverse flash. එච්චරම ලොකු පුදුමයක් නෙවේ ඒත් මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට reverse flashගෙ ඇත්ත මුහුණ පෙන්නයි කියලා. මන් දන්නව ගොඩක් අය හිතුවෙ eddie තමයි reverse flash කියලා. මේකෙ තේරුම harrison wells කියන්නෙ show එකේ ඉන්න එකම reverse flash කියන එක නෙවෙ. අමතක කරන්න එපා barryගෙ අම්ම මැරුන තැන තිබුන ලේ wellsගෙ නෙවේ. ඒක eddieගෙ වෙන්න පුලුවන් මොකද joe කිව්ව විදිහට එයාල බැලුවෙ star labs වල හිටපු අයත් එක්ක ගැලපෙනවද කියල විතරයි. Barryjoe ඒ වෙලාවෙ wells සැකයි කියන එක හන්ගන්න බොරුවක් කිව්වද දන්නෑ ඒත් eddie reverse flash වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. හැබැයි wells කියන්නෙ ගොඩක් බුද්ධිමත් කෙනෙක්. එයා barryගෙ අම්මව මැරුවනන් ඒක වහන්න වෙන කෙනෙක්ගෙ ලේ barryගෙ ලේත් එක්ක තිබ්බද කියන්න බෑ.

#8-
තව සැරයක් හොදින් බලාගන්න KING GRODDව. මේ පාර අපිට බලාගන්න හම්බුනා එයාගෙ mind control powers පාවිච්චි කරනව. Gorilla grodd කියන්නෙ ගොඩක්ම ලොකු flash villain කෙනෙක් ඒක නිසා අනිවාර්යයෙන්ම මෙයාව ආයෙ දකින්න හම්බෙයි.

Cisco Facility 27
වල වෙන්නැති එයාලා පිටසක්වල ජීවීන් තියන් ඉන්නෙ කියද්දි මතක් වෙන්නෙ Martian Manhunterවයි flashpoint එකේ ඉන්න supermanවයි. Show එකත් flashpoint පැත්තට යන හින්දා ඒක flashpoint supermanට ගහපු joke එකක් වෙන්නත් පුලුවන්.
------------------
ආයෙ flash එන්නෙ ඒකියන්නෙ episode 15 එන්නෙ තව සති තුනකින්. මන් දන්නව ඇයි CW ඇයි මෙහෙම කරන්නෙ unsure emoticon ඒත් ඒ වෙනකොට අපිට පුලුවන් වෙයි ඉස්සරහට එන්න ඉන්න අය ගැන විශෙශ්ෂයෙන් Lisa snart, Gorilla grodd ගැන දැනුම රැස් කරගන්න. එහෙනම් වෙනත් ලිපියකින් ආයෙත් හම්බෙමු, ජයවේවා !
#Kyle_Rayner
#T02P013

Comic Script ලිපිය


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න