Super Villain - Marvel
(පසුගිය කොටස හා සම්බන්ධ වේ)
Infiniti Gems 6ම බලයන් සහිතවූ Thanos පෘථිවියේ සහ Avengersලාගේ අවසානය සනිටුහන් කිරීමට යළි පෘථිවිය කරා පැමිණෙනවා. Thanos පෘථිවිය කරා එන බව දැන ගන්නා Silver Surfer ඒ බව පෘථිවියට දැනුම් දෙන්නට හැදුවත් Thanos Infinity Gems වල බලයෙන් ඔහුව මුලා කරනවා. තමන්ගේ ආදරය වූ Deathගේ සිත සතුටු කිරීම සඳහා Thanos මේ වන විටත් විශ්වයෙන්ම අඩක පිරිසක් විනාශකොට අවසන්. මේ නිසා පෘථිවියේ සියළුම වීරයන් Thanosට එරෙහිව එකට එකතුවනවා. මේ අතරතුරේදී Soul Gem එකේ අයිතිකරුවන Adam Warlockගේ ආත්මය විශ්වයේ දක්ෂතම සටන්කාරියක් වන Gamoraගේ සහ විශ්වයේ දක්ෂතම සටන්කරුවකු වන Pip the Troll ගේ ආත්ම කැඳවන්නට සමත්වනවා. පසුව මොවුන් මියගිය මිනිසුන් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ ශරීරවලට ආවිෂ්ඨ වනවා.
මේ පිරිස සමඟ විශ්ව මණ්ඩලයේ පිරිස වන Love, Hate, the Stranger, Epoch, Chaos, සහ Order ද එකතු වනවා. මෙසේ මෙපමණ පිරිසක් Thanosසමඟ සටනව පැමිණියත් ඔහුට එය එතරම් දෙයක් වන්නේ නැහැ. ඔහු මේ සියල්ලන්වම නිමේෂයකින් පරදවනු ලබනවා. Thanosට මේ සඳහා ඔහුගේ මිනිපිරිය වන Nebulaත් උදව් කරනවා. Thanos විශ්ව මණ්ඩලයේ පිරිස ඇතුළු සියලුම වීරයන් සහ වීරවරියන් සිරභාරයට ගන්නවා. ඔය අතරතුරේ ක්ෂණයකින් Nebula විසින් Thanosගේ අතින් Infinity Gauntlet එක බලෙන් උදුරාගන්නට සමත් වනවා. ඇය විසින් මුලින්ම කරනු ලබන්නේ Thanos සිර කළ සියළු දෙනාව නිදහස් කිරීමයි. මේකට හේතුව වන්නේ Thanos නැති අතරතුරේදී Nebula විසින් Thanosගේ යානයේ බලය අල්ලා ගැනීම දියත් කළ සැලැස්ම අසුවීමෙන් Thanos විසින් Nebulaට දැඩි ලෙස වධ දී ඇයව මැරෙන්නට හරිනවා. නමුත් තමාගේ ශරීරයේ කොටස් යන්ත්‍ර වලින් සකසා ගන්නා Nebula කෙදිනක හෝ Thanosගෙන් පලි ගන්නට බලා සිටි බවත් ඒ නිසා මේ දෙය සිදුකළ බවත් comicවල සඳහන් වනවා.
Nebulaගේ මෙම ක්‍රියාව නිසා නිදහස් වන සුපිරි වීරයන් සහ විශ්ව මණ්ඩලය Thanosව පරදා Nebulaගෙන් යළි Gauntlet එක ලබාගන්නවා. පසුව ඔවුන් Thanosව අන්තරීක්ෂණ කාල සමයක් සඳහා යොමු කරනවා. මේInfinity Gems සියල්ල තවන් දුෂ්ඨයෙකුගේගේ අතට ගියහොත් මෙවන් වූ විනාශයක් යළි සිදුවේවි යන සැකයෙන් Adam Warlock විසින් සියළුම Infinity Gems ආරක්ෂාකර බලාගැනීම සඳහා 'Infinity Watch' නමින් කණ්ඩායමක් පිහිටුවනවා. එහිදී මේ එක් එක් gem එක පෘථිවියේ එක් එක් තෝරාගත් වීරයන්ට ආරක්ෂාකිරීමට භාර දෙනවා. Thanos මේ Infinity Gems පිළිබඳව විශාල වශයෙන් දැනුමක් ලබාගෙන සිටින බව Warlockට තේරෙනවා. ඔහු මේ නිසාමත්, Thanosව වෙනස් කළ හැකියි යන තීරණය මතත්, මේ ක්‍රියාව මගින් Thanos කරන කියන දේවල් ගැන වඩා හොඳින් අවධානය කළ හැකි නිසාත් Thanosව Infinity Watch එකේ සාමජිකයෙකු කරනවා.
ඒ අනුව Soul Gem එක තමන් සතුව තබාගන්නා Adam Warlock විසින් Drax the Destroyer ට Power Gem එකද , Gamora ට Time Gem එකද, Moondragon ට Mind Gem එකද, Pip the Troll ට Space Gem එකද, Thanos ට Reality Gem එකද ලබා දෙනවා. නමුත් පසු කාලයක ඇතිවූ යුද්ධයකදී Moondragon දරුණු ලෙස තුවාල ලැබීම හේතුවෙන් Warlock විසින් Maxam නැමැත්තාට Mind Gem එක ලබාදීමට තීරණය කරනවා. නමුත් මේ සඳහා තදින්ම විරුද්ධ වන Gamora Infinity Watch එක අතහැර යනවා. ඒ අනුව Gamoraගෙන් හිස් වුණු Time Gem Watcher තනතුර Maxamට හිමිවනවා. තමන්ගේ පෙර වැරදි අඩුකරගන්නා Thanos, Infinity Watch එකට තමන්ගේ මුළු හැකියාවන්ම කැප කරනවා. වරෙක යළි ප්‍රාණය ලද Magus නම් වූ ප්‍රබල මායාකරුවා පැරදවීමටත්, The Goddess නැමති Magusගේ සහෝදරියව පැරද්වීමටත්, බන්ධනයකට හසුව විශ්වයේ කොටසක් සුණු විසුණු කරමින් සිටි Thorවද නවතාලන්නට Thanosට හැකියාව ලැබෙනවා. මේ නිසාම ඔහු තම වගකීම් නිසි ලෙස ඉටු කරන්නට මහන්සි වුණු කෙනෙක් හැටියටත් කියන්න පුලුවන්.
මෙතෙක් කල් නපුරට එරෙහිව වැඩ කළ Thanosට විශ්වයේ දැනුම සියල්ල ලබාගත හැකි The Oracle නැමති මායා පුස්තකයක් ගැන දැනගන්නට ලැබෙනවා. ඔහු Infinity Watch එකට හොරෙන් මෙය ලබා ගැනීමට දෙවැනි Super-Skrull, Nitro, the Rhino, සහ the Titanium Man ඇතුළු පිරිසට මේ Oracle එක තමාට ගෙනැවිත් දෙන ලෙස නියෝග දෙනවා. ඔවුන් එය සාර්ථකව නිමකරන්නේ ඔවුන්ගේ අරමුණු වලට Thanos උදව් කරාවි යන හැඟීමෙනුයි. නමුත් තමාගේ අභිප්‍රාය ඉටු කරගන්නා Thanos, Oracle එක ලබාගැනීමෙන් පසු මොවුන්ව සිර කරනවා. ඔය අතරේ Thanos විවිධ ග්‍රහලෝක වලට ගොස් ඒවායේ නායකයන්ගේ විශ්වාසය දිනාගනිමින් ඔවුන්ගේ රණශූරයන්ව තමාගේ පැත්තට හරවා ගෙන ඒ ඒ ග්‍රහලෝක වල බලය ලබා ගැනීමේ කූඨ උපක්‍රමයක් දියත් කරනවා. මේ බව Silver Surferට ආරංචි වෙනවා. ඔහු Thanosව නවතාලන්නට Thanos සමඟ සටනට යනවා. Silver Surfer කියන්නේ විශ්වයේ තවත් බලගතු ජීවියෙක්. ඒ අවස්ථාවේදී Thanos විසින් Surferව මිය යන තුරු පහර දී තමාගේ ආදරය වන Death වෙනුවෙන් සිදුකළ මරණයක් බවත් Surfer තම ආදරයට නින්දා කළ බවත් පවසා Deathව රවටා ඇයගෙන් අමරණිය භාවය ලබා දෙන බවට පොරොන්දු කරගන්නවා.
කාලයත් සමඟ විශ්ව පාලනයට සැලසුම් සාදන Thanos Annihilus යටතට එක්ව විශාල හමුදාවක් සකසා ගන්නවා.Annihilus යටතේ Thanos පහර දෙන්නට පැමිනීම මවිතයට කරුණක් වුවත් ඔහු එලෙස ක්‍රියා කරන්නේ තමන්ගේ වාසියට පසුව කරුණු කාරණා සකසා ගන්නට බව ඔහු පසුව Moondragonව අල්ලා ගැනීමෙන් පසු පවසනවා. ඇය ලවා ඔහු Galactusව අල්ලාගෙන Galactusගෙන් පසුවට තමාට අවශ්‍ය වැඩ කරගැනීම සඳහා තබාගෙන සිටිනවා. මේ අතර Annihilusගේ විශාල හමුදාව සමඟ Thanos විශ්වය අල්ලා ගැනීමට යුද්ධය ආරම්භ කරනවා. මේ යුද්ධය සිදුවන්නේ විශ්වයේ Negative Zone එක තුළදීයි. එහිදී X-Men. Guardians of the Galaxy, Avengers, Fantastic Four ඇතුළු සියළු දෙනා එකට එකතුවනවා. මේ සටන Thanosට දිනිය නොහැකි බව තේරුම්ගන්නා Thanos තමන්ගේ අවසාන තුරුම්පුව වන Galactus ලවා මොවුන්ව විනාශ කරන්නට අණ දෙන්නට සැරසෙනවා. එකෙණෙහිම Drax The Destroyer ඉදිරියට පැන Thanosගේ පපුව සිදුරුකරගෙන යන්නට වැරෙන් පහරදී Thanosගේ හදවත උගුළවා දමනවා.
to be continued...
#SmAsHeR
Comic Script ලිපිය

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න