Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Black Panther - Marvel Comics (Hero)

Black Panther - Marvel Comics (Hero)
අපේ යාළුවන් ටික කලෙක ඉදන් කරන තවත් ඉල්ලීමක් තමයි Black Panther ගැන විස්තර ටිකක් ගෙන්න කියන එක.ඔන්න අද දවසේදී ඒ ඉල්ලීමත් ඉෂ්ට කරන්නයි මේ සුදානම..
 

අද අපි මේ කතා කරන්න යන Black Panther ගේ ලොකු විශේෂත්වයක් තියෙනවා,ඒ ගැන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා උනත් ඒ ගැන ටිකක් මුලින් මතක් කරන එක වැදගත්. Black Panther තමයි පළමු කළු ජාතික සුපරි වීර චරිතය. හැබැයි වරද්දගන්න එපා Black Panther කියන්නේ පළමු කළු ජාතික කොමික් චරිතය නම් නෙමෙයි..මෙයාට කලින් විවිධ කොමික් ආයතන වලින් කළු ජාතික කොමික් චරිත හඳුන්වල දීල තිබුනට superpowers එක්ක ආපු පළවෙනිය තමයි Black Panther.

Black Panther ගේ මුල්ම ආගමනය සිද්ද වෙන්නේ අපි හොඳට දන්න Fantastic Four කොමික් කතා මාලාව යටතේදී,ඒ 1966 වසරේ ජූලි සහ අගෝස්තු මාස වල දී නිකුත් කරපු Fantastic Four #52-53 කලාප වලින්. ඒ marvel වල ජනප්‍රියම නිර්මාණ කරුවන් දෙදෙනා ගේ අතින්.. අපේ යාළුවො හිතපු විදිහ හරි,Stan Lee ගේ අදහසට Jack Kirby ගේ පැන්සලෙන් තමයි Black Panther කොමික් ලොව එලිය දකින්නේ.


අපි හොඳට දන්න කළු ජාතික සුපිරි වීර චරිත හැම එකක්ම වගේ අප්‍රිකානු සම්භවය සහිත ඇමෙරිකානු ජාතිකයින්,(Strom,John Stewart,Cyborg,Luke Cage)එත් Black Panther ව නිර්මාණය කරන්නේ තනිකරම අප්‍රිකානු ජාතිකයෙක් විදිහට. ඒ නිසා Black Panther ගේ සාමාන්‍ය පුද්ගල නාමය ටිකක් අමුතු නමක්,ඒ තමයි T'Challa (ට්චාලා/චාලා). එසේ මෙසේ අප්‍රිකානු ජාතිකයෙක් නෙමෙයි,ගොඩක් දියුණු,සංවර්ධිත අප්‍රිකානු රාජ්‍යයක් වෙන Wakanda (වකන්ඩා) කියන (මනකල්පිත) රාජ්‍යයේ වගේම පැන්තර් කියන (මනකල්පිත) ගෝත්‍රයේ නායකයාගේ පුතා.. ඇත්තටම Black Panther කියන්නේ තනතුරක්. වකන්ඩා වල ආරක්ෂාවට රාජ්‍යයේ නායකයාට/පැන්තර් ගෝත්‍රයේ නායකයාට ලැබෙන වගකීමක් තමයි මේ Black Panther කියන තනතුර.. සාමාන්‍යයෙන් තාත්තාගෙන් පුතාට ලැබෙන තනතුරක් උනාට,Black Panther තනතුර ලබන්න තරම් තමන් සුදුස්සෙකු බව පෙන්වල තියෙන්නත් ඕනේ..

Black Panther වගේම marvel කොමික් වල තවත් වැදගත් දෙයක් තමයි මේ වකන්ඩා ව. වකන්ඩාව කියන රාජ්‍යය හැදිලා තියෙන්නේ කාලෙකට කලින් පෘතුවියට කඩා වැටුණු විශාල උල්කාපාතයක් මත. මේ උල්කාපාතය හැදිලා තියෙන්නේ marvel වල දෙවන ශක්තිමත්ම/වටිනාම ලෝහය වෙන Vibranium වලින්.. වයිබ්‍රේනියම් කියන්නේ කම්පනයන්ට හොදින් ඔරොත්තු දෙන ලෝහයක් නිසා ශක්තියෙන් වගේම වටිනාක්මින්ද ඉතා ඉහල අගයක් ගන්න ලෝහයක්.. (පටලව ගන්න එපා,මේක අපි අතර ඇත්තටම තියෙන ලෝහයක් නෙමෙයි.මේකත් මනකල්පිත ලෝහයක්) ඉතින් මේ වයිබ්‍රනියම් තුලින් වකන්ඩාවට හොඳ ආදායමක් ලැබෙනවා.. එක නිසාම වකන්ඩාවට එල්ල වෙන සතුරු උපද්‍රව වලින් ජනතාව ගලවාගැනීමේ වගකීම ලැබෙන්නේ අපේ මේ Black Panther ට..

Black Panther ගේ (ට්චාලා) ගේ පසුබිම් කතාව ගැන බලනවා නම් මෙයා වකන්ඩා වල නායක T'Chaka ගේ (එහෙම නැත්තම් ට්චාලා ට කලින් Black Panther ගේ) පුතා. ට්චාලා ගේ අම්ම මෙයාව බිහිකරන අවස්ථාවේදී මිය යනවා. ට්චාලා ගේ තාත්තා නැවට විවාහයක් කරගත්තත්,එයාගේ කුඩම්මා ව Anton Pretorius කියන කෙනා පහර ගන්න නිසා මෙය ලොකු මහත් වෙන්නේ තාත්තා එක්ක විතරයි. එත් ට්චාලා තරුණ වියට එද්දී Ulysses Klaw* කියන කෙනා ට්චාලාගේ තාත්තා ව ඝාතනය කරනවා.(*Ulysses Klaw ගැන ඔයාලට මතක ඇති,Avengers : Age of Ultron පුර්ව ප්‍රචාරක පට ගැන අපි ගෙනාපු ලිපි වල මතකද පැන්තර් දතක් සහිත මාලයක් දාගෙන ඉන්න සේර්කිස්, අන්න ඒ සේර්කිස් රගාපන්නේ මෙයාගේ චරිතය කියල අද වෙන විට තහවුරු කරලා තියෙනවා. )


මම කලින් කිව්වා මතක ඇති Black Panther කියන තනතුර ලබන්න තමන් සුදුසු බව ඔප්පු කරලා තියෙන්න ඕනේ කියලා. එක නිසා තාත්තාගේ මරණයෙන් පස්සේ එක පාරටම ට්චාලා ට එක පාරටම Black Panther වෙන්න පුළුවන් වෙන්නේ නෑ,ඒක නිසා ට්චාලා තනතුර වෙනුවෙන් සුදුසුකම් පෙන්වනකම් එයාගේ මාමා,එහෙම නැත්තම් ට්චාලාගේ තාත්තාගේ සහෝදරය වෙච්ච S'yan තාවකාලිකව Black Panther බවට පත් වෙනවා.. ඔය අතරවාරයේදී තමයි ට්චාලා ට Strom ව හම්බ වෙන්නේ.. මෙයාල අතර ආදරයක් ඇති උනත් දෙදෙනාගේ ගමන් මාර්ග වෙනස් නිසා මේ සම්බන්දය පස්සේ කාලෙක කැඩිලා යනවා.. කොහොම හරි ට්චාලා තමන්ට අයිති Black Panther තනතුර සඳහා තමන් සුදුසු බව පෙන්වල අද අපි මේ කතා කරන Black Panther බවට පත් වෙනවා..තමන් සුදුසු බව පෙන්වන්න ට්චාලා සම්පුර්ණ කරන අභියෝග සුළු පටු ඒවා නම් නෙමෙයි.එක සඳහා එයා fantastic four කණ්ඩායම සමග තනියම සටන් කරලා දිනනවා. ඒ පරීක්ෂණ ගැන කෙටියෙන් හරි ඉදිරි දවසක ඔයාලට ගේන්නම්(එත් අමතක කරන්න එපා Black Panther කියන්නේ fantastic four,Avengers,X-men වගේ කණ්ඩායම් සමග වගේම Daredevil,Spiderman,Captain America වගේ වීරයන් සමග සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්)

Black Panther කියන්නේ superpowers එක්ක ආපු ප්‍රථම කළු ජාතික කොමික් චරිතය කියල මම කිව්වා මතක ඇතිනේ.මෙයාට (Black Panther ල හැමෝටම) මේ powers ලැබෙන්නේ හදවතක හැඩය තියෙන විශේෂ කොළ ජාතියක් කෑවට පස්සෙයි.. එකෙන් එයාල තමන්ගේ දෙවියන් සමග බැදෙනව කියල තමයි කොමික් වල සදහන් වෙන්නේ. ඒක නිසා දෙවියන්ගෙන් ලැබෙන දායාදයක් විදිහට තමයි පැන්තර් ගෝත්‍රයේ අය මේ powers සලකන්නේ.. ඒ අතර වැදගත්ම දේ තමයි තියුණු සංවේදනය. ඊට අමතරව සාමාන්‍ය මිනිසෙකු ගේ සිමාව ඉක්මවා යන ශක්තිය,වේගය,ප්‍රතික්‍රියා වේගය,නම්‍යශීලි බව යන දේවලුත් Black Panther ට හිමිවෙනවා..
ඊට අමතරව රාජ්‍ය නායකයෙකු වීමට අවශ්‍ය කරන දේශපාලන දැනුම හා සැලසුම්කරණය පිලිබඳ නිපුණත්වය තියෙනවා..
ඒ විතරක් නෙමෙයි,Black Panther කියන්නේ ඉතා දක්ෂ සටන් කරුවෙක්..
අනික ට්චාලා විද්‍යාව සම්බන්දව හොඳ දැනුමක් ඇති නව නිර්මාණ කරුවෙක්..හොඳ බුද්ධිමතෙක්..
පැන්තර් ගෝත්‍රිකයෙක් නිසා හොඳ දඩයක්කාරයෙක්..

අනෙක් වැදගත්ම දේ තමයි Black Panther ගේ ඇඳුම ආයුධ සහ අනෙකුත් උපකරණ වයිබ්‍රේනියම් වලින් හදල තිබීම.. එක නිසා මෙයාට ලැබෙන වාසි ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ..


ඉදිරියේදී පැමිණෙන්න නියමිත marvel චිත්‍රපට කිහිපයකම Chadwick Boseman විසින් Black Panther චරිතය රිදී තිරයට ගේන්න සුදානම් බව කවුරුත් දන්නවා ඇතිනේ..

Black Panther කියන්නේ Wizard magazine - Greatest comic book characters of all time දර්ශකයේ 71 වන ස්ථානයේ වගේම IGN - Greatest comic book heroes දර්ශකයේ 51 වන ස්ථානයේ සිටින කෙනෙක්.. ඒ වගේම,මගේ මතයට අනුව batman චරිතය සඳහා marvel සමාගම සපයපු සාර්ථකම උත්තරය..

#SG

2 comments:

  1. එතකොට මාවල් යුනිවර්ස් එකේ වටිනාම ලෝහය මොකක්ද?

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න