බැට් මෑන් එහෙමත් ද ඩාක් නයිට් ගැන ලියන්න කියල අපේ සෙට් එක ඉල්ලල තිබ්බ.. ඒ ඉල්ලීමට ගරු කරල හිතුවටත් වඩා කලින් බැට්මෑන් ගැන ලියන්න තීරණය කලා..හ්බැයි මේක ටිකක් දිග වෙයි.. මොකද බැට්මෑන් කියන්නේ එදා ඉදන් ලියවෙච්ච දිගම කතා වලින් එකක් නිසා.. මගේ ආසම කොමික් චරිතය.. ඒ වගේම ලෝකයෙත් ජනප්‍රියතම කොමික් චරිතය.. මන් හිතනව ලංකාවෙත් එහෙම වෙන්න ඇති කියලා.. බැට්මෑන් කියන්නෙ හැමෝම වගේ දන්න චරිතයක්.. මේ ලිපිය ඇතුලෙ ඔයගොල්ලො දන්න දේවල් වගේම නොදන්න දේවල් තියෙන්න පුලුවන්.. මොනා හරි වැදගත් දෙයක් මිස් වෙනවා නම් මන් දැන්ම සමාව ඉල්ලා සිටිනව මොකද බැට්මෑන් ගැන කියනවනම් කියන්න දේවල් ඕනේ තරම් තියෙනව..
CB0001- Bat Man |
1939 මැයි තමයි Bob Kane සහ Bill Finger එකතු වෙලා හදපු බැට්මෑන්ව Detective Comics #27 තුලන් අපිට දැක ගන්න පුලුවන් වෙන්නෙ. මේ අපූරු "The Bat-man" චරිතය "The Caped Crusader", "The World's Greatest Detective", "The Dark Knight " වගේ සුපිරි නම් වලින් හදුන්වනවා.. බැට්මෑන් කියන්නේ DC ල සුපර්මෑන්ටත් වැඩියෙන් මාකට් කරන චරිතයක්.. කොච්චර ඉල්ලුමක් බැට්මෑන්ට තියෙනද කිවවනම් සුපිරි චරිත විශාල ප්‍රමාණයකට හිමිකම් කියන මේ ආයතනයේ නමටත් බැට්මෑන් සම්බන්ධයි.. DC= Detective Comics බැට්මෑන් ලබපු ජනප්‍රියත්වය නිසා බැට්මෑන් පලමු කතා මාලාවෙ නම මේ කම්පැනි එකේ නම විදිහට යොදා ගන්නව.. බැට් මෑන්ට තියෙන ඉල්ලුම හිතා ගන්න පුලුවන් නේද?? අපි හැමෝම බලපු හොදම DC සුපර්හීරෝ චිත්‍රපටිය The Dark Knight triology එක.. අපි ගහපු හොදම ගේම් එකක් තමයි Arkham City එක, අපේ පොඩි කාලෙ ගෙවුනෙ බැට්මෑන්ගෙ ඇනිමේටඩ් කාටූන් ටිකත් එක්ක.. හැබැයි ඉතින් ඒ ගැන කතා කර කර ඉන්නෙ නැතුව අපි බැට්මෑන්ගෙ අනන්‍යතාවය ගැන පොඩ්ඩක් හොයලබලමු.. බිලියනපති තෝමස් වේන්ගෙයි මාර්තා වේන්ගෙයි එකම පුතා වෙන්නෙ බෲස් වේන්.. පුංචි බෲස්ට අවුරුදු 8ක් වෙද්දී එයාගෙ අම්මයි තාත්තයි එයාගෙ ඇස් ඉස්සරහම ගෝතම් නගරයේ දාමරිකයෙක් අතින් මැරෙනව frown emoticon මෙතනදි පුංචි උනත් බෲස් අධිෂ්ඨාන කර ගන්නව ගෝතම් නගරයේ පාතාලයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන්න.. කොහොම හරි මේ පුංචි බිලියනපතියව රැක බලා ගන්නෙ ඇල්ෆ්‍රඩ් කියන සේවකයා.. සේවකයෙක් කිව්වට බැට්මෑනුත් බැට්ෆෑන්ස්ලත් හුගක් ආස කරන චරිතයක්.. තරුණ වියට එන බෲස්ට තේරෙනව සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන්න නම් ඒකට ස්ංකේතයක් වගේම රහසිගත අනන්‍යතාවයක් ඕනේ වෙනව කියල.. සංකේතය විදිහට තෝර ගන්නෙ එයාගෙ දරුණුතම බිය.. බැට් එහෙමත් නැත්තම් වවුලා.. බෲස්ගෙ මූලස්ථානය වෙන්නෙ එයා පොඩි කාලෙ සෙල්ලම් කරද්දි හම්බ වෙච්ච වවුල් ගුහාවක්.. එහෙමත් නැත්තම් බැට්කේව් එක.. පාතාලයට එරෙහිව සටන් කරන්න බැට්මෑන් තමන්ව මානසිකව හා කායිකව දියුණු කර ගන්නව.. මොකද බැට්ස්ව සුපර්හීරෝ කෙනෙක් කියල හැදින්වුවත් එහෙම මුකුත් සුපර් පවර්ස් නෑ.. බැට්මෑන් එයාගෙ බුද්ධිය, මූල්‍යමය හැකියාව,බැට්මෑන් කෙරෙහි සමාජය තුල ඇති කරල තියෙන භය, රහස් පරීක්ෂණ හැකියාවන්, විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාවන්, දැඩි අධිෂ්ඨාන ශක්තිය සහ තර්ජනය කිරීම් මගින් තමයි තමන්ගේ ජයග්‍රහණ ලබා ගන්නෙ.. බෲස්ට තමන්ගෙ වැඩ වලට උදවු වෙන්නෙ හැමදාමත් එයා ලගින් ඉදපු ඇල්ෆ්‍රඩ් තමා.. ටික කාලයක් යනකොට එයාගෙ සයිඩ්කික් විදිහට රොබින් කියන් චරිතයත් බැට්ගර්ල් වත් යොදා ගන්නව.. Batmanගෙ සයිඩ් කික්ස් ගැන වෙනම කතා කරමු පස්සෙ වෙලාවක.. ඊට අමතරව ගෝතම්වල කව්රු අනුමත නොකලත් බැට්මෑන්ගෙ ක්‍රමවේදය අනුමත කරන මුල්ම කෙනා වෙන්නෙ කමිෂනර් ගෝර්ඩන්..බැට්මෑන්ගෙ එක එක suits ගැන ලිපියක් අපේ ඇඩ්මින් සහෝදරවරෙයක් දාල තිබ්බනේ.. එ හින්දා මන් suits ගැන කතා කරන්න යන්නෙ නෑ..
ජනප්‍රිය සුපිරිවීරයෙක් බිහි කරන්න ඕනෙම කෙනෙක් තමයි සුපිරිදුෂ්ටයෙක්. බැට්මෑන්ට ඉන්නව කොමික් ඉතිහාසයෙ ඉන්න හොදම සහ ජනප්‍රියතම දුෂ්ටයො ටික සටන් කරන්න.. ප්‍රධානම දුෂ්ටයා ඉතින් Joker තමයි.. ගොඩක් අයගේ කැමතිම දුෂ්ටයා.. අපේ SG සහෝදරයා ජෝකර් ගැන ලිව්ව වගේ මතකයි.. ඊට පස්සෙ ඉන්නව හාර්ලි ක්වීන්.. කස්ටිය ගොඩක් කැමති කාන්තා දුෂ්ට චරිතයක්.. මෙයා ගැනත් ලිව්වනේ ඉතින්.. ඊට පස්සෙ ඉන්නව Bane, Scarecrow, Penguin, Clayface,Twoface, Riddler, Poison Ivy, Ra's Al Gul, DeathStroke, Balckmask සහ Catwoman වගේ විලියන්ස්ල සහ ඇන්ටි හීරෝස්ල එක්ක බැට්ස්ට සටන් කරන්න සිද්ධ වෙනව..
බැට්මෑන් ඇවිල්ල ටික කාලයක් යන්නත් කලින් බැට්මෑන් හුගක් ජනප්‍රිය වෙනව.. ඒ වගේම ඒ ජනප්‍රියත්වය අද වෙනකම් පොඩ්ඩක්වත් අඩු වෙලා නම් නෑ. 2011 මැයි මාසයේ ඉදන් IGN's Top 100 Comic Book Heroes of All Time ලිස්ට් එකේ 2 වෙනි ස්ථානයේ ඉන්නෙත් බැට්මෑන් තමා.. බැට්මෑන් ෆිල්ම්ස් වල බැට්මෑන් චරිතය රගපාපු නලුවෝ සෙට් එකක් ඉන්නව.. Lewis Wilson, Robert Lowery, Adam West, Michael Keaton, Kevin Conroy, Val Kilmer, George Clooney, Christian Bale, සහ Ben Affleck විසින් 2016 Batman vs Superman: Dawn of Justice බැට්මෑන් චරිතය ඉදිරිපත් කිරීමට නියමිතයි.. හොදම සුපර් හීරෝ ලිස්ට් එකේ දෙවෙනිය උනාට ජනප්‍රියතම සුපර් හීරෝ ලිස්ට් එකේ 1 වෙනි ස්ථාන්යේ ඉන්නෙ නම් Batman..නිව්52 ලෝන්ච් එකත් එක්ක හුගක් චරිත වල පසුබිම් කතාව වෙනස් උනත් බැට්මෑන්ගෙ පසුබිම් කතාව නම් වෙනස් වෙන්නෙ නෑ.. මොකද ඒක වෙනස් කරනවට ෆෑන්ස්ල කැමති නැති නිසා..
බැට්මෑන්ගෙ හැකියාවන් ගැන ඉහලින් සදහනක් කලා උනත් තව පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න ඕනේ.. තමන්ගේ හැකියාවන් ගැන විශ්වාසය තියලා තනියෙන් කළුවරේ රාත්‍රියේම සටන් කිරීමට අවශ්‍ය හැකියාවන් දියුණු කර ගන්න බෲස් ලෝකය වටේ සංචාරය කරමින් මාෂල් ආර්ට්ස් (martial arts) 127ක් සහ මානසික ශක්තිය උපරිම කරගෙන තියෙනව..සදහන් වෙන්නෙ බැට්මෑන් පුහුනු වීම් තුලින් තමන්ගේ ශරීරය මිනිසෙක්ට ගේන්න පුලුවන් උපරිමයටම ගෙනත් තියෙනව කියල.. ඒ කියන්නෙ බැට්මෑන්ගෙ ශරීර ශක්තිය SSS එකෙන් තමන්ගෙ ශක්තිය වැඩිකරගත්තු කැප්. ඇමරිකාට සමානයි.. ඒ වගේම බැට්මෑන්ගෙ හතුරන් ගැන සැලකිලිමත් අධ්‍යනයක් කලොත් අපිට දැක ගන්න පුලුවන් ජෝකර්, ස්කෙයා ක්‍රෝ වගේ අය ශාරීරිකවටත් වඩා මානසික බලපෑමක් කරන බව.. හැබැයි කිලර් ක්‍රොක්, බේන් වගේ අය බැට්මෑන්ව ශාරීරිකව විනාශ කරන්න තමයි උත්සහා කරන්නෙ.. බැට්මෑන්ට සම්බන්ධ ප්‍රසිද්ධ කියමනට අනුව කෙටියෙන්ම කිව්වොත් 'breaking the bat' හැබැයි මේ හැම සතුරෙක් එක් ක්‍රමයකින් නැත්තම් තව ක්‍රමයකින් පැරදවීමේ හැකියාවක් බැට්මෑන්ට තියෙනව. බැට්මෑන්ගෙ තියෙන තවත් ලක්ෂනයක් එහෙමත් නැත්තම් ප්‍රතිපත්තියක් තමයි කාවත් නොමැරීමේ ප්‍රතිපත්තිය.. මේක බැට්මෑන්ගෙ චරිතයෙ දුර්වලතාවයක් විදිහට දකින්න පුලුවන් වුනත් මේ ප්‍රතිපත්තිය තුලින් බැට්මෑන්ට ගෞරවය හිමිවෙනව අනිත් superheroesලගෙන් සහ අනෙක් පුද්ගලයන්ගෙන්(වොන්ඩර් වුමන්,සුපර් මෑන්, ගෝර්ඩන්).. බෲස් දියුණු කර ගෙන තියෙන හැකියාවන්ට අනුව DC වල ඉන්න ප්‍රධානතම සහ භයානකම චරිතයක් බවට් බැට්මෑන් පත් වෙනව.. JLA පළවෙනි ස්ටෝරි ලයින් එකේදි බැට්මෑන්ව සුපර්මෑන් හදුන්වන්නෙ "the most dangerous man on Earth" කියල.. ඒ වගේම Superman: Doomed කතාවෙදි බැට්මෑන්ව පෘතුවියේ තියෙන හොදම මොලයක් ලෙස Superman විසින් බැට්මෑන්ව හදුන්වනව.. හොරෙන් ඇතුලු වීම සහ පිට වීම, මරඋගුල් වලින් බේරී පැනයාම, ඔත්තු බැලීම වගේ දේවල් වලට තමන්ටම ආවේණික වුනු හැකියාවක් බෲස්ට තියෙනව.. ඒ වගේම අමතක කරන්න බැරි හැකියාවක් තමයි හොරෙක්ගෙන් මංකොල්ලකාරයෙක්ගෙන් ප්‍රශ්න කිරීම තුලින් තොරතුරු දැනගැනීමට ඇති හැකියාව.. මෙතෙක් කාලයකට බැට්මෑන්ට උත්තර දීම ප්‍රතික්ෂේප කරපු විලියන්ස්ල හෙන ගොඩක් නම් නෑ..
සල්ලිකාරයෙක් වෙච්ච බැට්මෑන්ට යන්න ඕනෙ තැනකට යන්න Batmobile(කාර් එක) එකක්, Batplane(Batwing) එකක් Batboat එකක් Bat-Sub එකක් සහ BatCycle එකක් තියෙනව.. මේ හැම එකක්ම අධිතාක්ෂණයක් තියෙන වාහන.. ඊට අමතර බැට්මෑන්ගෙ Utility Belt එක ගැන අනිවා කතා කරන්න ඔනේ.. බැට්මෑන් තමන්ගෙ සටන් වලට අවශ්‍ය හැම දෙයක්ම තියන් ඉන්නෙ මේ බෙල්ට් එකේ.. මේක සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ.. මේක ඕපන් කරන්නත් බැටාගෙ මොලේම ඕනෙ.. බැට්ෆැමිලි එකේ කස්ටිය අරුනම ඕක ඕප්න් කරල තියෙන්නෙ කැට් වුමන් විතරයි මන් දන්න තරමින්.. මේ බෙල්ට් එකේ නැති දෙයක් නෑ.. කොටින්ම කිව්වොත් ක්‍රිප්ටොනයිට් කෑල්ලකුත් ඕකෙ තියෙනව. ඊට අමතරව බැට්මෑන් ගාව කේබල් එහෙකට සම්බන්ධ වෙච්ච ග්රැප්ලින්ග් හුක්ස් (grappling hook ) තියෙනව.. මෑන් එල්ලිල ස්පයිඩර් මෑන් වගේ යන්නෙ මේවයෙ පිහිටෙන් තමා.. බැට්මෑන් ගාව ෆයර්ආම් ගන් එකක් තිබ්බත් බැට්ස් එයාගෙ අම්මවයි තාත්තවයි මරපු තුවක්කු එච්චර පාවිච්චි කරන් නෑ.. බැට් සිග්නල් එක ගැන කියනවනම් ඒක පාවිච්චි කරන්නේ බැට්මෑන්ව කැදවන්න ඕනෙ උනාම ගෝතම් පොලීසීය විසින්.. ෆ්ලෑෂ් ලයිට් එහෙක බැට් ලෝගෝ එක ගහල ගෝතම් වල ඕනේ තැනකට පේන්න ගහන මේ සිග්නල් එක ගැන හැමෝම දන්නව ඇතිනෙ..
මන් හිතන්නෙ මන් කියෙව්ව වැඩියි. මෙතන තියෙන දේවල් ගැන ඔය හැමෝම දන්නව උනත් වෝර් එකට අදාල චරිත ගැන ලියාගෙන යන ගමනේ බැට්මෑන් ගැන හැමොටම අදහසක් ලැබෙන විදිහට තමයි මේක ලිව්වෙ.. හොද හෝ නරක ඕගොල්ලන්ට හිතෙන දේ කියන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. ඒ එක්කම ඊලගට ඕනෙ කරන JLA චරිතය කව්ද කියලත් යටින් කොටල යන්න අමතක කරන්න එපා..
#Percy_Jackson
CB0001
අමරණීය චරිත... වටිනව බ්‍රො :)
ReplyDeleteWally west
ReplyDeleteෆට්ටහ් ❤
ReplyDelete