X-Men Part 01
චාල්ස් ෆ්‍රැන්සිස් එක්සේවියර් කියන්නේ ධනවත්, නියුක්ලියර් රීසර්චර් කෙනෙක් වන ඩොක්ටර් බ්‍රයන් එක්සේවියර් හා ෂැරෝන් එක්සේවියර් මාර්කෝගේ මියුටන්ට් පුතා.. තම මවගේ ගර්භාෂයේ ඉන්නකොට තමන්ගේ නිවුන් සහෝදරයාගේ(කැසන්ඩ්‍රා නෝවා) දුෂ්ඨ සිතුවිලි දැනිලා තමන්ගේ ඇති වීගෙන එන මානසික බලයෙන් තමනගේ නිවුන් සහෝදරයාව දරු ගැබ ඇතුලෙදිම මරලා දානවා.. දෙමව්පියෝ හිතන්නේ ඒක මළ දරු උපතක් කියලා..
CX0002 - Professor X |
ටික කාලයකට පස්සේ ඩොක්ටර් එක්සේවියර් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා.. ඊට පස්සේ චාල්ස්ගේ අම්මා චාල්ස්ට යහපතක් වේවි කියලා හිතලා ඩොක්ට එක්සේවියර්ගේ වැඩ කරන තැන යාළුවෙක් වෙන ඩොක්ටර් කර්ට් මාර්කෝව කසාද බදිනවා.. කර්ට් මාර්කෝට එතකොටත් පළවෙනි කසාදෙකින් පුතෙක් ඉන්නවා.. කේන් මාර්කෝ(පස්සේ කාලෙක් ජගනුට්).. එයාලා ජීවත් වෙලා ඉන්නේ මාර්කෝ පරම්පරාවේ මන්දිරයක.. දෙවනි කසාදෙන් පස්සේ ඩොක්ටර් මාර්කෝ උනත් කැමති වෙන්නේ නිහතමානී, සන්සුන් , බුද්ධිමත් චාල්ස්ට.. ඒකට ඉරිසියාවෙන් කේන් නිතරම චාල්ස්ට හිරිහැර කරනවා.. ඒක දැනගත්තාම ඩොක්ටර මාර්කෝ කේන්ට අනික් අයට නොපෙනෙන්න දඩුවම් දෙනවා.. චාල්ස්ගේ මානසික බලය එයාට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ අවුරුදු දහයෙදි.. ඒ මානසික බලයෙන් දැනගන්නවා ඩොක්ට මාර්කෝ ෂැරෝන්ව කසාද බැන්දේ එක්සේවියර්ගේ වත්කම් පාලනය කරන්න ලැබෙන නිසා කියලාත්, කේන්ට ඩොක්ට මාර්කෝ කරන කරදර ගැනත් දැනගන්නවා.. කේන් මේ හැමදෙයක්ම නිසා තමා එක්ක කේන්තියෙන්, ඊර්ශ්යාවෙන් ඉන්නේ කියලත් චාල්ස් මානසික බලයෙන් දැනගන්නවා.. ඒත් අත්දැකීම් නැති නිසා කේන්ගේ මනස එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න චාල්ස්ට බෑ.. චාල්ස්ගේ මේ බලය ගැන ඩොක්ටර් මාර්කෝට ඉව වැටෙනවා.. ඒත් කාටවත් කියන්නේ නෑ.. ඒ අතරේ චාල්ස්ගෙ අම්මා චාල්ස්ව තමන්ගේ සුළු පියා හා සුළු සහ්දෝදරයා එක්ක මේ ලෝකේ තනි කරලා මැරෙනවා.. අම්මාගේ මරණයෙන් ටික කාලයකට පස්සේ ඩොක්ටර් මාර්කෝගේ ලැබ් එකේ පිපිරීමක් වෙලා මාර්කෝ මන්දිරය විනාශ වෙනවා.. ඩොක්ටර් මාර්කෝ ළමයි දෙන්නාව ආරක්ෂිතව බේරගත්තත් ඩොක්ටර් මාර්කෝට බරපතළ විදියට තුවාල වෙනවා.. ඩොක්ටර් මාර්කෝ මැරෙන්න කලින් චාල්ස්ට කියනවා චාල්ස්ගේ පවර් එක කේන්ට දැනගන්න ඉඩ තියන්න එපා කියලා ඒත් කේන්ට ඒක් ඇහෙනවා.. කේන් කවදාටත් වැඩියෙන් චාල්ස් එක්ක වෛර බැදගන්නවා.. ඒත් යන්න තැනක් නැති නිසා චාල්ස් එක්ක එක්සේවියර් මන්දිරයට යනවා.. චාල්ස් ඔක්ස්ෆර්ද් විශ්ව විද්‍යාලයට ගිහින් ඉගෙනගන්න අතරේ කේන් තමන්ගේ ශාරීඉර්ක හැකියාවන් වැඩි දියුණු කරගන්නවා චාල්ස් ආවාම එයාව පරද්දන්න.. ඒත් චාල්ස් හැමතිස්සෙම දිනනවා.. චාල්ස් විශ්ව විද්‍යාලයට යන අතරතුර චාල්ස් මොරියා කින්රොස් කියන තරුණ ස්කොට් කාන්තාව එක්ක පෙමින් බැදෙනවා..
චාල්ස් පී එච් ඩී එක අවසන් කලාට පස්සේ චාල්ස් හා මොරියා කසාද බදින්න තීරණය කරන් හිටියත් චාල්ස් හා කේන් දෙන්නාවම කොරියන් යුද්ධෙට යවන නිසා කසාදය කල් යනවා.. කේනුයි, චාල්සුයි වැඩ කරන්නේ එකම යුනිට් එකේ.. කේන් Cyttorak, පන්සලේදි ගුප්ත රතුකැටයක් හොයාගන්නවා.. ඒකේ බලය එයාට ලැබිලා කේන් ජගනුට් වෙනවා චාල්ස් දකිනවා.. ඒත් සතුරු ප්‍රහාරෙකින් පන්සල කේන් උඩට කඩාගෙන වැටෙනකොට චාල්ස් ඒතනින් බේරිලා ආයේ කෑම්ප් එකට එනවා.. මේ යුනිට් එකේම තමා කිටී ප්‍රයිඩ්(ශැඩෝ කැට්)ගේ තාත්තා කාමෙන් ප්‍රයිඩ් වැඩ කරන්නෙත්..
හමුදාවෙන් ඉවත් වෙනකොට මොරියා චාල්ස් එක්ක තිබ්බ සම්බන්ධය නවත්තලා.. ඒකේ කම්පාව මග ඇරෙන්න චාල්ස් ලෝකය වටේ සංචාරයක් යන්න තීරණය කරනවා..
ඊජිප්තුවේ කයිරෝ නගරයේදී චාල්ස්ට මුණගැහෙනවා ලාබාල පික්පොකට්කාරියක්.. ඇයගේ නම Ororo Munroe.. ඇය එක්ක මානසික සම්බන්ධතාව පවත්වන අතරතුර ආමල් ෆාරුක් හෙවත් ෂැදෝ කින්ග්ගේ ආගන්තුක සත්කාරකයා එක්ක සටන් කරනවා.. ඔහු තමයි චාල්ස්ට මුණගැහෙන පළමුවෙනි නපුරු මියුටන්ට්.. ඒ සටනින් පස්සේ මනුශ්‍යත්වය වෙනුවෙන් සටන් කල යුතුයි කියලා චාල්ස් තේරුම් ගන්නවා.. Ororo සමග තියෙන මානසික සම්බන්ධෙන් චාල්ස් තේරුම් ගන්නවා ඇයත් මියුටන්ට් කෙනෙක් බව.. නමුත් එය ඇයට පැහැදිලි කරන්න ක්‍රමයක් චාල්ස් ඒ වෙනකොට දැනගෙන් නොහිටපු නිසා චාල්ස් ඒ සම්බන්ධතාව ඉවත් කරගන්නවා..
කයිරෝවෙන් චාල්ස් යන්නේ ඊස්රයලයට.. එහේදි චාල්ස් කැටටොනික් කාන්තාවක් වන ගේබ්රියෙල්ලා හෝලර් එක්ක ආදරෙන් බැදෙනවා.. ඒ අතරම එරික් මැග්නස් ලෙන්ෂර් කියන පුද්ගලයා සමග මිත්‍රකමක් අරඹනවා.. මේ දෙන්නා නිතරම කතාබහ කරන්නේ මනුශ්‍යත්වය මේ අලුත් සුපර් පවර්ස් තියෙන මිනිස්සුන්ට කොහොමද බලපාන්නේ කියන දේ ගැන.. මේ අතර ගේබ්රියෙල්ලාව නාසි කමාන්ඩර් බාරොන් වොන් ස්ට්‍රකර් හා එයාගේ හයිඩ්‍රා සොල්දාදුවන් පැහැරගන්නේ ඇය හයිඩ්රාලගේ රත්තරන් සගවා තියෙන රහස් ස්ථානය දැනගෙන් හිටපු නිසා.. චාල්ස්, මැග්නස් දෙන්නා එකිනෙකාගේ බලයන් ගැන දැනගන්නවා බාරොන් වොන් ස්ට්‍රකර් එක්ක සටන් කරනකොට.. මැග්නස් බාරොන්ව මරන්න යනකොට චාල්ස් මැග්නස්ව නවත්තනවා.. එතකොට දෙන්නාම දැනගන්නවා තමන් දෙන්නා යන පාරවල් වෙනස් බව.. එරික් මැග්නස් රත්තරන් ටිකත් අරන් ඊස්රායලයෙන් යනවා.. චාල්ස් ටික කාලයක් ගේබ්රියෙල්ලා එක්ක ඉන්නවා..
ඉන්දියාවේ හිමාලයට ආසන්න නගරයකදී චාල්ස්ට දැනෙනවා ලුසිෆර් කියන පිටසක්වල ජීවියෙක් ගැන.. ලුසිෆර් පෘථිවිය ආක්‍රමණය කරන්න කලින් පෘථිවියේ ඔත්තු බලන්න එවපු ඔත්තුකාරයෙක්.. තමන් ඉන්නා බව දැනගත්ත නිසා ලුසිෆර් චාල්ස්ව මරන්න විශාල ගලක් පෙරලනවා චාල්ස්ගේ ඇගට.. ඒකෙන් තමයි චාල්ස්ගේ කකුල් පණ නැති වෙන්නේ.. අමේලියා වෝට් කියන ඇමරිකන් සාත්තු සේවිකාව ඉන්දියාවේ බොම්බායේදි චාල්ස්ට ඇප උපස්ථාන කරනවා.. ඈය චාල්ස්ගේ දුක නැති කරන්න ගොඩක් කැපකිරීම් කරනවා.. ඒත් ඇය හොයාගන්නවා සෙරීබ්‍රෝ කියලා මියුටන්ට්ස්ලාව සොයාගන්න පුලුවන් උපකරණයක් ගැන චාල්ස්ගේ සටහන් වගයක්.. තමාව ඔහුගේ පරීක්ශනවලට යොදාගන්න තියාගෙන ඉන්නවාද කියලා අමේලියා චාල්ස්ව දාලා යන්න හදනවා.. ඒත චාල්ස් ඇයට මනසින් කතා කරලා ඇයට ආදරය ප්‍රකාශ කලාට පස්සේ අමේලියා චාල්ස් එක්ක නවතිනවා..
චාල්ස් නැවත තමන්ගේ මිත්‍ර මියුටේශන් පිළිබද විශේෂඥ ඩොක්ට කාල් ලයිකෝස් එක්ක පරීක්ශණ පටන් ගන්නවා.. ඒ අතර චාල්ස්ට ග්‍රීක දූපත්වලදි තමන්ගේ පරණ පෙම්වතිය මොරියාව මුණගැහෙනවා.. ඇය එතකොට ජාන ඉන්ජිනේරුවරියක්.. ඇය තමයි චාල්ස්ට මියුටන්ට්ලා වෙනුවෙන් පාසලක් පටන් ගන්න කියන අදහස දෙන්නේ.. චාල්ස්ගේ පළවෙනි ශිෂ්‍යාව වයස අවුරුදු එකොළහේ ජීන් ග්‍රේ.. ඒ එක්කම කර්ට් වැග්නර්, piotr රස්පුටින්, පියෙට්රො සහ වැන්ඩා මැක්සිමොෆ් සහ Ororo තමා චාල්ස්ගේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම..
චාල්ස් ඇල්ෆා ලෙවල් මියුටන්ට් කෙනෙක්.. ඒත් ඔමේගා ලෙවල් ටෙලිපැත් කෙනෙක්.. ලෝකයේ පවර්ෆුල්ම මොළය තියෙන්නේ චාල්ස්ට.. ඒ එක්කම මේ ලෝකේ පවර්ෆුල්ම ටෙලිපැත් තමා චාල්ස්..
ඒ වගේම ටෙලිපතික් ඉලූශන්ස්, ටෙලිපතික් ක්ලෝක්, ප්සයි ලින්ක්, මයින්ඩ් බ්ලාස්ට්, මයින්ඩ් කන්ට්‍රෝල්, මයින්ඩ් පොසෙෂන්, මයින්ඩ් ඕල්ටනේශන්, මෙන්ටල් ඇමිනීසියා, ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන්, මෙන්ටල් ඩිටෙක්ශන්, මයින්ඩ් ට්රාන්ස්ෆෙරල් වගේ මානසික බලයන් ගොඩාක් තියෙනවා.. ඒ වගේම පොඩි ටෙලිකනීසස් පවර් එකකුත් තියෙනවා..
චාල්ස් ෆ්‍රැන්සිස් එක්සේවියර්ට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Genetics, Biophysics, Psychology, Anthropology සහ Psychiatry ගැන පී එච් ඩී තියෙනවා..
ඇපොක්ලිප්ස්
CX0002
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න