Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Superman

Superman
අද අපි කතා කරන්න යන්නෙ superhero comics කියන දේ ලෝකෙට අරන් ආපු කෙනෙක් ගැන. superman එහෙමත් නැත්තන් Man of steal එහෙමත් නැත්තන් The man of tomorrow එහෙමත් නැත්තන් Clark jerome kent එහෙමත් නැත්තන් Kal-El තමා ලෝකෙන් බිහිවුණු පලමු superhero. මෙයා නිසා තමා අද අපි ආදරය කරන ගොඩක් superheroesලා බිහිවෙන්නේ.
#H0008 - Super man
මුලින්ම superman කියන කෙනා අපි අතරට එන්නෙ 1933 ජනවාරි වල the reign of the superman කියන කතා පොතෙන්. ඒත් මේ පොතේ ඉන්නෙ අපි දන්න superman නෙවෙයි. මේ කතාවෙ superman කියන කෙනා අපි දන්න supermanට කොහෙත්ම සමාන කරන්න බෑ. කතාව මෙහෙමයි, professor Ernest Smalley කියන්නෙ scientist කෙනෙක්. මෙයා Bill dunn කියල කෙනෙක්ව තෝරගන්නවා පරීක්ෂණයකට. Dunnගෙ කෝපි එකට මෙයා මොනාහරි chemical වගයක් දාල දෙනව. මේක නිසා dunn මැරෙනව, පස්සෙ smalley එයාගෙ සේවකය අරන්න එන්න යනව. කොහොමහරි එයා ආපහු එනකොට dunnව හොයාගන්න බැරි වෙනව. පස්සෙ dunn ඇහැරිලා බලනකොට එයාට අනිත් අයගෙ හිත් කියවන්න පුලුවන් කියල හොයාගන්නව. ඊට අමතර තව අමුතු powers වගයක් ලැබෙනව. පස්සෙ dunn මෙයාගෙ powers වලින් සල්ලි හම්බ කරන්න පටන්ගන්නව. කොහොමහරි මෙයා ගැන පත්තරේ යනව සහ මේක කියවනවා professor smalley. මේක කියෙව්වට පස්සෙ මෙයාට dunn ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනව. Smalleyගෙ ප්ලෑන් එක උනේ මේ drug එක dunnට දීලා ඒක වැඩ කරොත් dunnව මරලා එයා drug එක ගන්න එක. කොහොමහරි smalley පත්තරේට ලියනව dunn කියන්නෙ ලෝකයට තර්ජනයක්, dunn මුලු ලෝකෙම පාලනය කරන පටන් ගනී කියලා. ඒවගේම එයා කියනව මෙයාව නවත්තලා හරියන්නෑ මෙයාව මරන්න ඕනා කියලා. මේක නිසා dunn smalleyගෙදරට එනව. මෙයා ආවම smalley කියනව dunnට අපි දෙන්න එකතු උනොත් මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් කියල. කොහොමහරි dunnට හිත් කියවන්න පුලුවන් නිසා මෙයා හොයාගන්නව smalley පස්සෙ dunnව මරන්න හිතන් ඉන්නව කියලා. පස්සෙ dunn smalleyව මරනවා. කොහොමහරි පස්සෙ මෙයාට smalley දීපු drug එක ඉවර වෙනව සහ ඒ drug එක හදන්න දන්න එකම කෙනා දැන් ජීවතුන් අතර නෑ. මෙහෙම තමා මේ කෙටි කතාව ඉවර වෙන්න.

මේ පොතෙන් තමා අපි දන්න සහ ආදරේ කරන superman බිහිවෙන්නේ. කොහොමහරි ඊට අවුරුදු 5කට පස්සෙ ඒකියන්නෙ 1938 april 18 තමා Kal-El superman කියන චරිතෙ අපි අතරට එන්නෙ Action comics #1 වලින්. මේ චරිතෙ නිර්මාණය කරන්නෙත් the reign of the superman කෙටි කතාව ලියපු Jerry siegel(writer) සහ Joe shuster(artist). Kal-El කියන්නෙ kryptonian කෙනෙක්. මේ ලෝකෙ විනාශ වෙන්න ඔන්න මෙන්න තියෙන ලෝකයක් ඒක නිසා kalගෙ තාත්තා Jor-El සහ අම්මා Lara lor-van එයාලගෙ එකම පුතා පෘථිවියට එව්වා. මෙයාව හොයාත්තෙ පෘථිවියේ ඉන්න Jonathan සහ Martha kent. පස්සෙ මෙයාල kalව එයාලගෙ ලමයෙක් වගේ බලාගත්තා. Kalට clark kent කියන නම දුන්න. මුලදි supermanගෙ පපුවේ තියෙන s අකුර නිකන්ම s අකුරක් උනාට පස්සෙ ඒක krypton වල බලාපොරොත්තුවෙ සංකේතය කියලා වෙනස් කරා. ඒවගේම තමයි මුලදි supermanට x-ray vision,heat vision,flight,freezing breath,healing factor වගේ powers තිබුනෙත් නෑ. පස්සෙ තමා මේ powers superman කියන චරිතෙට එකතු කරන්නෙ.
සුපර්මෑන්ගෙ හතුරො ගැන කියනවනන් batmanගෙ හතුරන්ට නොදෙවෙනි හතුරො සෙට් එකක් ඉන්නව.

  • Lex luthor
  • Doomsday
  • Brainiac
  • Bizarro
  • General Zod
  • Darkseid
  • Metallo    වගේ හෙන සෙට් එකක් ඉන්නව.

ඒවගේම දුර්වලතා ගැන කියනවනන් ප්‍රධානම දුර්වලතාවය kryptonite ඊට අමතරව magic වලටත් දුර්වලතාවයක් තියෙනව. ඒවගේම තමයි රතු ඉරක් තියෙන ලෝක වලදි supermanගෙ powers හිමීට නැති වෙනව. මොකද supermanගෙ powers එන්නෙ කහ ඉරකින් එන solar energy වලින්.

Shazam
H0008

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න