මාවෙල් කොමික් යුනිවර්ස් එකට ගැමා විකිරණ ගොඩක් සුලභ දෙයක් නේ. මේ විකිරණය හින්දා ශක්තිය හම්බුනු චරිත ගොඩාක් ඉන්නවා මාවෙල් යුනිවර්ස් එකේ. සමහරක් අය අහම්බෙන් මේ විකිරණ වලට නිරාවරණය වෙලා තියනවා. තව සමහරක් අය තමන්ගේ කැමැත්තෙන් ම මේ විකිරණ ට නිරාවරණය වෙලා හරි වෙනත් ක්‍රම වලින් හරි සිරුරට ලබා ගෙන තියනවා. මොන විදියෙන් හරි වෙන්නේ සිරුරේ ජාන වල වෙනස් වීමක් තමයි. මාවෙල් කොමික් යුනිවර්ස් එක ඇතුලේ මේ ගැමා විකිරණ වලින් වැඩ දාපු කට්ටිය අතරින් වැදගත් ටික දෙනෙක් ගැන අපි කතා කරමු. මෙයාලා ගැන වැඩි පුර විස්තර අපිට පස්සේ දවසක කතා කරන්න පුලුවන් වෙයි.
#CG0001 - Gamma Ray Charactors - Part 01 |
Dr. Robert Bruce Banner / Hulk / Doc Green (#01 සහ #02 පින්තුර)
අපේ හල්ක් ගැන නම් විස්තර හොදටම දන්නවා නේ අපි. ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැති තරම්. ගැමා විකිරක බෝම්බයක් අත්හදා බලන අවස්ථාවක තමයි බැනර් ගැමා විකිරණ වලට නිරාවරණය වෙන්නේ. හල්ක් ට තියන ප්‍රධානම හැකියාව තමයි අසාමාන්‍ය කාය ශක්තිය. තරහා වැඩි වෙන්න වෙන්න හල්ක් ගේ ශක්තියත් වැඩි වෙනවා. මුල් කාලේ මේ ශක්තිය පාලනය කරන්න බැරි උණාට පස්සේ කාලේක හල්ක් ට පුළුවන් වෙනවා තමන්ගේ තරහා පාලනය කරමින් කාය ශක්තිය යොදා ගන්න. අපේ සහෝදරයෙක් ලියපු හල්ක් ගැන ලිපියෙන් සේරම විස්තර දැන ගන්න පුළුවන්.
Richard Milhouse Jones (Rick Jones) / A-Bomb (#03 සහ #04 පින්තුර)
රික් ජෝන්ස් ගැනත් හල්ක් වගේම ගොඩාක් කතා කරන්න ඕනේ. කොමික් වල නම් තියෙන්නේ ඩොක්ටර් බැනර් රික් ව බේරා ගන්න ගිහින් තමයි ගැමා විකිරණයට නිරාවරණය වෙන්නේ. එදා ඉදන්ම මෙයා හල්ක් ගේ පස්සෙන් හිටියේ. මෙයාගේ මුල් කාලේ විස්තර මම කතා කරන්නේ නෑ. අපිට වැදගත් වෙන්නේ මෙයා පස්සේ කාලෙක ගැමා විකිරණ වලට නිරාවරණය වෙලා A-Bomb කියලා නිල් පාට පුද්ගලයෙක් තත්ත්වයට පත් වෙනවා. මෙයාට
ඊට පස්සේ ලොකු කාය ශක්තියක් හම්බෙනවා. ඊට අමතරව ඕනෑමදේකට (කතාවේ හැටියට නම් හල්ක් ටත් වඩා) ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ රළු හමක් තියනවා. වැදගත්ම දේ තමයි මෙයාට නොපෙනී ඉන්න පුළුවන්.
Jennifer Susan Walters / She-Hulk (#05 පින්තුරය)
ජෙනිෆර් කියන්නේ දක්ෂ නිතී වේදිනියක්. නඩුවක ආරවුලක් හින්දා මෙයාට වෙඩි වදිනවා. වාසනාවකට ඒ වෙලාවේ බැනර් ඉන්නවා ඒ කිට්ටුව. එයා ගේ ලේ දෙනවා ජෙනිෆර් ගේ ජීවිතය බේරා ගන්න. ඒකෙන් ජෙනිෆර් බේරුනත් එයා නතර වෙන්නේ ශී-හල්ක් වෙලා. මාවෙල් යුනිවර්ස් එකේ සරාගිකම කාන්තා චරිතය ගැන මතබේද ගොඩක් තියනවා. ඒත් වැඩි දෙනෙක් කියන විදිහට නම් ශී-හල්ක් තමයි සරාගිකම. ඒ විතරක් නෙවේ මෙයාට ත් තියනවා අසාමාන්‍ය කාය ශක්තියක්
Skaar (#06 පින්තුරය)
හල්ක්ව මේ ලෝකෙන් පිටුවහල් කෙරුවට පස්සේ (ඉස්සරහට අපේ පේජ් එකේ කතා කරනවා මේ ගැන) හල්ක් ගිහින් නවතින්නේ Sakaar කියන ලෝකේ. එහෙ හල්ක් ටයි Caiera කියන විරවරියටයි හම්බෙන දරුවා තමයි ස්කාර් කියන්නේ. ඇත්තටම ස්කාර් හම්බෙන්න කලින් කයිරා මැරෙනවා. හල්ක් ඒ ලෝකෙන් පිට වෙලා එනවා. ඒත් ස්කාර් මැරෙන්නේ නෑ. ලොකු කතාවක් කෙටියෙන් කිව්වොත් එයා එනවා හල්ක් ව හොයාගෙන මේ ලෝකෙට. මෙයාට අම්මාගෙයි තාත්තාගෙයි දෙන්නාගේම බලය තියනවා. ඒ කියන්නේ හල්ක් ගේ වගේ කාය ශක්තියක් වගේම එයාගේ අම්මාගෙන් හම්බෙන ඕල්ඩ් පවර් කියන විශේෂ බලය. ඒකෙන් පුළුවන් පෘථිවියේ අභ්‍යන්තර හරය ඇතුලේ තියන ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න.
General Thaddeus E. Ross (Thunderbolt Ross) / Red Hulk (#07 පින්තුරය)
සමහරක් කතා වලට අනුව නම් මෙයා තමයි හල්ක් කර කරා හිටපු ගැමා විකිරක බෝම්බය ගැන පරීක්ෂනය මෙහෙව්වේ. මුල ඉදන්ම මෙයා හල්ක් නැති කරන්න මහන්සි උණා. එක එක ක්‍රම භාවිතා කරලා බැරිම තැන එයා ගැමා විකිරණ වලට අවශෝෂණය වෙලා රෙඩ් හල්ක් වෙනවා. මුලින් රෙඩ් හල්ක්, හල්ක් එක්ක තරහෙන් හිටියත් පස්සේ කාලෙක මේ දෙන්නා යාලු වෙනවා. මෙයාටත් තියනවා අසාමාන්‍ය කාය ශක්තියක්. වැදගත්ම දේ තමයි රෙඩ් හල්ක් ට පුළුවන් ශක්තිය අවශෝෂණය කරන්න.
Elizabeth Ross (Betty Ross) / Red She Hulk (#08 පින්තුරය)
මෙයා තමයි ජෙනරල් රෝස් ගේ දුව. මෙයා මුලින්ම බැනර් එක්ක යාලු වෙනවා. මාවෙල් ඉතිහාසයේ තියන දිගම ආදර කතාවකට පස්සේ දෙතුන් වතාවක් මැරිලා ආපහු ඉපදිලා එහෙමත් මෙයා අන්තිමේ රෙඩ් ශී හල්ක් වෙනවා. රෙඩ් ශී හල්ක් උණාට පස්සේ මෙයටත් රෙඩ් හල්ක් ගේ බලයට සමාන බලයක් හම්බෙනවා.
Leonard Samson / Doc Samson (#09 පින්තුරය)
ජෙනරාල් රෝස් ගේ දුව එහෙමත් නැතිනම් බෙටී රෝස් ගේ ජීවිතය බේරා ගන්න තමයි ඩොක්ටර් සැම්සන් මුලින්ම එලියට එන්නේ. පස්සේ මෙයා බැනර් සහ හල්ක් අතර සම්බන්ධතාවය ගැන පරීක්ෂණ වලට සහබාගි වෙනවා. එකේ ප්‍රතිපලයක් විදිහට මෙයාත් ගැමා විකිරන වලට නිරාවරණය වෙනවා. මෙයාටත් අනිත් චරිත වගේම අසාමාන්‍ය කාය ශක්තියක් තියනවා.
මේ ඉන්නේ මාවෙල් කොමික් යුනිවර්ස් එකේ අපිට හම්බෙන ගැමා විකිරක චරිත වලින් හොඳයි කියන්න පුළුවන් චරිත ටිකක්. මීට අමතරව හොඳ අය ටික දෙනෙක් ඉන්නවා. ඒ වගේම නරක අය සෙට් එකකුත් ඉන්නවා. හැබයි ඒ ටික කතා කරන්න නම් වෙන්නේ තවත් දවසක තමයි අපිට
Puma
CG0001
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න