History of the Lantern Corps - Part 01
හැම lantern corps එකක්ම එන්නෙ emotional spectrum එකෙන්. Emotional spectrum එක ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ මොකද ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඉන්න නිසා. රතු කියන්නෙ කෝපයේ (rage) පාට සහ red lanternලගෙ powers එන්නෙ කෝපයෙන්.
red lanternsල මුලින්ම එන්නෙ green lantern vol. 4 #25 ( december 2007 ) සහ මෙයාලව නිර්මාණය කරන්නෙ Geoff johns ( writer ) සහ Ethan van sciver ( artist ) සහ මෙයාලා දැනට ඉන්න ජනප්‍රියම lantern corps වලින් එකක්.
#CX0001 - Red Lantern Force |
මෙයාලගෙ කතාව පටන් ගන්නෙ මෙහෙමයි,
Green lantern corps එක පටන් ගන්න කලින් guardiansලා රොබෝලා සෙට් එකක් හදනව මුලු විශ්වයෙම සාමය පතුරවන්න. කොහොමහරි එක කැරලිකාර guardian කෙනෙක් (නම krona) මේ රොබෝලට අණ දෙනව සාමය රකින්න තියෙන එකම ක්‍රමය මුලු විශ්වයෙම තියෙන හැම ජීවිතයක්ම විනාශ කරන එක කියල. මේ දේ නිසා මේ රොබෝලා හැම කෙනෙක්ම නැති කරන්න පටන්ගන්නව. පස්සෙ Sector 666 වල හැම කෙනෙක්ම විනාශ කරන්න පටන් ගන්නවා. මෙතනදි බේරෙන්නේ 5 දෙනෙක් විතරයි. මේ පස් දෙනාව the Five Inversions කියලත් හදුන්වන්න පුලුවන්. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි atrocitus කියන්නෙ. මෙයාගෙ ඉස්සරහ තමා මෙයාගෙ බිරිඳයි දරුවයි මැරෙන්නෙ. මේ සිද්දිය නිසා තමයි මෙයාගෙ තරහා වැඩි වෙන්නෙ. මේ තරහා නිසා තමයි පලමු red power batteryය නිර්මාණය වෙන්නෙ. ඔන්න ඔහොම තමයි ඉතින් red lantern corps එක හැදෙන්නෙ. Red power ring එකක් ලැබෙන්නෙ ගොඩක්ම තරහ තියෙන අයට සහ මේ ring එක දැම්මට පස්සෙ ring එක ලේ සහ හදවත්, තරහත් එක්ක මාරු වෙනව තේරුම ring එක දැම්මට පස්සෙ ඒක සාමාන්‍ය කෙනෙකුට ගලවන්න බෑ ගැලෙව්වොත් ඒ කෙනා මැරෙනව. Supergirlට කාලයක් තරහ පාලනය කරගන්න බැරි නිසා red power ring එකක් හම්බෙනව. කොහොම හරි පස්සෙ මෙයා තරහා පාලනය කරගන්න ඉගෙනගන්නවා. කොහොමහරි මෙයාට පුලුවන් වෙනව මැරෙන්නෙ නැතුව ring එක ගලවන්න.
Guy Gardnerටත් තරහා වැඩි නිසා red power ring එකක් හම්බෙනව. සහ මෙයා පස්සෙ atrocitusව පරාද කරල red lanternsලගෙ නායකය වෙනව. Guyගේ විශේෂත්වය තමයි මෙයා red light constructs හදන්න පුලුවන් ටික දෙනාගෙන් එක්කෙනෙක්. ආ ඔව් හැම lantern corps එකකටම emotional entity කෙනෙක් ඉන්නව. මෙයාගෙ නම The Butcher. ( වම් පැත්තෙ උඩම ඉන්න එක්කෙනා ) මෙයා තමා කෝපයේ අධිපති.
Red lantern oath !
With blood and rage of crimson red,
Ripped from a corpse so freshly dead,
Together with our hellish hate,
We'll burn you all--That is your fate!
මේක තමා මෙයාලා කියන්නෙ ඒගොල්ලන්ගෙ power ring එක recharge කරද්දි.
Shazam
CX0001
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න