Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Green Lantern

Green Lantern
comic බලන කරන හැමෝම ආස චරිතයක් විදිහට Green Lantern ව හදුන්වන්න පුලුවන්.. දැන්ම කියනව මේ ලිපිය නම් ටිකක් දික් වෙන්න පුලුවන්.. Green Lanternsල කියන්නෙ පොඩ්ඩක් අමාරු පැටලිලි සහගත සබ්ජෙක්ට් එකක්.. හේතුව තමයි වෙන සුපර්හීරෝස්ල වගේ නෙමේ ඩීසී කොමික් ඉතිහාසයේ ප්‍රධාන GL ල කිහිප දෙනෙක්ම දැක ගන්න පුළුවන් වීමයි.. ඇලන් ස්කොට්, හල් ජෝඩන්, ගයි ගාඩ්නර්, ජෝන් ස්ටිවර්ට්, කයිල් රේනර් සහ අලුතෙන්ම නිව්52 වලින් හදුන්වල දීපු සයිමන් බෑස්.. මෙතන හෙන සෙට් එකක් හිටියත් මන් ඔක්කොමල්ල ගැන කතා කරන්න යන්නෑ මේ ලිපියෙන්… ප්‍රධාන සෙට් එක ගැන විතරයි.. කතා කරන්න බැරි වෙන සෙට් එක ගැන වෙනම ලියන්න තමා හිතාගෙන ඉන්නෙ ප්‍රතිචාර අනුව..
#H0005 - Green Lantern

මුලින්ම GL චරිතයක් බිහි වෙන්නෙ 1940දි.. ඒ කියන්නෙ හුගක් පරණ ඒ වගේම මුලින්ම ආපු කොමික් චරිතයක්.. පලවෙනි GL වෙන්නෙ අපෙ පලවෙනි දවසේ පැනයේ තිබ්බ වගේම ඇලන් ස්කොට්.. ඇලන් ගැන කියනවනම් ඇලන් කියන්නේ දුම්රිය ඉන්ජිනේරුවරයෙක්.. දුම්රියක් අනතුරට පත් වෙන වෙලාවක තමයි ඇලන්ට මේ රින්ග් එක හම්බු වෙන්නෙ.. (මන් GL චරිත ගැන සදහන් කරල රින්ග් එක ගැන විස්තරේට එන්නම්..) ඇලන්ට හම්බු වෙන මේ රින්ග් එකෙන් ඇලන්ට විවිධ පරාසයක තියෙන බලතල ලැබෙනව.. සාමාන්‍ය මිනිස් සතුරන්ට විරුද්ධව වැඩිපුර සටන් කරන ඇලන්, සොලොමන් ග්‍රන්ඩි සහ වැන්ඩල් සැවේජ් සමගත් සටන් කරනව.. ඇල්න්ගෙ රින්ග් එක හැම පැය 24කට වතාවක්ම චාර්ජ් කරන්න ඕනෙ කියල තමයි කියන්නෙ.. තව මේ රින්ග් එකෙ තිබ්බ විශේෂත්වයක් විදිහට ලී(wood) ඉස්සරහ ක්‍රියාත්මක නොවීම දක්වන්න පුලුවන්.. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ කොමික් වලට තිබ්බ ඉල්ලුම අඩු වෙච්ච හන්ද Green Lantern කතාව මාලාව නවත්වනව..ඇලන් ආයෙත් 2012දි කතාවට නැගෙනව.. තව දෙයක් තමයි ඇලන්ට Green Lantern කියන නම තිබ්බට ඇත්තටම green lantern කෙනෙක් නෙමේ..

1959 දී ආයෙත් Green Lantern අපි අතරට එනව.. හැබැයි ඒ ඇලන් නම් නෙමේ.. හල් ජෝඩාන් කියල ආතල් පොරක්..(මගෙ ආසම GL). මෑන් පයිලට් කෙනෙක්.. මෑන්ගෙ ප්ලේන් එක ක්රෑෂ් වෙනව (රින්ග් එකේ සම්බන්ධයක් තියෙනව) එතනදි හල්ට හම්බු වෙනව ආබින් සූර් කියල තුවාල වෙලා ඉන්න ඒලියන් කෙනෙක්.. එතනදී තමයි ආබින් විසින් හල්ට රින්ග් එක දෙන්නෙ.. ඒක දීල ආබින් මැරෙනව.. හල්ගෙන් තමයි මේ කතා මාලාව ජනප්‍රිය වෙන්න පටන් ගන්නෙ ආයෙත්.. හල්ගෙ ප්‍රධානතම හතුරා වෙන්නෙ සිනෙස්ට්‍රෝ.. මන් හිතන්නෙ ඔයගොල්ලන්ට සිනෙස්ට්‍රෝ ගැනත් ලිපියක් ඉස්සරහදි කියවන්න ලැබෙයි.. නිව්52 ජස්ටිස් ලීග් වෝර් එකේ ඉන්නෙත් හල් නිසා පොඩ්ඩක් හල් ගැන අවධානයෙන් ඉන්න හල් කියන්නෙ මන් දැකපු හොදම GL ලගෙන් කෙනෙක්.. හල් එක පාරක් Parallax ගෙයි සිනෙස්ට්‍රෝගෙයි වැඩ හින්ද Parallaxව නිදහස් කරනව.. Parallax හල්ගෙ ශරීරය යටත් කරගෙන හල් ලවා අනෙක් GLලව මරනව හැබැයි අන්තිමට හාල්ගෙ තියෙන දැඩි ආත්ම විශ්වාසය හා චිත්ත ශක්තිය නිසා Parallaxව තමන්ගෙ ශරීරයෙන් ඉවත් කරගෙන කයිල් රේනර්ව සහ ග්‍රීන් ඇරෝව බේර ගන්න සමත් වෙනව සිනෙස්ට්‍රෝගෙන්.. ඒවගේම මේ සිද්ධියට කලින් හල් එක පාරක් මැරෙනව මිය යන තාරකාවක් බේර ගන්න ගිහින්. අවිවාදයෙන්ම මට නම් හොදම Green Lantern හල් තමා.. රයන් රෙනෝල්ඩ්ස් රග පාන Green Lantern මූවී එකෙත් හිටියෙ හාල් තමා මතක විදිහට..

1970 ගණන් වලට කිට්ටුව තමා මුලින්ම ගයි ගාඩ්නර් එන්නෙ ඒත් මන් එච්චර මුකුත් කියන්න යන්නෑ.. සිද්ධවෙච්ච අනතුරකින් පස්සෙ ගයි Honor Guard එකට බැදිල නවක GL ල පුරුදු කරනව..

තවත් ප්‍රධානතම GL කෙනෙක් ව්දිහට ජෝන් ස්ටිවර්ට් හදුන්වන්න පුලුවන්..මුගෙ නිව්52 කතාව විතරක් මන් කෙටියෙන් කියන්නම් ලිපිය දික් වෙන හින්ද.. රින්ග් එක ලැබෙන්න කලින් ජෝන් මැරීන් සෝල්ජර් කෙනෙක්.. රින්ග් එක ලැබුනට පස්සෙ මූ මුගෙ පට්ටම හතුරිත් එක්ක love affair එකක් පටන් ගන්නව.. ඒත් මෙතනදි මුන්ගෙ හතුරෙක් ස්ටාර් ස්ෆායර්ව කිඩ්නැප් කරල ස්ටාර් ස්ෆායර් වගේ වෙස් මාරු කරගෙන ජෝන්ව රවට්ටනව.. ජෝන් ආදරය ප්‍රකාශ කරන්න හදද්දිම අරූ කියනව ඌ ස්ටාර් ස්ෆායර් නෙමේ කියල.. මෙතනදි ජෝන් ඌව පැරැද්දුව උනත් මානසිකව කඩා වැටෙනව වැරදි කෙනාට ආදරෙ කිරිම නිසා.. ස්ටාර් ස්ෆායර්ව හොයන් යන ජෝන් කබලෙන් ලිපට වැටෙනව.. ස්ටාර් ස්ෆායර් කියනව එයා ජෝන්ට කවදාවත් ආදරේ කලේ නෑ.. ඒක මොකක්ද මාය බන්ධනයක සීන් එකක් කියල.. කොහොම හරි මෙතනදි පොර මානසිකව කඩා වැටෙනව.. Justice league and Justice League Unlimited එකේ ඉන්නෙත් ජෝන් තමා..

කයිල් රේනර් ගැන හුගක් කෙටියෙන් කියන්නම්.. කයිල් කියන්නෙ අනිත් GLලටවඩා වෙනස් කෙනෙක්.. හේතුව නිර්භීතකම හා භය නැතිකම මත GLලා තේරුවත් කයිල්ව තෝර ගන්නෙ ඌ භයට මුහුන දීපු කෙනෙක් නිසා හා Parallax සටන් කරන්න භය අවශ්‍ය නිසා.. මෙයාව තෝර ගන්නෙ අවසාන ගාඩියන් ගැන්ත්ලට්.. කයිල්ගෙ රින්ග් එකත් ටිකක් වෙනස්.. ගාඩියන්ස්ල නැවත බිහි කිරිමට මුල් උනෙත් කයිල් තමා..

ලිපියෙ වැදගත්ම කොටස.. Ring of A Green Lantern..

ring එකෙන් GL හිතේ මැවෙන ඕනෑම දෙයක් කොල පාටින් මවන්න පුලුවන් කම ලැබෙනව..(ෂීල්ඩ් එකක්, බිල්ඩිමක්.. හිතෙන ඕනෙම දෙයක්) හැබැයි ඉතින් ඒකට GLගෙ අධිෂ්ඨාන ශක්තිය බලපානව.. එක පාරක් හල්ට පුලුවන් වෙනව ක්‍රිප්ටොනයිට් කිරණ නිපදවන්න බැට්මෑන් කියන විදිහට කරල.. ඒ වගේම මේ රින්ග් එක හුගක් වේගවත් මොකද ඉතින් මුන් ගාඩ් කරන්නේ විශ්වයමනේ.. තැනින් තැනට හුගක් ඉක්මනට මේ ගොල්ලන්ට යන්න පුලුවන්.. අභ්‍යවකාශය, වතුර යට වගේ ඕනෑම තැනක යන්න මේකෙන් හැකියාව ලැබෙනව.. හැබැයි මේ රින්ග් එකේ හීලින් පවර්ස් නම් නෑ.. හාල්ගෙ අත් කැඩුනම, ආබින් මැරෙන්න් යද්දි හල් එතන හිටියත් මුකුත් කරන්න ලැබෙන් නෑ.. ඒ වගේම මේ රින්ග් එකට රින්ග් එකේ ඊලග හිමිකාරයා වෙන්න සුදුසු කෙනා තෝර ගැනීමේ හැකියාවකුත්, GLගෙ වාචික අණට අනුව කටයුතු කිරීමේ හැකියාවකුත් තියෙනව

මේ ලිපියෙ ලියවෙච්ච නැති ඒව අම්බානක් තියෙනව.. මොනා කරන්නද?? Power Rings ගැන නම් ලිපියක් වෝර් එකෙන් පස්සෙ එනව.. මග හැරිච්ච දෙයක් තියෙනව නම් සමාවෙලා ෆීඩ්බැක්ස් දෙන්ඩ කියල තමා කියන්ඩ තියෙන්නෙ.. ඊලගට Aquaman, Cyborg, SHAZAM කියන තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගැන ලිපියක් තමයි ලියන්න හිතන් ඉන්නෙ

<Percy_Jackson>
H0008

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න