අයන් මෑන් අපි ගොඩක් කැමති මාවල් චරිතයක්. ටෝනි ස්ටාක් ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ මං හිතන්නේ.. ටෝනි ගැන නොදන්න කොමික්වලට ආස කෙනෙක් ඉන්න විදියක් නෑ. ටෝනිගේ පවර් එක ඔබ්ජෙක්ට් බේස්ඩ් පවර් එකක්.. ඒ කීවේ වස්තුවක් මූලික කරගත්ත පවර් එකක්.. අයන් මෑන්ගේ ඔබ්ජෙක්ට් එන ආමර් එක. අයන් මෑන් ෆිල්ම් තුනේදී ටෝනිගේ ආමර්ස් ගොඩක් ඔයාලා දැකලත් ඇති. අයන් මෑන්ගේ ආමර්ස්වලිං හොදම ආමර්ස් කීපයක් ගැන මං ඔයාලට කියන්නම්..
#10 - Stealth Armor MK IV
මේ ජෙට් බ්ලැක් ආමර් එක ටෝනි පාවිච්චි කරන්නේ කෝවර්ට් මිෂන්වලට විතරයි.. මේ ආමර් එක රේඩාර්වලට අහු වෙන්නේ නෑ.. තව කොමික් එකක තියෙනවා මේ ආමර් එකේ පියවි ඇසට නොපෙනෙන ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලත්.. අයන් මෑන් 3වෙනි ෆිල්ම් එකේ පොඩි එකා ටෝනිට හදන්න අදහසක් දෙන්නේ ස්ටෙල්ත් ආමර් එක ගැන..
#9 - Anti-Magneto Armor
ඇන්ටි මැග්නීටෝ.. නමෙන්ම තේරෙනවානෙ මේකට මැග්නීටෝ සම්බන්ධයි කියලා.. මේ ආමර් එක එන්නේ ඇවෙන්ජර්ස් vs. එක්ස් මෙන් ඉවෙන්ට් එකේදි..
අයන් මෑන් vs. මැග්නීටෝ
සැරටම අවුල් සටනක් නෙහ්.. යකඩ ඇදුමක් ඇදං ඉන්න කෙනෙකුයි, යකඩ පාලනය කරන්න පුළුවං කෙනෙකුයි..
ඒත් ටෝනි ඕන දේකට ලෑස්ති පිට ඉන්නේ.. ඇන්ටි මැග්නීටෝ ආමර් එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කාබන් නැනෝටියුබ්ස්වලිං..
#8 - Iron spider Armor
ටෝනි මේ ආමර් එක සිවිල් වෝර් ඉවෙන්ට් එකේදි ස්පයිඩර් මෑන්ට හදලා දෙන්නේ.. ඒත් ස්පයිඩි අයන් මෑන්ගේ ප්‍රෝ රෙජිස්ට්‍රේශන් යුනිට් එකේ ඉදං කැප්ටන් ඇමෙරිකාගේ ඇන්ටි රෙජිස්ට්‍රේශන් යුනිට් එකට ගිහිං යුද්ධේ පිල් මාරු කරනකොට ආමර් එක ආයේ ටෝනිට දීලා යන්නේ.. මේ ආමර් එක හදලා තියෙන්නේ නැනෝ අයන් ඇලෝයි ක්‍රිස්ටල් වලිං.. ආමර් එකේ ෆන්ක්ෂන් 17ක් තියෙන ලේයර්ස් 17ක් තියෙනවා.. පින්තූරේ විදියට අඬු 3කුත් තියෙනවා..
#7 - Sorcerer supreme Armor
වට් ඉෆ් කොමික් සීරීස් එකේ එන ඕල්ටනේට් යුනිවර්ස් එකක ආමර් එකක් මේක.. මේ යුනිවර්ස් එකේ ස්ටෙෆන් ස්ට්‍රේන්ජර්( අර්ත් 616 සෝසරර් සුප්‍රීම් - ඩොක්ටර් ස්ට්‍රේන්ජර් ) ඇක්සිඩන්ට් වෙන කාර් එකේ ටෝනිත් ඉන්නවා.. ඒත් ස්ටෙෆන්ගේ අත්වලට හානි වෙන නිසා මැජික් කරන්න අත්වලිං කරන්න ඕන චලන කරන්න බෑ.. ඒ නිසා ටෝනි ස්ටෙෆන්ට ඒ අත්වලිං කරන්න ඕන චලන ප්‍රෝග්‍රෑම් කරපු ආමර් එකක් හදලා දෙනවා.. ඩෝරමාම්මු එක්ක සටනෙන් පස්සේ සාමාන්‍ය අයන් මෑන් ආමර්වල පවර් කෝර් එක වෙනුවට ඇගමටෝගේ ඇස කියන මැණික හයි කරනවා..
#6 - Phoenix killer Armor
ඇවෙන්ජර්ස් vs. එක්ස් මෙන් ඉවෙන්ට් එකේමයි මේ ආමර් එක තියෙන්නෙත්.. ෆීනික්ස් ෆෝස් කියන්නේ එක්ස් මෙන්ලාගේ ජීන් ග්‍රේගේ ශරීරයට ආරූඬ වෙලා ඉන්න කොස්මික් ජීවියෙක්.. ඒක ජීන්ගේ ශරීරෙං මිදිලා අභ්‍යවකාශෙට යනවා.. ආයේ පෘථිවියට එන්න කලිං ෆීනික්ස් ෆෝස් එක විනාශ කරන්න ටෝනි මේ ආමර් හදන්නේ.. ඒත් ඒකෙං ෆීනික්ස් ෆෝස් එක කොටස් පහකට කැඩිලා එක්ස් මෙන්ලා 5දෙනෙක්ට(සයික්ලොප්ස් , එමා ෆ්රොස්ට්, නේමාර්, කොලෝසස්, මැගික්) ආරූඬ වෙනවා..
#5 - Iron Destroyer Armor
2011 තෝර් ෆිල්ම් එකේ හිටපු ඇස්ගාඩියන් ඩිස්ට්‍රෝයර් වගේමයි.. අයන් ඩිස්ට්‍රෝයර් ආමර් එක ෆියර් ඉට්සෙල්ෆ් ඉවෙන්ට් එකේදි ඕඩින්ගේ(තෝර්ගේ තාත්තා) සහෝදරයා සර්පන්ට්, ඕඩින්ගේ සිහසුන ලබාගන්න යුද්ධ කරන අතරෙ අයන් මෑන් ඇස්ගාඩ්වලට එනවා.. Svartalfheimවල වාමනයෝ ටෝනිගේ සාමාන්‍ය ආමර් එක ඇස්ගාඩ්වල සටනකට ගැලපෙන විදියට හදනවා.. ආමර් එකේ උරු(තෝර්ගේ මිටිය හදපු ලෝහය) ලේයර් එකකුත් ගානවා..
#4 - Thor buster Armor
තෝර් බස්ටර් ආමර් එක හදන්නේ තෝර් මනුශ්යත්ය වෙනුවෙන් ටෝනිට දෙන ඇස්ගාඩියන් මැණිකකින්.. සොකෝවියාවල ඇස්ගාඩ් දෙවිවරු වන්දනාකරන පිරිසක් ඝාතනය කරන නිසා තෝර් පෘථිවියට පහරදෙන්න එනවා.. තෝර්ව නවත්තන්න ටෝනි මේ ආමර් එක පාවිච්චි කරනවා..
#3 - Hulk buster Armor (Model 14)
හල්ක්ට තමන්ව පාලනය කරගන්න බැරි වුනොත් හරි හල්ක්ගේ මනස කවුරු හරි පාලනය කරන්න ගත්තොත් හල්ක්ව නවත්තන්න මේ හල්ක් බස්ටර් ආමර් එක හදන්නේ.. ඊළගට එන ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන් ෆිල්ම් එකේ ට්‍රේලර් එකෙත් හල්ක් බස්ටර් ආමර් එක දකින්න ඇතිනෙ.. වර්ල්ඩ් වෝර් හල්ක් එකේදි ආමර් එක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි..
#2 - S.K.I.N Armor
Synth-Kinetic Interfacing Nano-fluid (SKIN) කියන ද්‍රාවණය ආමර් එකේ පපුවේ හැර හැම තැනකම සංසරණය වෙනවා.. ආමර් එක අවශ්‍ය වෙලාවට නම්‍යශීලී වෙනවා.. අවශ්‍ය වෙලාවට ඇඩ්මැන්ටියම් ලෝහය තරමට ආමර් එක ශක්තිමත් කරනවා.. මේ ආමර් එකේ රිට්‍රැක්ටබල් එනර්ජි බ්ලේඩ් එකක් තියෙනවා.. මේක හල්ක් බස්ටර්ටත් වඩා ශක්තිමත්..
#1 - Bleeding Edge Armor
එක්ස්ට්රිමිස් ඉවෙන්ට් එකෙන් පස්සේ ටෝනිට මේ ආමර් එකේ කන්සෙප්ට් එක හිතට එන්නේ.. ටෝනිගේ ශරීරයේ ඇටමිදුළුවලට නැනෝ මැෂින් බිලියන් ගානක් එන්නත් කරනවා.. ටෝනි හිතන පරක්කුවෙන් ආමර් එකෙන් එයාගේ ඇග ආවරණය වෙනවා.. ඒක ටෝනිට ටෙක්නෝපති පවර් එකක් ලැබෙනවා වගේ දැනෙන්නේ.. ඕනම ආයුධයක්(මෙතෙක් හදලා නැති ටෝනිගේ හිතේ ඇදෙන ඕන ආයුධයක් උනත්) ගැන හිතන්න විතරයි තියෙන්නේ, නැනෝ මැෂින් ඒ ආයුධය හදනවා.. ඕන වෙලාවක මේ නැනෝ මැෂින්වලින් ඕනම ඇදුමක් වෙනස් කරගන්න පුළුවන්(නැනෝ ක්ලෝතින්).. ඒක හොදම ආමර් එක කියන එකේ වරදක් නෑ නේද?
#ආකේඩ්
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න