Valentine Special – A True Love over Millennia
අද ආදරවන්තන්ගේ දිනය. අපේ කොමික් ස්ක්‍රිප්ට් පේජ් එකේ ඇඩ්මින් ලා සේරම වගේ කොමික් ලෝකේ ට ආදරේ කරන හින්දා අද දවස විශේෂයක් නම් නෑ. ඒත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට අද දවස ගොඩාක් විශේෂ ඇති. ඒ හින්දා අපි හිතුවා අද දවසට විශේෂයක් කරන්න. මොකද කොමික් ලෝකය පුරාම අපිට ආදර කතා ගොඩක් හම්බෙනවා. ඒ අතරින් අපි එක කතාවක් ඔයාලට ගේනවා.මේ ආදර කතාව ගොඩාක් විශේෂයි. මොකද මේ ආදරය මරණයෙන් ඔබ්බට ගිය එකක්. සහස්ර වර්ෂ ගොඩාක් පරණ එකක්. දෙන්නා ගේ ආදර කතාවේ සතුට දුක හැමදේම තියනවා.
ඊජිප්තු දෙවිවරුන් ට පුළුවන් සාමාන්‍ය මිනිසුන්ගේ ඇඟට ආවේශ වෙලා අසාමාන්‍ය දේවල් කරන්න (කොමික් නොවුනත් රික් රියෝඩන් ගේ කේන් ක්රෝනික්ල් කියෙව්වා නම් මේ ගැන හොඳ විස්තරයක් තියනවා). ඊජිප්තු යුධ දෙවියා තමයි හෝරස් කියන්නේ. මෙයා තමයි රාජ්යතත්වයට අධිපති දෙවියා වෙන්නෙත්. මෙයාගේ සංකේතවත් වන කුරුල්ලා තමයි උකුස්සා. මෙයා ගොඩක් වෙලාවට ආවේශ වෙන්නේ රාජකීය ලේ තියන අයට. මිට අවුරුදු දහස් ගානකට කලින් ඊජිප්තුවේ හිටියා කුමාරයෙක්. එයාගේ නම තමයි Khufu Kha-Tarr. මෙයාගේ ආදරවන්තිය උනේ Chay-Ara කියන කුමාරිකාව. මේ දෙන්නා සුරංගනා කතාවල ඉන්න දෙන්නෙක් වගේ ආදරෙන් හිටිය දෙන්නෙක්.
දවසක් ඊජිප්තුවට පිටසක්වල යානාවක් කඩා වැටෙනවා. ඒක හදලා තියෙන්නේ Nth Metal කියන ලෝහයෙන්. මේ ලෝහය උණු කරලා එක එක ආයුධ හදනවා. එහෙම හදපු එක මාරන්තික පිහියකින් Hath-Set කියන පුජකයා ඛුෆු සහ චේ-ආරා දෙන්නා මරණවා. ඒත් අර ලෝහයේ බලපෑම හින්දා මේ දෙන්නාගේ “කා” ඒ කියන්නේ ආත්මය මරණයෙන් පස්සේ ඊලඟ ලෝකය කරා යන්නේ නෑ. ඒ වෙනුවට මේ ලෝකයේ හිර වෙනවා. එදා ඉදන් මේ දෙන්නා ලෝකේ කොහේ ඉපදුනත් අනිත් කෙනා හොයා ගෙන එනවා. හැබයි දුක හිතෙන සිද්දිය නම් මේ දෙන්නාගේ ආදරයේ උච්චම අවස්ථාවේ මේ දෙන්නාට Hath-Set පුජකයා ගේ නැවත ඉපදීමක් අතින් මැරෙන්න නියම වෙලා තියනවා. ඒ හින්දා නැවත නැවතත් මේ දෙන්නාගේ ආදර කතාව ලියවෙනවා.
එදා ඉදන් මේ දෙන්නා ආපු ගමන දිහා බැලුවොත්,
• ඛුෆු Brian Kent නැතිනම් Silent Knight වෙලා ඉපදෙන කොට චේ-අරා Celia Penbrook ආර්යාව විදිහට ඉපදෙනවා.
• ඊලඟට ඛුෆු ජර්මනියේ ඉපදෙනවා කම්මල් කාරයෙක් ගේ පුතෙක් වෙන Koenrad Von Grimm විදිහට. හැබයි මේ ආත්මයේ චේ-ආරා කවුරු විදිහට ඉපදුනා ද කියලා සඳහනක් නෑ.
• ඛුෆු ඇමරිකාවේ ජනපද පිහිටුවන්න මුල් වුණු කපිතාන් John Smith වෙලා ඉන්නකොට චේ-අරා Pocahontas කියන රතු ඉන්දියානු කුමාරිකාව වෙලා ඉපදුනා.
• ඛුෆු Nighthawk විදිහට ඉපදෙනකොට චේ-අරා Cinnamon විදිහට ඉපදෙනවා.
• ඛුෆු පිකර්ටන් රහස් පරීක්ෂක James Wright වෙනකොට චේ-අරා Sheila Carr විදිහට ඉපදෙනවා.
මේ හැම ආදර කතාවක්ම ආදරයේ උපරිම අවස්ථාවට ආවට පස්සේ ශෝකාන්තයක් විදිහට ඉවර උනා. මේ දෙන්නා ගැන අපි හොදටම දන්නේ එයාලගේ අවසාන උපත හින්දා.
මේ ආත්මේ දී ඛුෆු ඉපදෙන්නේ Carter Hall විදිහට. එයා පුරාවිද්‍යාඥයෙක්. එයා ඊජිප්තු පුරා විද්‍යා ගවේෂණයක් කරද්දී එයාට හෝරස් ආවේශ වෙනවා. ඊට පස්සේ තමයි එයා හෝරස් ගේ සංඛේතය වන උකුස්සා නිරුපනය වෙන Hawkman වෙන්නේ. මේ වෙද්දී චේ-අරා පුරාවිද්‍යාඥවරියක් විදිහට ඉපදෙනවා Shiera Sanders කියන නමින්. දෛවයේ ලියවෙලා තියන විදිහට මේ දෙන්නා හම්බෙනවා. ඊට පස්සේ චේ-අරා Hawkgirl කියලා ජනප්‍රිය වෙනවා. මේ දෙන්නා ගේ ආදරය හිතාගන්නවත් බැරි තරම් ලස්සන කතාවක්.
මේ අතර දී තමයි Crisis on Infinite Earths සිද්ද වෙන්නේ. මේක අතර දී හෝක්මෑන් Ragnarok බැට්ල් එකක හිර වෙනවා. ඒ අතර වාරයේ දී Thanagarian කියන ලෝකයෙන් ආපු (අර මුලින්ම කියපු Nth ලෝහයෙන් හදපු යානාව තිබ්බ ලෝකය) Katar Hol කියන කෙනා හෝක්මෑන් වෙනවා.
අවුරුද්දකට පස්සේ කාටර් ආපහු මේ ලෝකෙට එනවා එයාගේ ආදරය හොයා ගෙන. ඒත් ඊට කලින් මරණය Carter හොයාගෙන එනවා. මෙතන දී Shiera එයාගේ ජිවිතේ කැප කරනවා Carter Hall ගේ ජිවිතය බේරා ගන්න Carter Hall සහ Katar Hol දෙන්නාව එක පුද්ගලයෙක් කරන්න හදද්දී. එයා මේ ලෝකෙන් සමුගත්තත් එයාට බෑ වෙන උපතකට යන්න. මොකද මේ දෙන්නා ගේ බන්ධනය ඉඩ දෙන්නේ නෑ එක්කෙනෙක්ට විතරක් ජිවිතෙන් සමුගන්න. ඒ හින්දා එයාගේ ආත්මය නිදහසේ සැරිසරනවා. මේ අතර වාරයේ එයාගේ ඥාති දියණියක් වෙන Kendra Saunders සියදිවි නසා ගන්නවා. ඒ ශරීරයට Shiera ඇතුල් වෙනවා. මේ අතර වාරයේ Carter Hall සහ Katar Hol දෙන්නා එකතු වෙලා හැදුනු හෝක්මෑන් ගේ මනස සම්පුර්නයෙන්ම හෝර්ස් ගේ ග්‍රහණයට ගන්නවා. හෝරස් කියන්නේ ටිකක් තනි මතයට වැඩ කරන දෙවි කෙනෙක්. මේ හින්දා එයාව පිටුවහල් කරනවා ලිම්බෝ කියන අන්තර් මානයට. හැබයි හෝක්ගර්ල් මුල් වෙලා ආපහු හෝක්මෑන් ගේනවා මේ යුනිවර්ස් එකට Onimar Synn කියන දුෂ්ටයා නවත්වන්න. ඒත් මෙතන දී හෝක්මෑන් එන්නේ Katar Hol ගේ ආත්මය අන්තර් මානය ඇතුලේ හිරවෙලා තියෙද්දී. ඒත් කාටර් ට දෙන්නාගේම මතකයන් ඉතුරු වෙලා තියනවා.
ආපහු ආව හෝක්මෑන් Katar Hol ගේ පෙම්වතිය වන Shayera Thal එහෙමත් නැතිනම් හෝක්වුමන් එක්ක තමයි වැඩිපුර සම්බන්ධකම් පවත්වන්නේ. මේ හින්දා හෝක් ගර්ල් ට සිද්ද වෙනවා එයාගේ ආදරය කැප කරන්න. එයා Kendra ගේ සිරුරත් අතහැරලා යනවා. ඒ යන්නේ ඉපදෙන ආත්මයක් ගානේ දෙන්නාට එකතු වෙලා මැරෙන්න සිද්ද වෙන ශාපයෙන් සදහටම මිදුනා කියලා හිතාගෙන. ඒත් ඒක එහෙම වෙන්න විදිහක් නෑ. මොකද මේ දෙන්නා කියන්නේ වෙන් වෙලා ජිවත් වෙන්න පුළුවන් දෙන්නෙක් නෙවේ.
ඔය අතරේ Carter ට දැනගන්න ලැබෙනවා ඛුෆු සහ චේ-අරා අතර තියෙන්නේ ශාපයක් නෙවේ, මල්ටිවර්ස් එකේ මිට කලින් පැවතුනු පැවැත්මවල් 6 ක් කියලා. ඒවා විශ්වයේ විකාශනයත් එක්ක සම්පුර්ණ වුණු නැති එහෙමත් නැතිනම් බාධා පැමිණුනු ඒවා කියලා. ඒ වගේම අවසාන පැවැත්ම තමයි මේ ගත කරන්නේ කියලා.
Blackest Night එකේ දී Carter සහ Kendra එකතු වෙනවා.
හැබයි එයලා ඒ එක්කම වගේ බ්ලැක් ලැන්ටර්න්ලගේ පහර දීමකට ලක් වෙනවා. මෙයාලා දෙන්නාම පස්සේ බ්ලැක් ලැන්ටර්න් ලා වෙනවා. අවසානයේදී මේ දෙන්නාම වයිට් ලැන්ටර්න් ලා විදිහට නැගී හිටිය 10 දෙනා අතරට එක් වෙද්දී Kendra වෙනුවට එතන පෙනී සිටින්නේ Shiera මයි. ඒ කියන්නේ ශරීරයෙන් සහ මනසින් දෙකෙන්ම. ඒ හින්දා අපිට හිතා ගන්න වෙන්නේ Kendra විදිහට ආපහු ආවේ Shiera ගේ ආත්මයම තමයි කියලා.
මෙච්චර දේවල් උනාට පස්සේ ත් මේ දෙන්නාට නිදහසේ ඉන්න හම්බෙන් නෑ. මුල ඉදන්ම මේ දෙන්නා පස්සෙන් එන Hath-Set එයාලගේ පහුගිය ආත්ම වලදී මිහිදන් කරපු තැන් වලින් ඇට කැබලි අරගෙන මේ දෙන්නාව හෝක්වර්ල්ඩ් කියන ලෝකය ඇතුලට යවනවා. එතන දී හෝක් ගර්ල්ව පැහැරගෙන යනවා Hath-Set ගේ ආධාර කරුවෝ. මෙතන දී හෝක්ගර්ල් දැනගන්නවා Hath-Set හෝක් මෑන් මරන්න උත්සහ කරනවා හැබයි ඒක සාර්ථක උනොත් ආපහු මේ දෙන්නා එකතු වෙන්නේ නෑ කියලා. මොකද මේ එයාලගේ අවසාන පැවැත්ම. අන්තිමේ දී මේ දෙන්නා කොහොම හරි එතනින් බේරිලා එනවා.
හැබයි එතනින් කතාව ඉවර නෑ. දෛවය මේ දෙන්නාට ආපහු එරෙහි වෙනවා. මොකද වයිට් රින්ග් එක අණ කරනවා මේ දෙන්නාට වෙන වෙනම ජිවිත ගත කරන්න කියලා. ඒත් අවුරුදු දහස් ගානක් තිබ්බ සම්බන්ධය එහෙම නැති කරලා දාන්න පුළුවන් ද? මේ දෙන්නා මේකට කැමති වෙන්නේ නෑ. ඒ පාර වයිට් රින්ග් එක මේ දෙන්නා විනාශ කරලා දානවා. Deadman ඉල්ලනවා මේ දෙන්නාව ආපහු ගේන්න කියලා. ඒත් මුද්ද ඒක ප්‍රතික්ෂේප කරනවා.
ඒත් මෙතනිනුත් මෙයාලගේ අවසානය සිද්ද වෙන්නේ නෑ. පස්සේ කාලෙක Dark Avatar නැගී සිටිද්දී ලෝකය ආරක්ෂා කරන්න ධවල ආලෝකයේ ප්‍රතිමුර්තිය විදිහට සලකන Entity විසින් මේ දෙන්නා වායෝ ධාතුවේ ආරක්ෂකයෝ බවට පත් කරනවා. Dark Avatar ව පරාජය කෙරුවට පස්සේ Swamp Thing සියලුම ආරක්ෂකයෝ එයාලගේ භෞතික ස්වරුපයට පත් කරනවා. ඒත් හෝක්මෑන් හෝක්ගර්ල් කොහෙද කියලා බලද්දී එයා හොයා ගන්න බැරිවෙනවා. මෙයා Swamp Thing ගෙන් අහනවා හෝක්ගර්ල් කෝ කියලා. එතකොට Swamp Thing කියනවා හෝක්ගර්ල් හැමතැනම ඉන්නවා කියලා. මොකද එයා සඳහටම වායෝ ධාතුවේ ආරක්ෂකයෙක් වෙලා කියලා. හෝක්මෑන් Shiera කියලා හෝක්ගර්ල් ට කතාකරනවා.
ඒත් Shiera ආපහු එයිද? අවුරුදු දහස් ගාණක් පැවතගෙන ආපු ඒ බැදීම සඳහටම ඉවරද? මේ ප්‍රශ්න වලට අපිටම තමයි උත්තර හොයා ගන්න වෙන්නේ.
කතාව ටිකක් දිග උනාට අද වගේ දවසක ආදරය ගැන හැමෝම කතා කරන වේලාවක කොමික් ලෝකේ තියන ලස්සනම ආදර කතාවක් ඔයලා එක්ක බෙදා ගත්තේ අපිට දායක වෙන්න පුළුවන් හොදම විදිය මේක හින්දා.
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න