Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Thanos : The Mad Titan - Part 2

Thanos : The Mad Titan - Part 2
Super Villain - Marvel

(පසුගිය කොටස හා සම්බන්ධ වේ)

 



පෘථිවියට පහර දීම සඳහා සූදනම් වන Thanos මේ සඳහා විශාල යුධ අහස්යාත්‍රා බලගනයක් සූදානම් කරගන්නවා. මේ අතරතුර පෘථිවියේ තිබෙන්නාවූ කිසියම් වස්තුවක් පිළිබඳව Thanosට දැනගන්නට ලැබෙනවා. එමගින් තම බලය වැඩිකරගැනීමටත්, පදාර්ථය හා ශක්තිය පාලනය කිරීමටත් හැකිබව දැනගන්නා Thanos, 'Cosmic Cube' එක ලබාගැනීමේ මෙහෙයුම දියත් කරනවා. මේ Cosmic Cube එක තියෙන්නේ Advanced Idea Mechanics නොහොත් A.I.M. පර්යේශණාගාරයේයි. Thanos තම පිරිස සමඟ මේ පර්යේශණාගාරයට පහරදී Cosmic Cube එක තමන් සතු කරගන්නවා.

Cosmic Cube එකේ බලයෙන් දෙවියන් සතු බලයට සමාන බලයක් ලබාගන්නා Thanos විසින් Avengersලා සහ Captain Mar-Vell ඔහුව නවතන්නට ගත් උත්සාහයන් මැඩපවත්වනවා. පසුව යළි Titan කරා යන ගමනේදී තමා Cosmic Cube එකේ සියළු බලය ලබාගත්තා යැයි සිතන Thanos විසින් Cosmic Cube එක ඉවත දමනවා. Thanos පසුපස හඹා එන Captain Mar-Vell ඉවත දමන ලද Cosmic Cube එක සොයාගෙන එහි බලය ආරෝපණය කොට Thanos විසින් ලබාගන්නා ලද බලය යළි විශ්වය තුළට මුදා හැර විශ්ව බලය යථා තත්වයට පත්කරවනවා. Thanosගේ මෝඩකමින් ඔහු තමා ස්අතුකරගත් බලය විහින්ම යළි නැතිකරගත් බව දැනගත් Death ඔහුව අත්හරිනවා. Titan කරා පැමිණෙන අතරමගදී Thanos තමා කරගත් මෝඩකම දැනගන්නවා බලය නොමැතිව වියරු වැටෙන ඔහු තම යානයට තමා විසින්ම පහරදී ගන්නවා. මේ අතරෙදියි ඔහුට Death තමා අතහැර දමාගොස් ඇති බවට ආරංචිය ලැබෙන්නේ. ඒ ආරංචියත් සමඟ Thanos දැඩි ලෙස අධෛර්‍යයට පත්වනවා.

ටික කාලයක් අරමුණක් නැතිව ඔහේ කල් ගෙවන Thanosට යළි බලය ලබාගතහැකි මාර්ගයක් ගැන තොරතුරු දැනගන්නට ලැබෙනවා. ඒ විශ්වයේ තිබෙන බලගතුම මැණික් 6ක් වන Infinity Gems සම්බන්ධවයි. Thanos මේ අදහසත් සමඟ Mistress of Death ව හමුවන්නට යනවා. තමා සතු අරමුණ ඇයට පැහැදිලි කළත් ඇය ඔහුගේ අසාර්ථකත්වය ගැන පවසා ඔහුට පිටුපා යනවා. අදහස අත් නොහරින Thanos මේ Gems තිබෙන තැන් සොයා ගෙන ඒවායින් 5ක්ම තම බලයෙන් තමා සතු කරගන්නා Thanos Soul Gem එක පමණක් තමා සතුකරගැනීමට අසමත්වනවා. අසමත්වනවාට වඩා එතන තිබෙන්නේ බියක්. මේ Soul Gem එකේ හිමිකරුවා වන්නේ Adam Warlockයි. Soul Gem එකකින් තව කෙනෙකුගේ ආත්මයක් විනාශ කර දැමිය හැකි නිසාත්, තමන් අනෙක් Gems 5ම වර්තමාන අයිතිකරුවා වන නිසාත්, තමන් මේ Soul Gem එක ලබාගන්නට යද්දී Adam Warlock ක්ෂණිකව තමන්ගේ ආත්මය විනාශකර දමාවි කියා Thanos බිය වනවා.

මේ සඳහා Thanos ඉතා කූඨ උපායක් සූදානම් කරනවා. Adam Warlock සතුව ඔහු වැනිම තවත් සමාන්තර ලෝකයක පුදගලයෙකු සිටිනවා. ඔහු නමින් Magus. Magus එම සමාන්තර ලෝකයේ අධිපතියා වනවා. Magusගේ බලයන් උපරිම වූ විට ඔහුගේ හා Adam Warlockගේ බලයන් උපරිම වනවා. නමුත් Thanos විසින් තමා සතුකරගත් Time Gem එක භාවිතයෙන් කාලය හරහා ගොස් Magusව මන්දාකිණියේ නායකයා බවට පත්වීම වළක්වනවා. ඒ වගේම ඒත් එක්කම Warlock සමඟ මිතුරුකමක් පාමින් ඔහුට ලැබෙන්නට තිබෙන Soul Gem එක පිළිබඳව සහ එහි බලයන් සම්පූර්ණ කරගන්නේ කෙසේදැයි යන සියළු විස්තර අසා දැනගන්නවා. මේ අතර Magusගේ අතින් විනාශවුණු Zen-Whoberis නැමති පෙළපතේ අවසානයට ඉතිරිවුණු දැරිය වන Gamoraවඔහු හදාවඩාගන්නවා. ඒ පසුකාලීන අරමුණු සඳහායි. Gamora කියන්නේ කුඩාකල පටන්ම අතිදක්ෂ සටන්කාරියක්. ඇය ලවා Thanos විසින් Magusගේ සහයකයන් එකිනෙක මරා දමා Magusට මන්දාකිණියේ පාලනය අහිමි කරනවා. ඒ අතරම ඔහු Warlock සතුවන Soul Gem එකේ බලය හොරෙන් ලබාගෙන ඊටත් වඩා ප්‍රමාණයෙන් විශාල සහ බලයෙන් විශාල වූ Soul Gem එකක් නිර්මාණය කරනවා.

 


to be continued...

#SmAsHeR

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න