Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Joker - Part 02

Joker - Part 02
Joker එහෙමත් නැත්තම් Clown prince of crime කියන චරිතය comic ලොවට ගේන්නේ DC comic ආයතනය.. Dc comic වල ඔයාලා ගොඩ දෙනෙක් දන්න හා ආස කරන Batman කථා මාලාව යටතේ තමයි Joker ව හඳුන්වා දෙන්නේ.. ඒ වගේම joker, Batman ගේ ලොකුම හතුරා කියල කිව්වත් එකේ වැරද්දක් නෑ.. අනිත් ගොඩක් comic චරිත වගේම මෙයත් මන:කල්පිත චරිතයක්.. ඒ වගේම මෙය එසේ මෙසේ හතුරෙකුත් නෙමෙයි,ගොඩක් වැදගත්,භයානක හතුරු චරිතයක්.. ඒ වගේ හතුරන් Supervillain කියලයි හැඳින්වෙන්නේ..


මේ චරිතයත් නිර්මාණය කරන්නේ Batman චරිතය නිර්මාණය කරපු Bob Kane,Bill Finger හා JerryRobinson කියන තුන්දෙනා ම තමයි.. මුලින්ම joker ව අපිට දකින්න ලැබෙන්නේ 1940 අප්‍රේල් 25 වෙනිදා,ඒ කියන්නේ batman කතාමාලාව DC ආයතනය යටතේ ප්‍රකාශය කරන්න පටන් ගත්ත කාලෙයි. එක නිසාම batman #1 කොමික් පොතෙත් joker ඉන්නවා.(Batman මුලින්ම එලි දක්වන්නේ 1939 detective comics යටතේ,DC ආයතනය ගැන අපි පල කල ලිපියෙන් ඒ ගැන සදහන් කළා) එදා ඉදන් අද වෙනකම්ම batman ගේ ලොකුම හතුරා විදිහට joker අපිව කොමික් පොත්,cartoons,animation - live action movies වලදී දැකගන්න පුළුවන් උනා..

Joker කිව්වහම අපිට මතක් වෙන්නේ එක එක විකාර කරන,පිස්සු හැදිච්ච ,කුරිරු මනුස්සයෙක් උනාට මෙයා මොලේ නැති,පිස්සු විකාර කාරයෙක්ම නෙමේ.. joker ට හොඳ දැනුමක් තියෙනවා.. හොඳ බුද්ධියක් තියෙනවා.. (Genius-level inteligence කියල තමයි සඳහන් වෙන්නේ) ඒ වගේම රසායන විද්‍යාව ගැනත් හොඳ දැනුමක් තියෙනවා.. ඒ වගේම Hand to Hand combat හොඳට පුළුවන්.. එක නිසාම තමයි batman ට උනත් joker ව පරද්දන එක ලේසි නැත්තේ..
ඒ අනුව බලනකොට joker ව Geniusly Insane Psycopath කෙනෙක් කියල හඳුන්වන්න පුළුවන්.. 

මේකේ තියන රසවත්ම දේ තමයි joker එයාගේ මුල්ම කතාවේදීම මැරෙනවා.. හිතනකො නිකමට හරි ඒ ඩේ ඒ විදිහටම උනානම්.. එහෙනම් අද අපිට කතා කරන්න joker චරිතයක් නෑ විතරක් නෙමෙයි batman කථා මෙච්චර ජනප්‍රිය නොවෙන්නත් ඉඩ තිබුන.. එත් හොඳ වෙලාවට කතාව ප්‍රකාශයට පත්කරන්න කලින් කතෘ මණ්ඩලය කරපු සාකච්චාවකදී ඒ තීරණය වෙනස් කරලා තියෙනවා.. මොකද එතැනදී ඒගොල්ලෝ හිතල තියෙනවා batman කියන සංයමයෙන් වැඩ කරන,බුද්ධිමත්,ශීලචාරි වගේම අභිරහස් චරිතයෙ ලොකුම හතුරා වෙන්න පුළුවන් වෙන්නේ පිස්සු වැඩ කරන,කුරිරු බුද්ධියක් තියෙන,අශීලචරී,අවුල් ඇතිකරවන joker ට විතරයි කියලා.. ඒ කතාව නම් හරියටම හරි,අපේ යාළුවන්ගෙත් අදහස එකම වෙන්න ඕනේ.. 
joker ගේ මේ පිස්සු එත් භයානක වැඩවල ආරම්භය එහෙම නැත්තම් joker කියන චරිතයේ පසුබිම් කථාව (Origin story) ගැන කියනවනම්,joker ට Origin storys කිහිපයක්ම තියෙනවා.. ගොඩක් ජනප්‍රියම එක තමයි රසායන මිශ්‍රණයකට වැටිලා ඒ ඩේ උනා කියල.. ඒ රසායන මිශ්‍රණය නිසා joker ගේ හිසකෙස් කොළ පාට වෙලා,හම සුදුමැලි වෙලා,තොල් රතු පාට වෙනවා.. joker ගේ පිස්සුව හැදෙන්නෙත් මේ නිසාම කියලයි කියවෙන්නේ.. ඒ රසායන මිශ්‍රණය joker හදන එකක් කියලත් කියනවා,අපද්‍රව්‍ය රසායන මිශ්‍රණයක් කියලත් කියනවා..මෙතනින් ඒ ලිපිය කියවන්න පුළුවන්

joker ට Origin story එකක් ඕනේ නෑ කියලත් ගොඩක් අය කියනවා.. එතකොට joker චරිතයේ තියෙන කුරිරු අබිරහස් බව තවත් වැඩි වෙනවා කියලයි එයාල කියන්නේ.. ඒ කතාවට නම් මමත් එකඟයි.. ඒ මතය නිසාමද මන්දා අපි හැමෝම බලල තියෙන The Dark Knight චිත්‍රපටයටත් joker ගේ Origin story 1ක් ගෙනාවේ නැත්තේ..(the Dark Knight ගැනත් පසුවට කතා කරමු)

joker ගේ කුරිරු වැඩ වල අතුරුඵල විදිහට හැදිච්ච චරිත දෙකක් විදිහට Red Hood හා Oracle චරිත දෙක හඳුන්වන්න පුළුවන්..
batman ගේ දෙවැනි Robin විදිහට හිටපු Jason Todd කියන චරිතය joker batman: A Death in the Family කොමික් පොතේදී ඝාතනය කරනවා..ඒ jason Todd තමයි Red Hood විදිහට පස්සේ කලෙක එන්නේ.. මැරිච්ච එක අපහු එන්නේ කොහොමද කියල ඔයාලට දැනගන්න ඕනේ නම් ලේසිම ඩේ තමයි " batman:Under the red hood " animation movie එක බලන එක..

batman ගේ පලවෙනි සහායිකාව වෙන Barbara Gorden එහෙම නැත්තම් පලවෙනි Batgirl ගේ රහස් අනන්‍යතාවය " batman:the killing joke " කොමික් පොතේදී දැනගත්ත joker, barbara ට වෙඩි තියනවා.. එකෙන් ආභාදිත වෙන barbara, oracle විදිහට අපහු එනවා..
ඉතින් ඔයාලට හිටාගන්න පුළුවන් නේද joker කියන්නේ batman ට කොච්චර ඇණයක්ද කියලා..

joker ගේ මේ ජනප්‍රිය භාවය නිසාම Joker නාමය හා චරිතය මුල්කරගෙන විවධ ව්‍යාපාර,විලාසිතා පවා නිර්මාණය වෙලා තියෙනවා.. comic රසිකයන් අතර ජනප්‍රියම චරිතය joker කියල කියන්නත් පුළුවන්..

ලිපිය දිග වැඩි වේගන එනවා උනත් the Dark Knight චිත්‍රපටයේ එන Heath Ledger විසින් ඉදිරිපත් කල Joker චරිතය ගැනත් කතා නොකලොත් එක මදි කමක්.. ගොඩක් දෙනා කැමතිම joker චරිතයක් ඉදිරිපත් කරන්න එකේදී heath සමත් උනා.. එම චරිතය වෙනුවෙන් ඔහු Oscar සම්මානයක් පවා දිනාගත්තා.. චරිතයක් වෙනුවෙන් එක පුද්ගලයෙකු ලබාගත් වැඩිම සම්මාන ප්‍රමාණය දිනාගන්නට ඔහුගේ රංගනය මෙන්ම joker චරිතයට කොමික් රසිකයන්ගේ තියෙන කැමැත්තද බලපෑවා.. එක නිසාම (හෝ) The Dark Knight චිත්‍රපටය,චිත්‍රපට රසිකයන් අතර ඉහල ස්ථානයක් තියෙනවා.. ( The Dark Knight චිත්‍රපටය ගැන ඉදිරියේදී ලිපියක අප පේජය තුලින් පල කරන්න බලාපොරොත්තු වෙනවා )

joker ගැන කියන්න දේවල් නම් තව ගොඩක් තියෙනවා.. එත් ආරම්භයක් විදිහට මගේ පළමු ලිපියෙන් මේ ටික ඇති වෙයි..
ඊළඟ ලිපියෙන් මම ඔයාලා fantastic four චිත්‍රපටි වලින් දැකපු Dr.Doom ගැන විස්තර ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා.. එක නිසා මේ ලිපියට ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් වැදගත් වෙනවා..

#ClownPrinceOfCrime

3 comments:

  1. The dark knight movie එකේ Bateman ට වඩා Joker ජනප්‍රිය වුනා කියල අහල තියෙනව.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න