Super Villain - Marvel
Marvel Universe එකේ Super Villainsලා ගැන කතා කරද්දි අපි හැමෝගෙම මතකයට එන මුල්ම කෙනා තමයි Thanos. Thanosව Marvel Universe එකේ comics වලටයි චිත්‍රපටි වලටයි නැතුවම බැරි කෙනෙක් වෙලා. Thanos ගැන ලිපි 10ක් වුණත් ලියන්න තරම් කථා Marvel Comic Universe එකේ තියෙනවා. ලිපි 5කට වගේ ඒ විස්තර එකතුවෙන්න ලිපි පෙළක් ලියන්න මං සූදානම්. ඒ ඔක්කොම විස්තර දැනගන්න නම් ඉතින් පේජ් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න වෙයි.
මුලින්ම Thanos කියන චරිතය Marvel Comic වලට හඳුන්වා දුන්නේ Jim Starlin සහ Mike Friedrich විසිනුයි. මුලින්ම Thanosව comic පොතකට ඇතුළත් වුණේ 1973දී එළිදැක්වුණු Iron Man volume 1 #55 කියන comic පොතේයි. එතැන් පටන් විවිධ comic පොත් 50කට ආසන්න ප්‍රමාණයක සුපිරි දුෂ්ඨයා වන්නට Thanosට හැකිවනවා. මුලින්ම ඉදිරිපත්කෙරුණු Thanos එතරම් විශාල හැඩිදැඩි ස්වරූපයෙන් ඉදිරිපත්වූයේ නැහැ. නමුත් Marvel comic editor Roy Thomas විසින් Thanosගේ ස්වරූපය හා ශරීර ස්වභාවයේ කිසියම් වෙනසක් කරන්නට ගත් තීරණය නිසා අද Thoanosගේ නියම Super Villain ගතිය ඉස්මතුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කරපු වෙනස්කම නිසා Thanosගේ ජනප්‍රියතාවත් වැඩිවෙලා කියලා මට හිතෙනවා.
Thanos කියන්නේ සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයකු වන Titanහි ජීවත්වූ Titanවරුන්ගේ මූලාරම්භකයන් යුගලයක් වන A'Larsගේ සහ Sui-Sanගේ බාලම පුත්‍රයායි. උපතේදී අනෙක් ළඳරුවන්ට වඩා විශාලත්වයක් දැක්වූ Thanos මුළුමනින්ම අළුපැහැයට හුරු දම් පැහැයක් ගන්නවා. කුඩා කල පටන්ම රළු පෙනුමක් සහිතවූ නිසා හුදකලාව කල් ගෙවන Thoanos තමන් සතු බලයන් පිළිඹදව වැඩිදුර සිතන්නට, ඒවා වැඩිදියුණු කරන්නට පෙළඹෙනවා. සෑම Titanවරයෙකුටම තමන් සතුව බොහෝදුරට එකිනෙකාට වෙනස් බලයන් උපතේදීම පිහිටනවා. යාන්ත්‍රික ශක්තිය යොදාගනිමින් සහ භාවනා ආදී විවිධ ක්‍රම යොදාගනිමින් තම බලය එන්න එන්නම වැඩිකරගන්නට Thanos සමත්වනවා. වයස 20ක් පමණ වන විට ඔහුගේ බලයන් සමඟ ගැටෙන්නට කිසිඳු Titanවරයෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මෙලෙස විශාල බලයක් තමන් සතු බව දැනගන්නා Thanos තමන්ගේ බලයෙන් අනෙක් තරු සහ ග්‍රහලෝක පාලනයට ගත යුතු බවට Thanos තීරණය කරනවා. පහුව Titan වල Star Ship එකක් පැහැරගන්නා ඔහු අනෙක් ග්‍රහලෝකවලට සහ තාරකාවලට ගොස් හමුදා යටත්කරගනිමින් ඔහු තමන්ගේම කියා කුලී හේවායන්, සොල්දාදුවන් සහ දුෂ්ඨ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් පෞද්ගලික හමුදාවක් සකසා ගන්නට සමත්වෙනවා. එයින් එක් කුඩා කණ්ඩායමක් සමඟ Titan කරා යන Thanos විසින් Titan මතට පරමාණුක අවි රැසක් හෙළනු ලබනවා. පරමාණුක අවි Titan මත ඝට්ටනය වී ඇතිවන පිපිරීම් නිසා දහස් ගණන් දෙනා මිය යනවා. Thanosගේ මව වන Sui-Sanද ඒ ප්‍රහාරයෙන් මිය යනවා. ඉන් නොනවිතින Thanos තමාගේ මීළඟ මෙහෙයුම ලෙස පෘථිවිය අල්ලා ගැනීමට ලක ලැහැස්ති වෙනවා.
Thanosගේ වැඩිමල් වියේදී ඔහුට මරණයේ ප්‍රතිමූර්තිය හමුවනවා. මරණයේ ප්‍රතිමූර්තිය කාන්තාවක්(Mistress of Death). ඒ නිසාම Thanosගේ හිත Death කෙරෙහි යොමුවනවා. Thanosගේ සිතේ තිබෙන්නා වූ කුරුරුකමටත්, ඔහු සතුව විශාල බලයක් තිබෙන නිසාත් Death ඔහු සමඟ එකට එකතුවී වැඩ කරන්නට තීරණය කරනවා. Deathගේ උදව් තමාට නිරතුරුවම ඇති නිසා Thanosට අවශ්‍ය කෙනෙක් ක්ෂණිකව මරා දමන්නට හැකියාව ලැබුණා. ඒ පමණක් නෙවෙයි Death තමාගේ පාර්ශවයේ කෙනෙක් නිසා Thanos තමන් අමරණීය කෙනෙක් ලෙසට හඳුන්වාදුන් වාරද comicවල අනන්තයි. මෙතෙක් කල් රළු රුවක් සතු වූ නිසා අන් අයගේ ආදරය අඩුවෙන් ලැබුණ Thanosට Death තමාට ළං වීම ඉමහත් සතුටක් ගෙන දුන්නා. එපමණක් නොවෙයි තමාගේ අදහස් වලට කැමති වෙමින් තමාගේ අභිප්රායන්ට මෙලෙස උදව් කළ කෙනෙක් ඔහුට මීට කලින් හිටියේ නැහැ. අන්තිමට මේ හවුල ආදරයක් දක්වා පෙරළෙනවා.ආදරයකින් Super Villainsලා දෙදෙනෙක් එක්වෙනවා කියන්නෙ එතනින් එහා ඔවුන්ගේ බලයන් වල සීමාවන් ගැන කතා කරන්න ඕනෙ නැහැනේ ඉතින්. ඔය අතරේ තමාගේ බලය වැඩිකරගැනීමේ අභිප්‍රාය ක්‍රියාත්මක කරමින් Thanos පෘථිවියට පහර දෙන්නට සැරසෙනවා.
to be continued...
#SmAsHeR
Comic Script ලිපිය

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න