History of all the lantern corps - Part 02
Red lanternලා ගැන දාල කාලයක් ගියා වැඩ ගොඩක් තිබුනා කොහොමහරි අද අපි කතා කරන්න යන්නෙ ගොඩක්ම සිත්ගන්නා සුලු lantern corps එකක් ගැන ඒ තමයි Orange lantern එහෙමත් නැත්තන් Agent orange. කලින් කිව්වා වගේ orange lantern කියන්නෙ ගොඩක් සිත්ගන්නා සුලු lantern corps එකක්. මොකද කියනවනන් මේ වෙනකොට ඉන්නෙ එකම orange lantern කෙනෙක් විතරයි.
#CL0002 - Orange Lantern Force |
Larfleeze කියන්නෙ ගොඩක් පැටලිලි සහගත චරිතයක්. මෙයා එන්නෙ අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්න පුලුවන් ජීවීන් කොට්ටාශයක් ඉන්න ලෝකෙකින්. ඒක හින්දා larfleeze කියන්නෙ ගොඩක් වයසක් කෙනෙක්. Larfleeze ඉපදෙන්නෙ එයාගෙ අම්මා හේනෙ වැඩකර කර ඉන්න කොට. මේක නිසාද කොහෙද මෙයා අනිත් අයට වඩා ගොඩක්ම කැතයි. කොහොමහරි ටික කාලෙකට පස්සෙ මෙයාව තව ගොඩක් අය එක්ක පිටසකවල ජීවීන් වගයක් පැහැරගන්නව වහලුන් විදිහට. පස්සෙ මෙතනදි තමා එයාගෙ ලෝකෙ කෙනෙක්ව එයාට හම්බෙන්නෙ. පස්සෙ මේ දෙන්න කසාද බදිනව. මෙයාලගෙ ලමයිනුත් වහල්ලු වෙනවා. කොහොමහරි පස්සෙ larfleezeගෙ බිරිඳ මැරෙනව. මේ දවසෙ තමයි larfleeze තීරණය කරන්නෙ එයාට වහලෙක් විදිහට මැරෙන්න ඕනෙ නෑ කියල. පස්සෙ මෙයා මල සිරුරු ගොඩක් අස්සෙ හැන්ගිල කොහොමහරි මෙතනින් බේරිලා යනවා. පස්සෙ මෙයා හොරු කල්ලියක් එක්ක එකතු වෙලා fear entityව දාලා යවපු පෙට්ටිය හොරකන් කරනව. මේකත් එක්ක මෙයාලට සිතියමක් හම්බෙනවා, මේ සිතියමෙ උදව්වෙන් තමා මේගොල්ලො orange lantern එක හොයාගන්නෙ. මේක මේගොල්ලො හැමෝවම හැමෝම එක්ක ෆයිට් කරවනව. Larfleeze කොහොමහරි මේ හැමෝවම පරද්දලා orange lantern එකේ තනි අයිති කාරය වගේම එකම orange lantern වෙන්නෙ. Larfleezeම කියනව මේ කතාවෙන් බාගයක් විතරයි ඇත්ත කියලා ඒත් කොයි කටසද කියලා කියන්නෑ. Red lanternsලගෙ powers එන්නෙ තරහින්/කෝපයෙන් වගේ orange lantern කෙනෙක්ගෙ powers එන්නෙ තණ්හාවෙන්. Orange lantern corps කියන්නෙ dc වල බලවත්ම lantern corps වලින් එකක්. ඒත් තනි lantern කෙනෙක් කෝමද ඔච්චර බලවත් වෙන්නෙ ? Orange power ring එකකට පමනක් විශේෂ වූ හැකියාවක් තමයි පණ තියෙන hard light constructs නිර්මාණය කරන්න පුලුවන් හැකියාව. තේරුම තමයි මෙයා මරපු හැම කෙනෙක්ටම ආයෙ පණ දෙන්න්න පුලුවන් hard light construct එකක් විදිහට. මේ හැම construct එකකට තනියම හිතන්න පුලුවන්. කෙලින්ම කියනවනන් larfleeze කියන්නෙ one man army එකක්.
Orange lantern entity තමයි Ophidian. මෙයා මුලින්ම නිර්මාණය වෙන්නෙ සතෙක් සාමාන්‍යයෙන් නොකන දෙයක් කෑවාම හරියට මුවෙක් මස් එහෙමත් නැත්තන් සිංහයෙක් තනකොල කෑවම වගේ. ( ඇයි කියලා අහන්න එපා, කොමික්ස් pacman emoticon )
Larfleeze ඇරෙන්නෙ lex luthor සහ hal jordan orange power rings පාවිච්චි කරලා තියෙනව.
Orange lantern oath එක පොඩ්ඩක් අනිත් ඒවට වඩා වෙනස්
What's mine is mine
And mine and mine
And mine and mine and mine!
Not yours
#CL0002
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න