Harrison Wells
Red lightning ?
Red lightning ?
ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමා episode 11දි harrison wells දුවද්දි පිටවුනෙ රතු පාට එලියක් කියන එක. ඒක නිසා ගොඩක් අය හිතන්නෙ wells කියන්නෙ barryගෙ අනාගත version එකක් කියලා. ඒත් මෙතනදි අපි තේරුම් ගන්න ඕනා flash දුවන කොට එන්නෙ රතු එලියක් නෙවේ කියලා. Flash දුවන කොට එන්නෙ රතු සහ කහ මිශ්ර පාටක්. 75% කහ සහ 25% රතු. ඒත් reverse flashගෙ ඒකෙ අනිත් පැත්ත. 75% රතු සහ 25% කහ. මන් හිතන්නෑ මේකට ඇදන් ඉන්න ඇදුම බලපානව කියලා. උදාහරණයකට flash රතු පාට ඇදන් හිටියත් වෙන පාටක් ඇදන් හිටියත් එන්නෙ කහ සහ රතු මිශ්ර පාටක්. තවත් උදාහරණයකට harrisonව ගත්තොත්, episode 11දි එයා ඇදන් ඉන්නෙ තනිකර කලු පාට ඇදුමක්. ඒක නිසා මෙතනදි ඇදන් ඉන්න ඇදුම කහ උනත් රතු උනත් වෙන පාටක් උනත් lightning එකේ පාටට ඒක බලපාන්නෙ නෑ.
සමහර විට මන් වැරදි ඇති සමහර විට හරි ඇති. ඒත් ටිකක් විතර හිතුවාම මේක වැරදියි කියන්නත් අමාරුයි. කොහොමහරි ඔයාලාගෙ අදහසුත් මේක ගැන පල්ලෙහා comment කරන්න අපිටත් දැනගන්න.
#Kyle_Rayner
Comic Script ලිපිය
Niyamai
ReplyDelete