Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Thanos : The Mad Titan - Part 5

Thanos : The Mad Titan - Part 5

Super Villain - Marvel

(පසුගියකොටස හා සම්බන්ධ වේ)

 



Draxගේ දරුණු පහරදීමත් සමඟම Thanosගේ හදවත නතර වනවා. Draxගේ ළඟාවීමට මොහොතකට පෙර Thanos තමන් මරණයට පත්වන බව දකිනවා. ඔහු සිතූ පරිදිම Drax විසින් Thanosගේ පපුව සිදුරුකරගෙන යන්නට වැරෙන් පහරදී Thanosගේ හදවත උගුළවා දමනවා. නමුත් මේ වතාවේදීත් Death Thanosට උදව් කර යළිත් වතාවක් තමන්ගේ ආදරවන්තයාව මරණින් අවදි කර මෙවර Thanosට වූ පොරොන්දුව මත ඔහුව අමරණිය කරවනවා. පසුව ඔවුන් ටික කලක් යළි එකට වාසය කරනවා. බල තන්හාව මොන දෙයකින්වත් නවතන්නට බැරි බව සනාථ කරමින් Thanos කෙසේ හෝ පෘථිවිය අල්ලා ගැනීමේ උත්සාහයක නිරත වන්නට සැලසුම් කරනවා. මේ සඳහා ඔහු පෘථිවියේ තිබූ Cosmic Cube එක යළි තමන් යටතට ගන්න හැකිවනවා. නමුත් මෙය කලින් තිබූ තරම් බල සම්පන්න වන්නේ නැහැ. යම් කිසි දෝෂ කිහිපයක් මෙහි අඩංගු වනවා. Thanos ‍යළි Cosmic Cube එක සොයාගත් බව දැනගන්නා Peter Quill ඇතුළු Guardians of the Galaxy පිරිස මේ බව විශ්වයේ වැඩිහිටියන්ට(Elders of the Universe) සහ Avengersලාට දැනුම් දෙනවා. ඔවුන් Thanos සතු Cosmic Cube එකේ බලය රහිත කළ හැකි උපකරණයක් the Collectorගෙන් ලබාගෙන එම Cosmic Cube එකේ බලය ඉවත් කරනු ලබනවා. පසුව Elders of the Universe පිරිස විසින් Thanosව වෙනත් මානයකට පිටුවහල් කරනු ලබනවා.

ඔය අතරේදී the Illuminati පිරිසට Infinity Gems ලබාදුන් බව දැනගන්නා Thanos යළි Titan වෙතට ගොස් නැවත් මෙහෙයුම්, සැලසුම් සඳහා පිඹුරුපත් සැකසීම ආරම්භ කරනවා. ඒ අනුව ඔහු දක්ෂ රණකාමීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් එකතු කරගන්නට සමත් වනවා. එයට Black Order යන නම එක්කරන අතර එහි Black Dwarf, Corvus Glaive, Ebony Maw, Supergiant, Proxima Midnight යන පිරිස ඇතුළත් වනවා. Thanos මේ පිරිස සමඟ එක්ව කුඩා කුඩා ග්‍රහලෝක, තාරකා අල්ලාගනිමින් ඒවා විනාශ කරමින් සංහාරයක නිරත වනවා. මේ සංහාරයට හේතුව Thanosගේ පුත්‍රයකු වන Thaneව සොයා විනාශ කිරීමටයි. Thane කියන්නේ Inhuman කෙනෙක්. වරෙක Inhumansලා වෙසෙන ග්‍රහලෝකයකදී Thanos Inhuman කාන්තාවක් සමඟ කායික ඇසුරකට පසු Thanosට දාව ඇයට පුතෙකු ඉපදෙනවා. නමුත් Thanosට මේක ලැජ්ජාවක් ලෙසටයි ඔහු සලකන්නේ. ඔහු Thaneව මරා දැමීමට Black Order එකට උපදෙස් දුන්නත් ඔවුන්ට Thaneව හමුවන්නේ නැහැ.

Thanos Inhumansලාගේ රජු වන Black Boltව හමුවීමට ගොස් Thane ගැන සැබෑ විස්තර ලබා දෙන ලෙස පවසනවා. නමුත් Thanosගේ අඩම්තේට්ටම් නොඉවසූ Black Bolt මේ විස්තර Thanosට ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් කුපිත වන Thnos, Black Boltට පහර දෙනවා. මේ හේතුවෙන් Black Bolt විසින් පෘථිවියේ සවිකළ Inhumansලා ප්‍රධාන ලෙසම භාවිතා කරන T-Bomb එකක් පුපුරවනවා. නමුත් එයින් Thaneට බලය ලැබෙන බවයි comics වල සඳහන් වෙන්නේ. කෙසේ නමුත් ලොව පුරා Thaneව සෙවීමේ නිරතව සිටින Black Order එකේ සාමාජිකයන්ගෙන් පෘථිවියේ සිටින Ebony Maw පෘථිවියේ Greenland වල සිදුවූ මෙම පිපිරීම ගැන Thanosට වාර්තා කරනවා. මේ අතරතුරේදී Thaneගේ බලයන් ගැන Maw දැනගන්නවා. Thaneව අල්ලා මරා දැමීමට Greenland වලට Thanos පැමිණෙනවා. මේ අතර Thanosව සොයා Avengersලාත් Greenlandවලට පැමිණෙනවා. Avengersලා සහ Thanos ඇතුළු පිරිස සටන් කරන ඒ අවස්ථාවේදී Ebony Maw විසින් Thanos සිදු කරන්නට යන දෙය ගැන Thaneට පවසා Thanosව රවටා Thaneව නිදහස් කොට ඔහු ලවා Thanosව, Corvus Glaiveව සහ Proxima Midnightව amber construct එකක සිර කරවනවා. පසුව ඔවුන්ව Necropolis නොහොත් මරණයේ නගරයට පිටුවහල් කරනවා.

මෙලෙස පිටුවහල් කරන මොවුන් තිදෙනාව Namor විසින් නිදහස් කර ඔහුගේ කුමන්ත්‍රණ කණ්ඩායම වන The Cabal(Namor's) එකට බඳවා ගන්නවා. Cabal එකේ අනෙක් පිරිස වන්නේ Namor, Black Swan, Maximus සහ Terraxයි. Namor කියන්නේ කලින් Illuminati (Infinity Gem protectors) කණ්ඩායමේ සාමාජිකයෙක්. නමුත් ඔහු බලයෙන් උඩඟු වූ නිසා එයින් ඉවත්කර දමනවා. මේ අතරේ සමාන්තර පෘථිවියක Illuminati කණ්ඩායම ආක්‍රමණයකට මුහුණ දෙමින් සිටිනවා. මේ සමාන්තර පෘථිවිය ආක්‍රමණයකට ලක් වෙමින් පවතින එකක්. පසුව එම සමාන්තර පෘථිවියට පැමිණෙන Cabal පිරිස Illuminati කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන Wakandaවට පහර දෙනවා. පහර දී එම සමාන්තර පෘථිවියේ බලය අල්ලා ගන්නවා. මේ Illuminati කණ්ඩායමේ පිරිස වන්නේ Beast, Black Bolt, Black Panther, Captain Britain, Amadeus Cho, Doc Green(Hulk), Iron Man, Mister Fantastic සහ Yellowjacket යන සුපිරි වීරයනුයි.

Thanosගේ අරමුණෙන් එකින් එක නගර, රටවල් විනාශකරමින් යන Cabal එකේ වර්තමාන තත්වය ගැන කළකිරෙන Namor පැති මාරු කරන්නට සැලසුම් කරනවා. තමාගේ නායකත්වය යටතේ වුවද Thanosගේ අදහස් ක්‍රියාත්මක වීම ඔහුගේ සිතට වධ දෙන්නක් වූවා. ඒ අනුව Sidera Marisගේ මේ සමාන්තර පෘථිවි ආක්‍රමණය අතරතුර Namor විසින් Cabal එකේ නායකයා වශයෙන් ඔවුන්ට රැඳී සිටීමට මේ සමාන්තර පෘථිවිය බේරා ගත යුතුය යන මතයෙන් Sidera Marisගේ හමුදාවට පහර දෙනවා. පහර දෙමින් Cabal එකේ පිරිසව වෙනත් ලෝකයක් වෙතට රැගෙන යනවා. එහිදී A.I.M. එකේ තාක්ෂණයෙන් නිපදවන ලද බාධකයක් සාදා Thanos ඇතුළු Cabal එකේ පිරිසට යළි නියම පෘථිවියට පැමිණෙන්නට නොහැකි වන සේ සකසා Namor යළි වර්තමාන පෘථිවිය වෙත පැමිණෙනවා. නමුත් ඒ පැමිණෙන අතරතුරදී Black Panther සහ Black Bolt විසින් Namorට යළි පැමිණෙන්නට නොහැකි වන සේ A.I.M. platform එක මේ පැත්තෙන් වසා දමා Namorවද එහි සිර කොට පිටව යනවා. තමන්ට යළි වර්තමාන පෘථිවියට(Earth-616) පැමිණෙන්නට නොහැකි බව සහ ආක්‍රමණයෙන් ජයගන්නට නොහැකි බව තේරුම්ගන්නා Cabal පිරිස Sidera Marisගේ මීලඟ ආක්‍රමණයට ප්‍රථම මේ විනාශවන ග්‍රහලොවෙන් ගැලවීයාමට තුන්වන විශ්වය නොහොත් Ultimate Universe එකට පලා යනවා.

Thanos කියන්නේ උපතින්ම බලයන් ලබා ඒවා වැඩිදියුණු කරගත් පුද්ගලයෙක්. එපමණක් නොව Titan වල මුල්පරපුරේ දෙමාපියන්ට දාව උපන් කෙනෙක්. ඒ නිසාම Thanosට මිනිසුන් මෙන් දස කෝටි ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. ඒ හා නොදෙවෙනි ඉතාමත් විශිෂ්ඨ බුද්ධියක් (Superhuman Intelligence) එකක්ද පිහිටනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. තවද බිඳිය නොහැකි තරම් (Nigh Invulnerability) වන ශක්තිමත් සමක් හා ශරීරයක්ද, ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Accelerated Regenerative Healing Factor)ද පිහිටනවා. මේ සියල්ලත් සමඟම ඔහුගේ අමරණිය බව ගැනත් (Immortality) විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. තවද බල ශක්තිය මෙහෙයවීම සහ පාලනය කිරීම (Energy Manipulation & Control) සහ පදාර්ථ මෙහෙයවීම සහ පාලනය කිරීම (Matter Manipulation & Control) අතුරින්ද ඔහුව අභිබවා යන්නට සමතෙක් නැහැ.එමෙන්ම Thanos කියන්නේ Telepathy කෙනෙක්. ඒ කියන්නේ යම් මට්ටමකින් මානසිකව තවත් පුද්ගලයෙක් ග්‍රහණය කරගන්නට පුලුවන්. එමෙන්ම තමන්ගේ මනස වෙන කාටවත් පාලනය කරන්නත් බැහැ. එමෙන්ම Thanosට Teleportation powers පවා ලැබී තිබෙනවා.

Earth 616 Comic වලට අනුව Thanosගේ මුළු ජීවිත කථාව සහ ඔහුගේ බලයන් තමයි මේ අපි දැනගත්තේ. Earth Series එකේදී Thanos හරියටම මිය යන්නේ නැති නිසා ඉස්සරහටත් Marvel Comics වල Thanosව දැකගන්නට ලැබේවි. මම මුලින් කිව්වා වගේ Thanos කියන්නේ Marvel Universe එකට නැතිවම බැරි චරිතයක්. ගොඩක් ජනතා ආකර්ෂණය දිනාගත් Super Villain කෙනෙක් නිසාත් මං ආසම Marvel villain චරිතය Thanos නිසාත් තමයි Thanos ගැන මෙහෙම ලිපි 5ක් අරගෙන ආවේ. මේ ලිපි පෙළ ගැන වගේම ඉස්සරහට දාන්න ඕනෙ ලිපි ගැනත් ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා අපිට යොමු කරන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඉස්සරහට යන්න අපි කැමතියි. එහෙනම් මේ වගේම ලිපි පෙළකින් යළිත් හමුවෙමු.

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න