ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්. ඒකට ජාති භේද, ආගම් භේද කිසිම දෙයක් බලපාන්නේ නේ. ඒ සේරම මැඩගෙන නැගී සිටින්න ආදරයට පුළුවන්. ඉතින් අද ආදරවන්තයින්ගේ දිනයේ දී අපි හිතුවා ඒ වගේ පුදුමාකාර ආදරයක් ගැන කතා කරන්න. ආදරය අන්ධයි කියන්න මීට වඩා හොඳ උදාහරණයක් තවත් නැති තරම්.
ඒ තමයි සුරූපී තරුණියක් සහ මිනිස් පෙනුමක් තියන රොබෝ කෙනෙක් අතර ඇතිවන ආදරයක්. මෙහෙම කියද්දීම ඔයාලා දන්නවා අපි කියන්නේ කවුරු ගැනද කියලා. ඔව් අපි කතා කරන්නේ Scarlet Witch සහ Vision ගැන.
ස්කාර්ලට් විච් එහෙමත් නැතිනම් Wanda Maximoff කියන්නේ මියුටන්ට් කෙනෙක්. මෙයාට පුළුවන් යථාර්තය වෙනස් කරන්න. මෙයයි මෙයාගේ මල්ලි ක්වික් සිල්වර්යි දෙන්නා මුලින්ම Brotherhood of Evil Mutants විදිහට මැග්නිටෝ යටතේ වැඩ කරනවා. පස්සේ ඒ දෙන්නා ඇවෙන්ජර්ස් ලාට එකතු වෙනවා. ඒ වෙද්දී විෂන් කියන මිනිස් රොබෝවරයා ඇවෙන්ජර්ස් ලාට එකතු වෙලා වැඩි කාලයක් නෑ. විශ්වයේ හැම නිතියකටම වඩා ආදරෙයේ නිතිය වැඩියි කියන එක තහවුරු කරමින් මේ දෙන්නා ආදරයෙන් වෙලෙනවා.
ඇත්තටම කොහොමද රොබෝ කෙනෙක් ට ආදරය වගේ හැගීම් ඇති වෙන්නේ. ඒකට පිළිතුරක් හොයන්න නම් අපිට මේ දෙන්නා ගේ ආදර කතාව කියන එක නවත්තලා විෂන් ඇතිවුන විදිහ ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවා.
විෂන් කියන්නේ හෙන්රි පිම් නැතිනම් හෑන්ක් පිම් නිර්මාණය කරපු අල්ටෝන් ගේ නිර්මාණයක්. හියුමන් ටෝර්ච් කියන මිනිස් ශරීරයක් තියන රොබෝවරයා නිර්මාණය කරපු මහාචාර්ය හෝර්ටන් පැහැරගෙන ගිහිල්ලා අල්ටෝන් එයාටම වෙන් වුනු රෝබෝවරයෙක් නිර්මාණය කරන්න කියලා හොර්ටන්ට බලකරනවා. හෝර්ටන් හියුමන් ටෝර්ච් වැඩි දියුණු කරනවා. කලින් තිබ්බ පාට අයින් වෙලා රතු පාටක් මුණට එකතුවෙනවා. ඒ විතරක් නෙවේ හෝර්ටන් එයාගෙම නිර්මාණයක් වුනු හෝර්ටන් සෛල එකතු කරනවා රොබෝවරයට. හැබයි එයා හියුමන් ටෝර්ච් ගේ මතකය ඒ විදිහටම තියෙන්න අරිනවා. මේක දැනගත්ත අල්ට්‍රෝන් හෝර්ටන් ව මරනවා. ඒ පළිය ගන්න හියුමන් ටෝර්ච් ආපුවාම එයාවත් පරාද කරනවා. පස්සේ හියුමන් ටෝර්ච් ව භාවිතා කරනවා ඇවෙන්ජර්ස් ලාව කොටු කරගන්න.
කොමික් වල විදිහට් නම් Wasp මුලින්ම හියුමන් ටෝර්ච් ව දැකලා කියපු වචනයක් හින්දා තමයි මෙයාට විෂන් කියන නම් වැටෙන්නේ. මෙයා එදා ඉදන් ඇවෙන්ජර්ස්ලා එක්ක එකතු වෙලා සටන් කරනවා. ඉතින් ස්කාර්ලට් එයාගේ බලයෙන් විෂන් ගේ කේතක වලින් එහාට ගිහින් බලපුවාම දැක්කා හැගීම් දැනීම් තියන පුද්ගලයෙක් විෂන් ගේ ඇතුලාන්තයේ ඉන්නවා කියලා. එදා ඉදලා මේ දෙන්නගේ ආදරය වෙන්කරන්න බැරි විදිහට වර්ධනය වෙනවා.
මේ දෙන්නා වෙනම ජිවිතයක් ගත කරන්න පටන් ගන්නවා. ස්කාර්ලට් විච් එයාගේ මැජික් බලය භාවිතා කරලා නිවුන්නු දෙන්නෙකුට උපත ලබා දෙනවා. මේ සුන්දර ඒ වගේම අරුම පුදුම ආදරය කඩාගෙන වැටුනේ කව්රුවත් හිතුවේ නැති විදිහට. විෂන් ව පැහැරගැනීමකට ලක්වෙනවා Immortus කියන කාලය හරහා ගමන් කරන පුද්ගලයා අතින්. ඇවෙන්ජර්ස්ලට මෙයාව හම්බෙන කොට විෂන් ගේ ශරීරයේ කොටස් විතරයි තිබ්බේ. හෑන්ක් පිම් මෙයාව අලුත් වැඩියා කරනවා. ඒත් පුදුමයකට වගේ විෂන් ගේ මානුෂිය ගති නැති වෙලා එතකොට. එයා හිත් පිත් නැති යන්තරයක් විතරයි ඊට පස්සේ.
කොහොමද මෙහෙම දෙයක් උනේ කියලා හොයලා බලද්දී තමයි මෙච්චර කාලයක් විෂන් ගේ අභ්‍යන්තරයේ හිටපු පුද්ගලයා Wonder Man හෙවත් Simon William කියන පුද්ගලයා කියලා. මොකද විෂන් ව නිර්මාණය කරද්දී විෂන් ගේ කේතක සකස් කෙරුවේ වොන්ඩර් මෑන් ගේ මොළයට අනුරූපව. ඒත් හෑන්ක් පිම් විෂන් ව අලුත් වැඩියා කරද්දී වොන්ඩර් මෑන් ව භාවිතා කරන්නේ නෑ මොකද ඒ වෙද්දී වොන්ඩර් මෑන් ට එයා කරපු දේ ගැන පසුතැවීමක් ඇති වුනා. මොකද විෂන් කියන්නේ එයාගේ සිතිවිලි මත ක්‍රියා කරන රෝබෝවරයෙක් විතරක් හින්දා. එයා ස්කාර්ලට් විච් ට එයාගේ හැගීම් කියනවා.
මෙතන ඉදන් ස්කාර්ලට් විච් ගේ ජිවිතේත් වෙනස් වෙනවා. එයා ආදරේ කෙරුවේ රොබෝ වරයාටද නැතිනම් ඒ ඇතුලේ හිටපු පුද්ගලයාට ද කියන ගැටලුව. මේ අතර වාරයේ වොන්ඩර් මෑන් මුහුණ දීපු ප්‍රහාරකයින් එයා ව බේරා ගන්න ස්කාර්ලට් විච් ඉදිරිපත් වෙනවා. එතකොට එයාගේ හිතේ අර දෙගිඩියාව කැමත්තක් දක්වාම වර්ධනය වෙනවා.
මේ අතර වාරයේ තමයි නොහිතපු දෙයක් සිද්ද වෙන්නේ. ස්කාර්ලට් විච් සහ විෂන් ගේ දරුවෝ දෙන්නා අඳුරු බලවේගයක් වෙන Mephisto ගේ නිර්මානයක් කියන එක. නියමිත කාලය ඉක්ම උණාට පස්සේ මේ දෙන්නා ආපහු Mephisto වෙතටම එකතුවෙනවා මතකයක් විතරක් මේ ලෝකේ ඉතුරු කරලා. මේක ස්කාර්ලට් විච් ට දරා ගන්න බැරි වෙනවා. එයාගේ යාලුවෙක් ස්කාර්ලට් විච් ගේ මතකය අයින් කරනවා තාවකාලිකව. ටික කාලෙකින් එයාගේ මතකය ආපහු ආවත් විෂන් එක්ක තිබ්බ ආදරය සම්පුර්ණයෙන්ම නැති වෙනවා.
මේ අතර වාරයේ තමයි මේ හැම දෙයකටම එහා ගිය දෙයක් තියනවා කියලා හෙළි වෙන්නේ. ස්කාර්ලට් විච් සහ විෂන් ඇතුළු මේ සේරම මුල ඉදන්ම Immortus ගේ සැලසුමක රුකඩ විතරක් කියලා හෙළිවෙනවා. මොකද ස්කාර්ලට් විච් කියන්නේ විශ්වයේ පැවැත්ම තීරනය කරන කෙනෙක් එහෙමත් නැතිනම් Nexus Being කෙනෙක්. එයාට උපදින දරුවන්ට පුළුවන් මේ විශ්වයේ පැවැත්ම වෙනස් කරන්න හොඳ හෝ නරක විදිහට. ඒක අන්තරාදායක හින්දා කාලයේ මුරකාරවරු Immortus ගෙන් ඉල්ලනවා ස්කාර්ලට් විච් මරන්න. ඒත් මනුෂ්‍ය ඝාතනයෙන් පුළුවන් තරම් වැලකි ඉන්න උත්සාහ කරන Immortus අනුගමනය කෙරුවේ ඊට වඩා දරුණු සැලැස්මක්. ඒ තමයි විශ්වයේ තියන පිවිතුරුම ගුණාංගය භාවිතා කරලා ස්කාර්ලට් විච් ගේ ජිවිතේ උඩු යටිකුරු කරපු එක.
මේක දැනගත්ත ස්කාර්ලට් විච් එයාගේ දරුවෝ දෙන්නා ආපහු ගෙන්වන්න ගිහිල්ලා එයාගේ බලය පාලනයක් නැතිව යනවා. ඒ වෙලාවේ එයාගේ අතින් ගොඩක් දෙනෙක් මැරෙනවා. ඒත් එක්ක ඇතිවන සිද්ධි දාමයත් එක්ක විෂන් පවා මරණයට පත් වෙනවා. ඊට පස්සේ කාලය ඇතුලේ ගොඩාක් දේවල් සිද්ද වෙනවා ස්කාලට් විච් ට. කාලයත් එක්ක ස්කාර්ලට් විච් දැනගන්නවා එයාගේ දරුවෝ දෙන්නගේ ආත්මය යන්ග් ඇවෙන්ජර්ස්ලා දෙන්නෙක් විදිහට ආපහු පහල වෙලා කියලා. මේ වෙද්දී එයාගේ ස්වාමි පුරුෂයා විෂන් පවා නැවත ප්‍රති නිර්මාණය කරලා.
ඒත් ස්කාර්ලට් විච් සහ විෂන් දෙන්නාට ආපහු එකතු වෙන්න පුළුවන් වෙයිද? නැතිවුණු විශ්වාසය ආපහු සැරයක් ඇතිවෙන්න පුළුවන් ද? මේ සේරම නොවිසිදුනු ප්‍රශ්න. ආදරය සම්බන්ධ හැම ගැටළුවකටම සුදුසුම පිළිතුර කාලය හින්දා අපිත් මේ ප්‍රශ්න කාලයත් එක්ක විසදෙයි කියලා බලගෙන ඉමු.
#Amadeus_chO
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න