Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Marvel's Daredevil : Motion Poster Breakdown

Marvel's Daredevil : Motion Poster Breakdown
Daredevil Motion Poster Breakdown...

දැනටමත් Marvel සමාඟම ඔවුන්ගේ තරඟකාරී බව වැඩිකරමින් රූපවාහිනී ටෙලිකථාමාලාවන් දියත් කරන්නට පටන් ගෙන හමාරයි. ඔවුන්ගේ ප්‍රථම කථාමාලාව වන Marvel's Agents of S.H.I.E.L.D. කථාමාලාව අති ජනප්‍රිය නිසා දැනටමත් දෙවන season එකක් දක්වා එය රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඔවුන් Netflix හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ නවමු කථාමාලාව වන Marvel's Daredevil කථාමාලාව 2015 අප්‍රේල් 10 වන දින ලොව පුරා විකාශ කිරීමට නියමිතයි.

කලින් ලිපියේ අපි Marvel සමාගමෙන් නිකුත් කරන ලද පළමු series Trailer එක ගැන කථා කළා (https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1571682216448118/?type=1) ටිකක් පරක්කු උනත් Marvel සමාගම Daredevil series එක වෙනුවෙන් නිකුත් කරපු Daredevil Motion Poster එක ගැන පසුවිපරමක් ගෙන එන්නටයි මම මේ සූදානම් වෙන්නේ. ගොඩ දෙනක් මේ වීඩියෝ එක බලලා ඇති. නොබලපු අය බලන්නයි, බලපු අය ආයෙ මතක් කරගන්නයි මුලින්ම Video එක බලලා ඉමුකෝ..

https://www.youtube.com/watch?v=ltzGfeqWp_M

Motion Poster එක ඇතුලෙ අපි හිතුවට වඩා easter eggs ගොඩක් ඇතුළත් වෙනවා. මුළින්ම අපි පටන් ගන්න තැනේ ඉදලා කථා කරමු.

 



#1 streets of Hell's Kitchen - Daredevil Comics කියවපු අයට නම් මේ නම හොදට හුරු පුරුදු ඇති. Hell's Kitchen කියන්නේ Matt Murdock/Daredevil ඉපදුණු සහ හැදී වැඩෙන තැන. කොටින්ම කිව්වොත් Hell's Kitchen වල වීරයා තමයි Daredevil. කථාවේ බොහොමයක් කොටස් Hell's Kitchen එක හා සම්බන්ධ වේවි. තව ඉස්සරහට එන Marvel's Defenders Series එකටත් Hell's Kitchen එක පාදක වේවි කියන එකයි මගේ මතය. Comics වලට අනුව Hell's Kitchen පිහිටන්නේManhattan, New York City වලයි. ඒ කියන්නේ කථාවේ ගොඩක් කොටස් රූගත් කරලා තියෙනවා ඇත්තේ New York වල streets වල වෙන්න ඕනෙ කියන එකයි.

#2 Avengers Assemble - කලින් ලිපියේ අපි කිව්වා වගේම මේ Motion Poster එකේදීත් අපිට Avengers Tower එක දැකගන්නට ලැබෙනවා. දැන් ඉතින් වැඩේ 100%ම විශ්වාසයි.Marvel සමාගමේ සියළු අංග එකිනෙකට සම්බන්ධ වන නිසා මේකත් එහෙම ඉඟියක් වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ගොඩක් දුරට Civil War චිත්‍රපටයට මේ Defendersලා කිහිපදෙනෙකුත් එකතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවේ Avengers චිත්‍රපටයක Daredevil පෙනී සිටියොත් ඒකත් පුදුමයක් වේවි.

#3 Nelson and Murdock, Open For Business - අපි දන්නවානේ Matt Murdockගේ හොඳම යාලුවා Foggy Nelson එක්ක මැට් එකතු වෙලා නීති කාර්යාලයක් පිහිටුවාගන්නවා. ''Lawyer by day, Vigilante by night'' කියලා බැක්ග්‍රවුන්ට් එකෙන් කියන එකෙන් ඒක හොදටම තහවුරු වෙනවා. කථාවේ weekly review එකේදී මේ සම්බන්ධව වැඩි විස්තර දැනගනිමු.

#4 Josie’s Bar - Comic වලදි Matt, Foggy, සහ Karen Page තුන්දෙනා වැඩිපුරම එකතුවෙලා කථාකරකර ඉන්න තැනක් තමයි Josie’s Bar එක කියන්නේ. මෙතන දී පරීක්ෂාකාරීව බැලුවොත් Josie’s කියන නම අපිට දැකගන්න පුළුවන්. ඒ නිසාම මේ තැනත් කථාවේ වැදගත් සිදුවීමකට සම්බන්ධ වේවි.

#5 Kingpin - ගොඩක් දුරට මේ season එකේ Daredevilට ඉන්න ප්‍රධාන සතුරා වෙන්නේ Kingpin වෙන්න පුළුවන්. Kingpinකියන්නේ පාතාල නායකයෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්. ගොඩක් වෙලාවට Matt දවල් මොහු සම්බන්ධ නඩු වලට පෙනී ඉදලා රෑට ඒ වෙනුවෙන් යුක්තිය ඉටුකරනවා වෙන්නත් පුළුවන්.

#6 The Man Without Fear - ඔන්න මේක තමයි මේ Motion Poster එකේ තියෙන වැදගත්ම easteregg එක. ඒ කියන්නේ Mattගේ අවසාන Daredevil costume එක පහළ තියෙන වතුරට පිළිබිඹු වෙනවා. අනිත් trailer එකේ තිබ්බ නින්ජා costume එක වගේ නෙවෙයි මේක. හොදින් බැලුවොත් ඒ රූපයේ ඉනේ utility belt එකක් වගේ දෙයක් තියෙන බවක් පේනවා. එහෙනම් මේක ගොඩක්දුරට comic වල තියෙන Classic Daredevil costume එක වෙන්න පුළුවන්. මං නං කියන්නේ මේ ඒකම තමයි කියලා. ගොඩක් දුරට මේ සීසන් එක අන්තිමට කිට් එක හම්බවේවි.

#SmAsHeR

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න