Arrow S03E17 – Suicidal Tendencies
ෆ්ලෑෂ් කතා මාලාව කුතුහලය පිරුණු උද්වේගජනක සිද්දීන් ඉදිරිපත්කරද්දී ඇරෝ කතා මාලාව තනියම ගමනක් යනවා. අපි බලමු මේ සතියේ කතාව ඇතුලේ අපිට දකින්න පුළුවන් වෙන්නේ මොනවාද කියලා.
1. මතකනේ අපි අපේ පේජ් එක හරහා ඉඟියක් ගෙනාවා ඩිගල්ස් ගේ විවාහ උත්සවය ගැන. කතාව පටන් ගන්නේ ඒකෙන්. හැබයි ඒ දෙන්නාට විවාහ වෙලත් එකට ඉන්න නම් හම්බුනේ නැති එක හරිම කනගාටු දායකයි.
2. රේ පාමර් එහෙමත් නැතිනම් ඇටොම් කියන සුපිරි චරිතය මේ වෙද්දී සෑහෙන දුරකට ගොඩ නංවලා ඉවරයි. මේ වෙද්දී පාමර් නගරයේ ආරක්ෂාව කියන්නේ තමන්ගේ පුද්ගලික වගකීමක් කියන තැනට ඇවිත් ඉන්නවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට පාමර් ස්ටාර්ලින් සිටි වලට තියන තර්ජනය ඇරෝ කියලා අදහස් කරගෙන ඒ පස්සේ පන්නනවා. කොහොමත් සුපිරි විරියෝ දෙන්නෙක් පලවෙනි වතාවට එකිනෙකා හම්බෙන කොට ගොඩක් වෙලාවට ගැටුමක් ඇතිවෙනවා. ඊට පස්සේ තමයි සහයෝගයෙන් වැඩ කරන්නේ. ඇරෝ - ෆ්ලෑෂ් ක්‍රොස් ඕවර් එක බලපු අයට හරි, ජස්ටිස් ලීග් - වෝර් ඇනිමේෂන් ෆිල්ම් එක හරි බලපු අයට මේක හොදටම පැහැදිලි ඇති. තමන් අතරින් වැඩි පුර බලවත් කවුද කියන එක කොහොම උනත් ඒ අයගේ හිත ඇතුලේ තියනවා ඇති කියලා මට හිතෙන්නේ.
3. දැනට දැක්ක විදිහට නම් ඇටොම් ගේ (තාම නම් අයන් මෑන් කියලා හිතෙන්නේ) කිට් එක සෑහෙන වැඩ කෑලි තියන එකක්. ඉස්සරහට තව විස්තර අපිට බලාගන්න පුළුවන් වෙයි මෙයාගේ
4. අපිට ආපහු Suicide Squad එක දකින්න පුළුවන් උනා. අපිට මීට කලින් හම්බුනු ක්යුපිඩ් දැන් ඒකෙ සමාජිකාවක්. ඊට අමතරව අපේ පැරණි යාලුවා Deadshot ඉන්නවා. ඔයාලා Assault On Arkham ඇනිමේෂන් ෆිල්ම් එක බැලුවා නම් මතක ඇති හාර්ලි ක්වින් Deadshot ට පිස්සු වැටිලා හිටපු විදිහ. මෙතන දී කියූපිඩ් හාර්ලි ගේ චරිතය ට සමාන චරිතයක් කරන්නේ.
5. අපිට Deadshot ගේ අතීත කතාව දකින්න හම්බෙනවා. ඇත්තටම Deadshot කියන්නේ විලන් කෙනෙක් උණාට ගොඩක් අය එයාගේ ගති ගුණ වලට කැමතියි. ඒ Deadshot කියන චරිතයත් එක්ක බැදුණු එයාගේ දුව Zoe Lawton හින්දා. අපිට ඇරෝ කතා මාලාවේ මේ පසුබිම් කතාව දකින්න පුළුවන්. ඒ වගේම ඇරෝ කතා මාලාව ඇතුලේ Deadshot ගේ අතීත කතාව ගොඩ නගලා තියෙන්නේ “ඇමරිකන් ස්නයිපර්” කියන ෆිල්ම් එක ඇසුරෙන්. මොකද ගොඩක් සෙබළු පශ්චාත් යුධ මානසිකත්වයෙන් පෙළෙනවා. අපේ ලංකාව ඇතුලේ උනත් අපේම සහෝදරයෝ මේ තත්තවයට පත් වෙලා ඉන්නවා. ඇත්තටම කොමික් ස්ක්‍රිප්ට් පේජ් එකේ අපි හැමෝම මේක අවස්ථාවක් කර ගන්නවා ඒ අයගේ උදාර මෙහෙය සිහිකරන්න
6. Deadshot හිරේ ඉන්න කොට එයාව නිදහස් කර ගන්න එන කාන්තාව අයිති වෙන්නේ H.I.V.E. කියන සංවිධානයට. ඇරෝ කතාවට New Earth සහ Prime Earth (New 52) කියන යුනිවර්ස් දෙකෙන්ම ථොරථූ ගන්න හින්දා අපිට කියන්න බෑ හරියටම The Hierarchy of International Vengeance and Eliminations එක ද නැතිනම් Holistic Integration for Viral Equality එකද මේ කියන්නේ කියලා. ඒත් මගේ නම් අදහස මේ ගොඩක් වේලාවට නිව් අර්ත් එකේ H.I.V.E. ගැන කියන්නේ කියලා. මොකද අපේ පරණ යාලුවෙක් වෙන Deathstroke සම්බන්ධ වෙලා ඉන්න H.I.V.E. එකක් ගැන සඳහන් කරන්නේ නිව් අර්ත් එකේ දී හින්දා.
7. Joseph Cray කියන්නේ Suicide Squad කොමික් සිරිස් එකේ හිටපු පොඩි චරිතයක්.
අපිට අද කතාවේ දැක ගන්න පුළුවන් උන දේවල් ගෙන් වැදගත් කරුණු විදිහට අපිට හඳුනාගන්න පුලුවන් මේ කාරනා ටික තමයි. හැබයි ඇරෝ කතා මාලාව අපිට ප්‍රශ්න කිහිපයක්ම ඉතුරු කරලා යන්නේ.
A. ඩිගල්ස් ටීම් ඇරෝ වලින් සමු ගන්නවා කිව්වා. මේ හදන්නේ කොමික් වල තියන චරිත විතරක් තියාගෙන ටීම් ඇරෝ එකේ අනිත් සමාජිකයෝ ඉවත් කරන්නද?
B. Deadshot ඇත්තටම මිය ගියාද? dc යුනිවර්ස් එකේ Suicide Squad එක තියන ෆිල්ම් එකක් එන හින්දා මේ Suicide Squad එක විසුරුවලා දැම්මද? (Deadshot නැතිව Suicide Squad එකක් නෑ)
C. H.I.V.E. එක ඩිගල්ස් ගේ සහෝදරයාගේ මරණය හා සම්බන්ධ වෙන්නේ කොහොමද?
D. කතාවේ අවසානයට මෙසයෝ ඉලක්කෙට ගන්නේ ෆෙලිසිටි. ඇත්තටම ඒක ෆෙලිසිටි ට වදිනවා ද?
මේ කාරණා ගැන ඔයලාගේ අදහස මොකක්ද? ලබන සතියේ කතාව එනකල් අපිට පුළුවන් මේ ගැන කතා කරන්න
#Attila_THE_hun
Comic Script ලිපිය



No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න