Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash Season 1 Episode 16

The Flash Season 1 Episode 16
The Flash Episode 16 - Rogue time

#Spoiler_Warning


 



මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න පරක්කු උනාට සමාවෙන්න කියලා. වැඩ ගොඩක් තිබුන ඒකයි පරක්කු උනේ. මේ episode එක කලින් episode එකේ දෙවැනි කොටස කියලා කියන්න පුලුවන්. කොහොමහරි barry කලින් episode එකේ අන්තිමේදි කාලය හරහා යනවනෙ ගිහින් wellsගෙ අනතුරු ඇගීම් ගනන් ගන්නෙ නැතුව timeline එකත් එක්ක සෙල්ලන් කරනවනෙ, මේක නිසා තමයි කලින් episode මේ episode එකත් එක්ක වෙනස් වෙන්නෙ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කලින් තිබුන timeline එකට මොකද උනේ කියලා. මේක ගැන අදහස් ගොඩක් තියෙනවා. එකක් තමයි Barry කාලය හරහා ගියාම එයයි ඒ timeline එකේ barryයි එකට එකතු උනා කියන එක. එහෙමත් නැත්තන් barryගෙ මතකයන් කලින් timeline එකේ barryට ලැබුන කියන එක. ඒත් මෙතනින් හොදම අදහස තමයි කලින් තිබුන timeline එකෙන් වෙන සමාන්තර ලෝකයක් නිර්මාණය උනා කියන එක. එහෙමත් නැත්තන් ඒ timeline එක පැවැත්මෙන් මැකිලා ගියා කියල හිතන්නත් පුලුවන්. කොහොමහරි ඒ timeline එක වෙන සමාන්තර ලෝකෙකට පරිවර්තනය උනානම් පල්ලෙහා තියෙන Flash vs Flash ( මේ පින්තූරය මේ episode එකක් නෙවේ) පින්තූරය ගොඩක් දුරට පැහැදිලි කරන්න පුලුවන්. කොහොමහරි මේ episode එකේ අපිට Lisa Snart aka Golden Gliderව මුණගැහුනා. කොහොමහරි Comic වල lisa තුවක්කුවක් පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි new 52 universe එකේනන් lisa metahuman powers තියෙනව. මන් හිතන්නෙ නෑ දැම්ම lisapowers හම්බෙයි කියලා. මන් වැඩිය lisa ගැන කතා කරන්න යන්නෙ නෑ මොකද දැනටමත් lisa ගැන වෙනම ලිපියක් ලියලා ඉවර නිසා. කොහොමහරි peyton list තමයි lisaට රගපාන්නෙ. සමහර විට ඔයගොල්ලොන්ට මතක ඇති මෙයාව tomorrow people show එකෙන්, ඒවගේම Robbie amell firestormට රගපාන කෙනත් tomorrow people එකෙන් ආපු කෙනෙක්. ගොඩක් අය බලාපොරොත්තු වෙන දෙයක් තමයි robbie සහ peytonව එකම episode එකේ දකින එක. Prison break එකේ වගේම දැන් flarrow universe එකේ tomorrow people එකේ අයත් ඉන්නවා, කොහොමද ඒක හාහ්. ආ ඔව් Flarrow universe කිව්වෙ flash /arrow universe එක ගැන.
Captain cold,
මේක තමයි මගෙ කැමතිම cold episode එක. " ඔයා ඔය කියන තරන් හොදනන්, ඔයාට ඕන දේ ගන්න කාවවත් මරන්න ඕනෙ නෑ " Coldගෙ නීතියක් තමයි එයාට ඕන දේ ගන්න කාවවත් මරන්නෙ නැති එක අමාරුම අවස්තාවක ඇරෙන්නෙ. " Rogues gallery " මේක පොඩි easter egg එකක් supervillain team එකක් වෙන The roguesලට. දැනට මේ team එකෙ ගොඩක් අය ඉන්න show එකේ උදා Captain cold (leader ) , captain boomerang, golden glider, heat wave, pied piper, weather wizard සහ trickster ( ඊලග episode එකෙදි මෙයාව දකින්න පුලුවන්). දැනට original team එකෙන් අඩු Mirror master, abra kadabra සහ the top.
Wells cisco
ව මැරුන තැනටම එක්කන් ආවෙ වැරදීමකින්ද නැත්තන් හිතාමතාමද කියල හරියටම කියන්න බෑ. ඒවගේම ciscoව මරපු වෙලේ කිව්ව දේම මෙතනදි ciscoට කිව්වෙ වැරදීමකින්ද හිතාමතාමද කියල හරියට කියන්න බෑ. හැබැයි අමතක කරන්න එපා wells කලින් timeline එකෙ උන සමහර දේවල් දන්නව.
Flash
ට ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒ අතරින් ඇග vibrate කිරීමෙන් වස්තූන් හරහා ගමන් කිරීමත් එකක්. තාම flash show එකේ flashට බෑ මේ දේ කරන්න. හැබැයි ලගදිම ඉගෙනගනියි. හැමතිස්සෙම මේක ගැන හිතනකොට මට මතක් වෙන්නෙ Flash හෙන වේගෙන් දුවන් ගිහින් බිත්තියේ හැප්පෙන්න ගිහින් බිත්තිය ඇතුලෙන් එලියට එන එක. මේවගේ දෙයක් show එකේ පෙන්නුවොත් පට්ටෙට තියෙයි.
දැන් barry දන්නවනෙ wells කියන්නෙ කවුද කියලා ඒත් barry wells ගැන හැම දෙයක්ම දන්නෙ නෑ. ඒක නිසා cisco වෙනුවට දැන් barry තමයි wells ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නෙ. ඒත් ලොකුම Wtf සිද්දිය තමයි barry කියද්දි එයාට දැන් පුලුවන් කියලා කාලය හරහා ආපස්සට ගිහින් එයාගෙ අම්මව බේරගන්න wells කියනව " ඔයාගෙ අම්ම ජීවත් වෙනවනන් තව මිනිස්සු කීයක් මැරෙනවද barry එයාගෙ අම්මව බේරගත්ත නිසා. ඒත් මට තියෙන එකම අවුල flashpoint timeline එකේදි විතරයි eobard thawneflash මරන්න පුලුවන් අවස්ථාවක් ලැබෙන්නේ එයාගෙ powers තියාගෙන. මන් කිව්වෙ සාමාන්‍ය timeline එකේදි flashව මැරුවනම් ඒකෙ තේරුම තමයි thawne කවදාවත් reverse flash වෙන්නෙ නෑ කියන එක. ඉතින් ඇයි wells barryට අගවන්නෙ එයාගෙ අම්මව බේරගන්න එක එච්චර හොද අදහසක් නෙවේ කියන එක. සමහර විට wellsට ඕන එයාගෙ කාලයට යන්න විතරයි වෙන්න ඇති, සමහර විට එයා හොදම වෙලාව එනකන් ඉන්නව ඇති flashව මරන්න. දැන් barry wells ගැන දන්න එකේ කොහොමටත් barry wells කියන දේ අහයි කියල හිතන්න බෑ.
#Kyle_Rayner
Comic Script ලිපිය


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න