Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Marvel's Daredevil : Trailer Breakdown

Marvel's Daredevil : Trailer Breakdown
Daredevil Trailer Breakdown


අපි හැමෝම දන්නවනේ Daredevil කියන්නේ මාවල් සමාගමේ මීළඟට එන්න තියෙන ටෙලිකතා මාලාව බව.DD ගේ ලිපිය සහ Daredevil කතාවේ පුර්ව ප්‍රචාරක පටයේ ලින්ක් එක අපේ පේජ් එකේ පල කරපු දවසේ ම තමයි ඒ ප්‍රචාරක පටය ගැන රිවිව් එකක් ලියන්න පටන් ගත්තෙත්,ඔන්න අද තමයි එක ලියල ඉවර කරන්න පුළුවන් උනේ. මුලින්ම ඒගැන අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා..

#01 - පළමු දර්ශන පෙලේදී අපිට දකින්න ලැබෙනවා නේ ඈතින් ගොඩනැගිලි සමුහයක්. ඒ අතර තියෙන්නේ ඇවෙන්ජර්ස් කුලුන කියලයි ගොඩක් දෙනා විශ්වාස කරන්නේ. එක ඇත්තක්ද?එහෙම වෙන්න පුලුවන්ද? කියන ප්‍රශ්නේ දැන් අපේ යාලුවන්ට ඇති.
එකේ සත්‍ය අසත්‍ය තාවය ගැන නම් දැන්මම මුකුත් කියන්න අමාරුයි.එත් එක වෙන්න පුළුවන් දෙයක්.මොකද අපි හොඳටම දන්නවනේ මාවල් සමාගමේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අතර තියෙන සම්බන්ධය ගැන. සමහර විට මාවල් සමාගම ඉදිරියේදී එළිදක්වන්න ඉන්න සිවිල් වෝ චිත්‍රපටයට ටෙලිවිෂන් චරිතත් යොදා ගන්න ඉඩ තියෙනවා. මේක තමයි Marvel සමාගම DC සමාගමට වඩා ඉස්සරහින් ඉන්න තාත්වික යෙදීම..

කොහොමත් කොමික් වලදී DD කියන්නේ ස්පයිඩර් මෑන්,බ්ලැක් පැන්තර්,බ්ලැක් විඩෝ,ලුක් කේජ්,ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ ගොඩක් අය එක්ක එකට වැඩ කරන කෙනෙක්.එක අවස්තාවක මට මතකයි DD තමන්ගේ ප්‍රදේශය බලාගන්න බ්ලැක් පැන්තර් ට කියනවා..

#02 - මෙතැනදී අපේ මැට් ගේ අතිජාත යාළුවා ගැන තමයි අපිට කියන්නේ.මේ දෙන්න එකතු වෙලා නීති කාර්යාලයක් හදාගන්න විදිහ ගැන නම් මට මතක විදිහට මිට කලින් කොමික් වලදී වත් සඳහන් වෙලා නෑ. මෙතැනදී අපිට ඒ කතාවත් බලාගන්න පුළුවන්.

#03 - මැට් ට කුඩා කාලේදී වෙන අනතුර ගැන තමයි ඊළඟට පෙනන්නේ.අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේකේ තියෙන වැදගත්කම.

#04 - මෙතන පෙන්නන්නේ මැට් ගේ තාත්තව.DD ගැන ගෙනාපු ලිපියේදී අපි මේගැන කිව්වා.එකේදී මම කිව්වා මතක ඇති DD ගේ පලවෙනි අඳුම හදාගන්නේ මේ තාත්තාගේ බොක්සිං ඇදුමෙන් කියල.ප්‍රචාරක පටය පුරාවටම අපිට DD ගේ නවීන ඇඳුම හෝ මම කලින් කියපු ඇඳුම හෝ පෙන්නන්නේ නෑනේ.එකෙන් කියවෙන්නේ අපිට මැට්,DD වෙන ගමනේ සෑම කුඩා දෙයක්ම මේ කතාමාලාවේදී පෙන්වන්න හදනවා කියන එක වෙන්න ඕනේ.

#05 - මෙතන ඉන්නේ කින්ග් පින්ගේ(#06) දකුණු අත,වෙස්ලි. මෙයාටත් වඩා ගොඩක් වැදගත් මෙයා කියන දේ."magic hammer or enhanced suit of armor" කියල මෙයා කියන්නේ තෝර් සහ අයන් මෑන් ගැනවත්ද දන්නේ නෑ..

සමහර විට මිට වඩා දේවල් හැංගිලා ඇති.මගහැරුණු දෙයක් තියෙනවා නම් අනිත් අයට දැනගන්නත් එක්ක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..

#ClownPirnceOfCrime

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න