Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:05

Avatar Articles No:05

Avatar Articles No:05

Waterbending- ජලබන්ධනය
                             
අද අපි කතා කරන්න යන්නේ ඇවටර් චක්‍රයේ තෙවන මූලධාතුව වන ජලධාතුව ගැනයි.
ජලබන්ධනය යනු ජල ගෝත්‍රිකයන් විසින් භාවිත කරන අද්විතීය බන්ධන කලාවකි.මෙහිදී ජලය පවතින සියලු ස්වභාවයන් බන්ධනය කිරීම සිදු කරයි.සිංහ ඉදිබුවන්ගෙන් බන්ධක හැකියාව ලබාගත් ජල ගොත්‍රිකයන් පළමු ජලබන්ධකයා වූ සඳේ වඩදිය බාදිය ස්වරූප අධ්‍යනයෙන් ජලබන්ධක කලාව නිර්මාණය කරගත්හ. ජලය වනාහී විපර්යාසයේ මූලධාතුවයි.(the element of change). ජල බන්ධකයන්ට අතිශයින් අනුර්වතනය වීමේ හැකියාව ඇත. ජල බන්ධකයන් සත්වයන් ගෙන් බන්ධනය ඉගෙන නොගත් එකම බන්ධක කොට්ටාශය වේ. ඔවුන් බන්ධක කලාව ප්‍රගුණ කර ඇත්තේ භෞතික ලෝකයේ වෙසෙන කොඉ (koi) මත්සයන්ගේ ස්වරූපය ගත් සාගරයට හා සඳට අධිපති ආත්මයන් ගෙනි. (sea and moon spirits) ජලබන්ධනයෙ යතුර වන්නේ අචලව නොසිට ජලය මෙන් සචල ආකාරයට චලනය වෙමින් බන්ධනයේ නියැලීමයි. ජලබන්ධකයන් රාත්‍රියේදී ප්‍රභල වන අතර පොහෝ දිනවලදී අතිශයින් බලවත් වේ. චන්ද්‍රග්‍රහණ අවස්තාවකදී හෝ සඳ ආත්මය මිය ගිය විටකදී ජලබන්ධකයන්ගේ බන්ධකත්වය සහමුලින්ම නැතිවී යයි. ජල ධාතුවේ විරුද්ධ මූල ධාතුව වන්නේ අග්නි ධාතුවයි.ජලබන්ධකයන්ගේ ඍතුව වන්නේ ශිශිර යයි.(winter). ජලබන්ධන ශිල්පක්‍රම, උතුරු ජල ගෝත්‍ර ක්‍රමය,දකුණු ජල ගෝත්‍ර ක්‍රමය,මිහිදුම් වගුරු ක්‍රමය ලෙස වර්ග 3කි.
ජලබන්ධකයෝ ගනුදෙනු කරන්නේ චාලක ශක්තිය සමගිනි. ජලබන්ධකයන් ස්වආරක්ශාවට ආයුධයක් බවට පත්වීමට ඉඩ දෙමින් සතුරාගේ ශක්තිය ඔවුන්ට විරුද්ධවම යොදා ගනිති.අනෙක් බන්ධකයන්ට සටන් කිරීමට පරිසරය එතරම් බාධා එල්ල නොකලත් ජල බන්ධකයනට සටනකදී පරිසර තත්වය ඉතා ප්‍රභල වාසියක් හෝ අවාසියක් සිදු කරයි. ජල බන්ධනයෙදී ඍජුවම සතුරාට හානි නොකර ඔහුගේම ශක්තිය භාවිතයෙන් ඔහුව මර්ධනය කිරීමට අවධානය යොමු කරයි. නිපුන ජලබන්ධකයන්ට වාතයෙන් හෝ ජීවීන් තුලින් හෝ ජලය පිටතට ඇදීම හෝ බන්ධනය කිරීම සිදු කල හැක.
ජලයේ හා ජලබන්ධනයේ සංකේතය වනුයේ, වෘතයක් තුල ඇති දක්ෂිනාවර්ත සර්පිල 3ක් හා ඊට යටින් ඇති සාගර තරංගයක් ලෙස ඇති රේඛා 3කුත් ය.මෙහි වෘතය සඳ නිරූපණය කරන අතර රැලි සාගරය නිරූපණය කරයි.මෙහි අර්ථය වන්නේ සඳට හා සාගරයට අධිපති ආත්ම වල සංයෝජනය හා ජලබන්ධකයන්ට ආත්ම සමග ඇති සම්බන්ධතාවයයි. (1 රූපය)

# ජලබන්ධක හැකියා (Waterbending abilities)

1. Breath of ice: මෙහිදී සීතල ප්‍රාශ්වාස වාතය පිට කිරීම මගින් වාතයේ ඇති ජලවාෂ්ප අයිස් බවට පත් කිරීම මෙන්ම ජලය අයිස් බවට පත් කිරීමද කල හැක.
2. Ice blade: මෙහිදී කඩු ආකාරයට සකසා ගත අයිස් තල මගින් පහර දීම සිදු වේ.
3. Ice bullets: මෙහිදී වෙඩි උණ්ඩ ආකාරයට කුඩා අයිස් කැබලි වලින් අධික වේගයෙන් පහර දීම සිදු වේ.
4. Ice claws: මෙහිදී ජල බන්ධකයනට අවට ඇති ජල වාෂ්ප ඝනීභවනය කර තම ඇගිලි වටා එකතු කර ගත හැක.මෙනිසා මෙය මාරාන්තික ආයුධයක් බවටද පත් කරගත හැක.
5. Ice creeper: ජලබන්ධකයන්ට ජලය අයිස් තලයක් බවට පත් කර බිම දිගේ යැවිය හැක .ඒ අතරම එම අයිස් තලය උපයෝගී කරගෙන ඉදිරියට හමුවන වස්තු ගල්(freeze) කල හැක.මෙවිට බිම සිටින සතුරන්ගේ පාද පොලවට තද කර ඔවුන්ව ග්‍රහණය කරගත හැක.
6. Ice disc: ජලබන්ධකයන්ට සිලින්ඩරාකාර අයිස් කුළුණක් ඇති කර එය තැටි තැටි වලට කඩා තියුණු තල ඇති තැටි ආකාරයට පහර දිය හැක.
7. Ice gauntlet: මෙය ice claws වලට සමාන නමුත් ඊට වඩා ප්‍රභල ක්‍රමයකි.මෙහිදී අත වටා අත්වැස්මක් පරිදි අයිස් එකතු කරගෙන එමගින් ළඟ සිට පහර එල්ල කල හැක.
8. Ice hook: මෙහිදී ජල ධාරාවක් බන්ධනය කොට එය අයිස් කොක්කක් ලෙස භාවිත කල හැක.එමගින් කදු නැගීම,සතුරන්ට පහර දීම වැනි ක්‍රියා පහසුවෙන් සිදුකර ගත හැක.
9. Ice shield: මෙහිදී අයිස් වලින් පලිහක් සාදා ආරක්ෂා වීමට හැක.
10. Ice spear: මෙහිදී උල් අයිස් කොටසක් හෙල්ලයක් සේ භාවිත කොට සතුරාට පහර දීම සිදු වේ.
11. Phase change: ජලබන්ධකයන්ට අවට ඇති ජලය තමනට වුවමනා ඕනෑම ස්වරූපයකට පත් කලහැක.ජලය අයිස්,ජලවාෂ්ප බවට පමණක් නොව මීදුම,උණු දිය ආදී තත්ත්ව වලට පත් කිරීමටද ජල බන්ධකයන් සමත් ය.
12. Streaming the water: මෙහිදී සඳේ වඩදිය බාදිය මෙන් ජලය ඇදීම,තල්ලු කිරීම සිදු කරයි.මෙම ක්‍රමය නම් කර ඇත්තේ කටාරා විසිනි.
13. Water jet: ඉලක්කගත සතුරෙකු වෙත අධික වේගයෙන් ජල ප්‍රහාරයක් මුදා හැරීම මෙහිදී සිදුවේ.නමුත් මෙහි විශේෂත්වය වන්නේ ජල ප්‍රහාරය ඉලක්කය වෙත ලගාවූ පසු පුපුරා යාමයි.
14. Water cloak: මෙහිදී අදින වස්ත්‍රයක ආකාරයට සිරුර වටා ජල ආවරණයක් ඇති කර ගැනීම සිදුවේ. මෙහිදී එල්ල වන ප්‍රහාර වලින් ආරක්ෂා වීමට හැකි වනවා මෙන්ම මෙම ආවරණයෙන් ජලජ හස්ත මවා දුර ඇති වස්තූන් ග්‍රහණය කර ගැනීමටද හැක.තවද සතුරෙකු වටා මෙම Water cloak ඇති කර ඔහුව ගල් කිරීමටද හැක. (2 රූපය)
15. Water filtering: මෙහිදී මඩ ආදිය මිශ්‍ර අපවිත්‍ර ජලයෙන් පිරිසිදු ජලය පමණක් ඉවත් කර ගැනීමට ජල බන්ධකයනට හැක.
16. Water bullet: මෙය water jet හා සමාන ක්‍රමයකි.මෙහිදී පිපිරුමකින් තොරව සතුරා වෙත ජල ප්‍රහාර යාවේ.water jet සිදු කිරීමට වැඩිපුර අවධානය යොමු කල යුතු නිසා ද්වන්ධ සටනකදී මෙය වඩා ප්‍රායෝගිකය.
17. Water knife: මෙහිදී ජලය පිහියක් මෙන් භාවිත් කිරීම සිදුවේ.තියුණු හා පැතලි ස්වභාවයකට ජලය හරවා බන්ධනය කිරීම තුලින් ගල්,දැව පමණක් නොව ලොහ ද කැපිය හැක.
18. Water manipulation: ජලබන්ධකයෙකු ජලය තුල සිටින විට ඔහුට එමගින් විශාල වාසි සිදුවේ.ජලය හරහා ගමන් කිරීමට අවශ්‍යනම් ජලස්කන්ධය එසවීමෙන්, පිහිනීමකින් තොරව ගමන් කල හැක. තවද ජලය තුල ප්‍රහාරයකදී නැවත පහර දීමට මහන්සි නොවී ප්‍රහාරකයා අවට ඇති ජලය හැසිරවීම තුලින් පමණක්ද ජය ගත හැක.
19. Water pressure manipulation: මෙහිදී ජලයේ පීඩනය පාලනය කිරීමක් සිදු වේ.
20. Water wall/water shield: මෙහිදී ජල බිත්ති,පලිහවල් සාදා ප්‍රහාර වලින් ආරක්ෂා වීම සිදු වේ.
21. Water whip: මෙහිදී කසයක ආකාරයට ජලය හැසිරවීමෙන් සතුරාට පහර දිය හැක. මේවා ලෝහ පවා කැපිය හැකි කස බවටද පත්කර ගත හැක.
22. Wave: මෙහිදී බන්ධකයාගේ හැකියාව අනුව තමන්ට වුවමනා ප්‍රමානයේ ජල තරංග/මුහුදු රැලි ආදිය ඇති කල හැක.
23. Iceberg spike: මෙහිදී තමන් අයිස් භූමියක් මත සිටීනම් එයින් අයිස් කුළුණු මතු කිරීම සිදු වේ .මෙමගින් සතුරෙකුව එම කුළුණු අතර සිර කිරීම හෝ එම කුළුණක් ඔහුගේ සිරුර හරහා යන ආකාරයෙන් මතු කිරීම මගින් ඔහුව මරාදැමීමට හෝ හැක. (3 රූපය)

# කෙලපැමිණි ජලබන්ධක හැකියා (Master level Waterbending)

1. Bubble: නිපුන ජල බන්ධකයන්ට තම සිරුර වට දිය බුබුලක් නිර්මාණයෙන් ජලය යට ශ්වසනයටද,අහසේ ගමන් කිරීමට ද හැක.සතුරෙකුගේ සිරුර වට දිය බුබුලක් ඇති කර ඔහුව ගල් කිරීමට මෙන්ම සිර කිරීමටද හැක.
2. Ice dagger: මෙහිදී ජලය අයිස් කිනිස්සක් බවට පත් කරගෙන පහර දීමට හැක.
3. Ice dome: මෙහිදී අයිස් ස්ථම්භ සාදා සතුරන් එතුල සිර කිරීම කල හැක.
4. Ice drill: මෙහිදී අයිස් බුරුමයක් සේ බන්ධනය කර යම් යම් ඝන ද්‍රව්‍ය සිදුරු කිරීමට යොදා ගත හැක.
5. Ice floor: මෙහිදී ජලය බිමට යොමු කර අයිස් තට්ටුවක් බවට පත් කල හැක.එවිට සතුරන් සමබරතාවය නැතිව බිම වැටේ.
6. Ice prison: මෙහිදී සතුරෙකුව ජලයෙන් වට කොට එය අයිස් බවට පත් කිරීම මගින් සතුරාව සිරකිරීම හෝ ගල් කිරීම කල හැක.
7. Ice tunneling: ජාල බන්ධකයන්ට ඝන අයිස් තුලින් පිහිනා යා හැක. මෙහිදී ග්ලැසියර වැනි ඝන අයිස් තට්ටු තුල උමන් ආකාරයට අයිස් දිය කර ජල උමන් සැදීම සිදු වේ.
8. Maelstrom: විශාල ජලස්කන්ධ ඇති අවස්තාවලදී ජලබන්ධකයනට විශාල දිය සුළි ඇති කල හැක.මෙය ඈන්ග් හා කටාරා විසින් සර්ප මංකඩේ මුහුදු සර්පයා පරාජය කිරීමට යොදා ගත්තෝය.
9. Multiple water whips: මෙහිදී ඇති විශාල ප්‍රමාණයක ජල කස ඇති කර ගත හැක.මින් හුආ vs කායා උතුරු වායු දේවස්ථානයේ වූ සටනේදී මින් හුආ මෙය භාවිත කලා ය.
10. Partial ice whip: ජලබන්ධකයෙකුට ප්‍රතිවාදියාගේ water whip ප්‍රහාරය අල්ලා ගෙන එහි අනෙක් කෙලවර අයිස් කිරීමෙන් ප්‍රතිවාදියා ග්‍රහණය කර ගත හැක.මෙය උනලක් vs කෝරා සටනේදී උනලක් මෙමගින් කෝරා ව ග්‍රහණය කර ගත්තේය. (4 රූපය)
11. Razor rings: මෙහිදී තියුණු වළලු ආකාරයට ජල ප්‍රහාර නිකුත් කරයි.මෙමගින් ඝනද්‍රව්‍ය කපා දැමිය හැක. කටාරා මෙය වගුරු රාක්ෂයාට එරෙහිව භාවිත කලා ය.
12. Water ball: bubble technique හා ice prison ආකාරයට මෙආකාරයටද සතුරන් සිරකළ හැක.මින් හුආ මෙයාකාරයට බොලින්ව ග්‍රහණය කර ගත්තාය.
13. Water boxing: මෙහිදී ජල බන්ධකයන් මිට මොලවාගත් අත වටා ජලය රඳවා boxing ක්‍රීඩාවෙදී මෙන් පහර දෙයි.Pro-bending අවසන් මහා තරගයේදී ටාහ්නෝ මේ ආකාරයට කෝරා ට පහර දුන්නේය.
14. Water dome: නිපුන ජලබන්ධකයෙකුට වර්ශා ජලය ආරක්ෂාවට මෙන්ම පහර දීමටද යොදා ගැනීම සඳහා අහසේ රඳවා තබා ගත හැක. (5 රූපය)
15. Water drill: මෙහිදී ජලය බුරුමයක් සේ බන්ධනය කර යම් යම් ඝන ද්‍රව්‍ය සිදුරු කිරීමට යොදා ගත හැක. තවද නිසි පීඩනයක් යෙදීමෙන් සාමාන්‍ය ජල ධාරාවක් වුවද ඝන ද්‍රව්‍ය සිදුරු කිරීම සඳහා යොදා ගත හැක.
16. Water gimbal: මෙහිදී සිරුර වටා ජල වළල්ලක් ඇති කර ගැනේ.මෙය ප්‍රහාරණයට හා ආරක්ෂණයට යන ක්‍රියා දෙකටම යොදා ගත හැක.මෙමගින් කාලතුවක්කු ප්‍රවේගයෙන් යුතුව ජලප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබේ.සහීර් vs කායා වායු දේවස්ථාන දූපතේ වූ සටනේදී කායා මෙය භාවිත කාලය.
17. Water pinwheel: මෙහිදී අධික වේගයෙන් තිරසට සිරුර වටා ජල චක්‍රයක් ඇති කර ගැනීම මගින් ප්‍රහාරණයට හා ආරක්ෂණයට ය මෙය භාවිත කල හැක. (6 රූපය)
18. Water ring: මෙහිදීද ශරීරය වටා වළල්ලක් ආකාරයට ජල චක්‍රයක් ඇති කර ගනී.මෙහි විශේෂත්වය වන්නේ මෙම ජල චක්‍රය තුලින් අයිස් ප්‍රහාර, water whips ආදියෙන් සතුරාට පහර දිය හැකි වීමයි.
19. Octopus form: මෙහිදී ජල බන්ධකයෙකු සිය සිරුර වටා බූවල්ලෙකුගේ අඬු මෙන් water whips ඇතිකර ගනිමින් සටන් කිරීම සිදු කරයි.
20. Water spout /Water vortex: මෙහිදී උස සිලින්ඩරාකාර ජල කුළුණක් ඇති කර ඒ මත නැගී සංචරණය කිරීම,පියබීම වැනි විශ්වකර්ම ක්‍රියා සිදුකල හැක.මෙය කල හැක්කේ අතිශය නිපුන ජල බන්ධකයෙකුටයි. (7 රූපය)

# ඇවටර් මට්ටමේ ජලබන්ධක හැකියා (Avatar Level Waterbending)

1. Remote waterbending: ඇවටර් සමාධියෙදී ඇවටර් වරුන්ට ඉතා දුර ඇති ජලය වුවද බන්ධනය කල හැක.ඈන්ග් vs ඕසායි වුලොන්ග් වනයේ සටනේදී ඈන්ග් සිව් මූලධාතු එකතු කිරීමට ඈත ඇති මුහුදින් ජලය තමා වෙත ගෙන්වීම.
2. Tsunami: ඇවටර් සමාධියෙදී ඇවටර් වරුන්ට ඉතා විශාල සාගර තරංග ඇති කල හැක.ඇවටර් සමධියේදී ඇවටර් කුරුක් ඇවටර් සමාධියේ බලය පෙන්වනු වස් තම රල පදිනයට රැල්ලක් ලබා ගැනීමට ඉතා විශාල ජාල තරන්ගයක් ඇති කළේය.
3. Water compression: ඇවටර් සමාධියෙදී ඇවටර් වරුන්ට ජලය සම්පිණ්ඩනය කල හැක.(අපි Chemistry වල අහල තියෙන්නේ එහෙම බෑ කියලනේ)ඉතා විශාල ජලස්කන්ධයක් වුවත් ඔවුන්ට පහසුවෙන් සම්පීඩනය කිරීමට හැක.ඈන්ග් vs ඕසායි වුලොන්ග් වනයේ සටනේදී ඈන්ග් සිව් මූලධාතු එකතු කිරීමට ඈත ඇති මුහුදින් ගෙන ආ ජලය කුඩා දිය පහරක් බවට පත් කළේය.

# විශේෂ ශිල්පක්‍රම (Special techniques)

1. Cloud manipulation: වලාකුළු සෑදී ඇත්තේ ජලයෙන් හා වාතයෙන් බැවි ජල බන්ධකයන්ට සුළු වලාකුළු බන්ධක හැකියාවක් ඇත.
2. Condensation: ජල බන්ධකයන්ට ඝනීභවන හැකියාව ඇත.වායුගෝලයේ සංයුතියෙන් 1% ජල වාෂ්ප පවතින බැවින් අවට පරිසරයේ ජලය නැත්නම් ජල බන්ධකයන්ට ජලවාෂ්ප ඝනීබවනය කර ජලය නිපදවා ගැනීමේ හැකියාවක් ඇත.
3. Plantbending: නිපුන ජලබන්ධකයෙකුට ශාක තුල පවතින ජලයට අවධානය යොමු කල හැකි නම් ශාක බන්ධනය කල හැකි වේ.මිහිදුම් වගුරු ගෝත්‍රයේ වෙසෙන 'හූ' මෙම හැකියාව ලබාගෙන ඇත.ඔහු ශාක තුල පවතින ජලය බන්ධනය කිරීම තුලින් ශාක බන්ධනය සිදු කරයි.ඔහු මෙම ක්‍රමයෙන් වගුරු ශාක පමණක් නොව මුහුදු ශාකද බන්ධනය කර ඇත.සතුන්ගේ සයිල වලට වඩා ශාක සයිල වල ජල සාන්ද්‍රණය වැඩි බැවින් කුමන අවස්තාවක වුවද ශාක බන්ධනය සිදු කල හැක. තවද නිපුන ජල බන්ධකයනට ප්‍රාථමික ශාක තුලින් ජලය උපුටා ගත හැක.නමුත් එවිට ශාකය මිය යනු ලැබේ.මෙය ගස් වැනි විශාල ශාක වලට සිදු කල නොහැක.නමුත් පූර්ණ චන්ද්‍රයා පවතින දින වලදී මෙය කල නොහැක්කක් නොවේ.
4. Solutions: නිපුන ජලබන්ධකයන්ට ජලය අඩංගු කුමන ද්‍රාවණයක් වුවද බන්ධනය කල හැක.මැලියම්,සුප්,තීන්ත,මඩවතුර ආදී ඕනෑම ද්‍රාවණයක් බන්ධනය කිරීමට නිපුන ජලබන්ධකයන් සමත්ය.
5. Water run: ජල බන්ධකයන්ට ජලය මත ගමන් කල හැක.ඒ සඳහා ක්‍රම කිහිපයක් ඇත.
-ජල පෘෂ්ටය අයිස් බවට පත් කර ඒ මත ඇවිදීමෙන්
-අයිස් සර්ෆින් බෝඩ් එකක් මගින්
-එස්කා ඩෙස්නා වගේ කකුල් දෙකට අයිස් කොපු ආවරනයක් දමා ජලය මත පාවීමෙන්
මේ ආකාරයට ජලබන්ධකයන්ට ජලය මත සංචරණය කල හැක.
6. Steam manipulation: මෙහිදී ජලබන්ධකයන්ට මීදුම ඇති කිරීම හා හැසිරවීමට හැක.කටාරා තමන් වර්ණවත් යුවතිය 'painted lady' ලෙස පෙනී සිටි විට මීදුම ඇති කලේ මේ අයුරිනි.
7. Armless waterbending: අති දක්ෂ ජල බන්ධකයන්ට හස්ත චලන භාවිතයෙන් තොරව ජලබන්ධනය කල හැක.මින් හුආ මෙවැනි අයෙකි.ඇයට උපතින්ම අත් රහිතය.ඇය තම අත් රහිත පාඩුව මකා ගැනීමට ජල කස දෙකක් තම අත් වෙනුවට භාවිතා කරයි.ඇය ජල බන්ධනය කරනුයේ මනසිනි.ජල බන්ධකයන්ට බන්ධනය කිරීමට චලන දැක්විය යුතු වුවත් මැයට මනසින් පමණක් ජල බන්ධනය කල හැක.

# උපබන්ධන හැකියා (Sub-Skills)

1. Bloodbending: මෙය සියලු බන්ධක කළා අතුරින් බලවත්ම මෙන්ම මරනීයම බන්ධක කලාව වේ.මෙය සොයා ගත්තේ දකුණු ජල ගෝත්‍රයේ හාමා(Hama) විසිනි.මෙය සිදුකල හැක්කේ ජල බන්ධකයනගේ බලය වැඩිවෙන පොහෝ දිනවලදී පමණි.නමුත් පසු කාලීනව ජනරජ නගරයේ (Republic city) පාතාල නායකයෙකු වන යකොන් (Yakone) විසින් සඳේ බලපෑමකින් තොරව කුමන අවස්තාවකදී වුවත් සිදු කල හැකි රුහිරුබන්ධන ශිල්ප ක්‍රමයක් සොයා ගන්න ලදී.මොහුට පසුව මොහුගේ පුතුන් දෙදෙනා වන නොඇටැක් හා ටාර්ලොක් (Noatak & Tarlock) මෙම ක්‍රමය අධ්‍යනය කර සිටියෝය.යකොන් ට හා නොඇටැක් ට මනසින් පමණක් රුහිරුබන්ධනය කල හැකි වුවත් ටාර්ලොක් ට බන්ධනය කිරීමට හස්ත්චලන යෙදීම අවශ්‍ය විය.පසුව නොඇටැක් විසින් රුහිරුබන්ධනය මගින් බන්ධකයන්ගේ ක්‍රියාකාරී චී මධ්‍යස්ථාන අවහිර කිරීම තුලින් බන්ධක හැකියාව නැති කරන රහස සොයා ගන්නා ලදී. දන්නා පරිදි ලොව එකම රුහිරු බන්ධකයන් වන්නේ හාමා,යකොන්,නොඇටැක්,ටාර්ලොක් හා කටාරා පමණි.
2. Healing: සුවකිරීමේ හැකියාව යනු සමහර ජලබන්ධකයන්ට පමණක් ඇති විශේෂ වූ හැකියාවකි.මෙහිදී පිරිසිදු ජලයේ ඇති ඖෂධීමය, ජීවනදායක ගුණය භාවිතයෙන් තුවාල සුවපත් කිරීම සිදුවේ.නමුත් මෙමගින් කැළැල් මැකිය නොහැක.උපතින්ම පැමිණෙන ලෙඩද සුවපත් කල නොහැක.(ටොෆ් ගේ අන්ධබව,යු ඒ කුමරියගේ උපත් රෝගය)මානසික රෝගද සුවපත් කල නොහැක.ආත්ම විසින් සිදු කරනු ලබන හානිද සුවපත් කල නොහැක.සුවපත්කිරීම තුලින් සිරුරේ අවහිර වූ චී මධ්‍යස්ථාන සොයාගත හැකි වුවත් ඒවා ප්‍රතිෂ්ටාපනය කල නොහැක.(ඈන්ග්ගේ අවහිර වූ චක්‍රා ව සංවේදනය කිරීමට කටාරා ට හැකි වුවත් සුවපත් කල නොහැකි විය.)නමුත් සාමාන්‍ය ජලයට වඩා ආත්මීය ජලයට විශේෂ හැකියා ඇත.ආත්මීය ජලයෙන් කැළැල් මැකීමට හා ආත්ම වලින් වූ හානි සුවපත් කල හැක.
3. Spiritsbending: මෙයද එක්තරා ආකාරයක සුවකිරීමකි.මෙහිදී අසමතුලිත වූ ආත්ම වල ඍනාත්මක ස්වභාවය ධනාත්මක ස්වභාවයට පත් කිරීම සිදු වේ.මෙහිදී එම අසමතුලිත ආත්මය වටා ජල ධාරාවක් යවා එම ආත්මය සුවපත් කිරීම සිදු කරයි. මෙය නිසිපරිදි සිදු වේ නම් ජල ධාරාව රන් පැහැ විය යුතුය.මෙය උනලාක් විසින් සොයා ගත ශිල්පක්‍රමයක් වන අතර පසුව මෙය කෝරාට කියාදී ඇත.මෙය විරුද්ධ අතට ක්‍රියා කරවීමට එනම් ධනාත්මක ස්වභාවය ඍනාත්මක ස්වභාවයට පත් කිරීමේදී ජල ධාරාව දම් පැහැ වේ.ආත්මයකට වඩා භෞතික ආශා ඇති මිනිසෙකුට මෙය සිදු කිරීමෙන් බොහෝ විට මිනිසාගේ ආත්මය විනාශ වී යාමට ඉඩ ඇත.

# දුර්වලතා (Weaknesses)

1. External water source: අවට පරිසරයේ ජලය ඇති නැති ස්වභාවය ජල බන්ධකයෙකුට ඇති ගැටලුවකි.මෙම අවස්තාව මගහරවා ගැනීමට බොහෝ ජල බන්ධකයන් යන සෑම තැනකම තමන් සමග ජලය ගෙන යති.එසේ නැතත් දක්ෂ ජල බන්ධකයන්ට වාතයෙන්,ශාක වලින් ජලය උකහා ගත හැක.
2. Binding: ජලබන්ධනය ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ හස්ත චලන මගිනි.අත්වල චී මධ්‍යස්ථාන අවහිර වීම (Chi blocking) වැනි අවස්ථා වලදී ජල බන්ධන හැකියාව නැතිවී යයි.උපන්දා සිට අත් නොමැති මින්-හුආ වැන්නන් මේ අතින් බලන කල ප්‍රභලය.
3. Lunar eclipse: ජලබන්ධකයන්ගේ බල මූලය වන සද චන්ද්‍රග්‍රහනයක දී නොපෙනී ගිය විටද ජලබන්ධකයන්ගේ බලය නැති වේ.
4. Emotional state: ජලබන්ධකයන්ගේ බලය පැමිණෙනුයේ චී මධ්‍යස්ථාන වලිනි.ඔවුන්ගේ මානසික තත්වය මෙම චී මධ්‍යස්ථාන වලට බලපායි.එමනිසා මානසික තත්වය තුලින් ජලබන්ධකයන්ගේ බලය වැඩි වීම හෝ අඩු වීම සිදු වේ.
5. Lightning: ආසෘත නොවන ජලය ස්වභාවයෙන්ම විද්‍යුත් සන්නායකය.එම නිසා එම ජලය සමග සම්බන්ධව සිටින ජලබන්ධකයෙකුට අකුනකින් පහර දීමෙන් ඔහු මර්ධනය කල හැක.

Michael Dante DiMartino, Bryan Konietzko යන ඇවටර් විශ්වයේ නිර්මාතෘ වරු දෙදෙනා ජලබන්ධක සටන් ක්‍රම (රුපය 5) නිර්මාණය කර ඇත්තේ පහත සටන් ක්‍රම ඇසුරිනුයි.

Waterbending is based on a style of T'ai chi ch'uan, specifically the Yang style. It is a Chinese martial art that features slow movements and elegant forms that evoke the feel of flowing water.
Like tai chi, a waterbender's main advantage is the ease with which he or she can control his or her opponent, not simply harming them. Both arts were influenced by ancient healing practices; people would channel their "energy paths" within themselves to areas of the body where healing was necessary. They also share a specific focus: body alignment, breath, and visualization. Finally, a waterbender can typically find that softness and breathing are more effective for his or her ability than hard aggression, just as a practitioner of tai chi does.
The pro-bending style is more reminiscent of mixed martial arts fighting, as seen with the wide variety of techniques used in the sport to waterbend.

අදහස්,උදහස්,ගල්මුල් කොටල ගියානම් හොදයි..........

<Guy Buddhima>

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න