Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Magneto : The Master of Magnetism

Magneto : The Master of Magnetism
Marvel Villain/anti-hero/Superhero



නම දැක්ක ගමන් දන්නවනේ කවුද කියල.පොදුවේ කොමික් රසිකයන් කාගේත් තවත් ජනප්‍රිය මියුටන්ට් චරිතයක් වගේම හතුරු චරිතයක් උනාට අපේ යාළුවො කවුරුවත් ෙෙවර නොකරන චරිතයක් කියලා කියන්න පුළුවන් Magneto(#01) ගැන තමයි අද විස්තර ගෙන්න හිතුවේ.(ඒත් ඉතින් රෝග් එක්ක තිබුන සම්බන්දෙ ගැන නම් මට ටිකක් විතර අවුල..)

ඔයාල හොඳට දන්න කියන කෙනෙක් නිසා ටිකක් සංක්ෂිප්ත ව මුලික කරුනු ටික මතක් කරලා ඉන්නම්..

මැග්නිටෝ එහෙම නැත්තම් Max Eisenhardt (ෆිල්ම් වලදී නම් මෙයාගේ නම එරික් ලෙන්ශර්) කියන්නේ තමන්ගේ ම්යුටන්ට් බලය විදිහට චුම්භක බලය හැසිරවීම සහිත ම්යුටන්ට් කෙනෙක්. X-Men චිත්‍රපට වලදී වගේම කාටුන් වලදී X - men කණ්ඩායම ප්‍රධාන එදිරිවාදිය විදිහට ඔයාල මැග්නිටෝ ව දැකල ඇති,එත් ඇත්තටම මැග්නිටෝ විලන් කෙනෙක් ම කියල කියන්න බෑ.මොකද මැග්නිටෝ ට අනිත් වීරයින් සමග හෝ මනුෂ්‍යයින් සමග පොදු තරහක් නෑ. මියුටන්ට්ස් ලට සිදු වෙන කරදර වලින් ඔවුන් ව බේරා ගැනීම තමයි මෙයාගෙත් අරමුණ,එත් ඒක ඉටු කරගන්න යන මාර්ගය තමයි මෙතැනදී වෙනස් වෙන්නේ. මැග්නිටෝ විශ්වාස කරන්නේ මියුටන්ට් ල මනුෂ්‍යයින්ට වඩා ශක්තිමත් ,වඩා දියුණු පිරිසක් හැටියටයි.මානව පරිනාමයේ ඊළඟ පියවර විදිහට තමයි ඔහු මයුටන්ට්ස් ලව සලකන්නේ. බහුතර මනුෂ්‍යයන්ගේ තාඩන පීඩන වලට ලක් නොවී ඔවුන් ට වඩා ඉස්සරහින් ඉන්න ඕනේ කියන දර්ශනය නිසයි මෙයා විලන් කෙනෙක් විදිහට පෙනෙන්නේ.. එත් සමහර කොමික් වලදී මෙයා x - men සමග ඉතාම සහයෝගයෙන් වැඩ කරනවා.

 ඔයාල දන්නවා මැග්නිටෝ චාල්ස් එක්සේවියර් ගේ කිට්ටුම මිත්‍රයෙක් බව. තමන් වගේ මියුටන්ට් ලට උදව් කරන්න මේ දෙන්න තමයි මුලින්ම පටන් ගන්නේ,එත් දෙන්නා දරන මත හා යන මාර්ගයන් දෙකක් නිසා මේ දෙන්න වෙන් වෙනවා.

මැග්නිටෝ ගේ හැකියාවන් ගැන කියනවා නම් මිලිකම දේ තමයි චුම්භක බල පාලනය කිරීමේ හැකියාව (Magnetism manipulation). එක නිසාම පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය සමග විකර්ශනයක් ඇති කරගනිමින් මෙයාට පියාඹන්න පුළුවන්. විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වලට බලපෑම් ඇති කිරීම හෝ ඒවා පාලනය කිරීමද එක නිසාම පුළුවන්. තමන් හෝ තමන් අසල සිටින අය වටා චුම්භක බල වලල්ලක් නිර්මාණය කරන්නත් මෙයාට පුළුවන් (Magnetic force fields).

 


මෙයා දක්ෂ නායකයෙක්,මෙයා පටන් ගන්න බ්‍රදර්හුඩ් කණ්ඩායම ගැනත් ඉස්සරහට අපි කතා කරන්න සුදානම්.හොඳ බුධ්දිමතෙක් වගේම දක්ෂ සැලසුම් කරුවෙක්.(චිත්‍රපට වලදී චෙස් ක්‍රීඩා කරන එක මතක ඇතිනේ?)තවත් වැදගත්ම දේ තමයි මෙයා පළදින හිස් ආවරණය නිසා චිත්ත වේග ප්‍රහාර (telepathic/psych attacks) වලින් මෙයාට හානි කරන්න බෑ වගේම මනස පාලනය කරන්නත් බෑ.

මැග්නිටෝ ගේ ප්‍රථම කොමික් ආගමනය සිද්ද වෙන්නේ 1963 දී ආපු ප්‍රථම X-Men ප්‍රකාෂනයෙදිමයි. එදා ඉදන් අද වෙනකම් X-Men ප්‍රධාන ධාරාවන් යටතේ මුද්‍රණය වන කතාමාලා හැම එකකම වගේ සහ වෙනස් ධාරා වලින් අපු කතා වලදීද පෙනී ඉන්න චරිතයක්. අනිත් ගොඩක් වටින චරිත වගේම මේ චරිතයත් නිර්මාණය කරන්නේ Stan Lee සහ Jack Kirby දෙන්නම තමයි.

මැග්නිටෝ ගේ පසුබිම් කතාව විදිහට එයාල ගේන්නේ යුද්ධයෙන් පිඩා විඳපු යුදෙව් ජාතික දරුවෙක් විදිහටයි.(X-Men: First Class බලපු අයට මතක ඇති). නාසි හමුදාවෙන් තම ජාතියට වෙච්ච විනාශය තමන්ගේ අනෙක් ජාතිය වෙච්ච මියුටන්ට් ලට වෙන්න නොදෙන්න තමයි මෙයා ඉදිරියට එන්නේ. එක නිසා තමයි මම කලිනුත් කිව්වේ මෙයාව දුෂ්ටයෙක් කියලම කියාන්න බෑ කියල. නිර්මාණකරුවන් කියන්නේ මේ චරිතය සඳහා (විශේෂයෙන් පසුබිම් කතාව සඳහා) යුදෙව් ජාතිකයන්ගේ ආරක්ෂාව සඳහා කැපවුන Meir Kahane සහ ප්‍රජා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි Malcolm X යන අයගේ චරිත ආශ්‍රයෙන් කියලයි.

Sir Ian McKellen(#02) සහ Michael Fassbender(#03) දෙදෙනා මැග්නිටෝ චරිතය වෙනස් කාල වකවානු දෙකක් යටතේ X-Men චිත්‍රපට වලදී ඉදිරිපත් කළා..

 


IGN දර්ශකයට අනුව Magneto තමයි එදා මෙදා තුර පහල උන හොඳම කොමික් හතුරු චරිතය.

එක නිසාම අද මේ කරුණු ටික විතරක් ගේනවා,ඉදිරියේදී තව වැඩිපුර කරුණු ටිකක් එක්ක වගේම Magneto Family(#04) සහ බ්‍රදර්හුඩ් ගැනත් එක්කම තවත් ලිපියක් ඉක්මනටම ගෙන්න සුදානම්..

#ClownPrinceOfCrime

Comic Script ලිපිය

2 comments:

  1. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    ReplyDelete
  2. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න