Marvel Heroine/Super Heroine
නම දැක්ක ගමන්ම දන්නවනේ මම අද විස්තර ගේන්නේ කවුරු ගැනද කියලා. X-men චරිත වලින් මම තවත් ආසම චරිතයක්,විශේෂයෙන්ම මම ආසම ගැහැණු X-men චරිතය. ඇත්තටම රෝග්ට තියෙන මගේ කැමැත්ත ආරම්භ වෙන්නේ ඔයාල කවුරුත් බලල ඇති කියල විශ්වාස කරන X-men animated කතාමාලවෙනුයි. විශේෂයෙන්ම එහිදී රෝග්ට දීලා තිබුන කටහඬ ට තමයි මම ගොඩක්ම ආස කලේ..
විස්තරේ ගෙන්න කලින් කියන්න ඕනේ අපි ආරම්භ කරපු මේ වැඩපිළිවෙල නිසා අපිට පුළුවන් උනා ලංකාවේ හිටපු කොමික් රසිකයන් එක තැනකට ගෙන්න වගේම ලංකාව තුල කොමික් පිලිබඳ කතාබහක් ඇති කරන්න..අන්න එකේ ප්‍රතිපලයක් විදිහට අපේ යාලුවෝ වගයක් කොමික් ගැන,විශේෂයෙන්ම කොමික් කතා ගැන පලකරන්න හදන උත්සාහයට අපි මුලින්ම සුභ පතනවා.. ඒගොල්ලන්ගේ ගමනට අවශ්‍ය අත්වැල සපයන්න අපි සුදානම්..
ආපහු එහෙනම් රෝග් ගැන කියන්න පටන් ගන්නම්..
1981 නොවැම්බර් මාසයේ ආපු Avengers Annual #10 කලාපයේ තමයි රෝග් ව අපිට මුලින්ම දැකගන්න ලැබෙන්නේ (ඊට කලින් අවස්ථා කිහිපයකදීම රෝග් ව එලි දක්වන්න හිතල තියෙනවා). X-men චරිතයක් ඇවෙන්ජර්ස් ලගේ කොමික් කතාවක් අස්සේ මොකක් කරනවද කියලා ඔයාල බලනවා ඇති. ඇත්තටම මේක X-men කතාමාලවත් එක්කම සම්බන්ධ වෙලා ආපු කතාවක්. එකේදී රෝග් ව හඳුන්වා දෙන්නේ අවෙන්ජර්ස් ලගේ මෙම්බර් කෙනෙක් වෙන මිස් මාවල් (කැප්ටන් මාර්වල් කියන්නෙත් මෙයාම තමයි) ගේ පවර්ස් absorbs කරන කෙනා විදිහට..
ඔයාල හැමෝම දන්නවා වගේ රෝග් ගේ ප්‍රධානම මියුටන්ට් පවර් එක තමයි තවත් කෙනෙක්ගෙන් බලය උරාගැනීම. එත් මෙයා මොකද අවෙන්ජර්ස් ලගේ කෙනෙක්ගෙන් බලය උරාගත්තේ කියලා ඔයාල බලනවා ඇති. එකට හේතුව රෝග් කියන්නේ හැමවෙලේම සුපිරි වීර වරියක් නෙමෙයි,ඇත්තටම රෝග් ව හදාගන්නේ මිස්ටීක්,ඒක නිසාම මෙයා මුල් කාලයේදී ඉන්නේ බ්‍රදර්හුඩ් කට්ටිය එක්ක.රෝග් පළමු වරට X-men කතා මාලාවක (එහෙම නැත්තම් X - Book එකක) පෙනී ඉන්නේ නම් 1982 වසරේදී ආපු Uncanny X-Men #158 කොටසේ.. මුල්ම වරට X-Men කණ්ඩායම සමග එකතු වෙන්නේ 1983 වසරේ ආපු Uncanny X-Men #171 කලාපයේදී..
රෝග් ගේ චරිතය ගොඩක් ගුප්ත එකක්. මම කලින් කිව්වා වගේ මෙයා හැමවෙලේම සුපිරි වීරවරියක් නෙමෙයි වගේම විටින් විට අවස්ථා කිහිපයකදීම X-men කණ්ඩායම පවා හැර යනවා. තවත් වෙලාවක X-men ලට විරුද්ධව පවා වැඩ කරනවා.ඒ තොරතුරු ගැන කතා කරන්න කලින් රෝග් ගේ පවර්ස් ගැන කතා කරලා හිටියොත් හොඳයි කියල හිතෙනවා.
රෝග්ගේ බලය තමයි තවත් කෙනෙකුගේ තියෙන මානසික හෝ ශාරීරික බලයන් (කෙටි කාලයකට හෝ ඇතැම් විට ඉතා දිගු කාලයකට) නැවත අත්හරින තුරු අවශෝෂණය කරගැනීම.රෝග්ට අනුව නම් මේක ශාපයක්. මෙතැනදී වෙන්නේ තවත් (සාමන්‍ය පුද්ගලයෙකුගේ,මියුටන්ට් පවර්ස් හෝ සුපර්හියුමන් පවර්ස් තියෙන පුදගලයෙකුගේ හෝ ඇතැම් විට වෙනත් ජීවීන්ගේ) තියෙන බලයන්,හැකියාවන්,මතකයන්,දැනුම හා ගති ලක්ෂණ ඒ පුද්ගලයාව(හෝ ජිවියාව) ඇල්ලීමෙන් තමන් වෙත ලබාගැනීම. මේ ක්‍රියාවලිය වෙන්න නම් රෝග් ගේ සහ අනෙක් දායකයා අතර සිද්ධ වෙන සම්බන්ධය සිද්ද වෙන්න ඕනේ හම හරහා. ඒ කියන්නේ ඒ සම්බන්දය සෘජු සම්බන්දයක් වෙන්න ඕනේ. එමගින් අනෙකාගේ තත්ව වල අනුකාරකයක් තමන් තුල නිපදවන එක තමයි රෝග් මෙතනදී කරන්නේ.මම කලින් කිව්වනේ මේක රෝග් දකින්නේ එයාට වෙච්ච ශාපයක් කියල. ඒ දේ වෙන්නේ මෙහෙමයි..සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය වෙනකොට දායකයා ගොඩක් දුර්වල වෙනවා.සමහර විට සිහිනැති වෙනවා විතරක් නෙවෙයි පවර්ස් සම්පුර්ණයෙන්ම නැති වෙච්ච අවස්ථාත් තියෙනවා.
රෝග් කුඩා කාලයේදී එයාගේ හිත ගත්ත තරුණයෙක්ව (කෝඩි රොබින්ස්) ව සිපගන්න අවස්ථාවකදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.එතකොට රෝග් බයට ගල් ගැහෙනවා,ඒක නිසාම අන්තිමේදී අර කෝඩි නතර වෙන්නේ සදාකාලිකවම කෝමා තත්වයකට වැටිලා. මේකෙන් පස්සේ රෝග් සාමන්‍ය ජිවිතයෙන් පලා යන්නෙක් බවට පත්වෙනවා..( මේ කතාව ඉදිරිපත් කරපු 2004 දී ආපු රෝග් ගේ ඔන්ගොයින් සිරිස් එකේදී තමයි මුලින්ම රෝග් ගේ සාමාන්‍ය නමක් ඉදිරිපත් කරන්නේ,ඒ ඇනා මරි යන නම.) අන්න එතැනදී තමයි මිස්ටික් රෝග් ව තමන්ගේ දරුවෙක් විදිහට හදන්න ගන්නේ (මුල් කාලයේදී අපු කතාවක තියෙන්නේ නම් රෝග් ගේ මියුටන්ට්ස් පවර්ස් හඳුනාගන්න කලින් ඉදන් මිස්ටික් ගාව හැදෙනවා කියලා.)
මිට අමතරව මිස් මාර්වල් ගේ පවර්ස් උරාගැනීම නිසා ලැබෙන පියැඹීමේ හැකියාව,වොන්ඩර් මෑන් ගේ පවර්ස් උරාගැනීමෙන් ලැබෙන හැකියාවන්,මැරෙන්න ගිය සන්ෆයර් ගේ ඉල්ලීම මත පවර්ස් උරාගැනීමෙන් ලැබෙන හැකියා වගේ විවිධ හැකියා ලැබෙනවා..
රෝග් ගැන කිව්වහම අමතක කරන්න බැරි අනෙක් චරිතය තමයි ඉතින් ගැම්බිට්,මේ දෙන්නගේ ආදරේ ගැන නම් ඉතින් කියල වැඩක් නෑ. එත් රෝග් ගේ මියුටන්ට් පවර් එක නිසා රෝග් මේ සම්බන්දෙදි ගොඩක් පරිස්සම් වෙනවා.(ඒජ් ඔෆ් ඇපොකලිප්ස් සහ බ්ලඩ් ඔෆ් ඇපොකලිප්ස් {ඇපොකැලිප්ස්/ඇපොකලිප්ස්/apocalypse} වලදී තියෙන විදිහට ගැම්බිට් හොර්ස්මන් ඔෆ් ඩෙත් වෙන්නේ රෝග් ව ආරක්ෂා කරන්න සහ දෙන්නගේ සම්බන්ධය ආරක්ශාකාරී කරගන්න)
රෝග් සහ මැග්නිටෝ අතරත් සම්බන්ධයක් තිබුනා,එත් Zaladane සමග තිබුන යුද්ධයේදී වෙන සිදුවීම් නිසා අවසානයේදී තීරණය කරනවා ඒ සම්බන්ධය නවත්වන්න..
ඊට අමතරව වුල්වී එක්කත් පොඩි සම්බන්ධයක් තිබිල තියෙනවා,එත් ඉතින් ඒවාට රෝග් ට දොස් කියන්න විදිහකුත් නෑ එයාගේ මියුටෙෂන් තත්වයත් එක්ක.
කාලෙන් කාලෙට නොයෙක් බාධා ආවත් ලස්සනට ගලායන මේ දෙන්නාගේ ආදරේට වැදගත්ම අවස්ථාව එන්නේ X-Men: Legacy ඉවෙන්ට් එකේදී.එතැනදී ප්‍රොෆෙසර් එක්සේවියර් රෝග් ගේ පවර්ස් වලට තියෙන මානසික අභාධ/සිමා ටික අයින් කරනවා. එතැනදී මිස් මාවල්ගේ වගේම කෝඩි රොබින්ස් ගේ මතකයන් තුලින් රෝග් නිදහස් වීමෙන් තමන්ගේ පුර්ණ පාලනය ලැබෙන නිසා ප්‍රථම වරට ගැම්බිට් ව සිපගන්නවා.(මේ දේවල් කියන්නේ මේවා කෙලින්ම රෝග් ගේ ජිවිතේ විශේෂ අවස්ථා වෙන නිසයි)
IGN මගින් 2006 දී ඉදිරිපත් කල හොඳම X-Men ල 25 අතරේ 05 වෙනි තැන වගේම හොඳම/සරාගිම ගැහැණු X-Men චරිත (X-Babes) 10 අතරේ 04 වෙනි ස්ථානයද හිමිකරගත්තේ රෝග්..
ඒ වගේම 2009 දී මාර්වල් සමාගමේ දරදඬුම (Toughest) ගැහැණු චරිත 10 අතර 03 වෙනි තැන රෝග් හිමිකරගත්තා..
ඒ විතරක් නෙවෙයි CBR ලගේ 2008 දී එළිදක්වපු එදා මෙදා තුර ලොව හොඳම X-Men චරිතය තැන ගත්තේ රෝග්..
ඒ වගේම කොමික් බයර්ස් සඟරාවේ කොමික් ලොව සරාගිම කාන්තා චරිත 100 අතරේ 10 වෙනි තැන දිනා ගන්න රෝග් සමත් උනා..
X-Men චිත්‍රපට කිහිපයකම Anna Paquin විසින් රෝග් ගේ චරිතය නිරුපනය කළා.
#ClownPrinceOfCrime
Comic Script ලිපිය

ela ela
ReplyDelete