Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Marvel's Agent Carter – Season 01 Plot 03

Marvel's Agent Carter – Season 01 Plot 03

Marvel'sAgent Carter – Season 01 Plot 03

**********Spoilers*************

ඒජන්ට් කාටර් කතාවේ පලවෙනි සීසන් එක කොටස් 8 යි තිබ්බේ. තාම මේක ඉදිරියට පවත්වාගෙන යනවා ද නැද්ද කියන එක ගැන ගැටළු විසදිලා නෑ සම්පුර්ණයෙන්ම. අපිට අද කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ අවසාන කොටස් 3 ගැන. ඒ කියන්නේ 6,7 සහ 8 වෙනි කොටස් ගැන.


1. Dr. Ivchenko එයාගේ මානසිකව පාලනය කිරීම ප්‍රයෝජනයට ගන්නවා. එයා මේකට අතේ තියන මුද්ද උපයෝගී කරගන්නවා. මෝහනය කියන්නෙත් එක්තරා විදිහක ආයුධයක්. කොමික් වල දී මෙයා ගේ හැකියාව මීටත් වඩා ප්‍රභල විදිහට නිරුපනය වෙනවා.

2. Dr. Ivchenko
හෙවත් Johann Fennhoff ගේ කොමික් වල දී භාවිතා කරන නම තමයි Doctor Faustus කියන්නේ. අපිට Dr. Ivchenko ගේ අතීත සිද්දියේදී එයා Christopher Marlowe ගේ The Tragic of Life Doctor Faustus කියන පොත කියවනවා දකින්න පුළුවන් වෙනවා. අපි මේ කතා කරන්නේ එකම චරිතය කියලා මෙතනින් හෝඩුවාවක් දෙනවා.

3.
පෙගී ව අත් අඩංගුවට ගන්නවා. ඒ ජාති ද්‍රෝහියෙක් ට උදව් කෙරුවා කියන චෝදනව මත. ඒකත් ඩොටී කරපු දේ හින්දා. මොනවා උනත් 102 sweet dreams ලිප්ස්ටික් එක නම් මාරක ආයුදයක් වගේ.
 

4. චීෆ් ඩුලී ගේ ජිවිත පරිත්‍යාගය. කොමික් වල මෙයා මැරෙන විදිහට වඩා දස දහස් ගුණයක ගෞරවණිය විදිහට මරණය සිද්ද වෙන්නේ. ඩුලී ඇදගෙන ඉන්න කබාය හොවාර්ඩ් ගේ තවත් එක්තරා අසාර්ථක (වෙන විදිහකින් සාර්ථක) නිර්මානයක්
 

5. Item 17 කියන්නේ හොවාර්ඩ් ගේ තවත් එක්තරා අසාර්ථක (වෙන විදිහකින් සාර්ථක) නිර්මානයක්. මේ වායුව නැතිනම් ස්ටාර්ක් කියන විදිහට මිඩ්නයිට් ඔයිල් හින්දා මිනිස්සු එකිනෙකා මරා ගන්න පෙළඹෙනවා. කතාව පුරා අභිරහසක් උන ෆිනෝ සටන මේ වායුව හින්දා සිද්ද වුනා කියලා පැහැදිලියි
 

6. කැප් ගේ වික්‍රමාන්විත වැඩ ගැන කියන රේඩියෝ වැඩසටහන. අපිට මීට කලිනුත් මෙයාල හම්බුනා. මෙතන දී කැප් ගේ සමුගැනීම අපිට දකින්න හම්බුනු කැප්ටන් ඇමරිකා පලවෙනි චිත්‍රපටියේ තිබ්බ කැප් ගේ සමුගැනීමේ අවස්ථාවට සමානයි
 

7. පෙගී කියන්නේ බ්ලැක් විඩෝ බලකායේ කෙනෙක්ට වඩා දක්ෂ කෙනෙක් නේ බලාගෙන යනකොට
 

8. අපි දන්න පෙගී කාටර් කියන්නේ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්. හැබයි මෙච්චර දවසක් ඉදලා දැන් තමයි එයාට හරි තැන හම්බෙන්නේ.
 

9. තොම්සන් ගේ අතීතය ගැන පාපොච්චාරණයෙන් පස්සේ හොඳ මිනිහෙක් වෙයි කියලා හිතුනා. ඒත් ඇත්තටම අපිට වැරදිලා. එයා තාමත් බලයට කෑදරයි
 

10. කැප් ගේ අන්තිම රුධිර සාම්පලය කාටර් මුහුදට දානවා. ප්‍රොජෙක්ට් රීබර්ත් එකක් ගැන අපිට ආයේ සැරයක් අහන්න හම්බෙන්නේ නැත්තේ මේ හින්දා වෙන්න ඕනේ. (ටයිටනික් ෆිල්ම් එකේ දර්ශනය මතක් වෙන්නේ මට විතරද ?)
 

11. කතාවේ අන්තිම දර්ශනය විදිහට අපිට වැදගත් සිද්දියක් දකින්න හම්බෙනවා. ඒ තමයි Dr. Ivchenko සිර කරලා ඉන්න සිර මැදිරියේ ඉන්නේ Arnim Zola. මෙයා Hydra සංවිධානය බිහිකරන්න මුල් වුන කෙනෙක්. මෙයා ශිල්ඩ් එකට එකතු වෙලා ඒක ඇතුලේ Hydra ව්‍යාප්ත කරන්න කටයුතු කෙරුවා. පස්සේ කාලේක මෙයාට අසාධ්‍ය රෝගයක් හැදෙනවා. එයා කරන්නේ එයාගේ මොලය සහ සිතුවිලි කොම්පියුටරයකට බද්ධ කරනවා. තව දෙයක් තමයි ශිල්ඩ් එකේ දී දැක ගන්න පුළුවන් උන විදිහට Hydra සංවිධානය බ්‍රේන්වොෂ් කරන්න Faustus Method එක භාවිතා කරන්න පටන් ගත්තේ කොහොමද කියන එකත් මේකෙන් ඉඟියක් දෙනවා.
කාටර් කතාව ඉවර උනේ අපිට ප්‍රශ්න කිහිපයක්ම ඉතුරු කරලා,
 

· Leviathan සංවිධානයේ පහර දීම කියන්නේ ඩොක්ටර් සහ ඩොටි ගේ මැදිහත් වීම විතරද? කොමික් වල දී අපිට හම්බෙන Leviathan සංවිධානය දක්වා මේ අය ව්‍යාප්ත වෙන්නේ කොහොමද?
·
ඩොටී මැරුණේ නෑනේ. ඒ කියන්නේ එයා ඉස්සරහට ගෙන්වන අදහසක් තියනවා ද?
·
පෙගී, කාටර් දෙන්නා තමයි ශිල්ඩ් ආයතනය පිහිටුවන්නේ. අපිට තවම ඒ ගැන දැක ගන්න හම්බුනේ නෑ. මේකත් ඉස්සරහට කතා කරන දෙයක් ද?
·
ශිල්ඩ් දෙවෙනි කතා මාලාවේ දී ඒ අය නැවතිලා ඉන්නේ පෙගී කාටර් ගේ මාධ්‍යස්ථානයක. ඒක කතාවේ දී දකින්න හම්බුනේ නෑ. එහෙනම් ඒකත් ඉස්සරහට එන එකක් ද?
·
කතාව අවසාන වෙනකොට පෙගී ගැන කට්ටිය දැන ගත්තා විතරනේ. ඒත් එයා මේ තරම්ම ජනප්‍රිය උනේ කොහොමද?
·
මේ සේරටම උත්තර දෙන්න කාටර් සීසන් 2 එකක් එනවාද? එනවා නම් ඒ කොයි කාලේද?
ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න නම් අපිට සීසන් 2 එකක් එනකල් ම ඉන්න වෙනවා
#attila_THE_hun


Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න