Jason Todd - Robin - Redhood
Comics කියවන ඕනෙ කෙනෙක්ගෙන් ඇහුවොත් මාර්වල් ඩීසී ආයතන දකේ චරිත අතුරෙන් හොදම සයිඩ් කික් කව්ද කියල හැමෝම උත්තර දෙයි රොබින් කියල.. ඒත් ඇයි මේ රොබින් කියන චරිතය මෙච්චර ජනප්‍රිය?? මට හිතෙන විදිහට නම් රොබින් කියන චරිතය වටා ගෙතිච්ච හොද කතා මාලාවක් තියෙනවා.. ජේසන් පීටර් ටොඩ් කියන මේ මනඃකල්පිත චරිතය දැක ගන්න පුලුවන් වෙන්නේ 1983 මාර්තු Batman #357 ඉෂූ එකෙන්.. ඒ වගේම ජේසන් තමා ඩික් ගියාට පස්සේ රොබින් කියන චරිතයේ දෙවන අයිතිකරු බවට පත් වන්නේ..
Batman: A Death in the Family ස්ටෝරි ලයින් එක ලියන්න කලින් 1988දී ඩීසී කොමික්ස්ල තීරණය කරනවා ටෙලිෆෝන් පොල් එකක් තියන්න... එතනදි ඒ ගොල්ලො අහනව ජේසන්ව ජෝකර්ගේ අතින් මරන්නද එපාද කියල මහ ජනතාවගෙන්.. එතනදි 5,343 ට 5,271 විදිහට චන්ද ලැබෙනව ජේසන්ව මරන්න කියලා.. ඊට පස්සේ එන ඩෙත් ඉන් ද ෆැමිලි කියන ස්ටෝරිලයින් එකේදි තමා ජේසන් ජෝකර්ගේ අතින් මැරෙන්නෙත් බෲස් හුගක් මානසිකව වැටෙන්නෙත්.. හැබැයි මේ ජේසන්ව මරන්න ඉදිරිපත් කරන පොල් එක ගැන නොයෙකුත් මත තියෙනවා.. ජෙසන් මරද්දි ඩීසී ප්‍රධාන කතෘ වන Dennis O'Neil කියන විදිහට ජෙසන්ව මැරුවට පස්සේ ඒගොල්ලන්ට හුගක් නෙගටිව් රිප්ලයිස් වගේම හුගක් දෝෂාරෝපණත් අහන්න උනාලු.. ඒ වගේම එයා කියන විදිහට මේ ජේසන්ගේ මරණය තීරණය කරන තීරණාත්මක ඡන්ද 72 හොර වැඩක් බවටත් මතයක් තියෙනවලු.. කව්ද මන්ද ඩයල් එකක් මොකක්ද හොරයක් කරල ඡන්ද 320ක් ජේසන්ගේ මරණය සිද්ධ වෙන්න ඕනෙ කියන තැන ඉදන් දැම්මලු.. කොහොම හරි මේ ජේසන්ගේ මරණය අපි වගේ කොමික් රීඩර්ස්ල ඇරුණම කතෘ වරුන්ටත් ප්‍රශ්නයක් උනා වගේම ඒ ගැන එලිපිටම අදහස් දැක්වුවලු.. විශේෂයෙන්ම බැට්මෑන් ඩාක් නයිට් රිටර්න්ස් සහ Year One ස්ටෝරි ලයින්ස් ලියන ෆ්‍රෑන්ක් මිලර්ට අනුව කොමික් පොතක කියෙව්ව එපාම කරපු දේ ඒකලු.. "To me the whole killing of Robin thing was probably the ugliest thing I've seen in comics, and the most cynical." මොනා උනත් ඩීසී එක පොල් එකේ තීරණත් එක්ක ඉදිමින් ජෙසන්ව ආයෙත් ගේන්නෑ.. Dennis O'Neil කියනවා ජේසන්ව ආපහු ගේන එක විකාරයක්ලු.. "It would be a really sleazy stunt to bring him back." ඒත් පස්සේ කාලෙක එයාට ඒ ගැන දුක් වෙන්න වෙනවා.. 1989 දී Denny O'Neil, Marv Wolfman සහ Pat Broderick එකතු වෙලා ටිම්ව ගෙනාවත් ජෙසන්වනම් අපේ කොමික් කියවන යාලුවන්ට අමතක වෙන්නෑ..
මොනා උනත් 2005දි එන Under the Hood ස්ටෝරි එකේදී ජේසන් ආයෙත් මරණෙන් නැගිටල එනව.. හැබැයි එතනදි එන්නේ අර පුරුදු අහින්සක රොබින්ම එමේ.. හුගක් දරුණු මනසක් තියෙන අපරාධකාරයන්ව මරන්න පසුබට නොවෙන ජේසන් කෙනෙක්.. කෙටින්ම anti-hero කෙනෙක්.. මේ හින්ද හුගක් වෙලාඅට ජේසන්ටත් බෲස්ටත් එකිනෙකාට විරුද්ධව සටන් කරන්න වෙනවා.. හැබැයි මේ රෙඩ් හුඩ් කියන්නේ බැට්මෑන්ට හුගක් සමාන අර සමාව දීම අතින් විතරක් පොඩ්ඩක් වෙනස් වෙන චරිතයක්.. මේ ස්ටෝරි එක ලියන Judd Winick ට(Batman : Under the Redhood ෆිල්ම් එක ලියන්නෙත් මෙයාම තමා) අනුව ජේසන් මැරිලා ආපහු බැට්මෑන්ව මුණ ගැහෙන්න එන කාලය තුල ජේසන් කරල තියෙන්නේ පුහුණු වීම් කරපු එක.. අනිවාර්යෙන්ම කට්ටිය Batman Under the Redhood ෆිල්ම් එක බලන්න..කොහොම හරි විලන් ඇන්ටිහීරෝ චරිත දෙක මැද ගමන් කරන රෙඩ් හුඩ්ව Battle for the Cowl ස්ටෝරි එකෙදි ආපහු එන්න බැරි වෙන විදිහට විලන් කෙනෙක් බවට පත් කරනවා.. බැට් ෆැමිලි එකේ හැමෝවම ජේසන් එකඑක්කෙනා පරද්දනව ඩික්ට පරදිනකම්.. ආ.. බැට්මෑන් මේ කාලේ ඇබ්සන්ට් හොදේ..
2011 සැප්තැම්බර් මාසේ එන Red Hood and the Outlaws කොමික් මාලාවේ සහ කණ්ඩායමේ නායකයා වෙන්නෙත් ජේසන්.. ආ, මේක anti-hero ලගෙන් සමන්විත කණ්ඩායමක්( Roy Harper සහ Starfire ) ලිපිය දිග වැඩි වෙන නිසා අපි ජේසන්ගේ හැකියාවන් ගැන කතා කරල මෙ ලිපිය ඉවර කරමු.. ජෙසන් කියන්නේ දෙවන රොබින් නිසා විශ්වයේ හොදම මාශල් ආටිස්ට් වෙන බැට්මෑන් යටතේ ඩික්ට ලැබෙන බැට් ට්‍රේනින් - Bat Training එකම ලැබෙනවා.. එ වගේම මරණෙන් නැගිටින් ජේසන් බැට්මෑන්ට පුරුදු කරපු පුද්ගලයන්ගෙන්ම සටන් පුරුදු වෙනව.. ටාලියා අල් ගුල්ගේ Kord Industries ඇති සම්බන්ධතා මගිනුත් LexCorp හිටපු CEO කෙනෙක් නිසාවෙනුත් අධිතාක්ෂණික ඕනෑම ආයුධයක් ලබා ගැනීමේ හැකියාව ජේසන්ට තියෙනවා.. පුපුරන ද්‍රව්‍ය, rocket launchers, අධි තාක්ෂණික පරිගණක උපාංග වගේ මොන ආයුධයක් තිබුනත් ජේසන්ගේ කැමතිම ආයුධය වෙන්නේ dagger එක. (රාස් අල් ගුල්ගේ ආයුධ වලට හුගක් සමාන).. එ වගේම බැටරැන්ග්ස් (batarangs) වලට හුගක් සමාන විසි කිරිමේ හැකියාව තියෙන ආයුධයකුත් ජේසන්ට තියෙනවා.. ජෙසන්ගේ තාක්ෂණය බැට්මෑන් තරමටම දියුණුයි උනත් බැට්මෑන් තරම් සල්ලි කන්දරාවක් ජෙසන්ට නෑ.. ඒත් ඕනෑම වෙලවක කෙනෙක් මරන්න ජෙසන් පසුබට වෙන්නැති නිසා ජෙසන් බැට්මෑන්ටත් වඩා බයානකයි කියල තමයි කියන්නේ.. එ වගේම bat training එක තියෙන නිසා ජෙසන් හුගක් දක්ෂ ඩිටෙක්ටිව් කෙනෙක් විදිහටත් සැලකෙනවා..
මගේ දෙවෙනියට ආසම රොබින් එහෙමත් නැත්තම් රෙඩ් හුඩ් ගැන මේ විදිහට ලියල ඉවර වෙද්දි තුන් වෙනි රොබින් එහෙමත් නැත්තම් ටිම් ඩ්‍රේක් ගැන ඊළග ලිපියෙන් රොබින්ල ගැන තව මොනා හරි ලියන්න බලාපොරොත්තු වෙනව..
#Percy_Jackson
Comic Script ලිපිය



No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න