*** ------ Arrow ------ ***
Season 2 _ Plot 5
අද අපි කතා කරන්න යන්නේ ඇරෝ කතා මාලාවේ 17, 18, 19 සහ 20 කියන කොටස් ගැන.
1. හෙලේනා ආපහු කතාවට එනවා. අපි දන්නවානේ දැන් Helena Bertinelli කියන්නේ hunterss කියලා. මෙයාව ආයෙමත් කතාවට ගෙන්නුවා කියන්නේ නිෂ්පාදකයින් ට දිගු කාලින අරමුණක් තියනවා වගේ.
2. හෙලේනා සහ සේරා එකට මුණ ගැහෙනවා. වෙන විදිහකින් කියනවා නම් කැනරි සහ හන්ටරස්. මේ 17 වෙනි කතාව නම් කරලා තියෙන්නේ Birds of Prey කියලා. ඒ කියන්නේ ගෝතම් නගරය පාදක කරගෙන ක්‍රියාත්මක වෙන විර වරියන් ගේ සංවිධානයේ නමින්. මේකේ ඉන්නේ බ්ලැක් කැනරි, හන්ටරස් සහ ඔරකල්. තාම අපිට ඔරකල් නම් දැක ගන්න හම්බුනේ නෑ. ඒත් අර දෙන්නා ගේ හමුවීම විශේෂයි.
3. ඇරෝ ගේ අතීත කතාව ඇතුලේ දී විශේෂ සිද්දි කිහිපයක්ම වෙනවා. ඔලිවර් ට කොහොමද මෙච්චර තුවාල කැළැල් ආවේ, එතකොට ඔලිවර් සහ ස්ලෙඩ් විල්සන් අතර තියන ගැටුම මොනතරම් දරුණු දෙයක්ද වගේ දේවල් ගොඩක් අපිට එළිදරව් වෙනවා
4. ස්ටාර් සිටි වල ඇටෝනි නිලධාරිනියක් වෙන කේට් ස්පෙන්සර් කොමික් වල දී අපිට හම්බෙනවා Manhunter කියන චරිතය විදිහට. කොමික් වලට අනුව නම් ලේසි පහසු කෙනෙක් නෙවේ
5. ඔලිවර් කරගත්තු ලොකුම මෝඩ වැඩක් තමයි ඉසබෙල් ට සමාගමේ CEO තනතුර දීපු එක. හැබයි මේ සිද්දිය කොමික් වල දී අපිට කියවන්න හම්බුනු ඉසබෙල් ගේ කතාවට සම්බන්දයක් තියනවා. මොකද එයා ගොඩක් උපාය ශිලිව තමයි මේ දේ කරගන්නේ.
6. ස්ලෙඩ් අන්තිමේදී නිලවශයෙන්ම වගේ Deathstroke උණා. ඒ විතරක් නෙවෙයි වර්තමාන කතාවේ සැලකිය යුතු වෙනස් කම් ගොඩක් සිද්ද වෙනවා මෙයාගේ මැදිහත් වීමෙන්. තියා පැහරගෙන යන එක, සුපිරි බලය තියන හමුදාවක් හදන එක, කොටින්ම කිව්වොත් ඔලිවර් ගේ ජීවිතය අමු අපායක් කරන එක තමයි මෙයාගේ අරමුණ.
7. මේ ඉන්නේ අපිට හැම වෙලේම රුපවාහිනියේ දකින්න හම්බෙන Bethany Snow කියන කෙනා. කොමික් වල දීත් මෙයා හම්බෙනවා අපිට මාධ්‍යවේදිනියක් විදිහට
8. මේ දෙන්නා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ෆ්ලෑෂ් එන්න කලින් මෙතන සිද්ද වෙන කතාව අපිට ඔළුවට ගියේ නැති උණාට මේ දෙන්නා ෆ්ලෑෂ් කතාවට සම්බන්ද ගොඩක් විස්තර කියනවා.
9. මිරාකුරු සේරම් එක හින්දා රෝයි ට ගොඩක් දේවල් සිද්ද වෙනවා. එයා ආදරය කරපු අය නැති වෙනවා. එයාටම එයාව පාලනය කරගන්න බෑ. අන්තිමේ දී එයා අතින් පොලිස් නිලධාරියෙක් පවා මැරෙනවා.
10. ඔලිවර් ගේ තවත් අතීත මතකයක් අපිට දකින්න හම්බෙනවා. ඒ තමයි එයා අතින් Sandra Hawke කියන ගෑනු ළමයා අම්මා කෙනෙක් වෙනවා. කතාවේ එයා ළමයා නැති කරගත්තා කියලා කිව්වට ඇත්තටම එහෙම ද? ෆ්ලෑෂ් කතාව බැලුවා නම් ඔයලා මේ වෙද්දී දන්නවා ඒක එහෙම නෙවේ කියලා. මෙයාට හම්බෙන ළමයා ගේ නම තමයි Connor Hawke කියන්නේ. දෙවෙනි ග්‍රීන් ඇරෝ වෙන්නේ මෙයා
මොයිරා ක්වින් ගේ මරණය. ඇරෝ කතාවේ දී ගොඩක් දෙනෙක් මුලින් මොයිරා ට කැමති උනේ නෑ. ඒත් මේ කොටස බලද්දී නම් ඕනෑම කෙනෙක් ට මොයිරා එයා ගේ දරුවන් වෙනුවෙන් කරලා තියන දේවල් තේරෙනවා. ඒ හින්දාමයි මොයිරාගේ මරණය අපි සේරටම ලොකු කනගාටු දායක සිද්දියක් වෙන්නේ
අපිට තව සීසන් 2 යටතේ කොටස් 3 ගැන මේ විදිහට කතා කරන්න තියනවා. අපි ඒ ටික ඊලඟ ලිපියෙන් කතා කරමු.
#attila_THE_hun
Comic Script ලිපිය



No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න