Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Inhumans

Inhumans

Inhumans - Intro


අපි මේ මාතෘකාව ගැන කතා කරන්න තව ටිකක් කල් ඉන්නම් කියලා හිටියේ, මොකද තවම මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉන්හියුමන්ස් ෆිල්ම් එක එන්න ගොඩාක් කල් තියන හින්දා. ඒත් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතා මාලාවේ ස්කයි ඉන්හියුමන්ස් කෙනෙක් කියලා හෙළිදරව් උණාට පස්සේ මේක පස්සට කල් දානවට වඩා දැන්ම කතා කරන එක හොදයි කියලා හිතුනා. අනික ශිල්ඩ් කතා මාලාව ආපහු පටන් ගන්න හින්දා මේ සම්බන්දව වැඩි පුර කතා කරයි. ඒක හින්දා අපි හිතුවා පොඩි දැනුවත් කිරීමක් කරලා හිටියා නම් හොදයි කියලා. අපි මුලින්ම මේ අය කවුද කියලා කතා කරලා ඉස්සරහට ඒ අය ගැන වෙනම කතා කරමු.
මුලින්ම කවුද මේ Inhumans ලා? සරලව කියනවා නම් එයාලා ජීවීන් පිරිසක්. එහෙම කිව්වට මදිනේ. අපි ටිකක් විස්තර කතා කරමු. හැබයි ඒකට නම් අපිට මෙයාලා ගේ ආරම්භයටම යන්න වෙනවා.
මිට අවුරුදු දස දහස් ගානකට කලින් අපේ සෞර ග්‍රහ මණ්ඩලය ආශ්‍රිතව ලොකු යුද්ධයක් ගියා. ඒ තමයි විශ්වයේ ඉන්න බලවත් ජීවී වර්ග දෙකක් වෙන “Kree” සහ “Skrull” අතර. (ගාර්ඩියන්ස් ඔෆ් ගැලැක්සි එකේ ඉන්න රෝනාන් අයිති වෙන්නේ “ක්‍රි” කියන වර්ගයට. ඒජන්ට් ඔෆ් ස්මෑශ් ඇනිමේෂන් එක බලලා තියනවා නම් “ස්ක්‍රල්” ගැන විස්තර කරනවා). ක්‍රි වරු එයාලගේ බලකොටුවක් පිහිටෙව්වා යුරේනස් වල. මේ වෙද්දී පෘථිවියේ මානව පරිනාමය වෙන්න පටන් අරන් තිබ්බේ. ක්‍රි වරු දැක්කා මනුෂ්‍යයින් ඉක්මනට පරිනාමය වෙනවා කියලා. අපේ මානව පරිනාමය මාවල් යුනිවර්ස් එකට අනුව විභේදන තුනක් තියනවා. එකක් තමයි අපි දන්න මානව පරිණාමය. අනික තමයි කොස්මික් පවර් එක මඟින් අසාමාන්‍ය බලය ලබා දීපු Eternals වරු. අනිත් පිරිස ජානමය වශයෙන් අස්ථාවර Deviants වරු. මේ අවසාන කාණ්ඩ දෙක මානව පරිනාමයෙන් වෙන්වුණේ හෝමෝ ඉරෙක්ටස් අවධියේ දී. ඒ Celestials වරුගේ බලපෑමෙන්. හැබයි ක්‍රි වරු පෘථිවියට එද්දී නම් ඉතුරු වෙලා හිටියේ අපේ ආදී මානවයෝ විතරයි. අනිත් දෙගොල්ලන්ට සිද්ද වුනේ මොකක්ද කියලා අපි පස්සේ දවසක කතා කරමු. ක්‍රි වරු Arlok කියන Eternal වරයාගේ DNA ආදී මානවයාට ඇතුල් කෙරුවා. ඒ එයාලගේ සටනට අවශ්‍ය සුපිරි සොල්දාදුවන් හදා ගන්න.
හැබයි මොකක් හරි හේතුවකට එයාලට යුරේනස් අතහැරලා යන්න උණා. ඒ එයලාගේ පරීක්ෂණයේ ප්‍රතිපලත් එතනම නවත්තලා. මේ පරීක්ෂණ ye ප්‍රතිපලය විදිහට බිහිවුණු අය තමයි Inhumans කියන්නේ. මෙයාලා වෙනම ජීවී කොටසක් විදිහට දියුණු වෙනවා. හැබයි පෘථිවියේ මානව පරිණාමයට බලපෑමක් ඇති නොකර. කොටින්ම කිව්වොත් මෑතක් වෙනකල්ම ඒක තිබ්බේ රහසක් විදිහට.
මෙයාලගේ ප්‍රධාන නගරය තමයි Attilan කියන්නේ. මේක මුලින්ම තිබ්බේ උතුරු අත්ලාන්තික් සාගරයේ දුපතක. හැබයි මිනිසුන්ගේ මැදිහත් වීම වලක්වා ගන්න මේ තැන මාරු කෙරුවා ගොඩක් සැරයක්. ඇන්ඩිස් කඳු වැටියේ, හඳේ නොපෙනෙන පැත්තේ වගේ තැන් වලත් මේ නගරය පිහිටුවලා තියනවා. පස්සේ කාලේක තානොස් ගේ ආක්‍රමණය වෙනකොට නිව් යෝර්ක් නගරයට ඉහලින් පිහිටෙව්වා.
Inhumans ගැන කතා කරද්දී වැදගත්ම කාරණය තමයි Terrigenisis කියන්නේ. මේක ඇති කරන්නේ Terrigen Mist කියන වාෂ්පයෙන්. හඳේ අඳුරු පැත්තේ තිබිලා මෙයාලට හම්බුන ඉතාම දුර්ලබ Terrigen Crystals කියන ඛනිජය එක්තරා නියමිත උෂ්ණත්වයකදී වතුරට නිරාවරණය කරපුවාම තමයි මේ වාෂ්පය හැදෙන්නේ. මේකට පුළුවන් කෙනෙක්ගේ ජානමය වෙනස් කම් කරන්න. සමහරක් වෙලාවට ඒ භාහිර ස්වරුපය වෙනස් නොකර සුවිශේෂී හැකියාවක් ලබා දීමක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට භාහිර ස්වරුපය වෙනස් කිරීමක් වෙන්නත් පුළුවන්. මේ වෙනස් වීම බලපාන්නේ Inhumans ජාන ඇඟේ තියන කෙනෙක් ට විතරයි. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතාව බලපු අයට මේක හරිම ලස්සනට පැහැදිලි ව දැක ගන්න හම්බුනා. එතන දී ස්කයි ට බලයක් හම්බුනා. රේයිනා ගේ ශරීරය වෙනස් උණා (සමහරක් විට එයාටත් බලයක් ලැබෙන්න ඇති). මේ දෙන්නා ගේම ඇඟේ Inhumans ජාන තිබ්බා. එහෙම තිබ්බේ නැති ට්‍රිප් අළු වෙලා ගියා.
මූලික හැඳින්වීමක් විදිහට මේ කතා කරපු ටික ඇති කියලා හිතෙනවා. වැඩි විස්තර පස්සේ කතා කරන්න ඉතුරු කරලා අපි කොමික් වල දී දකින්න හම්බෙන Inhumans වරු කිහිපදෙනෙක් ගැන මතක් කරගමු. මෙයාලගේ වර්තමාන නායකයා තමයි Black Bolt. මෙයාට පුළුවන් එක හුස්මකින් මුළු නගරයක් බිමට සමතලා කරන්න. ඊට අමතරව බ්ලැක් බෝල්ට් ගේ බිරිඳ Medusa, Karnak, Crystal, Maximus, Lockjaw කියන බුල්ඩෝග් වර්ගයට සමාන බල්ලා අපිට නිතරම හම්බෙනවා. අපි ඉස්සරහට මේ කට්ටිය ගැන වෙන වෙනම ලිපි වලින් කතා කරමු.

‪#‎Amadeus_chO

Comic Script ලිපිය

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න