Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:01

Avatar Articles No:01

Avatar Articles No:01


The Origin Of Bending - ලෝකයට බන්ධක හැකියාව ආ හැටි
යාලුවනේ, කොමික් ස්ක්‍රිප්ට් පේජ් එක වෙනුවෙන් අද සිට අලුතින් ඇවටර් විශ්වය ගැන ලිපි මාලාවක් ඉදිරිපත් කරනවා. Michael Dante DiMartino, Bryan Konietzko (01 රූපය) යන පුද්ගලයන්ගේ අදහසින් නිර්මාණය වූ ඇවටර් විශ්වය ගැනයි අද අපි කතා කරන්නේ .ඇවටර් විශ්වයේ මුලික අදියර වශයෙන් Avatar: The Last Airbender හා The Legend of Korra ඇනිමේෂන් කතා මාල දෙක ගන්න පුළුවන්.තව මෙහි කොමික් හා චිත්‍රපටි ද ඇතුලත් වෙනවා.නිකලෝඩියන් සමගම හා Dark Horse Comics හරහා ලොව පුර ප්‍රචලිත වූ මෙම විශ්වයද ඩීසී හා මාවෙල් කොමික්ස් තරමටම ජනප්‍රියයි.
   

පදුර වටේ තැලුව ඇති...කතාවට බහිමු.ඉතා ඇත අතීතයේ, මවෙල් විශ්වයේ Elders Of Universe ල වගේ ඇවටර් ලෝකයේ මුල්ම ජීවීන් වුනේ Lion Turtles ල(02 රූපය).මොවුන් ඉතා බලසම්පන්න,නුවණක්කාර,විශාල සිරුරු දරන,දිගු ජීවිත කාල ගත කරන බුද්ධිමත් ජීවින් කොටසක්.මේ කාලයේ ආත්ම හා මිනිසුන් වෙන් වෙන්ව හිටියේ.මොවුන් එකිනෙකාට බියක් දැක්වුවා.ආත්ම මිනිසුන්ට බියෙන් වනාන්තර වල සැගවී සිටි අතර මිනිසුන් ආත්ම වලට බියෙන් වනාන්තර වලට නොගොස් සිටියා.මෙසේ දුක්කිත ජීවිත ගෙවූ මිනිසුන් දැක ඔවුන් ට අනුකම්පා කර සිංහ ඉදිබුවන් තම රැකවරණය යටතේ ජීවත් වීමට අවසර දුන්නා.එමනිසා මිනිසුන් ඔවුන්ගේ පිට උඩ ජනාවාස ඉදිකර ගත්තා.මෙහෙම හිටියට මිනිසුන්ගේ සියලු ඇවැසිතා සපිරෙන්නේ නැහැනේ.මෙම මිනිසුන් වන ද්‍රව්‍ය රැස් කිරීම,දඩයම ආදී දේවල් තමන් විසින් සිදු කර ගත යුතුයි නේ.මෙම නිසා මෙම ඉදිබු ජනාවාසයේ හිටපු මිනිසුන් එම කාර්යයන් සදහා වනයට යාමට සුදුසු ශක්තිමත් කණ්ඩායමක් තමන් විසින් තෝරා ගත්තා.ඉන්පසු එම කණ්ඩායම තම ආරක්ෂකයා වන සිංහ ඉදිබුවාට ඒ බව පවසා වනය තුලට අනාරක්ෂිතව නොයෑමට තමන් ට උදව් කරන ලෙස පවසා සිටියා.මේ නිසා එම ඉදිබුවා Energybend හෙවත් ශක්ති බන්ධනය කර මෙම මිනිසුන්ට සතර මුලධාතු (අග්නි,වායු,ජල,භුමි) වලින් එක ධාතුවක් බන්ධනය කිරීමේ බලය ලබා දුන්නා.(ඒ ඒ සිංහ ඉදිබුවන් ඒ ඒ කණ්ඩායමටම දුන්නේ එකම මූල ධාතුවක් ,එක සිංහ ඉදිබුවෙක් ජල ධාතුව දෙන විට වෙන ඉදිබුවෙක් අග්නි ධාතුව දුන්නා) එම නිසා එම පුද්ගල කණ්ඩායම් වලට ආත්මයන්ගෙන් බේරී වනාන්තර තුලට ගොස් තම ජනාවාසයේ අවශ්‍යතා සැපරීමට පුළුවන් උනා.ඔවුන් තම කාර්ය අවසන් කර තමාට ලැබුණු බන්ධක හැකියාව නැවත තමාව ආරක්ෂා කරන ඉදිබුවාට ලබා දුන්නා. මේ ආකාරයට ඔවුන් දිගු කාලයක් ජීවත් උනා.

ආත්ම හා මිනිසුන් වෙන් වෙන්ව ජීවත් උනත් ලෝකයේ පැවැත්මට මොවුන් දෙගොල්ලන්ම අවශ්‍යයි.ඒ අතරිනුත් රාවා(ආලෝකයට හා සාමයට අධිපති ආත්මය) හා වාටු(අදුරට හා භීතියට අදිපති ආත්මය) යන ආත්ම(03 රූපය) ලෝකයේ පැවැත්මට ඩිරෙක්ටලි සම්බන්ධයි.මේ දෙන්නටම අනිකා නැතුව පැවැත්මක් නැ.එකෙකු මිය ගියොත් අනිකා තුලින්ම නැවත උපත ලබනවා.මෙම යුගය වෙනවිට රාවා වාටුව යටපත් කරගෙන ලෝකයේ අදුර පරදා ආලෝකය රජ කරවාගෙන හිටියේ.නමුත් වාන් නමැති තරුණයෙකුගේ (04 රූපය) මෝඩ ක්‍රියාවක් හේතුවෙන් මොවුන් දෙදෙනා වෙන් වනවා.වෙන් වන විට දුර්වලව සිටි වාටු මේ හේතුවෙන් වඩාත් බලවත් වෙනවා.මෙම තත්වය පාලනය කිරීමට වාන් ට දුර්වලවූ රාවාගේ ස්ථානය ගැනීමට සිදු වෙනවා.(මේ පිළිබද සියලු විස්තර ලිපි අංක 2-"ඇවටර් වරු" වලින් දෙනවා)
මේ අතර තුර ඉදිබු ජනාවාස වල සිටින ජනතාව සිංහ ඉදිබුවන්ගෙන් බන්ධක හැකියාව ඉල්ලා ගෙන වෙනම ජනාවාස ඉදිකර ගැනීමට පිටත් ව යනවා.මේ අතරතුර වාන් නමැති මනුෂ්‍යයා ගෙන් ලෝකයේ පැවැත්මට බලවත් පහරක් එල්ලවූ නිසා සිංහ ඉදිබුවන් තව දුරටත් ජනතාවට බන්ධක හැකියාව ලබා නොදීමට තීරණය කරනවා.එම නිසා සමහරක් මිනිසුන් බන්ධකයන් ලෙසද තවත් සමහරක් බන්ධකයන් නොවන්නන් ලෙසද ජනතාව කොටස් දෙකක් වෙනවා.නමුත් ඔවුන් අතර ආරවුල් හට ගන්නේ නැහැ.ඔවුන් එකම ගෝත්‍රයක්,පවුලක් සේ ජීවත් වෙනවා.මේ මොහොතින් පසු ලොවේ බන්ධක හැකියාව ශක්තිබන්ධනයෙන් නොව බන්ධක දෙමාපියන්ගේ ජාන වලින් ප්‍රවේනිගත වෙනවා. ඇවටර් ලෝකයට බන්ධක හැකියාව ආවේ මෙහෙමයි.
අදහස්,උදහස්,ගල්මුල් කොටල ගියානම් හොදයි..........

<Guy Buddhima>

Comic Script ලිපිය

****************************************************************************
අපි අපේ කොමික් ස්ක්‍රිප්ට් පේජ් එක ඇතුලේ ගොඩක්ම කතා කරන්නේ DC සහ මාවල් යුනිවර්ස් එක ගැනනේ. ඒත් ඇවටර් යුනිවර්ස් එකත් මේ වගේම ගොඩක් ජනප්‍රියයි. ඒ ජනප්‍රියතාවය හින්දාම ඩාර්ක් හෝර්ස් ආයතනය ඇවටර් කොමික් ලෝකෙට හඳුන්වා දීමක් කෙරුවා. අපි අද ඉදන් අපේ පේජ් එක මඟින් සතියකට දෙපාරක් ඇවටර් යුනිවර්ස් එක ගැන කතා කරනවා. මේ වැඩේට අපිට උදව් කරන්නේ අපේ Guy Buddhima සොහොයුරා. එයාගේ මේ වැඩේට ඇඩ්මින් වරු විදිහට ස්තුතිය ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.
****************************************************************************

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න