Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avengers Age of Ultron : Trailer 3 - Breakdown

Avengers Age of Ultron : Trailer 3 - Breakdown

Marvel Trailer Breakdown

Avengers Age of Ultron Trailer #2 : Breakdown



ඇඩ්මින් කෙනෙක් මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි ෆෑන්ස් ලා හොදටම දන්න දෙයක් ගැන කතා කරන එක. ඊටත් වඩා ඒ කතා කරන්නේ ඇවෙන්ජර් 2 තුන්වෙනි (ගොඩක් විට අවසාන) ට්‍රේලර් එක උනාම ඒ තත්ත්වය තවත් වැඩි. DC සහ මාවල් අතර සොඳුරු ගැටුමේ නවතම ප්‍රවණතාවය තමයි පුළුල් තිරයේ බල ආධිපත්‍ය පතුරුවා ගන්න එක. ඒ සටනේ දැනට ඉන්න ප්‍රධානතම විරුද්ධ වාදියෝ දෙන්නා තමයි A2:AoU සහ BvS කියන ෆිල්ම් දෙක. පහුගිය දවසක ඇක්වාමෑන් ගේ පෝස්ටර් එක ප්‍රසිද්දියට පත් කරපු වෙලාවේ කවුරුත් නොහිතපු විදිහේ ප්‍රතිචාරයක් BvS වලට හම්බුනා. හැබයි ඒකට සුදුසුම පිළිතුරක් මාවල් සමාගම දුන්නා. ඒ තුන්වෙනි ට්‍රේලර් එක නිකුත් කරලා. ආකර්ශනීයම කාරණය උනේ අපිට ට්‍රේලර් එක බලන්න නම් මුලින්ම ටිවිට් කරලා ඒක අන්ලොක් කරගන්න ඕන උණා. ඒ වගේම පැය 24 ක් ගතවෙන මොහොතේ දී පුර්ව ප්‍රචාරක පටය 5.8 M ප්‍රමානයක් නරඹලා තියන එකෙන්ම මේකට තියන ආකර්ශනය අපිට පැහැදිලියි. අපි එහෙනම් මේ ගැන කතා කරන්න කලින් තව එක පාරක් ට්‍රේලර් එක බලලා ඉමු. (තමන්ගේ ගෙදරම මල ගෙයක් මරණයක් වුනේ නැති කෙනෙක් හැරුනාම වෙන කවුරු හරි මේ ට්‍රේලර් එක තවම බලලා නෑ කියලා කියනවා නම් ඒක පැහැදිලිවම ලෙඩක්)

https://www.youtube.com/watch?v=JAUoeqvedMo

ඒ විනාඩි 2....... මාවල් සමාගම දන්නවා මිනිහෙක් එක පාර නැතුව ටික ටික මරණ විදිහ. මේ ට්‍රේලර් එක විස්තර වශෙයන් බලන්න කලින් පොඩි දෙයක් කතා කරන්න ඕනේ. ඒ තමයි මේ ට්‍රේලර් එකෙන් කතා කරන්නේ මිට අපි දැකපු දර්ශන වලම තව කොටසක් නෙවේ. අලුත්ම දර්ශන ගොඩක් තියනවා. කලින් ට්‍රේලර් වල ද අපිට දැනුනු බලාපොරොත්තු කඩ වීම, වික්ෂිප්ත භාවය වෙනුවට එක්තරා විදිහක සහනයක් ගේන්න මේ ට්‍රේලර් එකට පුළුවන් උණා. අපි එහෙනම් රූප රාමුවෙන් රාමුවට අවධානය යොමු කරන ගමන් අලුතින් කතා කරන්න ඕන දේවල් ගැන විමසීමක් කරමු.

1. අල්ට්‍රෝන් සහ නිවුන්නූ දෙන්නා අතර දර්ශනය. මේක කලින් ට්‍රේලර් වල දීත් අපි දැක්කා. මෙතන දී අල්ට්‍රෝන් කියන්නේ එයා නිර්මාණය කරලා තියෙන්නේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් කියලා. හැබැයි ඒ අරමුණ කොතනක හරි වරද්දාගෙන තියනවා. මෙතන අල්ට්‍රෝන් ඉන්නේ රතු පැහැති ලෝගුවක් පොරවා ගෙන. අපිට කොමික් වල දී මුලින්ම අල්ට්‍රෝන් හම්බෙන කොට එයා ඉන්නේ Crimson Cowl කියන රතු පාට ලෝගුවක් ඇතුලේ හැංගිලා ඉන්න කෙනෙක් විදිහට. සමහරක් විට ෆිල්ම් එක ඇතුලෙත් මුලින්ම එහෙම වෙන්න ඉඩ තියනවා.
2. අල්ට්‍රෝන් කියනවා මිනිස්සු අහස දිහා බලනවා ලු බලාපොරොත්තුවක් වෙනුවෙන්. එයා මුලින්ම කරනවා කියන්නේ ඒ දේ මිනිසුන්ගෙන් ඉවත් කරන එක ලු. මාවල් යුනිවර්ස් එකේ අහසින් මතුවෙන බලාපොරොත්තුව විදිහට ගන්න තියෙන්නේ ඇවෙන්ජර්ස්ලා. අපිට මුල් කාලයේ ඇවෙන්ජර්ස්ලාගේ ප්‍රවාහන යානය උන Quinjet එක දකින්න පුළුවන්. අල්ට්‍රෝන් මෙතන දී කියන්නේ එක්කෝ මීට පස්සේ අහසින් මතුවෙන්නේ බලාපොරොත්තුව නෙවේ විනාශය කියන එක. එහෙමත් නැතිනම් බලාපොරොත්තුව ගෙනාපු ඇවෙන්ජර්ස් ලා විනාශ කරලා දානවා කියන එක කියලයි මට හිතෙන්නේ. මේත් එක්කම දකින්න හම්බෙන දර්ශන පෙළ ඒක ක්‍රියාත්මක වෙන ආකාරය නිරුපනය කරනවා

3. අල්ට්‍රෝන් ගේ නෝ ස්ට්‍රින්ග් කියන ස්ලෝගන් එක ක්‍රියාත්මක වෙන වෙනවා. එයාව සම්බන්ද කරන කේබල් එක ගලවනවා. අපිට ඊට කලින් දකින්න හම්බුනේ අල්ට්‍රෝන් කලින් වර්ෂන් එක වෙන්න ඕනේ

4. මතකනේ නිව් යෝර්ක් සටනින් පස්සේ ස්ටාර්ක් ටවර් එකේ ඉතුරු උනේ A අකුර විතරයි කියලා. අලුත් ඇවෙන්ජර් ටවර් එක වෙන්නේ මේ ගොඩනැගිල්ල නේ. ඉතුරු වෙලා තියන එකම අකුර ඒ විදිහටම තියාගෙන ඒක වැඩි දියුණු කරලා. මේකේ තියන යටි අර්ථය තමයි මුළු ලෝකයම අනතුරට පත් වෙද්දී මිනිස්සුන්ට ඉතුරුවෙන එකම පිළිසරණ ඇවෙන්ජර්ස්ලා විතරයි කියන එක

5. යහපත් අරමුණකින් ටෝනි කරපු දෙය හිතුවේ නැති විනාශයක් වෙනවා. ටෝනි මේක විස්තර කරන්නේ ඇවෙන්ජර් ටීම් එකේ ඉන්න විද්‍යාත්මක දැනුම තියන අනිත් කෙනා බැනර් එක්ක. සමහරක් වෙලාවට විද්‍යාත්මක සොයා ගැනීම් විනාශයක් සිද්ද කරනවා කියන කාරණය තේරුම් ගන්න පුළුවන් ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට. (අපි දැක්කා තෝර් කොහොමද මේ සිද්දිය වෙනුවෙන් ප්‍රතිචාර දැක්කුවේ කියලා. තව දෙයක් අයන් මෑන් 3 එකේ ක්‍රෙඩිට් සින් එකේ දී බැනර් ඇහුන්කන් දීපු විදිහට වඩා නම් මෙතන දී ඇහුන්කන් දෙනවා වගේ)

6. අල්ට්‍රෝන් ගේ රොබෝ කෙනෙක් කොන්ක්‍රීට් එකක් කඩාගෙන මතු වෙනවා. අල්ට්‍රෝන් ගේ රහස් කුටිය පොළව යටද තියෙන්නේ? (ටෝනි එයාගේ වැඩ කරන්නේ බේස් මන්ට් එකේ ඉදන් කියලා තමයි මට නම් මතක. මේ එන්නේ ඒක ඇතුලේ ඉදන් නම්?)

7. තෝර් කියන්නේ ලේසියකින් පිටිපස්සට යන කෙනෙක් නෙවේ. ඒත් මෙතන දී එහෙම වෙනවා. කලින් ට්‍රේලර් එකේ අපි දැක්කා තෝර් ගේ අතින් මිටිය අත හැරෙනවා. නෝර්ස් අකුණු සර දෙවියා තව දුරටත් මිටිය ඔසවන්න සුදුසු නැති වෙයිද?

8. මාවල් කොමික් වලින් හදන ෆිල්ම් වල දී තවම මැරිලා ඉන්නේ අංකල් බෙන් විතරනේ. ඒත් මේ පාර නම් තවත් අය මැරෙයි වගේ (කොහොමද අංකල් බෙන් ගේ නම ආරක්ෂා කරන්න පාලම යටින් ස්පයිඩි මතු වෙලා කාර් දෙක වැටෙන්න දෙන්නේ නැතුව වලක්වා ගත්තොත්)

9. How does civil war start?

10. බැනර් බැනර් බැනර්..... Give me a chance to kiss her (Said by Hulk)

11. Avenger Assembled and Cap’s Cap

12. කලබල වෙන්න එපා, වුල්වී නෙවේ ඉන්නේ. හෝක්අයි ගේ අලුත් ගැජට් එකක්

13. මේ මාසේ අපේ වෝල් පේපර් කොන්ටෙස්ට් එක නෑ. හේතුව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ

14. වේගවත් රූප රාමු කිහිපයක්. විඩෝ කලින් දැකපු සුපිරි බයික් එකෙන් ප්ලේන් එකෙන් බහිනවා. කැප් ශිල්ඩ් එක පිටේ එල්ලා ගෙන සටනට රෙඩි වෙලා ඉන්නවා. බැනර් හල්ක් ට කෝල් කරනවා. ටෝනි අයන් මෑන් ගන්ලට් එකෙ දාගෙන ඉන්නවා. තෝර් සටනට කලින් පොඩ්ඩක් නාගන්නවා. හෝක් අයි දුනු ඊතල වලින් සැරසිලා ඉන්නවා. පොඩ්ඩක් ඉන්න ආපහු ටෝනි ගාවට යමු. ටෝනි අයන් මෑන් ගන්ලට් එකෙන් අල්ලා ගෙන ඉන්නේ ලෝකි ගේ ස්ටාෆ් එක. අපි අන්තිමේට දැක්කේ මේක වොන් ස්ට්‍රයිකර් ගාව තියනවා. (වින්ටර් සොල්ජර් ක්‍රෙඩිට් සින් එක). ටෝනි ට මේක හම්බුනේ කොහොමද?

15. හැම වෙලාවෙම හෝක් අයිට අඩු සැලකිලි

16. මාවල් යුනිවර්ස් එකේ ඉන්න අද්විතීය නායකයා තමයි නික් ෆියුරි. මොන දේ උනත් ෆියුරි පිටිපස්සෙන් ඉන්න ඕන මේ වගේ වෙලාවක

17. යුගයේ දැවැන්තම සටන. කැප්, තෝර්, අයන් මෑන් vs අල්ටෝන්, ක්වික් සිල්වර්, ස්කාර්ලට් විච්. හරියට ඕල්ඩ් වෙස්ටර්න් ෆිල්ම් එකක ගන් ෆයිට් එකකට කලින් වගේ

18. ඉරණම දැන ගෙන ම තමයි ඇවෙන්ජර්ස් ලා සටනට යන්නේ. කැප් කියනවා I have no plans tonight. මේක තමයි මේ දක්වා ඇහුනු හොදම ඩයලොග් එක.

19. එපික් ක්ලෑශ්. මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකට අනුව දෙකම හදලා තියෙන්නේ වයිබ්‍රේනියම් වලින්. ප්‍රතිපලය දෙකටම හානියක් වෙන්න බෑ මට නම් හිතෙන්නේ. ඒත් අල්ට්‍රෝන් ගේ ආමර් එක කැපිලා යනවා වගේ දෙයක් තමයි පෙනුනේ.

20. අල්ට්‍රෝන් ආරක්ෂා කරන්න උත්සාහ කරන කාර්ගෝ එක ඇතුලේ කෙනෙක් ඉන්නවා වගේ. සමහරක් විට මෙතන ඉන්නේ විශන් වෙන්න පුළුවන්

21. හල්ක් යූ ආර් ඕ...සම්. මට නම් ට්‍රේලර් එකේ ඇවෙන්ජර්ස් ලාගේ බැට්ල් ජම්ප් එකට වඩා මේක ලස්සනයි.

22. කතාව ඇතුලේ දී ස්කාලට් විච් සහ ක්වික් සිල්වර් කියන්නේ එසේ මෙසේ චරිත දෙකක් නෙවේ කියන එක අපිට කලින් ම තේරිලා නේ තිබ්බේ. මේ ඒකට ම තවත් ශාක්ෂියක්

23. අයියෝ කැප්.......

24. ටෝනි ගේ ආමර් වලට වගේ අල්ට්‍රෝන් ටත් පියාඹන්න පුළුවන්

25. මේ ෆිල්ම් එකේ නම් කැප් ටිකක් සිරා කතා ටිකක් කියනවා වගේ. තෝර් අල්ට්‍රෝන් ගෙන් ගේම ඉල්ලලා අල්ටෝන් රොබෝ වරු සේරම එවන කොට කැප් කියන්නේ ඒක අහන්නම උණා කියන වදන නම් සුපිරිම සුපිරි

26. විඩෝ ගේ ටුල් එකක්. සමහරක් විට මේ Widow's Bite කීයන වෝල්ට් 30000 ක විතර විදුලි සැරයක් දෙන්න පුළුවන් වෙපන් එකේම වැඩි දියුණු කරපු අවස්තාවක් වෙන්න ඉඩ තියනවා

27. ස්කාලට් විච් සහ ක්වික් සිල්වර් ඇවෙන්ජර්ස්ලාට එකතු වෙනවා. මේ අය අල්ට්‍රෝන් එක්ක වැඩ කෙරුවේ ඇයි කියන එක සහ එතනින් අයින් උනේ ඇයි කියන එක පැහැදිලි නෑ හැබයි.

28. මෙච්චර දවසක් මාවල් සමාගම එළියට දාන්නේ නැතුව හිටපු කෙනා. ඒ තමයි විෂන්. අන්තිමේ දී අපිට විෂන් ව දකින්න හම්බෙනවා. ඒත් වැදගත්ම කාරණය තමයි විෂන් ගේ නළලේ තියන කහ පාට වස්තුව මොකක්ද කියන එක. මේ සම්බන්ධව තියන විවාදාත්මක සහ පිළිගන්න පුළුවන් හොඳම මතය තමයි මේ තියෙන්නේ ඉනිෆිනිටි ස්ටෝන් වලින් සෝල් ස්ටෝන් එක කියන එක. අපිට මේ වෙද්දී ඉනිෆිනිටි ස්ටෝන් 4ක් දකින්න හම්බුනා. අඩුවට තිබ්බේ සෝල් ස්ටෝන් එකයි ටයිම් ස්ටෝන් එකයි. විෂන් සම්බන්ධ යෙන් අපිට හිතා ගන්න පුළුවන් එකම දේ තමයි සෝල් ස්ටෝන් එක. මොකද රොබෝ කෙනෙක් හිතන්න පුළුවන් මානුෂිය කෙනෙක් වෙන්න වෙන ක්‍රමයක් නෑ. අනික කොමික් වල දී සෝල් ස්ටෝන් එක ත් එක්ක ගොඩක්ම සම්බන්ද ඇඩම් වෝර්ලොක් මේක එයාගේ නළලේ තමයි රඳවා ගෙන හිටියේ. (අපේ ඉන්ෆිනිටි ජෙම් ලිපි පෙළ කියවන්න මතක ඇතුව. තව දෙයක් කොමික් සහ සිනෙමැටික් යුනිවර්ස් එකේ මේ ඉන්ෆිනිටි ස්ටෝන් වල පාට වෙනස් කරලා තියන්නේ. ඒ හින්දා පාට ගැන හිතලා තීරණයකට එන්න එපා)
මේ ලිපියෙන් ඊස්ටර් එග් ගැන කතා කරනවාට ත් වඩා රූප රාමුවෙන් රාමුවට කතා කිරීමක් උනේ. පුළුවන් තරම් ට්‍රේලර් එක ඇතුලේ තිබ්බ දේවල් ගැන කතා කරන්න උත්සහා කළා. අපිට මඟ හැරුණු දෙයක් තියනවා නම් පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.


#attila_THE_hun

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න