Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:02

Avatar Articles No:02

Avatar Articles No:02

The Origin Of Avatars - ඇවටර් වරුන් ගේ ආරම්භය
හොදයි යාලුවනේ අපි කලින් ලිපියෙන් ලෝකයට බන්ධක හැකියාව ආ හැටි කතා කළා.අද කතා කරන්නේ ඇවටර් වරු ගැන.
ඇත්තටම ඇවටර් කියන්නේ සතර මුලධාතු බන්ධනය කරන්න පුළුවන් කෙනාටම නෙවෙයි.ඇවටර් කියන්නේ ලෝකයේ පැවැත්මට ඍජුවම දායක වන පුද්ගලයෙකුට.රාවා(ආලෝකයට හා සාමයට අධිපති ආත්මය) හා වාටු(අදුරට හා භීතියට අදිපති ආත්මය) යන ආත්මනේ ලෝකයේ පැවැත්ම තීරණය කරන්නේ.මොවුන් දෙදෙනා ඇවටර් බිහි වීමට හේතු වූ හැටි මන් දැන් කියන්නම්.
       

The Legend of Korra (S02E07&08) ඔයගොල්ලෝ බලල ඇති කියල මන් හිතනවා.එකේ විදියට එක සිංහ ඉදිබු ජනාවාසයක වාන් කියල තරුණයෙක් හිටිය.ඔහු සිංහ ඉදිබුවාගෙන් ආත්මයන්ගෙන් ආරක්ෂා වී වනයට යාමට අග්නිබන්ධක හැකියාව ලබා ගන්නවා.ඔහු නමුත් වනයට යාමට සිටින කණ්ඩායමේ නායකයාව රවටා නැවත ජනාවාසයට එනවා.ඔහු අනෙක් පුද්ගලයන් වගේ තමාගේ හැකියාව ආපසු ලබා දෙන්නේ නැහැ.ඔහු තම බන්ධක හැකියාව යොදවා මංකොල්ලයක් සිදු කරනවා.නමුත් ඔහුව එම ජනාවාසයේ පාලකයන්ට අසුවෙනවා.ඔවුන් ඔහුව වනාන්තරය තුලට පිටුවහල් කරනවා.ඔහු ආත්ම වලට බියෙන් අසරණව සිටින විට ඔහු කල හොද ක්‍රියාවක් හේතුවෙන් (රුපය 1 ) ආත්ම ඔහුට රැකවරණ සැලසීමට පෙලබෙනවා .මේ අතර වනාන්තරයේදී මකරෙකු ඇසුරින් ඔහු අග්නිබන්ධනය ප්‍රගුණ කර දක්ෂ අග්නිබන්ධකයෙකු බවට පත් වෙනවා (රුපය 2 ).මෙසේ සිටින විට ඔහුට ආත්මයන්ගෙන් දැනගැනීමට ලැබෙනව තවත් සිංහ ඉදිබුවන් සිටිනවා කියා. එමනිසා ඔහු අනෙක් සිංහ ඉදිබුවන් සොයා සංචාරයක යෙදෙනවා.
මෙම සංචාරය අතරතුර ඔහු දකිනවා රාවා හා වාටු පොර බදිනවා.වාටු වාන් ගෙන් තමාව බේරා ගන්න ලෙස ඉල්ලනවා.වාටු ගේ ස්වබාවය නොදත් වාන් රාවා ට පහර දී වාටුව බේරා ගන්නවා.වාන්ගෙන් පහර ලද හෙයින් රාවා දුර්වල වෙන අතර දුර්වලව සිටි වාටු මේ හේතුවෙන් වඩාත් බලවත් වෙනවා.වාටු වාන්ගේ මෝඩ ක්‍රියාවට ස්තුති කරමින් පලායනව.එවිට රාවා වාන් ට ඔහුගේ ක්‍රියාවේ බරපතල කම පැහැදිලි කර දුන් පසු වාන් මෙය නිවැරදි කිරීමට සිංහ ඉදිබුවෙකුගෙන් උපදෙස් පතනවා (රුපය 3 ).එවිට සිංහ ඉදිබුවා ඔහුට කලයුතු දෑ පැහැදිලි කර දුන්නා.
රාවා හා වාටු කියන්නේ ලෝකයේ පැවැත්මට අදාළ ආලෝකයට හා අන්ධකාරයටයි.මේ දෙන්නටම අනිකා නැතුව පැවැත්මක් නැ.එකෙකු මිය ගියොත් අනිකා තුලින්ම නැවත උපත ලබනවා.දැන් වාටු බලවත් වූ නිසා රාවා එන්න එන්නම දුර්වල වෙනවා.මේ නිසා ලෝකයේ අන්ධකාරය පැතිරෙන්න පටන් අරන්.ආත්ම වලට භෞතික ශරීර නැති නිසා මෙම වෙනස ඍජුවම බලපානවා.රාවාගේ බලය අඩුවෙමින් පවතින නිසා ඇයට මෙයට විරුද්දව මුකුත් කරන්න බැහැ.මෙනිසා සිංහ ඉදිබුවා යෝජනා කරනවා රාවාගේ තැන මිනිසෙකු විසින් සම්පූර්ණ කලයුතුයි කියා.එම මිනිසා තමා වාන්.නමුත් ඔහු මනුෂ්‍යයෙකු වශයෙන් එපමන බලයක් දැරීමට බලවත් නැහැ.එම නිසා ඉදිබුව යෝජනා කරනවා ඔහු සතර මුලධතුවම බන්ධනය කිරීමට ඉගෙනිය යුතුයි කියල. එත් කොහොමද?මිනිස් සිරුරකට ධාතු සතරම දරාගන්න බැහැ.එම නිසා සිංහ ඉදිබුවා යෝජනා කරනවා වාන් අනෙකුත් සිංහ ඉදිබුවන්ගෙන් බන්ධක හැකියාව ලබා ගැනීමේදී,රාවා ඒ ඒ බන්ධක හැකියාව වාන් වෙනුවෙන් දරා ගත යුතුයි කියල.ඒ කියන්නේ වාන් බන්ධක හැකියාව ලබා ගනිද්දී රාවා ඔහුට ආවේශ වී එම බලයන් තමන් තුලට ගත යුතුයි කියල.එවිට වාන් ට වෙනත් මුලධතුවක් බන්ධනය කිරීමට අවශ්‍ය නම් රාවා වාන් තුලින් ගොස් ඔහුට එම බලයන් ලබා දිය යුතුයි .නමුත් මේ වනවිට රාවා සම්පුර්ණයෙන්ම බල රහිත ව නැති නිසා රාවා වාන් ගේ සිරුරට ආරුඩ වූ විට වාන් ගේ සිරුර එතරම් බලයක් දරාගැනීමට නොහැකි නිසා ප්‍රතික්ෂේප කරනවා.ඒකයි රාවා වාන් ගේ සිරුරට ඇතුළු වී යම් වෙලාවක් සිටින විට වාන් මියයාමට හදන්නේ.
කොහොම හරි අවසානයේ අනුවර්තීය හෝරාවේදී (Harmonic Convergence) වාන් ට වාටුව පරදා ඔහුව කාලයේ ගසේ සිර කිරීමට පුළුවන් වෙනවා.මේ වනවිට රාවා බෙලහීන වී අතුරුදහන් වීමට ඔන්න මෙන්න.එවිටම වාන් පවසනවා තමාගේ ශරීරයට ඇතුළු වන්න කියලා.අවසන් මොහොතේ ධාරකයක් හමුවූ නිසා රාවා අතුරුදන් වෙන්නේ නැ (රුපය 4).මන් මුලින් කිව්වනේ, ඇවටර් කියන්නේ ලෝකයේ පැවැත්මට ඍජුවම දායක වන පුද්ගලයෙකුට.මේ මොහොතේ රාවා(ආලෝකයට හා සාමයට අධිපති ආත්මය) කියන ආත්මය වාන් ගේ සිරුරට ඇතුළු වීම හේතුවෙන් වාන් ට සිදුවෙනවා ලෝකයේ ආලෝකය හා සාමය පවත්වා ගෙන යාමට.රාවාගේ කියන ආත්මයේ තැන මිනිසෙකු වශයෙන් වාන් සම්පූර්ණ කලා.ඉස්සර ලෝකයේ පැවැත්ම පවත්වාගෙන ගියේ රාවා සහ වාටුයි.නමුත් දැන් එය සිදු කරන්නේ වාන් හා වාටුයි.මේ ආකාරයට වාන් පළමු ඇවටර් වරයා බවට පත් වුනා. මින් පසු වාන් ආත්ම ලෝකය හා මිනිස් ලෝකය වෙන් කෙරෙන Portals වසා දමනවා.එම හේතුවෙන් ඔහුව මිනිස් ලෝකය හා ආත්ම ලෝකය සම්බන්ධ කෙරෙන් පාලම බවට පත් වෙනවා.
ඔබ දන්නවා ඇතිනේ ඇවටර් කෙනෙකුගේ උපරිම බලය ලැබෙන්නේ ඇවටර් සමධියේදී (Avatar State) කියල.හැබැයි ඇවටර් කෙනෙක් මේක පාලනය කරන්න දන්නේ නැත්නම් මේකම තමා ඇවටර් වරයෙකුගේ ප්‍රධානම දුර්වලතාවයත්.මක් නිසාද යත් ඇවටර් සමාධියේදී සිරුර තුල සිටින රාවාගේ ආත්මය තමා බලවත් වෙන්නේ.රාවාගේ ආත්මය තම සිරුර පාලනය කරන්නේ.මේ ඇවටර් සමාධියට ආවම වායුබන්ධකයෙකු නම් ඇස් හා පච්චද,වෙනකෙකුනම් ඇස් පමණක්ද දිලිසීමට පටන් ගන්නවා.මේ අවස්ථාවේදී ඇවටර් මැරුනොත් රාවාත් ඒ සමගම මිය ගොස් ඇවටර් චක්‍රය අවසන් වෙනවා.(එවිට රාවව ආපහු ඉපදෙන්නේ වාටු ගේ සිරුරින්මයි.)
මේ ඇවටර් චක්‍රය කියන්නේ ඇවටර් වරු (රුපය 5)ඉපදෙන අනුපිලිවෙල.එකම ගෝත්‍රයේ ඇවටර් වරු දෙදෙනෙක් එක ලග පහල වෙන්නේ නැ.වාන් සිංහ ඉදිබුවන්ගෙන් බල ලබාගත් අනුපිලිවෙල අනුව තමා ඇවටර් චක්‍රය සැදී තිබෙන්නේ.අග්නි,වායු,ජල,භුමි.යම් ඇවටර් කෙනෙක් තම ඇවටර් හැකියා වැඩිදියුණු කර ගත යුත්තේද මේ පිලිවෙලටමයි.එම ඇවටර් වරයා තම ඉපදුන වංශයේ බන්ධක හැකියාව ප්‍රගුණ කර අවසානයේ ඇවටර් චක්‍රයේ අනුපිලිවෙලට අනෙකුත් මූලධාතු ප්‍රගුණ කල යුතුයි. තවද ඇවටර් වරයෙකු අධ්‍යාත්මික පුහුණුවක්ද ලබා ගත යුතුයි.මක්නිසාද යත් ඇවටර් යනු ආත්ම ලෝකය හා මිනිස් ලෝකය සම්බන්ධ කෙරෙන පාලම බැවිනුයි.
ඇවටර් විශ්වයේ රසිකයෝ මෙහි නිර්මාතෘ වරුන් වන Michael Dante DiMartino, Bryan Konietzko දෙදෙනාගෙන් නිරතුරු අසා තිබෙනවා කවුද ඇවටර් Yangchen ට කලින් හිටපු ඇවටර් වරු කියල.එම නිසා මේ දෙන්න ඔවුන්ගේ නම් ඉදිරිපත් කරලා තියනවා.නමුත් මේ කිසිම අයෙක් ගැන අනිමෙටඩ් සීරිස් එකේදී වත් කොමික් වලදී වත් සදහන් වෙන්නේ නැ.නමුත් ඔයාලටත් දැනගන්න මන් ඒ නම් ටික දෙන්නම්.මෙන්න ලින්ක් එක.
https://www.fanfiction.net/s/8865646/1/All-The-Avatars-From-The-First-To-Korra
පළමු ඇවටර් වාන් ගෙන් පසු අපි දන්නා තරමට අවසන් ඇවටර් කෝරා.මතක තියාගන්න කෝරා අන්තිම ඇවටර් නෙවේ.රාවා මියගොස් නැති නිසා කෝරට පස්සේ ඇවටර් ල පහල වෙනවා.රාව අතුරුදහන් වී නැවත වාටු තුලින් ඉපදෙන නිසා කෝරාට පරණ ඇවටර් ල එක්ක තියෙන සබදතාව නැති වෙනවා.පස්සේ පහල වෙන ඇවටර් ලට කෝරා පළමු ඇවටර් වගේ දැනෙයි.
හොදයි යාලුවනේ මන් ඇවටර් ල ගැන ඔක්කොම ලිපියට දුන්න.Dark Avatar සීන් එක පස්සේ දෙන්නම්.ඊලග ලිපියෙන් (Bending) ගැන කතා කරමු.
අදහස්,උදහස්,ගල්මුල් කොටල ගියානම් හොදයි..........

<Guy Buddhima>

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න