Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Robin - Tim Drake

Robin - Tim Drake

Robin - Tim Drake


ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු ලිපියක් අරගෙන මම ඔයාලත් එක්ක එකතු වෙනවා.. සුපුරුදු විදිහට දුෂ්ටයන් ගැන ලිපි පෙළත් ඉක්මනටම ආපහු පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.. ඊට කලින් අපේ කරගෙන ආපු ලිපි පෙළක හිස්තැන් පුරවන්න හිතුව.. ඒක නිසා අපි බැට් ෆැමිලි එක යටතේ ගෙනාපු පිරිමි චරිත ගැන ලිපි පෙළ සම්පුර්ණ කරලා ඉන්න හිතුවා.. කලින් ලිපි වලින් අපේ ඇඩ්මින් සහෝදරයෙක් පලවෙනි රොබින් ඩික් ග්රේසන් ගැන වගේම ජේසන් ටොඩ් ගැනත් කතා කරපු නිසා දැන් සුදානම තුන්වෙනි රොබින් වෙන ටිම් ඩ්රේක් ගැන විස්තර ගෙන්න..
                               

මුලින්ම කියන්න ඕනේ රොබින් ලාගෙන් මම පලවෙනි රොබින්-ඔරිජිනල් රොබින් ඩික් ට පස්සේ කැමතිම කෙනා තමයි ටිම්.. ටිම් කියන්න ගොඩක් වැදගත් චරිතයක් උනත් dc ලාගෙන් මෙයාට ටිකක් අඩු සැලකිලි ලැබෙනවා කියලයි මගේ අදහස.. ටිම් ට කරන්නේ මොනවද කියල තවම හරියට අදහසක් ඒගොල්ලොන්ට නැතුවද මන්දා..ටිම් ට මිට වඩා තැනක් (විශේෂයෙන් ඩේමියන් ට වඩා) ලැබෙන්න ඕනේ කියලයි මගේ අදහස..

මම එහෙම කිව්වේ ටිම් ගේ චරිතයේ තියෙන ලක්ෂණ දෙවෙනි වෙන්නේ ඩික්/නයිට්වින්ග් ට විතරයි.. ගොඩක් අය හිතන් හිටියට බැටා ට පස්සේ බැට් ෆැමිලි එකේ ඩිටෙක්ටිව් හැකියාවන් වලින් දක්ෂ කෙනා නයිට්වින්ග් කියල ඒක එහෙම නෙමෙයි.. බ්රූස් පවා පිලිගන්නවා/කියල තියෙනවා ටිම් ඉතා දක්ෂ රහස් පරීක්ෂකයෙක් කියල.. ඒක නිසා ඔක්කොටම කලින් අපි ටිම් ගේ හැකියාවන් ටික ගැන කතා කරලා ඉමු..

~ හොඳ බුද්ධියකින් යුක්ත වීම..

~ ක්‍රියාශීලි සහ නම්‍යශීලි බව..

~ දක්ෂ නිරායුධ සටන් ශිල්පියෙක් වගේම තනි යෂ්ඨි හරඹය,කඩු හරඹය වගේ දේවල් වල නිපුන බව..

~ උපායශීලි බව සහ සැලසුම් සහගත බව.
.
~ කරුණු සහ හෝඩුවාවන් සොයාගැනීමේ සහ රහස් පරීක්ෂණ කටයුතු වල නිපුන බව..

~ හොඳ ඉලක්ක කරුවෙක්/මාක්ස්මන් කෙනෙක්..

~ ගැලවිජ්ජාව ගැන හොඳට දන්නවා,විහිලු නැතුව කියනවනම් උපක්‍රමිකව පසුබාන්න ඕනේ තැන වලදී ඒ දේ හොඳට කරන්න පුළුවන්..

~ ස්ටේල්ත් එහෙම නැත්තම් රහසිගතව,උපක්‍රමිකව පහර දෙන්නත් හොඳට දන්නවා..

~ නව නිපයුම්කරුවෙක්,තාක්ෂණික ශිලිපියෙක් වගේම දක්ෂ පරිඝනක හැකර් කෙනෙක්..

ටීම් ඩ්රේක්,එහෙම නැත්තම් තිමෝති ජැක්සන් ඩ්රේක් වේන් (පසු කාලීනව) කියන්නේ ජැක් ඩ්රේක් සහ ජැනට් ඩ්රේක් දෙන්නගේ පුතා. ඔයාල සමහර විට දන්නවා ඇති ෆ්ලයින් ග්‍රේසන් ලගේ අනතුර වෙච්ච දවසේ මෙයත් එතන ඉන්නවා නරඹන්නෙක් විදිහට. අනතුරට කලින් එයා ඩික් සහ එයාගේ පවුලේ කට්ටියත් එක්ක එකට ඉඳල ෆොටෝ එකකුත් අරගෙන තියෙනවලු.. ටිම් කියන්නේ අනෙක් රොබින් ලට වඩා වෙනස් විදිහකට මේ පවුලට එකතු වෙච්ච කෙනෙක්. මොකද එකට හේතුව ටිම් මේ ක්‍රියාදාමයට එන්නේ වෙනස්ම විදිහකට..
ටිම් එයාට වයස 09 වෙනකොට හොයාගන්නවා බැට්මැන් සහ පලවෙනි රොබින්/නයිට්වින්ග් ගේ රහසිගත අනන්‍යතාවයන් වෙන්නේ බ්රුස් වේන් සහ ඩික් ග්‍රේසන් වේන් කියල.. එකට අර පොඩිකාලේ සිදුවීමත් එක හේතුවක් වෙනවා. කොහොම හරි නයිට්වින්ග් ගේ සහ ටිම් ගේ කැමැත්ත මත බැටා ගේ තුන්වෙනි රොබින් වෙන්න හැදුවට එකට මුලින්ම බැටා ගෙන් අනුමැතිය නම් ලැබෙන්නේ නැ. එකට හේතුව වෙන්නේ කලින් රොබින් ජේසන් ගේ මරණය..
එක නිසා ටිම් ට සිද්ද වෙනවා තමන්ගේ හැකියාවන් බැටා ඉදිරියේ පෙන්වන්න. බ්රුස් ගේ ඇගයීම ලැබෙන්න මෙයාට ටික කාලයක් යනවා විතරක් නෙමෙයි කලින් රොබින් ලව බඳවාගෙන ඉවර වෙලා පුහුණුවීම් කලාට ටිම් ට සටන්ක්‍රම ඇතුළු පුහුණුවීම් රාශියක් කරලා ඉවර වෙලා තමයි රොබින් තනතුර දෙන්නේ..ඒකට මෙයාට ඩික් ගේ වගේම අල්ෆ්රෙඩ් ගෙනුත් උදව්,කැමැත්ත ලැබෙනවා.. එක නිසාම තමයි මම කිව්වේ මෙයා අනිත් රොබින් ලට වඩා වෙනස් විදිහකට එකතු වෙච්ච කෙනෙක් කියල..
කලින් රොබින් ල දෙන්නම වගේ මෙයත් තමන්ගේ අම්මයි තාත්තයි පොඩි කළෙම නැති වෙන අවාසනාවන්ත ඉරණමකට තමයි මුහුණ දෙන්නේ..

ටිම් මුලින්ම කොමික් කතාවක පෙනී හිටින්නේ 1989 දී batman #436 දී.. ඒ battle for the cowl ආර්ක් එක යටතේ ආපු කතාවක..එත් පළමු වරට රොබින් ඇඳුම අඳින්න ලැබෙන්නේ 1994 දී.. එකට හේතුව මම කලින් කිව්වා වගේ පුහුණුවීම් රාශියකට සහබාගි වෙන්න වෙන එක. එයා පුහුණුවීම් වෙන්නේ බ්රුස් සහ ඩික් යටතේ විතරක් නෙමෙයි.තවත් නගරෙන් පිට තැන කිහිපයකටම මෙයාව යවනවා ඒ සඳහා..

ටිම් ගේ තව විශේෂ අවස්ථා ටිකක් කෙටියෙන් කියනවා නම්.

~ මෙයාගේ අම්මවයි තාත්තාවයි මරන්නේ කැප්ටන් බූමරෑන්
~ නයිට්ෆොල් ආර්ක් එකේදී බැටා තමන්ගේ ප්‍රසෝනා එක නවත්තුවත් ටිම් දිගටම රොබින් විදිහට ගෝතම වල ආරක්ෂාවට ඉන්නවා..
~ ටිම් සහ ඩික් අතර ලොකු බැඳීමක් තියෙනවා..
~ බැටා සහ නයිට්වින්ග් ට අමතරව සුපී,ෆ්ලෑෂ් වගේ අයගෙත් රහසිගත අනන්‍යතාවයන් මේ පරීක්ෂකයා තනියම හොයාගන්නවා..
~ ස්ටෙපනි බ්‍රවුන් - බැට්ගර්ල් එක්ක ආදර සම්බන්ධයකුත් තිබුනා..
~ ටීන් ටයිටන්ස් සහ යන්ග් ජස්ටිස් කණ්ඩායම් සමග එකතු වුනාට පස්සේ සුපර්බෝයි සමගත් හොඳ මිත්‍ර සම්බන්ධතාවයක් තියාගන්නවා..
~ Batman R.I.P. සහ Final Crisis වලදී batman ගේ මරණය ගැන දිගින් දිගටම ටිම් හොයනවා.. මොකද එයා විශ්වාස කරනවා බැටා මරුනේ නෑ කියල.. ඒ අතරේදී රොබින් වෙලා ඉන්නේ ඩේමියන්..
~ ස්ටෙපනි සහ සුපර්බෝයි ගේ මරණයන්ගෙන් පස්සේ තාවකාලිකව ගෝතම වලින් ඉවත් වෙලා නයිට්වින්ග් එක්ක බ්ලඩ්හේවන් වල ඉන්නවා..
~ බ්රූස් තමන්ගේ දරුවෙක් විදිහට හදාගන්න ගන්නවා..
~ වොන්ඩ ගර්ල් එක්කත් පොඩි සම්බන්ධයක් තියෙනවා..
~ ටීම් ගේ රොබින් ඇඳුම අනික් ඒවාට වඩා වෙනස්,එකේ අනිත් රොබින් ඇඳුම් වලට වඩා වැඩිපුර යුටිලිටි අයිටම් ස් තිබුන.ඒ වගේම නිතරම බෝ ස්ටාෆ් එක තිබුනා..
~ අලුත් සංස්කරණ වලදී රොබින් ඇඳුමට යාන්ත්‍රික පියාපත් දෙකක් එකතු කරගත්තා.එකෙන් හොඳ පියාසර හැකියාවක් ලැබුනා.
~ ටිම්,වේන් ආයතනයේ තනතුරකුත් හිමිකරගත්තා..
~ ටීන් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා බවටත් පත් උනා..
~ රෙඩ් රොබින් ලාගෙන් ජනප්‍රියම රෙඩ් රොබින් වෙන්නේ ටිම්.. රෙඩ් රොබින් ගැන වෙනම ලිපියකින් කතා කරමු..

මේ ටික බලද්දී තේරෙනවනේ ටිම් කියන්නේ කොච්චර දක්ෂ,බැටා ගේ විශ්වාසය දිනාගත්ත රොබින් කෙනෙක්ද කියල..
කොමික් රචකයෙක් වෙන Fabian Nicieza වරක් කියල තියෙනවා බැට් ෆැමිලි එකේ මොළකාරයා ටිම් කියල.. එතැනදී ඔහු කියල තියෙන්නේ ටිම් කියන්නේ බැටා ගේ පවුලේ අයගෙන් හොඳටම හිතන කෙනා සහ හොඳටම සැලසුම් කරන කෙනා කියල..ඒ ගැන තවදුරටත් පැහැදිලි කරපු Fabian කියල තියෙන්නේ තාමත් බැටා තරමට ආවේ නැති උනාට බ්රූස් ට වයස අවුරුදු 17 දී තිබුන දැනුම සහ හැකියාවන් එක්ක බලනකොට ටිම් ඩ්රේක් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලයි..
2011 දී ඉදිරිපත් කරපු IGN's Top 100 Comic Book Heroes දර්ශකයේ 32 වැනි තැන හිමි කරගන්නට ටිම් සමත් උනා..

2003 දී ආපු Batman: Mystery of the Batwoman ඇනිමේෂන් චිත්‍රපටය තමයි ටිම් ගේ පළමු චිත්‍රපටය..
ඉන් පසුව අවස්ථා කිහිපයකදීම ටෙලිවිෂන් කාටුන් කතාමාලාවලට සම්බන්ධ උනත් වැඩිය අවධානයට යොමු නොවුන ගතියක් තමයි දක්නට ලැබුනේ..

ඉන් පසුව ටිකක් ලොකු චරිතයකින් එන්නේ යන්ග් ජස්ටිස් : ඉන්වේෂන් කතා මාලාවෙන්. නැත්තම් යන්ග් ජස්ටිස් දෙවන කතාමාලාවෙන්.. එතැනදී මුලින්ම එතරම් ලොකු අවධානයක් ලැබුනේ නැතත් අවස්ථා කිහිපයකදීම හොඳින් කැපී පෙනුනා.. කතාව අවසාන හරියේදී නම් ගොඩක් අවධානයට ලක් උනා.. එත් ඉතින් යන්ග් ජස්ටිස් කතාමාලාවන් නවත්තපු නිසා ටිම් ගේ තව දක්ෂතා දැකගන්න තිබුන ඉඩ නැති උනා..

Batnman : Arkham පරිඝනක ක්‍රීඩා මාලාවේදී කිහිප වරක්ම ටිම් ඉන්නවා..
ඉදිරියේදී එන්න තියෙන Batman Unlimited : Animal Instincts (නිල නොවන කොපියක් හැබයි නිකුත් වෙලා තියනවා දැනට) ඇනිමේෂන් චිත්‍රපටයේදීත් අපිට ටිම් ව දැකගන්න පුළුවන්..

ඩාර්ක් නයිට් රයිසස් චිත්‍රපටය බලපු අපේ යාලුවන්ට මතක ඇති එකේ ඉන්න ජෝශප් ගෝර්ඩන් කරපු ජෝන් බ්ලේක් චරිතය.. ගොඩක් අය හිතුවට ඒ අපිට පෙන්නුවේ නයිට්වින්ග් ගැන කියල ඇත්තටම චරිතයේ මුලික හරය අරගෙන තියෙන්නේ ටිම් ඩ්රේක් ගෙන්.. ඔයාලට මතක ඇති එකේදී බ්ලේක්, ටිම් කරනවා වගේම බැට්මෑන් කියන්නේ බ්රූස් වේන් කියල නිගමය කරනවා.. අනික බැට්මෑන් කියන කෙනා නැති උනත් නගරය ආරක්ෂා කරන්න තමන් ඉදිරිපත් වෙනවා වගේ එකක් අන්තිමට පෙන්නන්නවා අපේ යාලුවොන්ට මතක ඇති..

#ClownPrinceOfCrime

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න