Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash Season 1 Episode 15

The Flash Season 1 Episode 15
TheFlash episode 15- Out of time

 



සති 3කට විතර පස්සෙ ඔන්න ආයෙමත් පුරුදු විදිහටම Flash ගැන කතා කරන්න තමයි යන්නෙ. මේ episode එක ඒකියන්නෙ episode 15 තමයි සති 3 විවේකයෙන් පස්සෙ ආපු පලමු episode එක. ඒවගේම මන් හිතන විදිහට මේ වෙනකන් ආපු හොදම episode එක මේක වෙන්න පුලුවන්.

1- Barry & Iris

Double date scene
එකේදි Barry සහ Iris හැසිරුණු විදිහට Linda සහ Eddieගෙ මූණවල් වෙනස් වෙන විදිහ දැක්කද. කොහොමහරි මේ දෙන්නා නිසා EddieBarryත් එක්ක තියෙන තරහා තවත් වැඩි වෙනවා. මේක නිසා Eddie Barryගෙ විතරක් නෙවේ Flashගෙත් හතුරෙක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ගොඩක් අය Eddie කියන්නෙ Eobard thawne කියල හිතුවත් එයා eobard නෙවේනෙ, මගෙ අදහස තමයි eddie reverse flash කියන්නෙ එයාගෙ පුතාගෙ පුතාගෙ පුතාගෙ පුතා කියලා දැනගත්තොත් Eddie reverse flash එක්ක එකතු වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එහෙමත් නැත්තන් මෙයාව දෙවැනි reverse flash කරන්නත් පොඩි ඉඩක් තියෙනවා හැබැයි එහෙම උනොත් මන් හිතන් නෑ ඒක මේ season එකේදිම වෙයි කියලා. Hunter zolomon සහ Eddie කියන්නෙ එකිනෙකට වෙනස් චරිත දෙකක් ඒක නිසා මට හිතන්නෙ නෑ Eddie reverse flash වෙයි කියලා. කතාව ලියන අය අපි කලින් හිතූ විදිහට චරිත දෙක මාරු කරානන් ඒකියන්නෙ wellshunter zolomon කරලා eddieeobard thawne කරානන් ලොකු ඉඩක් තිබුන eddiereverse flash වෙන්න. මේකෙ තේරුම තව reverse flash කෙනෙක් show එකට එන්නෑ කියන එක නෙවේ. සමහර විට අපිට season 2 එකේ hunter zolomon reverse flashව දකින්න පුලුවන් වෙයි මොකද දැනටමත් show එකේ Gorilla Grodd ඉන්නවා ඒවගේම season 2 එකේ Wally west ගොඩක් දුරට හදුන්නල දෙන්න ඉඩ තියෙනවා. Comic වල Hunter zolomon කියන්නෙ Wally west flashගෙ හතුරෙක් ඒවගේම zolomon රෝද පුටුවට වැටෙන්නෙ Grodd නිසා. ඒක නිසා තමයි මන් කිව්වෙ Zolomon season 2දි විතර එන්න ඉඩ තියෙනවා කියලා.

2- weather wizard/ Mark mardon

episode 1
එකේදි ආපු clyde mardonට ඇත්තටම weather wizard කියන්න බෑ මොකද comic වල weather එක පාලනය කරන්න පුලුවන් ක්‍රමයක් හොයාගත්තත් පස්සෙ මැරෙනවා. සමහර තැන් වල කියනවා Clydeව මැරුවෙ එයාගෙ සහෝදරයා Mark mardon කියලා. කොහොමහරි Mark මේ දේවල් පාවිච්චි කරලා Wand එකක් හදාගෙන තමයි weather wizard කියන නම ගන්නෙ.

3- Cisco's Death & Eobard thawne

Barry
කියන දෙයක් හින්දා Cisco Wells ගැන තව දුරටත් පරීක්ෂණ කරනවා. මේක නිසානෙ මෙයා දැනගන්නෙ Wells කියන්නෙ Eobard thawne කියලා, මේක නිසානෙ මෙයා මැරෙන්නෙ.
Thawne
කියනව වගේම එයා මුලදි එන්නෙ Nora allenව මරන්න නෙවේ Barryව මරන්න ඒත් එතකොට මෙයාට තේරෙනවා Barryව මැරුවොත් එයා Reverse Flash වෙන්නෙ නෑ කියන එක. ඒක නිසා තමයි Thawne Noraව මරන්නෙ. එයා කියන විදිහට ඒ දවසෙ ඉදන් අද වෙනකන් එයා අතීතෙ හිර වෙලා ඉදලා තියෙන්නෙ එයාගෙ කාලෙට යන්න බැරුව. මෙතනදි තමා මෙයාට Flash ඕන වෙන්නෙ ඒක නිසා තමයි මෙයා Barryට තව වේගෙන් යන්න උදව් කරන්නෙ. සමහර විට මේක Flashpoint story line එකට සම්බන්ධ ඇති මොකද මේ time line එකෙව්දි Thawneට පුලුවන් Barryව මරන්න. මේ story line එක කාලය හරහා ගමන් කිරීමත් එක්ක සම්බන්ධයි වගේම කාලය හරහා ගමන් කරන්න ගොඩාක්ම වේගෙන් දුවන්න ඕන. ඒක නිසා වෙන්න පුලුවන් Thawne Barryට උදව් කරන්නෙ එයාගෙ වේගෙ හදාගන්න. එහෙමත් නැත්තන් මේක වෙනත් ලොකු Flash story line එකක්ට සම්බන්ධ කරයි.
ආපහු cisco ගැන කියනවනම්, මෙයා මැරුනත් ඊලගා එන හැම episode එකකම ඉන්නවා. ඒ කොහොමද ?

4- Time traveling

Barry පලවෙනි පාරට කාලය හරහා ගමන් කරනව අපිට දකින්න ලැබුනා. මම සම්පූර්ණයෙන්ම පැහැදිලි කරේ නෑනෙ Cisco ගැන. Cisco ආපහු එන එකට මේකෙත් සම්බන්ධයක් තියෙනව කියන්න පුලුවන්. අන්තිමේදි Barry අතීතෙට ගියානෙ, කියන්නෙ දැන් මේ episode එකේ සිද්ද උනු කිසි දෙයක් තාම වෙලා නෑ. අනාගතේ වෙන දේවල් ගැන තියෙන දැනුමත් එක්ක Barryට පුලුවන් ලේසියෙන්ම Weather Wizard පරද්දන්න. ඒවගේම Cisco Wells ගැන පරීක්ෂා කරන්නෙ Barry කිව්ව දේ නිසානෙ. තේරුම තමයි Cisco thawne ගැන දැනගන්නෙ නෑ ඒක නිසා Cisco මැරෙන්නෙ නෑ. ඒවගේම සිද්ද උන දේවල් ගැන මතකයක් තියෙන්නෙ Barryට විතරයි,Caitlin Wells ගැන කියන්න හැදුවත් Barryට කියන්න හම්බෙන්නෙ නෑ ඒක නිසා Wells ගැන ඇත්ත කවුරුත් දැනගන්නෙ නෑ. තේරුනද මන්දා කොහොමහරි වෙනදා වගේම මේකත් අදහසක් විතරයි හරියටම දැනගන්න ලබන සතිය වෙනකන් ඉන්න වෙනවා
ආ ඔව් Episode 9 Wellsල දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් Wellsගෙ කොපියක්. Episode 9, තනිකර Wellsගෙ රඟපෑමක්

#Kyle_RaynerComic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න