Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow - Season 03 Plot 05

Arrow - Season 03 Plot 05
Arrow_Season 03 _ Plot 05


අද විශේෂ
· Did Canary get sonic scream?
· කෙල්ලෝ ඔක්කොම එකයි. නමයි හමයි විතරයි වෙනස්
Go ahead with caution. Spoilers are everywhere

අපිට කතා කරන්න තියන්නේ ඇරෝ කතාවේ 13,14 සහ 15 කියන කොටස් ටික. බලමු මේ ටිකේ මොනවාද වැදගත් සිදුවීම් කියලා.
                    
                     

 1. මේ වෙද්දී ලෝරල් යම්තාක් දුරකට කැනරි ගේ චරිතය ට ඇවිත් ඉන්නේ. හැබයි තවම ඔලිවර් කැමති නෑ කැනරි ටිම් ඇරෝ එකට එකතු වෙනවාට. ඒත් එක්කම කැනරි කියන නම වෙනුවට බ්ලැක් කැනරි කියලාම දැන් කතා කරනවා.

2. ඇරෝ කතා මාලාවේ තිබ්බ තේරුමක් ම නැති රහස. ඔලිවර් තමයි ඇරෝ කියලා තියා දැනගන්නවා අන්තිමේ දී. අන්තිමේ දී හරි ඔලිවර් මේක කියපු එක ලොකු දෙයක්.

3. කවුන්ට් වර්ටිගෝ ආපහු කතාවට එනවා. කලින් වතාවට වඩා වර්ටිගෝ ආචරණය ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන්. මොකද කොමික් වල හැටියට නම් මේ මත් ද්‍රව්‍ය ගොඩක් ප්‍රබල එකක්

4. ඒකෙ දරුණුවටම බල පෑවේ ලෝරල් ට. හැබයි අන්තිමේ දී එයාට පුළුවන් උණා එයාගේ භය පරාද කරලා එයාගේම අන්‍යන්‍යතාවයකට එන්න. ගොඩක් වෙලාවට මේ අපි සේරා දකින අවසාන මොහොත වෙයිද කියන්නත් බෑ

5. මුලින්ම කියලා ඉන්න ඕනේ මේක තාම මතයක් විතරයි. කැනරි ට කොහොමද සොනික් ස්ක්‍රීම් එක හම්බෙන්නේ. කොමික් වල දී මුලින්ම කැනරි වෙන්නේ Dinah Drake. කතාවේ හැටියට නම් ඒ නම තියෙන්නේ ලෝරල් ගේ අම්මාට (නිව් 52 වල කැනරි ගේ නමත් මේකමයි). ලෝරල් තමයි එයාගෙන් පස්සේ කැනරි උනේ. කොමික් වල හැටියට නම් පොඩි කාලේ කැනරි ට කරපු ශාපයක් හින්දා එයාට මේ හැකියාව හම්බුනා කියනවා. තව එකක දී උපතින්ම මෙයා මෙටාහියුමන් කෙනෙක් කියනවා. හැබයි ටීවී සිරිස් එකේ දී නම් තවම මේ කිසිම දෙයක් ගැන සඳහන් උනේ නෑ. ඒත් ලෝරල් අවස්තා දෙකක දීම වර්ටිගෝ කියන මත් ද්‍රව්‍යට නිරාවරණය වෙනවා. ඒ දෙකම බෙල්ල මුලට. ඒ කියන්නේ ස්වර තන්තු ආසන්නයට. අපි දන්නවා වර්ටිගෝ වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඒ වගේම එකේ අතුරු ප්‍රතිපල ගැන සඳහනක් නෑ තවම. ඒත් වෙන ඕනම තැනකට එන්නත් කරන්න හැකියාව තියෙද්දී ම ඇයි බෙල්ලේ ස්වර තන්තු ආසන්නයේම තෝරා ගත්තේ. සමහරක් විට ඉදිරි කාලයේ දී මේ බලපෑම හින්දා ලෝරල් ට කැනරි ක්‍රයි එක හම්බෙන්න ඉඩ තියෙයි.

6. කවුන්ට් වර්ටිගෝ එයාගේ පරීක්ෂණ කෙරුවේ Daggett Pharmaceuticals වල ඉදන්. ඩිටෙක්ටිව් කොමික් වල දී අපිට හම්බෙනවා Roland Daggett කියලා කෙනෙක්. මෙයා Wayne Enterprises එක්ක තරඟකාරී විදිහට තමයි වැඩ කරන්නේ. හදිස්සියට ණයට ඉල්ලා ගන්න ඕන තරම් බැටා ගාව කට්ටිය ඉන්න හින්දාම හොදයි ඔලීටත්

7. ඇරෝ කතාවේ තියන රහස් ටිකෙන් ටික අඩු වෙනවා. කැප්ටන් ලාන්ස් දැන ගන්නවා සේරා ගේ මරණය ගැන

8. අපරාදේ කියන්න බෑ ඔලිවර් ගේ අතීත කාලය නම්. තව අවුරුදු දෙක හමාරක් ඉතුරු වෙලා තියනවා. බයේ බෑ මොනවා කරයි ද කියලා මේ ටිකට. මොකද ඔලිවර් ස්ටාලින් සිටි වලට ආපු වෙලේ එයා හැමදෙයක් ගැනම වගේ හොරෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම ඇරෝ ට එයා ගේ තාත්තාගේ පණිවිඩය හම්බෙනවා. ඒ වගේම පහුගිය කතාවල වර්තමාන කතාවට පසුබිමක් දෙනවා මේ කොටසින්.

9. ඇන්ඩි ඩිගල්ස්. අපි මෙයා ගැන ගොඩක් දේවල් ඇහුවා සීසන් 2 වලදී ඒත් අද තමයි මුලින්ම දැක්කේ

10. සීසන් 2 පුරාවටම හිටපු ප්‍රධාන දුෂ්ටයා ස්ලෙඩ් ආපහු සැරයක් දකින්න හම්බෙනවා. මේ කතාව ගොඩක් ම වැදගත් වෙන්නේ වෙන එකක් හින්දා. මම පහුගිය කාලේ පුරාම කල්පනා කරපු දෙයක් තමයි මේකා කන්නේ බොන්නේ කොහොමද කියලා. ඇති යාන්තම් මේ පාර කතාවෙන් එකට පිළිතුරක් හම්බුනා

11. General Matthew Shrieve කියලා අලුත් චරිතයක් ආවා. කොමික් වල දී නම් මෙයා හදුන්වන්නේ Lt. Matthew Shrieve කියලා. මෙයා Creature Commandos කියන සංවිධානයේ ප්‍රධානියා. ඒ මේ යටතේ තියන තවත් සංවිධානයක් තමයි S.H.A.D.E. හෙවත් Super-Human Advanced Defense Executive කියන්නේ. මැතිව් එලියට ආපු හින්දා අපිට ඉස්සරහට මේ සංවිධාන දෙක හම්බෙන්න ඉඩකඩක් තියනවා. එහෙම උණා නම් මම නම් පුද්ගලිකවම කැමතියි. මොකද dc කොමික් වල ඉන්න ආසම චරිතයක් තමයි Frankenstein කියන්නේ. මෙයා මේ කියපු සංවිධාන දෙකත් එක්කම ඉන්නවා.

12. ලාසරස් ෆිට් ?

13. රාස් අල් ගුල් පරද්දන්න ඔලිවර්, තියා මැල්කම් එක්ක සටන් පුරුදු වෙනවා. ඇරෝ කියන්නේ ගොඩක්ම දුන්නෙන් වැඩ දාන්නේ. කට හරි ගහන්න ඕනේ නම් දුනු බදෙන් ම තමයි ගැහුවේ. ඒත් දැන් කඩුවටත් පුරුදු වෙනවා.

14. තියා අතින් තමයි සේරා මැරෙන්නේ කියන කාරණය තියාට දරා ගන්න බැරි වෙනවා. ඒ හින්දාම එයා මැල්කම් ව රාස් ට පාවා දෙනවා.

15. ඇටෝම් ගේ කිට් එක ලෑස්තියි. ළඟදීම ඇටෝම් ඉන්න වෙනම කතාවක් දැක ගන්න පුළුවන් වෙයි. හැබයි අපි තවම දන්නේ නෑ කුඩා වීමේ හැකියාව තියනවා ද කියලා

16. ඔන්න දියුණු වෙන මිනිස්සු. වැඩ කාරයෙක් ඉන්නවා නම් පොර මරන්නේ මොකටද? කෙලින්ම බෑණා කරගන්නවා. මීට කලින් බැටා ට තාලියා සෙට් කරන්න හැදුවා. ඒක ට නම් තාලියා ගේ අකමැත්තක් තිබ්බේ නෑනේ. බැටා නේ අදිමදි කලේ (බැන්දේ නැති උණාට ඩේමියන් කියලා පිස්සෙක් නම් ඉන්නවා. ඒ කොහොමද කියලා අහන්න එපා මගෙන්). ඊට පස්සේ තාලියා සෙට් කරන්න හැදුවා බේන් ට. බැටා වගේ ඩයල් එකක් දාගෙන හිටියට පස්සේ ආයේ එක හිතකින් කොහොමද බේන් වගේ කෙනෙක් ට ආදරය කරන්නේ. ඒක හරි ගියෙත් නෑ. දැන් මේ පාර ඔලිවර් ට දෙන්න යනවා රාස් ගෙන් පස්සේ නායක කම. ගොඩක් වෙලාවට නිසා තමයි බිල්ලට දෙන්න වෙන්නේ. ඒත් නිසා කියන්නේ (කියන්න බෑ පොඩි ළමයි ඉන්නවා. හැබයි මෙයා කොල්ලන්ට කැමති නෑ). ඒ හින්දා මොකක් වෙයිද කියලා කියන්න බෑ දැන්ම.

17. ෆෙලිසිටි? Are you serious? Shame on you. අපි දන්නවා ෆෙලිසිටි සහ ඇරෝ සම්බන්දය පවතින්න විදිහක් නෑ කියලා. මොකද ඇරෝ-කැනරි කියන්නේ කොමික් වල තියන ප්‍රබල ආදර කතාවක් නේ. ඒ හින්දා ෆෙලිසිටි ට වෙන පැත්තක් බලන්න වෙනවා. ඒත් දෙවියනේ මේ වෙලාවම තෝරා ගන්නේ කොහොමද? ඔලිවර් මැරෙන්න යද්දීම. කෙල්ලෝ නම් මෙහෙම්මයි. නමයි හමයි විතරයි වෙනස්. මෙතනින් එහාට Olicity =>> Raylicity වෙනවා.



#attila_THE_hun



Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න