Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. characters - 01 : Phil Coulson

Agents of S.H.I.E.L.D. characters - 01 : Phil Coulson
Marvel's Agents of S.H.I.E.L.D. characters - 01

Phillip Coulson / Phil Coulson

Agents of S.H.I.E.L.D.
කථාමාලාව ගැන විග්‍රහයක් ගෙන එන්නට කලින් කථාවේ ප්‍රධාන චරිත පිළිබඳව විග්‍රහයක් ගෙන එන්නට අපි තීරණය කළා. මේ කථාමාලාවේ චරිත ගැන දැනගෙනම කථාව තුළට යන එකයි ගොඩක්ම හොඳ. නැතිනම් කථාව අපැහැදිලි වේවි. ඒ අනුව මුලින්ම අපි Nick Furyගේ විශ්වාසවන්තයා වගේම කථාමාලාවේ ප්‍රධානම චරිතයක් සහ S.H.I.E.L.D. එකේ ප්‍රධාන චරිතයක් වන Phillip Coulson නොහොත් Phil Coulson ගැන විස්තර දැනගනිමු.

 



Phil කියන්නේ S.H.I.E.L.D. එකට ඉතාමත් විශ්වාසවන්තව වැඩකටයුතු කරන කෙනෙක්. ඒ වගේම ඔහුව Nick Furyගේ දෙවැනියා ලෙසත් හඳුන්වන්නට පුළුවන්. Avengers, Iron Man, Thor films බලපු හැමෝටම මේ බව මතක ඇති. Nick Furyගෙන් පස්සේ S.H.I.E.L.D. එකේ Director බවට පත්වන්නේ Agent Coulsonයි. ඒකට හේතුව Fury බෙහෙවින්ම විශ්වාස කරන එකම තැනැත්තා Coulson වීමයි. එපමණක් නෙවෙයි Coulson කියන්නේ අති දක්ෂ Field Officer කෙනෙක්ද වනවා. තව විශේෂ මෙහෙයුම් වලදී රහසිගත නිලධාරියෙකු ලෙසත්, ඔත්තු බැලීමේ සහ සටන් හැකියාවෙන් පරිණත නිලධාරියෙකු ලෙසත්, අධීක්ෂණ නිලධාරියෙකු ලෙසත් කටයුතු කරනවා.

Avengers film
එකේදී Lokiගේ තමාගේ Chitauri Scepter එකෙන් ඇන Coulsonව මරා දමන බව අපි හැමෝම දන්නවා. ඒ පහරෙන් පසුව මරණාසන්නව සිටින Coulson, Nick Furyට ඔහුව හමු වූ විට පවසන්නේ Avengersලා එකමුතු නොවුනොත් මෙය අවසන් නොකළ හැකිය යන අදහස ගෙන දෙන වැකියක්. නමුත් ඒ වැකිය අවසන් කිරීමට ප්‍රථම ඔහු මිය යනවා. නමුත් S.H.I.E.L.D. agentsලා සිතන්නේ Coulson මිය යන්නේ තත්පර 8කට වැනි ඉතාමත් කෙටි කාලයකට පමණක් බවත්, පසුව ඔහු පියවි සිහියට එළඹි බවත්ය. නමුත් ඇත්තටම Phil දින ගණනාවක් තිස්සේ මියගොසිනුයි සිටින්නේ. Battle of New York වලට දින ගණනාවකට පසු Fury විසින් Coulsonට යළිත් ජීවිතයක් ලබා දෙන්නට තීරණය කරනවා. ඒ සදහා ඔහු නිර්මාණය කරන්නේ Tahiti project එකයි. එහිදී සිදුකරන ඒ ක්‍රියාවලියෙන් පස්සේ Coulson යළි ප්‍රකෘති තත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ආයෙත් Coulsonට පණ ලැබෙනවා. (මේ සිද්දිය හරියටම අපි කථාව ගැන ගෙන එන plot එකේදී විස්තර කරනවා) ඉන් පසුව ඔහු කුඩා කණ්ඩායමක් එකතු කරගෙන යළිත් S.H.I.E.L.D. එක වෙනුවෙන් තමන්ගේ සේවය ලබා දෙනවා. මං Tahiti project එක ගැන කෙටි අදහසක් ඔයාලට කියන්නම්. Tahiti කියන්නේ ඇත්තටම අරුම පුදුම තැනක්. ඒ තැන aliensලාට ගොඩක් සම්බන්ධයි. මෙතන මොකද්ද වෙන්නේ? Aliensලා පෘථිවියට බලපාන්නේ කොහොමද කියන කරුණු කාරණා ටික අපි අපේ කථාමාලාවේ review එකේදි කියන්නම්.

Phil Coulson
ගැන කථා කරද්දී Lola ගැන කථා නොකරම බැරි තරම්. කවුද මේ Lola කියන්නේ? Lola කියන්නේ Coulsonගේ කාර් එක. මේක නිකන්ම කාර් එකක් නෙවෙයි modify කරපු රතු පාට hovercapable 1962 Chevrolet Corvette car එකක්. මේ කාර් එකේ විශේෂත්වය තමයි මේකට තරමක් දුර ඉගිල්ලෙන්නට(Fly) පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේකට තුවක්කු සහ Flamethrowers ද අඩංගු කොට තිබෙනවා. ඒ වගේම මේකට වෙඩි වදින්නෙත් නැහැ. Coulson, Lolaව පරිස්සම් කරන්නේ ඇහැක් වගේයි. Avengers film එකේදි Coulson Captain Americaගේ trading cards එකතු කරන නිසාත් මේකත් ඔහු ඔහුගේ විශේෂ එකතුවට තබාගත් දෙයක් හැටියට කියන්නට පුළුවන්.

Marvel's Agents of S.H.I.E.L.D. කථාමාලාවේදී Phil Coulsonගේ චරිතයට රඟපාන්නේ Clark Gregg විසිනුයි. 53 හැවිරිදි Clark, 2008 වසරේ පටන්ම Agent Phil Coulsonගේ චරිතයට පණ පොවනවා. Coulsonගේ චරිතයේ ඇති පක්ෂපාතීත්වය, නිහඩ ගැඹුරු බව, කුතුහලය සහ ගවේශණාත්මක බව මෙන්ම තියුණු බුද්ධිමත් බවද මොහු මනාව රංගනයේදී ඉස්මතු කරනවා. ඒ වගේම ප්‍රධාන චරිතයක භූමිකාව මැනවින් තේරුම් ගෙන සෙසු චරිත වලටද ඉස්මතු වන්නට අවස්ථා ලබා දෙමින් චරිතයට හොඳ අවසානයක් ලබා දෙනවා. අපිට Coulson ගැන ගොඩක් දේවල කථාවෙදි දැනගන්න ලැබෙන නිසා ඒ ඒ අවස්ථා වලදී අපි ඒ ගැන කථා කරමු.

#SmAsHeR

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න