Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

HYDRA

HYDRA
HYDRA




මාර්වල් DC භේදයක් නැතුව අපි හැමෝම කියන වචනයක් තමයි හේල් හයිඩ්‍රා කියන්නේ. හයිඩ්‍රා දිනේවා කියන අර්ථය තියන මේ වචනය අපිට ඇහෙන්නේ ඒ සංවිධානයේ සාමාජිකයන් අතර. සුභ පැතීමක්, ආචාර කිරීමක් වගේම වෙනත් ගොඩක් අවස්තා වල දී මේ වචනය යොදා ගන්නවා අපිට ඇහෙනවා. ඇත්තටම අපිට හයිඩ්‍රා කියන නම මුලින්ම ඇහෙන්නේ ග්‍රීක මිත්‍යා කතා වල දී හර්කියුලිස් කරපු වීර වික්‍රම අතරේ. උපතින් ඔලු 9 ක් තියන මේ සත්වයාගේ එක හිසක් කැපුවොත් තව හිස් දෙකක් එතනින් මතු වෙනවා. මේ හින්දා මේ සත්වයා විනාශ කරන්න බැරි සතෙක් කියලා යි ඉතිහාසයේ කියවෙන්නේ (හැබයි හර්කියුලිස් එයාගේ අත් දෙකෙන් මේ සත්වයා මැරුවා කියලා කියනවා). අපි දැන් කතා කරන්නේ ග්‍රීක ඉතිහාසය නෙවේ උණාට මේ කතාව දැන ගෙන ඉන්න එක අපිට ගොඩක් වැදගත්. අනික හයිඩ්‍රා සන්විධානයේ දිවිරුම ඇතුලේ දීත් මේ ගැන අපිට අහන්න ලැබෙනවා.

Hail, Hydra! Immortal Hydra! We shall never be destroyed! Cut off a limb, and two more shall take its place! We serve none but the Master—as the world shall soon serve us! Hail Hydra!

මාවල් යුනිවර්ස් එකේ ලොකු තැනක් හිමි වෙලා තියන මේ සංවිධානයේ ආරම්බය ඊජිප්තු ශිෂ්ඨාචාරය දක්වා ඈතට යනවා. Brood කියන පිටසක්වල ආක්‍රමණයක් දිවි ගලවා ගන්න පිරිස අතරින් කණ්ඩායම් දෙකක් හැදෙනවා Brotherhood of the Shield සහ Brotherhood of the Spear කියලා. මේ අතරින් Brotherhood of the Spear කියන කණ්ඩායම හැම වෙලාවෙම මිනිස් වර්ගයාට අවැඩ දායක දෙයක් තමයි කෙරුවේ. අතීතයේ ඉදලා විවිධ නම් වලින් විවිධ ක්ෂේත්‍ර වල ගැටුම් ඇති කරපු මේ සංවිධානය දෙවෙනි ලෝක යුද්ධ කාලේ දී ආපහු එකතු වෙනවා හයිඩ්‍රා කියන නමෙන්.

මුලින්ම ජපන් නිලධාරියෙක් යටතේ ආරම්භ කරපු මේ සංවිධානය ජනප්‍රිය වෙන්නේ Wolfgang von Strucker බැරන් වරයා ඒකේ ප්‍රධානියා උණාට පස්සේ. දෙවෙනි ලෝක යුද්ධ කාලයේ දී නාසි හමුදාවට පක්ෂ පාතී විදිහට කටයුතු කරපු මේ සංවිධානයට වෙනම අරමුණක් තිබ්බත් ඒක එලියට දාන්නේ නැතුව වැඩ කරන්න මෙයාලා දක්ෂ උනා.

යුද්ධයෙන් පස්සේ නාසි හමුදාව පරාජය වීම, ලෝක බල කේන්ද්‍රය යුරෝපයෙන් ඇමරිකාවට මාරු වීම සහ ශිල්ඩ් ආයතනය බිහිවීම වගේ කාරණා ගොඩක් හින්දා හයිඩ්‍රා ආයතනය තාවකාලික පසු බහිනවා. ඒත් එක්කම හයිඩ්‍රා ආයතනයේ වැඩ කරපු අයගෙන් සමහරක් අයත් ශිල්ඩ් ආයතනය එක්ක එකතු වෙනවා. ශිල්ඩ් ආයතනය ඇතුලේ ඉදන් ලොකු විනාශයක් කරපු හයිඩ්‍රා සංවිධානය පස්සේ කාලේක එළිපිටම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා.

අර්ත් 616 දී හයිඩ්‍රා සංවිධානයේ ඉතිහාසය ගොඩක් ලොකු එකක් හින්දා අපිට ගොඩක් වැදගත් වෙන අර්ත් 199999 හෙවත් මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ දී මේ සංවිධානය හැසිරෙන විදිහ ටිකක් හොයලා බලමු. දෙවෙනි ලෝක යුද්ධ කාලේ දී MCU එකේ නායකයා වෙන්නේ ස්ට්‍රකර් වෙනුවට Johann Schmidt නැතිනම් Red Skull. කැප්ටන් ඇමරිකා පලවෙනි ෆිල්ම් එකේ අපි දැකපු විදිහට රෙඩ් ස්කල් ගේ අතුරැ දහන් වීමෙන් පස්සේ තාවකාලිකව යට යන මේ සංවිධානය ශිල්ඩ් ආයතනය ඇතුලත රහසිගතව පිහිටුවනවා. හයිඩ්‍රා නැවත පිබිදීම කියන්නේ ශිල්ඩ් ආයතනය මුහුණ දීපු ලොකුම අභියෝගයක්. තාමත් ශිල්ඩ් ආයතනය ඇති වුනු අර්බුද කාරී තත්ත්ව වලින් ගොඩ ඇවිත් නෑ. Alexander Pierce හයිඩ්‍රා නැවත ආරම්භ කරන්න ලොකු වැඩක් කරපු කෙනෙක්. එයාගේ මරණයෙන් පස්සේ වර්තමාන නායක කම තියෙන්නේ බැරන් ස්ට්‍රකර් ට. ඒ කියන්නේ හයිඩ්‍රා වල හිටපු සුපිරිම නායකයා. ඒකේ තේරුම තමයි සිනෙමැටික් යුනිවර්ස් එකේ දී හයිඩ්‍රා එකේ කාර්යය භාරය තවම ඉවර නෑ කියන එක.

සිනෙමැටික් යුනිවර්ස් එකේ දී අපිට මේ දක්වා හම්බුනු හයිඩ්‍රා සාමජිකයන් අතරින් Daniel Whitehall හෙවත් Werner Reinhardt, Sunil Bakshi, Arnim Zola, Grant Ward, John Garrett වගේ චරිත හයිඩ්‍රා එකට ලොකු සේවයක් කරපු අය විදිහට ගණන් ගන්න පුළුවන්. හැබයි මීට අමතරව තව ගොඩක් සාමජිකයන් ඉන්නවා. ඒ වගේම කලින් කිව්වා වගේ සිනෙමැටික් යුනිවර්ස් එක ඇතුලේ අපිට තව ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සංවිධානයෙන්.

මේ ලියුම අවසන් කරන්න කලින් එක දෙයක් කියන්න ඕනේ. මේක කලින් ලියන්න භාර ගත්ත එකක්. ඒත් විවිද වැඩ හින්දා ලියන්න අමතක උනා. අවුරුදු උණුසුමත් එක්ක හදිස්සියේ ලියපු හින්දා අඩු පාඩු තියන්නේ පුලුවන්. එහෙම දෙයක් දැක්කොත් පෙන්වලා දෙන්න කියලා අපේ යාලුවන්ගේ ඉල්ලනවා.


#Amadeus_chO




No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න