Arrow S03E18 – Public Enemy
මේ පාර ඇරෝ කතා මාලාව ගොඩක් දේවල් සිද්ද වුණු කොටසක්. අපි බලමු මේ සතියේ කතාවේ අපිට දකින්න ලැබුණු වැදගත් දේවල් මොනවාද කියලා.
1. මේ සතියේ කතාවේ මාතෘකාව තමයි Public Enemy. ඇත්තටම මේක dc කොමික් වලට අලුත් සංකල්පයක් නෙවේ. නීතියේ සීමාව සහ සුපිරි වීරයා ගේ කාර්ය භාරය අතර ගැටුමක් ඕනම මොහොතක වෙන්න පුළුවන්. 2009 අවුරුද්දේ නිකුත් වුන Superman/Batman: Public Enemies කියන ඇනිමේෂන් මූවි එක මේකට හොද උදා හරණයක්. ඇරෝ කියන්නේ මහජන ආරක්ෂාවට තර්ජනයක් කියලා තීරණය කරපු ස්ටාර්ලින් සිටි පොලිසිය ( කැප්ටන් ලාන්ස් ගේ කියන්නේ සම්පුර්ණ ස්ටාර්ලින් සිටි පොලිසියම වගේ දැන් නම්) ඇරෝ අත් අඩංගුවට ගන්න උත්සාහ කරනවා.
2. ගිය පාර අවසානෙට අපි හිතුවා වගේ ෆෙලිසිටිව තමයි ඉලක්ක කර ගත්තේ. ඒත් රේ පාමර් එයාව බේරනවා. කතාව නොහිතන පැත්තකට (නැතිනම් යන්න ඕන මාර්ගයට යන්න විදිහක් නැතුව බලෙන් ඇතුල් කරපු කොටසක්) යනවා. ඒ තමයි රේ ගේ ශෛල්‍ය කර්මය අතර තුරේ දී මොළයේ ඇතිවෙන අබාධ තත්ත්වය. ඒකට පිළියම විදිහට රේ නිර්මාපු නැනෝ රොබට් තාක්ෂනය අඩංගු එන්නතක්, ෆෙලිසිටි වෛද්‍ය උපදෙස් වලට පටහැනිව එන්නත් කරනවා. අපි දන්නවා රේ පාමර් ඇටෝම් වෙන්න නම් සිරුර කුඩා කරන්න ඕනේ. ඒ පැත්තට කතාව ගෙනියන්න ආධාරකයක් කරගන්න මේකෙන් බලා පොරොත්තු වෙනවා.
3. මේ සතියේ කතාවේ ලොකු වගකීමක් දැරුවේ කැප්ටන් ලාන්ස්. මුලින්ම ඇරෝ ඝාතන වලට සම්බන්දයි කියන අරමුණෙන් ඇරෝ පස්සේ එලවන එක, Ra’s Al Ghul ඇරෝ කියන්නේ ඔලිවර් කියලා කිව්වට පස්සේ ඒකට මුහුණ දීම, තමන්ගේ දුව ඇතුළු කණ්ඩායමට එරෙහිව ක්‍රියා කිරීම වගේ ගොඩක් සිදු වීම් වලට මුහුණ දෙන්න ලාන්ස් ට සිද්ද උනා. හැබයි මෙච්චර කාලයක් තිස්සේ ලාන්ස් මුහුණ දීපු සිදුවීම් එක්ක එයා හැසිරුණ විදිහ ගැටළුවකුත් නෑ එච්චරම.
4. අපි හැමෝටම තියන ගැටලුවක් තමයි ඇරෝ කියන්නේ ගොඩක් අඳුරු තේමාවක් එක්ක යන කතාවක් කියන එක. විශේෂයෙන්ම ග්‍රීන් ඇරෝ කොමික් කියවපු කට්ටිය ට නම් මේ වෙනස හොඳට දැනෙනවා ඇති. Ra’s Al Ghul ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන ඔලිවර්ට ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ද වුනු වන්දිය නම් ගොඩක් වැඩියි. අන්තිමට සිද්ද උනේ එයා මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන හිටපු අන්‍යන්‍යතාවය පවා අහිමි වෙන තැනට කටයුතු සිද්ද වෙච්ච එක. ඔලිවර් පොලිසියට භාර වුනු එක නම් කොහෙත්ම බලා පොරොත්තු උනේ නෑ මම. අන්තිම මොහොතේ හරි වෙනසක් වෙයි කියලා හිතුවේ
5. කතාව ඇතුලේ රෝයි ගේ චරිතයට හම්බුනේ ටිකක් අඩු සැලකීමක්. ඒ වගේම රෝයි අතින් මිය ගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් රෝයි ගේ කැපවීම සැරයක් දෙසරයක් කතා කෙරුවාට රෝයි කියන චරිතය කතා කෙරුවා හොදටම මදි. ඇරෝ කියන්නේ ඔලිවර් නෙවේ කියලා ඔප්පු කරන්න රෝයි කරපු දේ හරි උනාට මේක බලාපොරොත්තු නොවන පුදුම සහගත වැඩක් නම් නෙවේ.
6. ඇරෝ කතාව ගොඩක් දෙනෙක් බලන්න ෆෙලිසිටි හේතු උනා කියන කාරණය ඇත්ත කරුණක් නේ. ඒකට හේතුව තමයි ෆෙලිසිටි ට පුළුවන් උනා කතාවේ අඳුරු ගතිය නැති කරන්න. හැබයි මෑත කාලිනව ෆෙලිසිටි අතින් ඒ කාර්යය ඉෂ්ට උනේ නැති එකත් බලපෑවා ඇරෝ කතාවේ ජනප්‍රිය තාවය අඩු වෙන්න. අපි කලින් කිව්වා වගේ ඔලිසිටි වෙනුවට රේලිසිටි දිගටම භාවිතා කරන්න අවස්ථාවක් රේ ඇති කෙරුවා. ඒත් අන්තිම මොහොතේ ෆෙලිසිටි පස්ස ගහනවා. මේක ලෝකේ හැම ගෑනියෙක්ටම පොදු දෙයක් වෙන්න ඇති. හැබයි මම නම් කැමති ෆෙලිසිටි කැමති කිව්වා නම්. මොකද ආපහු ෆෙලිසිටි ඇරෝ ට කිට්ටු කරන්න හදන එකේ තේරුමක් නැති හින්දා.
7. කතාව සිද්ද වුනු තවත් වැදගත් දෙයක් තමයි අපිට shado ගේ නිවුන් සහෝදරිය හම්බෙනවා අතීත සිදුවීම් වල දී. ගිය සතිය අවසානයට අපිට ඉතුරු කරලා ගිය තවත් ප්‍රශ්නයකට විසදුම හම්බුනා ඒකෙන්. හැබයි එක පාරටම මෙයා ඇදලා ගත්තේ ඇයි කියන එක නම් පැහැදිලි නෑ.
ඇරෝ කතාව ආපහු එන්නේ අප්‍රේල් මාසේ 15 වෙනිදා. ඒ කියන්නේ සිංහල අවුරුද්දෙන් පස්සේ. තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ සීසන් 3 කොටස් 5 ක් විතරයි. මේ පාර කොටසේ සිදුවුණු දේවල් එක්ක ඉස්සරහට එන්න තියන කොටස් ටිකත් ගොඩක් සිදුවීම් වලින් ගහන ඒවා වෙන්න ඉඩ තියනවා. ෆ්ලෑෂ් කතා මාලවේ ඉස්සරහට එන්න තියන කොටස් වල ඇරෝ සම්බන්ධ චරිත වලට ලොකු ඉඩක් දීලා තිබ්බා. ඒ වගේම Ra’s Al Ghul ගේ ප්‍රශ්නය ඉවර වෙන්නත් ඕනේ. ඔය සේරමත් එක්ක කතාවේ සහාය ප්‍රධාන චරිතයක් මැරෙනවා කියන කට කතාවකුත් තියනවා නේ. මේ සේරම ඉතුරු කොටස් 5 න් කියන්න එපාය ඉතින්.
#attila_THE_hun
Comic Script ලිපිය


No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න