Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. characters - 04 : Grant Ward

Agents of S.H.I.E.L.D. characters - 04 : Grant Ward
Marvel's Agents of S.H.I.E.L.D. characters - 04

Grant Douglas Ward

 


Agents of S.H.I.E.L.D. කථාමාලාවේ ප්‍රධාන චරිත පිළිබඳව කෙරෙන කතාබහේදී අපි ඊලඟට කථා කරන්නේ Grant Douglas Ward එහෙම නැත්නම් Agent Ward ගැනයි. කථාමාලාවේ ඉන්න දෙබිඩි නියෝජිතයා මෙයා කියලා කිව්වොත් මම නිවැරදියි. ඒ වුණාට Ward කියන්නේ තමන් භාරගත් දෙයක් ඉටු කරන්නෙ නැතුව අතරමග දාලා යන කෙනෙක් නම් නෙවෙයි. ඒ බව කථාමාලාව බලපු අයටනම් හොඳට තේරුම්ගන්න පුළුවන්. එහෙනම් මුලින්ම අපි Agent Wardගේ පසුබිම ගැන කථා කරලා ඉමු.

Grant Douglas Ward
කියන්නේ සහෝදරයන් තිදෙනෙකු සහ එක් සොහොයුරියක් සහිත පවුලක දෙවැනි පිරිමි දරුවායි. Wardගේ කුඩා අවධිය ගැන ලොකු සිදුවීමක් කථාමාලාවේ මුල ඉදන්ම කතාබහට ලක් වෙනවා. ඒත් ඒ මොකක්ද කියලා හරියටම දැන්මම කියවෙන්නෙ නැහැ. ඒ වුණත් ඔහු අමිහිරි කුඩා කාලයක් හිමිවූ අයෙක් කියලා කියන්න පුළුවන්. S.H.I.E.L.D. එක තුළදී තම දක්ෂතාවයන් මනාව පෙන්වන Agent Ward ඒ හැකියාවන් නිසාම තමාගේ ස්ථානය ඕනෑම mission එකකදී ලබාගන්න සමත් කෙනෙක්. ඒ වගේම ඔහු කථාමාලාව ආරම්භයේදී S.H.I.E.L.D. Level 06 agent කෙනෙක්. නමුත් ඔහු පෙන්වන දක්ෂතා හේතුවෙන් Agent Phil Coulsonගේ කණ්ඩායමට එක්වන නිසා S.H.I.E.L.D. Level 07 දක්වා උසස්වීමක් ලබනවා. S.H.I.E.L.D. Level 07 කාණ්ඩයේ කෙනෙක් කියන්නේ ඔත්තු බැලීමේ සහ සටන් හැකියාවෙන් පරිණත (Specialized in Espionage and Combat)කෙනෙක්ටයි. ඒ වගේම මෙහෙයුමකට යනකොට නායකයා විදිහට වැඩ කරනවා. ඒ වගේම මෙහෙයුම ගැන සම්පුර්ණයෙන්ම හෝ වැඩිපුර හෝ තොරතුරු දන්නවා. මේ මට්ටම් දෙකේම අයට අධි රහසිගත තොරතුරු (Top Secret) වලට පිවිසෙන්න පුළුවන්. Agent Maria Hillට අනුව ඔත්තු බැලීම අතින් Natasha Romanoff aka Black Widow ට දෙවැනි වන්නේද Agent Wardයි.

Agent Ward
ගේ හැකියාවන් ගැන ගත්තොත් ඔහු අවි ආයුධ පරිහරණයේදී මෙන්ම, මුහුණට මුහුණ සටන් වල ඉතා ප්‍රගුණ බවක් මොහු සතු වනවා. ඒ නිසාම තමයි Coulsonගේ කණ්ඩායමට එකතු වන Skyeගේ පළමු අධීක්ෂණ නිලධාරියා (Supervising Officer-SO)ලෙස Grant Wardව පත්කරනු ලබන්නේ. ඒ විතරක් නෙවෙයි Ward කියන්නේ අති දක්ෂ ඔත්තුකරුවෙක්. සතුරන් සමඟ එකට වැඩ කරමින් ඔවුන්ගේ සියළු තොරතුරු දැනගැනීමට එකිනෙකා සමඟ හිතවත් වෙමින් කල්ගෙවීමටත් මොහු සමත් පුද්ගලයෙක්. හැබැයි මෙහෙයුමකදී අනෙක් දේවල් ගැන නොහිතා මෙහෙයුම සාර්ථක කරගන්නටයි Wardගේ ප්‍රධාන අරමුණ වන්නේ. ඒ නිසාම උපාය දක්ෂයෙක් ලෙසටත් මොහුව නම් කරන්න පුළුවන්. කෙටි පරතයක සිදුවන ගැටුම් වලදී සහ සටන් කලාවන් හැදෑරීමෙන් ලද ප්‍රගුණත්වය නිසාම සතුරා වෙත ක්ෂණික පහරදීම් සිදුකරන්නටත් දක්ෂයෙක්. Military skills බොහොමයක් සතු හා පුහුණු වී ඇති නිසා බෝම්බ නිෂ්ක්‍රීය කිරීම්වලට, ජීවිත ගලවාගැනීම් මෙහෙයුම් වලටද දක්ෂ පුද්ගලයෙකු වනවා. ඒ විතරක් නෙවෙයි Wardට භාෂාවන් 6ක් ඉතාමත් විශිෂ්ඨ ලෙස කථා කරන්නට සහ තේරුම්ගන්නට පුළුවන්. English, French, Russian, German, Italian සහ Spanish යන භාෂා 6ම චතුර ලෙස හසුරවන්නට ඔහුට පුළුවන්. ඒ වගේම ඔහු දක්ෂ කුරුමානම්කාරයෙක් සහ වධ දෙන්නෙක්. ඒ බව කථාමාලාව පුරාම දැකගන්නට පුළුවන් වෙනවා.

Agents of S.H.I.E.L.D.
කථාමාලාවේ Grant Douglas Ward ගේ චරිතය රඟපාන්නේ Brett Dalton විසිනුයි. චරිතයට අවශ්‍ය වන පරිදි ඔහු මනාව හැඩගැසෙමින් ඉතා විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. කථාවේ නිහඬ දඩයක්කරු ලෙසට තමයි මම Wardව හඳුන්වන්නේ. Marvel Comics වල Punisherට තරමකට සමාන කෙනෙක් තමයි Grant Ward කියන්නේ. ඒ තරමටම කථාමාලාවට ඔහු සම්බන්ධවනවා. Season 2 වලදී අවසානයටත් ඔහුව සම්බන්ධ කරගන්නට Joss Whedon තීරණය කරන්නට ඇත්තේ ඒ නිසාම වන්නටත් ඇති.

#SmAsHeR



No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න