Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:09

Avatar Articles No:09

Avatar Articles No:09


United Republic of Nations- ජාතීන්ගේ එක්සත් ජනරජය

ජාතීන්ගේ එක්සත් ජනරජය, සියක් අවුරුදු යුද්ධයෙන් පසු අග්නි අධිපති සූකෝ හා ඇවටර් ඈන්ග් එක් වී සියලු ජාතීන්ට සමගියෙන් විසීම සදහා නිර්මාණය කරන ලද නව රාජ්‍යය වේ.පෙර සිටි අග්නි අධිපති වරුන් භූමි රාජධානියේ පිහිටුවා ගත් යටත් විජිත එක්සත් කොට එතුලින් මෙම එක්සත් ජනරජය බිහි කර ඇත.මෙම නව දේශයේ සතර ජාතීන්ටම අයත් බන්ධක හා නිබන්ධක ජනතාව සාමයෙන්,සහයෝගයෙන් ජීවත් වෙති.ජාතීන්ගේ එක්සත් ජනරජයට එයටම ආවේනික සංස්කෘතියක් හිමිව ඇති අතර කාර්මික විප්ලවය හා ආගමන-විගමන ආදිය නිසා වර්තමානයේ ලොවේ වඩාත්ම දියුණුම දේශය බවට පත්ව ඇත.
                               
                   
මෙහි අගනුවර ජනරජ නගරයයි.(Republic City).එය යුඒ බොක්ක(Yue Bay) (1 රූපය) ආශ්‍රිත වෙරළ තීරයේ පිහිටා ඇති විශාල, නූතන පුරවරයකි.එහි සිට, එක් එක් ජාතීන් නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් දේශපාලන සංවිධානයකින් ,මෙම දේශය පාලනය කරනු ලබයි.කෙසේ වෙතත් බන්ධක විරෝධී විප්ලවයෙන් පසු මෙම පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබීය.ඉන්පසු නව පාලන සංවිධානයකින් එක්සත් ජනරජයේ පළමු ජනපති තෝරා පත් කරන ලදී.(Raiko) (2 රූපය) .මෙමගින් නිබන්ධකයන්ටද සාධාරණයක් ඉටු විය.

## History (ඉතිහාසය) ##

සියක් අවුරුදු යුද්ධයෙන් පසු ඇවටර් කණ්ඩායම(Team Avatar) ,අග්නි අධිපති සූකෝ(Fire Lord Zuko) හා භූමි රජු කුඑ(Earth King Kuei) (3 රූපය) සාම ප්‍රතිෂ්ටාපන ව්‍යාපාරයක් ආරම්බ කළේය (Harmony Restoration Movement).මෙහි අරමුණ වූයේ අග්නි ජාතික යටත් විජිත නැවත භූමි රාජධානියට බාර දීමත් හා අග්නි ජාතිකයන් බූමි රාජධානියෙන් ඉවත් කිරීමත් ය.නමුත් මෙම අග්නි ජාතිකයනට ඉවත් වීමට බල කිරීම ගැන ජනතාව ඍණාත්මක ආකල්ප දැරූහ.මක් නිසාද යත් මෙම යටත් විජිත ප්‍රදේශ වල ජාතීන් දෙකේම සංස්කෘතික අංග එක් වී එකම සංස්කෘතියක් ගොඩනැගී තිබීමය.මෙම ජාතීන් 2 අතර විවාහ බැදීම් පවා ඇතිව තිබුණි.මෙම නව ප්‍රදේශ වල සංස්කෘතිය විනාශ කරන්නේ යැයි ඇවටර් ඈන්ග් ට හා අග්නි අධිපති සූකෝ ට එරෙහිව ජනතාව අතර විප්ලවයක් ඇතිවිය.මේ අතර ඈන්ග් හා සූකෝ අතරද මෙම ප්‍රශ්නය සඳහා මතබෙධයක් ඇති විය. කෙසේ වෙතත් මෙම භූමි ප්‍රදේශ වල අයිතිය සඳහා වූ ගැටලුව අග්නි දේශය ,භූමි රාජධානිය හා ඇවටර් අතර යුද්ධයක් ඇති කිරීමට තරම් උත්සන්න විය. කෙසේ වෙතත් ප්‍රථම යටත් විජිතයේ(Yu Dao) (4 රූපය) නගරාධිපති විසින් තමාට ජාති ද්‍රෝහියෙකු වශයෙන් චෝදනා කිරීමෙන් පසු අග්නි අධිපති සූකෝ මෙම ගැටලුවට තමන්ගේ සහය තව දුරටත් ලබා දීමෙන් වැළකී තමන්ගේ හමුදා පසු බැස්වවීය.
101 AG හි සිදුවූ Yu Dao සටන (5 රූපය) අග්නි ජාතියේ යටත් විජිත වල ඉරනම තීරණය කළේය.කෙසේ වෙතත් ඇවටර් ඈන්ග් හා අග්නි අධිපති සූකෝ තමන් අතර වූ මත බෙධය විසදාගෙන Yu Dao හි ජාතීන් දෙකටම අයත් ජනතාවට ජීවත් වීමට ඉඩ ලබා දුන්නේය.ඉන්පසු අග්නි අධිපති සූකෝ(Fire Lord Zuko), භූමි රජු කුඑ(Earth King Kuei) හා එක්ව ඇවටර් ඈන්ග් මෙම නව ජනපදයට නව පාලන ව්‍යවස්ථාවක් සකස් කර දුන්නේය.එනම් ජාතීන් දෙකේම නියෝජිතයන් එකට එකතුව ජනපදය පාලනය කිරීමයි.මෙම ක්‍රමය වඩා සාර්ථක බව දැනගත් අග්නි අධිපති සූකෝ හා ඇවටර් ඈන්ග් සියලු යටත් විජිත එකතු කර නව දේශයක් බිහි කලේය.එය ‘ජාතීන්ගේ එක්සත් ජනරජය’ විය.මෙම නව දේශය පාලනය කරනු ලබන්නේ ලොව සියලු දේශයන් නියෝජනය කරන සභාවක් මගිනි.උතුරු හා දකුණු ජල ගෝත්‍ර,අග්නි දේශය,භූමි රාජධානිය හා වායු වාර්ගිකයන් නියෝජනය කරන නියෝජිතයන් 5ක් මෙම පාලන සභාවේ ඇත.මෙම දේශයේ අගනුවර ලෙස 'ජනරජ නගරය' වයඹ දිග පෘථිවි රාජධානිය පිහිටුවන ලදී. භූමි රජු Kuei ජනරජය පිහිටුවීමට පෘථිවි රාජධානියට අයත් විශාල ඉඩම් පවරා දීමට එකඟ විය.
*මෙහි අගනුවර වන ජනරජ නගරය විවිද කලට විවිද බලපෑම් වලට ලක්ව ඇත.
Yakone's criminal empire-යකොන් ගේ පාතාලය (ended in 128 AG, by Avatar Aang)
Anti-bending Revolution-බන්ධක විරෝධී විප්ලවය (170 AG, ended by Avatar Korra)
Harmonic Convergence and its aftermath-අනුවර්තීය හෝරාවට පසුව ඇතිවූ අදුරු ඇවටර් වරයා ගේ බලපෑම හා අදුරු ඇවටර් වරයා විසින් ඇති කල ආත්ම දාම ජනරජ නගරය ආක්‍රමණය කිරීම (171 AG, Cant remove,but not a threat)
Kuvira's threat-කුවීරා ගේ ආක්‍රමණය (174 AG,ended by Avatar Korra)

## Appearance (ස්වරූප) ##

එක්සත් ජනරජය පිහිටුවා ඇත්තේ බන්ධකයන හා නිබන්ධකයන් යන දෙකොට්ඨාසයටම සමගියෙන් වාසය කල හැකි පරිදිය.මෙහි විවිද තරාතිරම් වල ජනතාව වෙසෙයි.මේ නිසා, එම රටේ පුරවැසියන් ගේ විලාසිතා සහ පෙනුම විශාල වශයෙන් වෙනස් වේ.බොහෝ එක්සත් ජනරජයේ පුරවැසියන් ඔවුන්ගේ සංස්කෘතිය අනුව ඇදුම් අදිති.(උදා-තම සංස්කෘතිය අග්නි ජාතික නම් රතු වර්ණ ඇදුම්,වායු වාර්ගික නම් කහ වර්ණ ඇදුම්,ජල ගෝත්‍රික නම් නිල් වර්ණ ඇදුම්,භූමි වංශික නම් කොළ වර්ණ ඇදුම්) නමුත් නිබන්ධකයන් අතර තම සංස්කෘතියට අදාළ වර්ණ සහිත ඇදුම් ඇදීම ඉතා අඩුය.තම සංස්කෘතියට අදාළ වර්ණ සහිත ඇදුම් ඇදීමට අකමැති පුරවැසියන් දුබුරු,අළු වැනි උදාසීන වර්ණ දරන ඇදුම් අදිති.

## National emblem (රාජ්‍ය ලාංචනය) ##

ජාතීන්ගේ එක්සත් ජනරජයේ රාජ්ය ලාංඡනය අක්රමවත් අර්ධ චතුරස්රාකාර හැඩයක් දරයි.එහි පැති 11ක් ඇත.එය මැද රවුම් 2 ක් සමග වම් හා දකුණු පස කකුල් 2ක් ඇති පන්චාශ්‍රයකට සමාන වේ.වෙනත් ජාතීන්ගේ මුදල් මෙන් නොව, එක්සත් ජනරජයේ රාජ්ය ලාංඡනය මුදල් මත මුද්රණය කර නැත.මෙම ලාංචනය සියලු රජයේ දේපල මත සංකේතවත් කර ඇත. (6 රූපය)

## Geography (පිහිටීම) ##

එක්සත් ජනරජය උතුරෙන් හා නැගෙනහිරින් මෝ සි මුහුදෙන් (Mo Ce Sea) හා කඳු වළල්ලකින් වටවී ඇත.සමහර තැන වල මුහුද සීමා වන්නේද කඳු වලිනි.මෙහි ප්‍රධානම ගංගාව සු ඕකු නම් වේ.(Su Oku River) මෙහි කේතුධර හා පතනශීල වනාන්තර පවතී.ඍතු 4කින් යුත් දේශගුණ තත්වයක්ද පවතී.මෙහි මාකාපු (Makapu) නමින් විශාල, ක්රියාකාරී ගිනිකන්දක් ඇත. ( රූපය)

## Government (පාලනය) ##

පාලන තන්ත්‍රය - විධායක ජනාධිපති ක්‍රමය (171 AG ට පෙර සමූහාණ්ඩු පාලන ක්‍රමය )
පාලනයේ ප්‍රධානියා - ජනාධිපති (171 AG ට පෙර 5 දෙනෙකුගෙන් යුත් රාජ්‍ය පාලක මඬුල්ල)

<Guy Buddhima>

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න