Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:10

Avatar Articles No:10

Avatar Articles No:10

Avatar Yangchen- ඇවටර් යන්ග්චෙන්

                         ඇවටර් යන්ග්චෙන් යනු අග්නි ජාතික ඇවටර් වරයෙකුට පසුව හා උත්තර ජල ගෝත්‍රික ඇවටර් වරයෙකු වූ ඇවටර් කුරුක් ට පෙර පහල වූ ඇවටර් වරයායි.මැය බටහිර වායු දේවස්ථානයේ උපත ලද වායු වාර්ගික ඇවටර් වරියක් වේ.
                               

 ඇගේ තරුණ වයසේදී,සියලු මූලධාතු ප්‍රගුණ කල පසු,තවමත් අත්දැකීම් අඩුවුවද,ඇයට ලෝකයේ යම් වෙනසක් කිරීමට අවශ්‍ය විය.ඒ නිසා ඇය තම වායු බයිසනයා හා තම පියාබන ලීමරයන් දෙදෙනා වන පික් හා පැක් (Pik and Pak) සමග ලොව වටා සංචාරයකට පිටත්ව ගියාය. මේ සංචාරය අතර ඇයගේ ක්‍රියා හේතුවෙන් ඇය ප්රඥාව, අධිෂ්ඨානය, සහ බලය ඇති ගෞරවාන්විත චරිතයක් බව ප්‍රසිද්ධ වූවාය.නමුත් අනෙක් වායු බන්ධකයන් මෙන් නොව ඇය තුල යම් විශේෂ ලක්ෂණයක් විය.එනම් ඇවටර් ලෙස ඇගේ යුතුකම් ඉටු කිරීමට හා ලොව පුරා හා සාමය පවත්වා ගෙන යාමට අවශ්ය ඕනෑම දෙයක් කිරීමට ඇය තුල දරුණු කැමැත්තක් තිබීමයි.කෙසේ වෙතත් ඇගේ කාර්ය භාරය හේතුවෙන් පරම්පරා ගණනක් යනතුරු ලොවේ කිසිම යුධ භීතියක් ඇති වූයේ නැත.

ඇවටර් යන්ග්චෙන් බටහිර වායු දේවස්ථානයේ උපත ලබා වායු පූජකවරියන් යටතේ හැදී වැඩී ඇත.අනෙක් සියලුම ඇවටර් වරු මෙන් ඇයද තරුණ කල සියලු මූලධාතු හා ඇවටර් සමාධිය ප්‍රගුණ කර ඇත.

සියලු මූලධාතු ප්‍රගුණ කිරීමෙන් සතියකට පමණ පසු යන්ග්චෙන්,ඇගේ මාර්ගෝපදේශකයා වූ භූමි වංශික බෝමා (Boma) (1 රූපය) සමග වෙරළාශ්‍රිත නගරයක් වෙතට යවනු ලැබීය.ඇය පැමිණි විට, එහි විසූ දේශීය අනාවැකි කරුවන් (fortunetellers) එදින සවස නගරයට අත්විය හැකි මුහුදේ සිට එන ඛේදවාචකයක් ගැන අනාවැකි පල කළ බව එහි රජු දන්වන ලදී.වාසනාව විශ්වාස කල යන්ග්චෙන් කේදවාචකය පැමිණෙන තෙක් කදුගැටයක් මතට වී මුහුද දෙස බලා සිටියාය.මධ්‍යම රාත්‍රිය පසුවත්ම ජලයෙන් ඇති විශාල ආත්මයක් මතු විය.යන්ග්චෙන්ට එම ආත්මය විශාල දුකකින් පෙලෙන බව දැනෙන්නට විය.එමනිසා ඇය එම ආත්මය සමග සම්බන්ධ වීමට උත්සහ කලා ය.කෙසේ වෙතත් ආත්මය ඇයට පහර දුන් බැවින් දෙදෙනා අතර සටනක් (2 රූපය) ඇති විය.මෙම සටන රාත්‍රිය පුරා පැවතුනු අතර එය අවසන් වන විට නගරය නටබුන් වී තිබුණි.රාත්‍රිය අවසානයේදී ඔහුට අවශ්ය දේ තමාට කියන්නට එම ආත්මය ඒත්තු ගැන්වීමට ඇය සමත් විය.(එම ආත්මය ජෙනරාල් ඕල්ඩ් අයන් (General Old Iron) (3 රූපය) නම් විය.ඈත අතීතයේදී මෙම නගරය බිහිවීමට පෙර මෙම ස්ථානයේ ලේඩි ටියෙන්හායි (Lady Tienhai) (4 රූපය) නමැති තව ආත්මයක් වාසය කලාය.මොවුන් දෙදෙනා පෙම්වතුන් විය.නමුත් මෙම ප්‍රදේශය ජනාවාස වූ පසු මිනිසුන් අතින් සිදුවූ පරිසර විනාශය දරාගත නොහැකිව මැය විනාශ විය.එනිසා මෙහි ජීවත් වන මිනිසුන් විනාශ කිරීමට තමන් පැමිණි බව ජෙනරාල් ඕල්ඩ් අයන් ඇවටර් යන්ග්චෙන් ට පැවසුවේය.)අවසානයේදී ඇවටර් යන්ග්චෙන් මෙම ආත්මයෙන් ටික කාලයකට ජනතාවට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.එවිට ජෙනරාල් ඕල්ඩ් අයන් මෙම භූමියෙන් ජනාවාසය ඉවත් කරගන්නේ නම් තමන් නැවත මිනිසුන්ට එරෙහිව තම ආයුධ බාවිත කරන්නේ නොමැති බව පවසන ලදී.මෙයට එකග වූ ඇවටර් යන්ග්චෙන් මෙම භූමියෙන් එම ජනාවාසය ඉවත් කර ලේඩි ටියෙන්හායි ට ගෞරවයක් ලෙස ඇගේ යෝධ ප්‍රතිමාවක් (5 රූපය) තැන වූවාය.ඉන්පසු ඇය මිනිස් වර්ගයා තවමත් තමන් වූ පොරොන්දුව ආරක්ෂා කරන බව ඔප්පු කිරීමට වසරකට වරක් එම අඩවියට පිවිස ඇයව උත්සවාකාරයෙන් සැමරීමේ චාරිත්‍රයක් (6 රූපය) ඇගේ ජනතාව වන වායු වාර්ගිකයන් අතර ඇතිකරන ලදී. ඒ නිසා මෙම භූමිය වායු වාර්ගික ශුද්ධ භූමියක් ලෙස ප්‍රසිද්ධ විය.තවද මෙනිසා ඉන්පසු කිසිම පුද්ගලයෙක් මෙම ප්‍රදේශය ජනාවාස ගත කර ජෙනරාල් ඕල්ඩ් අයන්ගේ කෝපයට ලක් වීමේ අවධානම ගත්තේද නැත.

මැයගේ මෙම ක්‍රියා වලට ගෞරව කරනු පිණිස නැගෙනහිර හා බටහිර වායු දේවස්ථාන වල ඇගේ පිලිරූ ඉදි විය.345 BG හිදී මැය මිය ගියත් ඇය තවත් පරම්පරා ගණනාවකට ලෝකයේ සමතුලිත තාවය ආරක්ෂා කර තිබුණි.මේ හේතුවෙන්ම ලේඩි ටියෙන්හායි උත්සවයද පසුව යන්ග්චෙන් උත්සවය (Yangchen's Festival) නමින් නැවත නම් විය.වායු වාර්ගිකයන් ඔවුන් සමූල ඝාතනය වනතුරු මෙම චාරිත්‍රය එසේම පවත්වාගෙන ආහ.
ඇවටර් යන්ග්චෙන් වායු වාර්ගිකයෙකු වුවද ඇවටර් කෘත්‍ය ඉටු කිරීමට වායු වාර්ගිකයන්ගේ සාමකාමී ස්වභාවය පසෙකට හල අයෙකි. ඇය ඇවටර් ලෙස තම යුතුකම ඉටු කිරීමට හා තම හැකියාව තම ගුරුවරුන් ඉදිරියේ පෙන්වීමට මහත් ආශාවෙන් යුක්තව සිටියාය.ඇය අමාරු අවස්ථාවලට නොබියව මුහුණ දුන් ඇවටර් වරියකි.වායු වාර්ගිකයන් ආධ්‍යාත්මික සුවය ලබන්නේ බාහිර ලෝකය සමග ඇති සබදතා නැති කිරීමෙන් වුවත් මැයගේ මතය වූයේ ඇවටර් වරයෙකුට කිසිදා ආධ්‍යාත්මික සුවය ලබා ගත නොහැකි බවයි.මක් නිසාද යත් ඇවටර් වරයෙකුට තමන්ව බාහිර පරිසරයෙන් මුදවාගත නොහැක්කේ ඔවුන්ගේ කාර්ය එය ආරක්ෂා කිරීම නිසා බවය.

***Avatar Yangchen***

__Biographical information__

Nationality-Western Air Temple
Ethnicity-Air Nomad
Died-c. 345 BG
Predecessor-Unnamed fire Avatar (as the Avatar)
Successor-Kuruk (as the Avatar)
__Physical description__
Gender -Female
Hair color-Brown
__Personal information__
Allies-Air Nomads, Aang, Boma, all Avatars, Pik and Pak
Weapon of choice-The elements
Fighting style(s) -airbending, waterbending, earthbending, firebending
__Chronological and political information__
Profession-Avatar,Nun
Position-Fully Realized Avatar
…………………………………………………………………………………………………………………………………………………………
<Guy Buddhima>

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න