Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:14

Avatar Articles No:14

Avatar Articles No:14


Avatar Aang- ඇවටර් ඈන්ග්

ඇවටර් ඈන්ග් අග්නි ජාතික ඇවටර් වරයෙකු වූ ඇවටර් රෝකු ට පසුව හා ජල ගෝත්‍රික ඇවටර් වරියක් වූ ඇවටර් කෝරා ට පෙර දක්ෂිණ වායු දේවස්ථානයේ උපත ලැබූ වායු වාර්ගික ඇවටර් වරයෙකු වේ.මොහු උපත ලැබුවේ ‘සියක් අවුරුදු යුද්ධය’ නම් යුධ සමය ඇරබීමට පෙරයි.
                                                   

ඇවටර් ඈන්ග් 12 BG හිදී (නම සදහන් නොවන) වායු වාර්ගික දෙපලකට දාව ඉපදී ඇත.ඔහුගේ දෙමාපියන් ඔහුව අනාගතයේදී වායු පූජකවරයෙකු කරවීමේ අපේක්ෂාවෙන් ඔහුව කුඩා කල දීම වායු පූජකවරු වෙත භාර දී ඇත.එවිට ඔහුගේ ගුරුවරයා මෙන්ම මාර්ගෝපදේශකයා ද වූයේ Council of Elders(1 රූපය) හි සාමාජිකයෙක් වූ ජියට්සෝ පූජක තුමායි.ඔහු ජියට්සෝ පූජකතුමා සමග ලොව වටා සංචාර වල යෙදී ඇත.ඔහු කුඩාකල පටන් ඉතා දක්ෂ වායු බන්ධකයෙකු විය.වයස 6 දී ඔහු,ඔහුගේ වයස මෙන් දෙගුණයක් වැඩිමහල් දරුවන්ට වඩා හොදින් වායු බන්ධක කලාව ප්‍රගුණ කර තිබුණි.තවද වයස 6ද් දී ඔහු ඇතුළු අනෙක් වායු වාර්ගික දරුවන් ඔවුන්ගේ සත්ව මිතුරන් වන වායු බයිසනයන් සොයා ගැනීමට නැගෙනහිර වායු දේවස්ථානයට ගිය ගමනේදී ඔහුට ‘ආපා’ නම් ඔහුගේ වායු බයිසනයා හමු විය. (2 රූපය) වයස 10 දී ඔහු ඔහුගේ සමහරක් ගුරුවරුන්ටත් වඩා හොදින් වායුබන්ධක කලාව ප්‍රගුණ කර තිබුණි.තවද ඔහු වයස 12 දී ‘Air Scooter’(3 රූපය)නමින් හදුන්වන නව වායු බන්ධන ශිල්ප ක්‍රමයක් නිර්මාණය කර නිපුන වායු බන්ධකයන්ට ලැබෙන පච්ච (Airbender Master Tattoos) හිමි කරගෙන ඇත.(නව ශිල්පක්රමයක් නිර්මාණය නොකර වායු බන්ධක පච්ච ලබා ගැනීමටනම් වායු බන්ධනයේ ප්‍රබේධ 36 ම ප්‍රගුණ කල යුතුය. ඈන්ග් ඉන් 35 ක් ප්‍රගුණ කර සිටියේය) ඒ එදා මෙදා තුර සිටි ලාබාලම වායු බන්ධක නිපුණයා බවට පත් වෙමිනි.(පසුව වයස 11 දී Airbender Master Tattoos ලැබූ ඈන්ග්ගේ මිනිපිරිය වූ ජිනොරා එදා මෙදා තුර සිටි ලාබාලම වායු බන්ධක නිපුණයා බවට පත්විය)

ඔහු කුඩා කලදී සෙල්ලම් බඩු දහස් ගණනක් අතරින් ඉපැරණි ඇවටර් වරුන්ට අයත්ව තිබූ දෑ පමණක් තෝරා ගැනීම හේතුවෙන්(4 රූපය) ඔහු ඇවටර් බව දක්ෂිණ වායු දේවස්ථානයේ පාලක මඩුල්ලේ සිටි වැඩිහිටි පූජක වරුන්ට (Council of Elders) තේරුම් ගියේය.සාමාන්‍යයෙන් වායු වාර්ගික ඇවටර් වරුන්ට ඔවුන්ගේ අනන්‍යතාව වයස 16 දී හෙළි කිරීම සිදු කරයි.නමුත් ආධ්යාත්මයෙන් උසස් වායු පූජකයන්ට නුදුරේම මහා විපතක් පැමිණෙන බව දැනෙන්නට විය.එමනිසා ඔවුන් එවකට වයස අවුරුදු 12 සිටි ඈන්ග් ට ඔහුගේ අනන්‍යතාව හෙළි කිරීමට තීරණය කලෝය.ඒ සමගම ඔවුන් ඇවටර් ඈන්ග්ව වැඩි දුර පුහුණුවට නැගෙනහිර වායු දේවස්ථානය ට යැවීමට තීරණය කලේ ජියට්සෝ පූජකවරයා ඈන්ග්ට පමණට වඩා මෘදු ලෙස සලකයි යැයි සිතූ බැවිනි.

තමන් ජියට්සෝ පූජකවරයාගෙන් වෙන්වන බව දැනගත් විට ඈන්ග්,කිසිවෙකුට නොදන්වා තම මිතුරා වූ ආපා සමග එදා රාත්‍රියේ පලා ගියේය.අතර මගදී කුනාටුවකට හසුව මුහුදට කඩා වැටුණු ඈන්ග් හා ආපා ගිලී යාමට පටන් ගනිද්දීම ඈන්ග් ගේ ඇවටර් සමාධිය (ඈන්ග් තුල සිටින රාවා ආත්මය) ක්‍රියාත්මක වී ඔහු හා ආපා අවට අයිස් ගෝලයක් තනවා ඔහු ගිලී මිය යාමෙන් ආරක්ෂා කළේය.(5 රූපය) අයිස් ගෝලය තුල ශිශිරතරණයට ලක්වන ඔවුන්ගේ සිරුරු ජීවත්ව පැවතියත් ඔවුන් තුල කිසිදු ජීව ක්‍රියාවක් සිදු නොවීම නිසා ඔවුන් වයසට ගියේ නැත.ඔවුන් මෙම අයිස් ගෝලය තුල අවුරුදු 100ක් සිරවී සිටි අතර ඒ කාලය තුල ලොව පුරා සියක් අවුරුදු යුද්ධය ඇවිලී යාමට පටන් ගෙන තිබුණි.වායු වාර්ගිකයන් අතර උපන් ඊලග ඇවටර් වරයා මරා දැමීම සදහා ‘සොසින් ගේ ධූමකේතුව’භාවිත කොට සියලුම වායු වාර්ගිකයන්ව සමූල ඝාතනය කිරීමට 0 AG හිදී අග්නි අධිපති සොසින් සමත් වී තිබුණු නිසා 0 AG න් පසු ලොව ඉතිරි වූ අවසාන වායු බන්ධකයා වූයේ මෙම අයිස් ගෝලයේ සිරවී සිටි ඇවටර් ඈන්ග් පමණය.

වසර 100 කට පසු දක්ෂිණ ධ්‍රැවයේදී සොකා හා කටාරා නම් සහෝදරයන් 2 දෙනෙකු විසින් ඇවටර් ඈන්ග් හා ආපා එම අයිස් කුට්ටියෙන් බේරා ගන්නා ලදී. ඈන්ග් පසුගිය අවුරුදු 100 තුල සිදු වූ දෑ නොදැන සිටියද ඔවුන් දෙදෙනාගෙන් ඔහුට එම තොරතුරු දැනගැනීමට හැකි විය.සූර්ය නිවෘත්තියෙදී (winter solstice) ඇවටර් රෝකු හමු වූ විට ඔහු පැවසුවේ ඊලග වර්ෂයේ නැවතත් සොසින් ගේ ධූම කේතුව පායන බවත් ඊට පෙර ඔහු අග්නි අධිපතිව පරාජය කල යුතු බවත්ය.ඒ සඳහා වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ඈන්ග් අනෙක් මූල ධාතු 3ද ප්‍රගුණ කල යුතු විය.කෙසේ හෝ අවසානයේ ඇවටර් කණ්ඩායමේ උදව්වෙන් (Team Avatar)(6 රූපය) ඇවටර් ඈන්ග් හට අග්නි අධිපති ඕසායී පරාජය කර සියක් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකි විය.

*** ඇවටර් කණ්ඩායම (Team Avatar)***

1. Avatar Aang (12)

2.Sokka(15) and Katara(14) [දක්ෂිණ ජලගොත්‍රයේ පාලක හකෝඩා(Hakoda) හා කායා(Kya) ගේ දරුවන්.සොකා (දක්ෂිණ ජලගොත්‍රයේ) නිබන්ධක රණශූරයෙක් වන අතර කටාරා දක්ෂිණ ජලගොත්‍රයේ අවසාන ජලබන්ධකයායි.කටාරා ඈන්ග්ගේ ජලබන්ධක ගුරුවරයා වුනා]

3.Toph Beifong(12) [ධනවත් ව්‍යාපාරික ලාඕ බේෆොන්ග්(Lao Beifong) හා පොපී බේෆොන්ග්(Poppy Beifong) ගේ එකම දියණිය.මැය අන්ධ වුවත් ලොව දක්ෂතම භූමි බන්ධකයෙක්.ටොෆ් ඈන්ග්ගේ භූමි බන්ධක ගුරුවරයා වුනා]

4.Zuko(16) [අග්නි අධිපති ඕසායී(Fire Lord Ozai) හා අර්සා(Ursa) ගේ වැඩිමහල් දරුවා.අග්නිබන්ධකයෙක් හා අග්නි දේශයේ ඔටුන්න හිමි කුමරු.සූකෝ ඈන්ග්ගේ අග්නිබන්ධක ගුරුවරයා වුනා]

5.Appa [ඈන්ග් ගේ සත්ව හිතවතා.වායු බයිසනයෙක්(Sky Bison)]

6.Momo [ඈන්ග් ගේ දෙවන සත්ව හිතවතා.පියාබන ලීමරයෙක්(Winged Lemur)

# Suki(15) [කියෝෂි රණශූරියක්(Kyoshi Worrior).නිබන්ධකයෙක්.කණඩායමේ හැම විටම නැහැ.නමුත් අවසන් සටනේදී හිටියා]

***පසු ජීවිතය***

ඇවටර් ඈන්ග් ට වයස 35ක් වීමට පෙර ඔහුගේ හා කටාරාගේ පවුල දරුවන් 3 දෙනෙකු සහිතව වර්ධනය වී තිබුනා.ඒ බූමි,කායා හා ටෙන්සින්.(7 රූපය)
ඇවටර් ඈන්ග් අග්නි අධිපති සූකෝ සමග එක්ව, පැරණි අග්නි දේශයේ, භූමි රාජධානියේ පැවතී යටත් විජිත එක්සත් කොට සියලුම ජාතීන්ට එක්ව විසිය හැකි නව දේශයක් බිහිකොට තිබුනේය. ඇවටර් ඈන්ග් එහි අගනුවර වන Republic City හි දූපතක නවතම වායු දේවස්ථානයක් ඇති කළේය.එය ලොවේ 5 වන වායු දෙවස්තානයයි.එය වායු බන්ධක සංස්කෘතියට, පියාබන ලීමරයන්ට, වායු බයිසනයන්ට පමණක් නොව ඈන්ග්ගේ පවුලටද නිවහන විය.

ඈන්ග් ට හා කටාරාට දරුවන් 3 දෙනෙක් සිටියහ.බූමි(Bumi) නම් නිබන්ධක දරුවෙක්, කායා(Kya) නම් ජලබන්ධක දැරියක් හා ටෙන්සින්(Tenzin) නම් වායු බන්ධක දරුවෙක් වශයෙනුයි ඒ. ඈන්ග් ඇවටර් වරයෙකු ලෙස ලොවේ සාමය ඇති කලත් ඔහුගේ පවුලේ තත්වය එපමණ සුභදායක වූයේ නැත. ඈන්ග් ට භාර වී තිබු දෙවෙනි කර්තව්‍ය වූයේ වායු වාර්ගික සංස්කෘතිය අනාගතය සදහා ආරක්ෂා කිරීමයි.ඒ සදහා ඈන්ග් ටෙන්සින් ව පුහුණු කරමින් ඔහු සමග වැඩි කාලයක් ගතකළත් අනෙක් දරුවන් දෙදෙනා සමග වැඩි කාලයක් ගත කලේ නැත.එමනිසා වැඩිමහල් දරුවන් දෙදෙනා හා ඈන්ග් අතර පැවතූයේ දුරස් සම්බන්ධතාවයකි.

***පෞරුෂත්වය***

ඈන්ග් ස්වභාවයෙන්ම හාස්‍ය රසයෙන් පිරුණු චරිතයක් විය.ඔහු ප්‍රචණ්ඩත්වය තරයේම පරතික්ෂේප කල අතර නිර්මාන්ශී පුද්ගලයෙකු විය.ඔහු සැමවිටම උත්සහ කලේ තමන් ඇවටර් බව අමතක කොට අන්‍යන් සේ සාමාන්‍ය ජීවිතයක් ගෙවීමටයි.සටනකදී වුවද ඔහු උත්සහ කලේ සතුරාගේ පහර වලකා ඔහුව යටත් කර ගැනීමට පමණයි.ඔහු ආපසු පහර දුන්නේද නැතිවම බැරි අවස්තාවකය.

***හැකියාවන්***

ඈන්ග් ඔහුගේ යුගයේදී ලොව දක්ෂතම බන්ධකයා විය.රෝකු, සියලු මූලධාතු ප්‍රගුණ කිරීමට අවුරුදු ගණනාවක් ගතවන බව පැවසුවත් ඈන්ග් ඒවා සියල්ල තනි අවුරුද්දක් තුල නිම කළේය.අග්නිබන්ධනය හා භූමිබන්ධනය එතරම් නැතත් ඈන්ග් ජලබන්ධනය මනාව ප්‍රගුණ කළේය.සියලු ඇවටර් වරු පරිපූර්ණ ඇවටර් වරු බවට පත් වූයේ වයස 16 න් පසුව වුවත් මොහු වයස 12 දී පරිපූර්ණ ඇවටර් වරයෙකු (Fully Realized Avatar) බවට පත් විය. ඈන්ග් වායුබන්ධනයේ කෙල පැමිණියෙකු වූ අතර ජල බන්ධනයද මනාව ප්‍රගුණ කොට තිබුණි. අග්නිබන්ධනය හා භූමිබන්ධනය එතරම් නැතත් යම්තාක් දුරට ප්‍රගුණ කිරීමට ඈන්ග් සමත් වූයේ ඒවායේ ඇති සමහරක් උප බන්ධන හැකියාද ලබා ගැනීමටද සමත් වෙමිනි.
ඈන්ග් සතුව අග්නියේ උප බන්ධන හැකියාවක් වන අකුණු හැරවීමේ හැකියාව( lightning redirection) හා භූමියේ උප බන්ධන හැකියාව වන කම්පන අවශෝෂණ හැකියාව(seismic sense) තිබුණි.
ශක්ති බන්ධනය ලොව සියලු බන්ධක කළා අතරින් බලවත්ම බන්ධක කලාවයි.ලොව ජීවත් වන එකම ශක්ති බන්ධකයන් වන සිංහ ඉදිබුවන් අතරින් එක් සිංහ ඉබ්බෙකු ඈන්ග් හට ශක්තිබන්ධනයේ(energybending) දැනුම ලබා දුන්නේය.එමගින් වෙනත් පුද්ගලයෙකු ස්පර්ශ කොට ඔහුගේ සිරුර තුල පවතින ශක්තිය බන්ධනය කල හැක. ඈන්ග් මෙම බලය ලද හා ශක්තිබන්ධනය භාවිත කරන ලද පළමු මනුෂ්‍යයා විය.ඔහු මෙය උපකාරයෙන් අග්නි අධිපති ඕසායී ගේ හා පාතාල නායක යකොන් ගේ බන්ධක හැකියාව නැතිකර දමන ලදී.

ඇවටර් ඈන්ග් විසින් ලෝකයට සිදු කරන ලද සේවයට උපහාරයක් ලෙස අග්නි දේශය විසින් ජනරජ නගරයේ යුඑ බොක්කේ (Yue Bay) තරුණ ඇවටර් ඈන්ග් ගේ විශාල ප්‍රතිමාවක් ඉදිකරන ලදී.
-----------------------------------------------------------------------------------

***Avatar Aang***

__Biographical information__

Alternative name(s)- Kuzon (while at the Fire Nation school),Twinkle Toes (by Toph),Sweetie (by Katara)

Nationality- Southern Air Temple

Ethnicity- Air Nomad

Age- 112 (biologically 12) in Avatar: The Last Airbender,113-114 (biologically 13-14) in The Promise trilogy,114-115 (biologically 14-15) in The Search and The Rift trilogies,166 at death (biologically 66)

Born- 12 BG

Died- 153 AG

Predecessor- Roku (as the Avatar)

Successor- Korra (as the Avatar)

__Physical description__

Gender - Male
Eye color- Gray
Hair color- Dark brown (typically shaved)

__Personal information__

Love interest(s) - Katara (wife)
Allies- Appa, Katara, Momo, Sokka, Tenzin, Toph, Zuko, King Bumi, Bumi, Gyatso, Hakoda, Iroh, Kya, Suki, Kuzon, lion turtle, all Avatars ...

Enemies- Azula, Ozai, Zuko (formerly), Combustion Man, Long Feng, Sozin, Yakone, Zhao, Joo Dee, the Dai Li, ...

Weapon of choice- The elements, glider staff

Fighting style(s) - airbending, waterbending (Northern and Southern style), earthbending (Chu Gar Praying Mantis Kung Fu), firebending, energybending

__Chronological and political information__

Profession- Air Nomad culture teacher,Airbending instructor,Avatar,Monk

Position- Co-founder of the United Republic of Nations,Fully Realized Avatar
Affiliation- Air Acolytes,Air Nomads,Air Scouts (formerly),Team Avatar
…………………………………………………………………………………………………………………………………………………………
<Guy Buddhima>

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න