Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

BatGirl - Cassandra Cain

BatGirl - Cassandra Cain

Cassandra Cain


අපේ යාළුවො ගොඩක් දෙනා කරන ඉල්ලීම් සලකන්නේ නෑ කියල චෝදනාවක් වැටෙයිද මන්දා,මොකද මේ දවස් ටිකේ අපි එහෙම ඉල්ලීම් වලට තැන දුන්නේ නැති නිසා.. එකට හේතුව තමයි අපේ පරණ ලිපි පෙළවල් සම්පුර්ණ කරලා ඉන්න අපි ගත්ත තීරණය.. ඉතින් ඒ දේවල් සම්පුර්ණ කරපු ගමන් ආපහු ඔයාලගේ කැමැත්තට ද දෙන්න සුදානම්.. අන්න ඒ නිසා අදත් මම Batman Family එක යටතේ ඊළඟට හමුවෙන batgirl ගැනයි විස්තර ගේන්නේ.. බෑබ් ට පස්සේ මම කැමතිම Batgirl තමයි කැස්..
                 
Cassandra Cain එහෙම නැත්තම් ආදරේට කැසී/කැස් කියන්නේ බැටා ගේ පවුලේ අයගෙන් දරදඬුම චරිතය කිව්වොත් මම හිතන්නේ හරි.කොටින්ම කියනවා නම් ඩේමියන් ටත් වඩා දරදඬු චරිතයක්.

Cassandra Cain කියන්නේ දෙවැනි batgirl,මුලින්ම cassendra ව අපිට කොමික් එකකින් දැකගන්න ලැබෙන්නේ 1999 ජුලි මාසයේදී ආපු Batman #567 දී (එකට සමගාමිව අගෝස්තු මාසයේදී ආපු Legends of the Dark Knight #120 කලාපයේ තමයි වැඩි හඳුන්වා දීමක් කලේ) Kelley Puckett සහ Damion Scott කියන දෙන්න තමයි මෙයාව නිර්මාණය කලේ,එත් මෙයාගේ ඇඳුම හදල තියෙන්නේ නම් Alex Maleev

cassandra කියන්නේ david cain සහ Sandra Wu-San එහෙමත් නැත්තම් Lady Shiva ගේ දුව. රේෂ් ට ගැලපෙන ආරක්ෂකයෙක් සොයාගෙන යන ගමනේදී ඩේවිඩ් ලේඩි ශීවා (පසුකාලීනව) ගේ සටන් විලාශය දැකල එයාව වෙනත් කෙනෙක්ගේ මරණයකට හසු කරවන්න හදලා එකෙන් ගැලවෙන්න ඕනේ නම් රේෂ් සහ ලිග් ඔෆ් ඇසසින් ලට සේවය කරන්න තමන්ට දරුවෙක් ලබාදෙන්න කියල කරන ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි කැසෙන්ඩ්රා ව කොමික් වලට එන්නේ. අම්මයි තාත්තයි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ,හොඳ සටන්ශිලිපියෝ දෙන්නෙක්.ඉතින් මේ දෙන්නගෙන් ලැබෙන දරුවා ලීග් එකේ පුහුණුවෙන් පස්සේ (කොමික්) ලෝකේ ඉන්න හොඳම සටන්කරුවන් ගෙන් ඉස්සරහින්ම ඉන්න එක අහන්නත් දෙයක්ද?
ඉපදුනාට පස්සේ සම්පුර්ණයෙන්ම cassandra ගේ භාරකාරත්වය භාර ගන්න ඩේවිඩ් පොඩි කාලේ ඉඳන්ම සටන් ක්‍රම පුහුණු කරවනවා.එත් ලියන්න කියවන්න වගේ දේවල් පුරුදු කරවන්නේ නෑ. ඒක නිසා ගොඩ කාලයක් යනකම් cassandra අදහස් හුවමාරු කරගන්නේ විවිධ සංකේත හෝ චිත්‍ර තුලින්.
ලියන්න කියවන්න බැරි උනාට කැසී ගේ body language කියවීමේ හැකියාව නම් ඉතාම ඉහලයි..මොකද කතාකරන්න බැරි නිසා එයා දිගින් දිගටම body language කියවීම ගැන උනන්දු වෙනවා..එක නිසාම තමන්ගේ ප්‍රතිවාදියාව හඳුනා ගැනීමේ හැකියාව,වේගය වැඩි නිසා තමයි මෙයත් එක්ක ගහගන්න එක ගොඩක් අමාරු වෙන්නේ.. මෙයා තමන්ගේ තාත්තාගෙන් අයින් වෙලා බැටා ට එකතු වෙන්නෙත් ඒ හැකියාව නිසා. මොකද මෙයාගේ තාත්තා මෙයාට මරන්න නියම කරන කෙනෙක්ගේ අවසාන මොහොතේ හැඟීම් ටික දැකල තමයි මෙයාට මෙයාගේ වැඩ ගැන කලකිරෙන්නේ. එක නිසා බැටා ට එකතු වෙලා තමන්ගේ අතීතයේ කරපු වැරදි තවදුරටත් වෙන එක නවත්තන්න උත්සාහ ගන්නවා..

cassandra ගේ හැකියාවන් ගැන කියනවා නම් ප්‍රධාන වශයෙන් තියෙන්නේ එයාගේ මාෂල් ආර්ට්ස් වල හැකියාව මේකට හේතුව මම කලිනුත් සඳහන් කලානේ,එත් ඊට අමතරව මෙයා Bronze Tiger, Merlyn the archer,Batman, Oracle, Black Canary වගේ අයගෙනුත් පුහුණුව ලබලා තියෙනවා.. තව වෙන මොන කතාද නේ?

ඊළඟට තියෙන්නේ කැසී ගේ body language කියවීමේ හැකියාව. මේකෙන් තමයි මෙයා විශේෂ සටන් කරුවෙක් වෙන්නේ.මොකද අනිත් සටන් කරුවන්ට වඩා මෙයාගේ ඒ හැකියාව වැඩි නිසා උපරිම සටනක් හැමවෙලාවෙම දෙනවා.. සටනකදී ප්‍රතිවාදියාගේ ඉරියව්,මාංශ පේශි වල ඇදීම,චලනයන් වලින් විතරක් නෙවෙයි හුස්ම ගැනීමෙන් පවා ප්‍රතිවාදියාගේ ඊළඟ පියවර කල් තියාම දැනගන්න මෙයා දක්ෂයි.. මේ හැකියාව තියෙන අනිත් එකම කෙනා මෙයාගේ අම්ම ලේඩි ශීවා..පස්සේ කාලෙක ටෙලිපැත් කෙනෙක් කැසී ගේ කථන හැකියාවන් ලබාදුන්න වෙලාවක මේ හැකියාව ගොඩක් අඩුවෙලා යනවා.එත් එයාගේ අම්මගේ උදව්වෙන් නැවතත් මේ හැකියාව ලබාගන්නවා..

අනිත් දේ තමයි කැසී ගේ දරාගැනීමේ හැකියාව..කොච්චර පහර කෑවත් ඒ වේදානාවන් දරාගන්න මෙයාට පොඩි කාලේ ඉඳන්ම ලැබුන පුහුණුව නිසා පුළුවන් වෙනවා..

මේ දේවල් නිසාම තමයි බ්රුස්/බැටා කියන්නේ එයාටත් තනියම කැසී එක්ක සටන් කරලා දිනන්න අමාරුයි කියන්නේ..

කැස් ගේ කලින් ජීවිතය නිසා ගොඩක් වෙලාවට නයිට්වින්ග් ඩේමියන් සහ තරමක් දුරට ටීම් ගේ විතරක් නෙමෙයි බැටා ගේ උනත් සමහර වෙලාවට සම්පුර්ණ විශ්වාසය ලැබුනේ නැති අවස්ථාත් තිබුනා.. නමුත් එයාව හඳුන්වාදෙන No Man's Land වලදී තමන් කියන දේට අවනත වෙන නිසා සහ තමන්ගේ තාත්තා ජේම්ස් ගෝර්ඩන් ව බේරගන්න නිසා බෑබ් ගේ පුර්ණ විශ්වාසය දිනාගෙන තිබුනේ.. එත් ඉතින් බැටා එහෙම ආවට ගියාට කාවවත් තමන්ගේ දුවෙක් විදිහට ගන්නේ නැති නිසා සහ පස්සේ කාලෙක ටීම් ඩේමියන් ලගේ කැමත්ත දිනාගන්න කැසී ට නිත්‍ය සාමාජිකත්වයක් ලබාගන්න හැකියාව ලැබෙනවා.. නමුත් කියන්න ඕනේ පසුව ආපු සමහර කතා වලදී පොඩි පොඩි පැටලවිලි ටිකක් නැතුවම නෙමෙයි..ඒත් කැසී ගේ පැත්තෙන් බලනකොට ඒවාට සාධාරණ හේතු තියෙනවා..

කැස් batgirl ප්‍රසොනා එක එයාගේ යාලුවා ස්ටෙපනි ට දීලා ගෝතම් වලින් යනවා.. ටික කාලෙකට පස්සේ ආපහු ආවත් ආපහු තමන්ගේ යාළුවගේ තනතුර ගන්න බැරි නිසාBlack Bat කියන ප්‍රසොනා එක ගන්නවා.ඒ 2011 දී ආපු Batman, Inc. #6 වලදී.Black Bat ව නිර්මාණය කරන්නේ Kelley Puckett සහ Damion Scott දෙන්න..

#ClownPrinceOfCrime

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න