Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:13

Avatar Articles No:13

Avatar Articles No:13


Avatar Roku- ඇවටර් රෝකු

ඇවටර් රොකු භූමි වංශික ඇවටර් වරියක් වූ ඇවටර් කියෝශිට පසුව හා වායු වාර්ගික ඇවටර් වරයෙකු වූ ඇවටර් ඈන්ග් ට පෙර උපත ලද අග්නි ජාතික ඇවටර් වරයෙකු වේ.
                              

රොකු යහපත්, ප්රඥාවන්ත සහ අනුකම්පාසහගත ඇවටර් වරයෙකු විය.නමුත් ඔහු හා අග්නි අධිපති සෝසින් සමග තිබු දිගු කාලීන මිත්රත්වය හේතුවෙන් ඔහු පරාජිත ඇවටර් වරයෙකු (ඇවටර් වරයෙකුගේ කාර්ය වන ලොවේ සාමය ඇති කිරීමට නොහැකිවුණු ඇවටර් වරයෙක්) බවට පත් විය.එයට හේතුව වූයේ ඔහු ලොවේ යහපත උදෙසා තම මිතුරා පරාජය කිරීමට අපොහොසත් වීමයි.ඔහුගේ මෙම මිත්‍රත්වය ඔහුව මරණය කරා ළං කිරීමටද හේතුවක් විය.ඔහු විසින් සිදු කල වරද වසා දමා නැවත වසර 100කට පසු ලොවට සාමය ඇති කිරීමට ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඇවටර් ඈන්ග් ට හැකි විය.මේ හේතුවෙන් රොකු ගේ ආත්මීය මතකය(1 රූපය), ඈන්ග් යනු රොකුගේ වැරදි වසා දැමීමට උපන් අයෙකු බව නිරතුරු පවසන ලදී.

කුඩා කල රොකු ගේ හොදම මිතුරා වූයේ අග්නි දේශයේ ඔටුන්න හිමි කුමරා වූ සොසින් (2 රූපය)ය.ඔවුන් දෙදෙනා එකම දිනයක ඉපදී ඇති ඇති අතර ඔවුන් උපන්දිනය සැමරුවේද දෙදෙනාම එකටය.ඔවුන්ගේ 16 වන උපන්දින උත්සවයේදී අග්නි මුනිවරු රෝකුට ඔහුගේ ඇවටර් අනන්‍යතාව හෙළි කරන ලදී.ඔහු අනෙක් මූලධාතු ඉගෙනීමට අග්නිදේශය හැර යාමට මොහොතකට පෙර මිත්‍රත්වයේ තිළිණයක් වශයෙන් සොසින් ඔහුට අග්නි කුමරුවාගේ ඔටුන්න තෑගි කරන ලදී.පසුව මෙය රෝකු මුළු ජීවිත කාලයම පැළද සිටි ආභරණයක් බවට පත් විය.

ඇවටර් චක්‍රයේ ඊලග මූලධාතුව වන වායු ධාතුව සදහා රෝකු තෝරා ගත්තේ දක්ෂිණ වායු දෙවස්තානයයි.මෙහි වායු බන්ධනය පුහුණු වනවිට ඔහුගේ හොදම මිතුරා වූයේ ජියට්සෝ(3 රූපය) නම් කුඩා වායු පූජකවරයෙකුයි. (ජියට්සෝ පසුව ඇවටර් ඈන්ග් ගේ භාරකාරයා මෙන්ම වායු බන්ධක ගුරුවරයා බවටද පත් විය.)වසර කිහිපයක පුහුණුවෙන් පසු රෝකු වායුබන්ධන කලාව ප්‍රගුණ කර ජලබන්ධනය ඉගෙනීමට උත්තර ජල ගොත්‍රයේ ගුරුවරයෙකු සොයා සංචාරය කළේය.ජලබන්ධනය රෝකුට ඉගෙනීමට දුෂ්කර විය.මක්නිසාද යත් ජලය වනාහී අග්නියට සම්පූර්ණයෙන්ම විරුද්ධ මූලධාතුව බැවිනි.කෙසේ වෙතත් රෝකු ජලබන්ධනයද ප්‍රගුණ කිරීමට සමත් විය.ඉන්පසු ඔහු භූමි බන්ධනය ඉගෙනීමට භූමි රාජධානියටද ගොස් භූමි බන්ධනය ප්‍රගුණ කළේය.එයට අමතරව ඔහුට ඔහුගේ භූමි බන්ධක ගුරුවරයා වූ සුඩ් (Sud) (4 රූපය)සමග ඉතා හොද මිත්‍රත්වයක් ඇති කර ගැනීමටද හැකි විය.

55 BG හිදී, භූමිබන්ධනය ප්‍රගුණ කිරීමෙන් පසු රෝකු, අග්නි දේශයේ චන්ද්‍රවංක දූපතේ (Crescent Island) පිහිටි අග්නි දේවස්ථානයේ(5 රූපය), ඇවටර් සමාධිය ප්‍රගුණ කිරීමේ අදහසින් අග්නි පූජක කාජා (Fire Sage Kaja) යටතේ මාස 5ක් ගත කළේය.භාවනා ප්‍රගුණ කොට ඉන් ඇවටර් සමාධියට ඇතුළුවීමට තරම් ඉවසා සිටීමට නොහැකි වූ පසු රෝකු, ඇවටර් සමාධියට ඇතුළු වීමට එම වර්ෂයේ සූර්ය නිවෘත්තිය (winter solstice) යොදා ගැනීමට තැත් කළේය.(එය සිදු කරන්නේ තම ඇස් සූර්ය නිවෘත්තියේ සූර්යාලෝකයට එල්ල කර එහි ශක්තිය තම සිරුරට අවශෝෂණය කර ගැනීමෙනි) ඔහු සාර්ථකත්වයට පත් වූවත් එකෙනෙහිම ඔහුට ඇවටර් සමාධිය පාලනය කරගත නොහැකිව එම අග්නි දේවස්ථානය විනාශ කිරීමට පටන් ගත්තේය.ඔහු අතින් ඇතිවුණු භූ කම්පනය හේතුවෙන් එම දූපතේ පිහිටි ගිනි කන්දද සක්‍රීය වුනි.එවිටම අග්නි පූජක කාජා පැමිණ, රෝකුගේ ඇස් සූර්ය නිවෘත්තියේ සූර්යාලෝකයෙන් ඉවතට එල්ල කොට ඔහුව ඇවටර් සමාදියෙන් මුදවා, ඔහුව විනාශ වෙමින් පැවතුනු අග්නි දේවස්ථානයෙන් හා චන්ද්‍රවංක දූපතන් ඉවතට රැගෙන ගියේය.

මෙයින් පසු තමන්ටම දඩුවමක් ලෙස රොකු, නැවත එම ස්ථානයේ අග්නි දේවස්ථානයක් නිර්මාණය කළේය.තවද මෙම සිදුවීමෙන් පසු රෝකු තම පුහුණුවේදී වඩාත් ඉවසිලිමත් මෙන්ම ඇවටර් සමාධිය භාවිතයේදී වඩා ප්‍රවේශම්කාරී ද විය.

ඉන්පසු පරිපූර්ණ ඇවටර් වරයෙකු ලෙස රෝකු නැවත අග්නි රාජ්‍යට පැමිණියේය.තම ළමා කල පෙම්වතිය වූ ට-මින් (Ta-Min) (6 රූපය)සමග විවාහ වූ ඔහුට රීනා (Rina) නම් දැරියක් විය.රෝකුට, සොසින්ගේ ලෝකයම පාලනය කිරීමේ ආශාව පිළිබද ඉවවැටී ඔවුන් අතර ගැටුම් ඇති වූවත් ඔහු සොසින්ව පරාද නොකරම මිය ගියේය.එමනිසා රෝකුට පරාජිත ඇවටර් වරයෙකු ලෙස මිය යාමට සිදු විය.('ATLA S03:E06 - The Avatar and the Firelord' බලන්න.මම මෙතන ඒ සිද්දිය සදහන් කරන්නේ නැහැ.)
වයස 28 වන විට රෝකු පරිපූර්ණ ඇවටර් වරයෙකු (Fully Realized Avatar) බවට පත් විය.ඔහු සියලු මූලධාතු බන්ධනයේ නිපුනයෙකු වූ අතර ඇවටර් සමාධියේ ද ප්‍රගුණයෙකු විය.ඔහු සතු උප බන්ධන හැකියාව වූයේ ලාවා බන්ධනයයි.ඔහු තම ජන්ම මූලධාතුව වූ අග්නිබන්ධනයේ කෙල පැමිණියෙකු විය.ඔහුට ඇවටර් සමාධියේ උදව්වකින් තොරව, අනෙක් මූලධාතු බන්ධනය කරමින්ම වුවද අති විශාල අග්නි ජාලා ඇති කල හැකි විය.අති දක්ෂ ඇවටර් වරයෙකු වූ රෝකු පරාජිත ඇවටර් වරයෙකු ලෙස මිය ගියත් ඔහුගේ බර කරට ගෙන ඇවටර් ඈන්ග්, ඔහු විසින් සිදු වූ සියලු වැරදි නැවත නිවැරදි කළේය.ඇවටර් රෝකු එදා මෙදා තුර බිහි වූ ලාවා බන්ධකයන් කිහිප දෙනාගෙන් කෙනෙකි. තවද ඇවටර් රෝකු ගේ සුරතලා මෙන්ම සත්ව මාර්ගෝපදේශකයා (Animal Guide) වූයේ ෆැන්ග් (Fang) නම් මකරා යි. (7 රූපය)

***Avatar Roku***

__Biographical information__

Nationality-Fire Nation Capital, Fire Nation
Ethnicity-Fire Nation
Age-70 at death
Born-82 BG
Died-12 BG
Predecessor-Kyoshi (as the Avatar)
Successor-Aang (as the Avatar)

__Physical description__

Gender -Male
Hair color-White (previously black)

__Personal information__

Love interest(s) -Ta Min (wife)
Allies-Fang, Ta Min, Rina, all Avatars, Monk Gyatso, Sozin (formerly), Sud, his waterbending master, Fire Sages, Kaja….
Enemies-Sozin….
Weapon of choice-The elements
Fighting style(s) -firebending, airbending, waterbending (Northern style), earthbending

__Chronological and political information__

Profession-Avatar
Position-Fully Realized Avatar, Upper-class Fire Nation citizen
………………………………………………………………………………………………………………………………………………………………….


<Guy Buddhima>




Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න