Barbara Gordan
නම දැකපු ගමන් ඔයාලට හොඳින්ම මතක් වෙන්න ඇති කවුද කියල.ඔව් අද විස්තර ගේන්නේ පලවෙනි batgirl වගේම වැඩිපුරම ජනප්‍රිය batgirl ගැන.(පලවෙනි batgirl බෙටි කේන් උනත් එයා batfamily එකේ නැති නිසා බාර්බරා පලවෙනි batgirl විදිහට තමයි ජනප්‍රිය වෙලා ඉන්නේ.)මුලින්ම බාර්බරා ව අපිට කොමික් එකකින් දැකගන්න ලැබෙන්නේ 1967 වර්ෂයේදී ආපු Detective Comics #359 කාලපයෙන්. කෙලින්ම batgirl විදිහට පෙන්නලා තමයි පසුබිම් කතාවක් ගේන්නේ. Gardner Fox සහ Carmine Infantino කයන දෙන්න තමයි බෑබ්ස්/batgirl චරිතය කොමික් වලට ගේන්නේ..
එතනත් රසවත් කතාවක් තියෙනවා,මේ චරිතය හැදෙන්නේ රුපවාහිනි නාලිකාවකින් කරන ඉල්ලීමක් අනුව. ඒ 1960 batman Tv Series එකේ නිෂ්පාදකවරුන් එයාලගේ කතා මාලාවේ තුන්වෙනි සීසන් එකට ඇතුලත් කරන්න batman පවුලට ගැහැණු සයිඩ්කික් කෙනෙක් නිර්මාණය කරන්න කියල DC ආයතනයෙන් කරපු ඉල්ලීමට. අන්න ඒ නිසා තමයි "The Million Dollar Debut of Batgirl!" කියන Detective Comics 359 කතාවට බාර්බරා batgirl විදිහට එන්නේ..
බෑබ්ස් කියන්නේ batgirl විතරක් නෙමෙයි,කිලින් ජෝක් වල සිද්දියෙන් පස්සේ එයා ඔරකල් වෙනවා,ඒවා ගැනත් ඉස්සරහට කතා කරමු. ඊට කලින් බෑබ් ගේ සම්පුර්ණ හැකියාවන් ගැන කතා කරලා ඉමු..
~ Highly skilled martial artist and detective : අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නෑනේ. බැටා ගේ පවුලේ හැමෝගෙම ඔය දෙකෙන් එකක් අඩු නැතුව පිහිටලා තියෙනව.. බෑබ්, batgirl ප්‍රසෝනා එකට එන්න කලිනුත් දක්ෂ මාෂල් ආටිස්ට් කෙනෙක්,එත් සටන් ශිල්පය සමහර තැන වල වෙනස් වෙලා තියෙනව.. මොකද එක ස්ටෝරිලයින් එකක එයා කාරාතේ කළුපටි ශුරියක්,පොස්ට් ක්‍රයිසිස් වලදී එයා ජුඩෝ වල දුඹුරු පටි ශුරියක්..
~ Genius-level intellect : batgirl ල අතරින් හොඳම බුද්දිය තිබුනේ බෑබ් ට කියල තමා මගේ මතය..
~ Superb computer hacker : මේක batgirl කාලයේදී වඩා ඔරකල් වෙලා ඉන්න කාලේදී හොඳින්ම පෙන්නපු හැකියාවක්.ගොඩක් තැන්වලදී සඳහන් වෙලා තියෙනවා කොමික් ලෝකයේ ඉන්න දක්ෂම පරිඝනක හැකර් වරියක් කියලත්.
~ Eidetic memory
බාර්බරා ව මුලින්ම කොමික් වලට හඳුන්වා දෙන්නේ නම් ජේම්ස් ගෝර්ඩන් ගේ දුව විදිහට. එත් පස්සේ කාලෙක ගෝර්ඩන් ගේ ඥාති දුවෙක් විදිහටත් හඳුන්වා දෙනවා. DC ඩේටාබේස් එකයි අපි බෑබ් ව දැකල තියෙන ආකම් ගේම් සිරිස් එකයි,tv සිරිස් වලයි අතර පොඩි පරස්පර විරෝධී බවක් වගේ දන්නෙන්නේ එකයි.
කිලින් ජෝක් කියන කතාව බෑබ් ගේ චරිතයේත් ලොකු වෙනසක් කරන කතාවක්. එතැනදී ජෝකර් බෑබ් ගේ ගෙදරටම ඇවිත් වෙඩි තියෙනවා. එකෙන් කශේරුකාවට හානි වෙලා ශරීරයේ පහල කොටස පන නැතිව යනවා. එතනින් පස්සේ තමයි බෑබ්,ඔරකල් බවට පත් වෙන්නේ.
මුලින්ම ඔරකල් ව කොමික් වලට ගේන්නේ Kim YaleසහJohn Ostrander කියන දෙන්න,ඒ 1989 දී ආපු Suicide Squad No #23 වන කතාවේදී.
බෑබ් කියපුවම තවත් මතකෙට එන දෙයක් තමයි බර්ඩ්ස් ඔෆ් ප්‍රේ. බර්ඩ්ස් ඔෆ් ප්‍රේ මුලින්ම පටන් ගන්නේ බාර්බර බ්ලැක් කැනරි එක්ක එකතු වෙලා. ඒ එයාගේ අනතුර උනාට පස්සෙම තමයි. මුලින්ම මේක පටන් ගන්නේ කැනරි මෙහෙයුමකට යනකොට බාර්බරා එයාගේ උපදේශකයා/තොරතුරු සපයන්න සහ සැලසුම් කරන කෙනා වෙලා.පස්සේ මේකට කටානා,පොයිසන් අයිවී වගේ අයත් එකතු වෙනවා.
නමුත් new52 වලදී නම් අපිට බෑබ්,batgirl විදිහටත් බර්ඩ්ස් ඔෆ් ප්‍රේ වලදී දැකගන්න පුළුවන්. එකට හේතුව new 52 වලදී ලබා දුන්න අලුත් පටන්ගැනීම් සහ කිලින් ජෝක් වලට කාන්තා හිංසනය වෙනුවෙන් ආපු බලපෑම් නිසා වෙන්නත් පුළුවන්.
මොකද කිලින් ජෝක් වලදී ජෝකර් වෙඩි වැදුණු බාර්බරා ගේ නිරුවත් චායරුප ගෝර්ඩන් ට පෙන්නනවා.එතරම් ලොකුවට නෙමේ උනත් කාන්තා හිංසනය සහ කොමික් වලට සරාගී දර්ශන පෙන්නන එක ගැන කතාකරන අයගේ බලපෑම් මේකට එල්ල උනා විතරක් නෙමෙයි new 52 batgirl joker වෙරියන්ට් කවර එකටත් බලපෑම් එල්ල කරපු නිසා ඒක අන්දපු ශිල්පියා dc ආයතනයට කියල ඒක අයින් කළා. මොනවා උනත් ඉතින් කිලින් ජෝක් කියන්නේ මම කියවපු හොඳම කොමික් කතාවලින් එකක්,මොකද එකෙන් ගොඩක් චරිත වලට බලාපෑමක් එල්ල වෙනවා.
උදාහරණයක් විදිහට බෑබ් සහ ඩික් අතර ඒ කාලේ ඉඳන්ම සම්බන්ධයක් තිබුනට,සටාර්ෆයර් සමග තිබුන සම්බන්දය පවා නවත්තල ඩික්,බාර්බරා ගාවට නැවත එන්න කිලින් ජෝක් හේතුවක් වෙනවා.
කිලින් ජෝක් වලින් පස්සේ ආභාදිතයෙක් උනත් දිගටම වීර ක්‍රියාවල දීම හෝ වීරයන්ට උදව් කිරීම ගැනත් ගොඩක් අය හොඳ කියනවා. ආභාදිත අය දුර්වලයෝ නෙමෙයි සහ ආභාදිත උනත් පරාජිතයෙක් නෙමෙයි කියල ලෝකයට පණිවිඩයක් දෙන්න තමයිලු එහෙම කලේ. මම දන්නා තරමින් නම් ඒ විදිහට මුලින්ම ආභාදිත අය වෙනුවෙන් හදපු මුල්ම චරිතය ඔරකල්..
බාර්බරා කියන චරිතය කොමික් වලට අමතරව වෙනත් ගොඩක් මාද්‍ය වලින් අපිට දැකගන්න ලැබුන චරිතයක්. ඉදිරියේදී එන්න තියෙන ටයිටන් කතා මාලාවටත් බෑබ් ඔරකල් විදිහට ගනී කියල තමයි ආරංචි වෙලා තියෙන්නේ..
#ClownPrinceOfCrime
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න